මිහිර කිසිදා මරා දැමිය නොහැක

                                                  මිහිර කිසිදා මරා දැමිය නොහැක


මිහිර මිය ගියේ නැත. වසර හැටක් පුරා දශකයෙන් දශකයට අනවරතයෙන් මියගොස් නැවත උපන් ළමා රසිකත්වයේ නාමයෙන් පුවත්පත් සංසාරයේ ඉතිහාසයේ මිහිර මරා දැමිය නොහැකි විය. නමුත් මෙවර මිහිර ඝාතනයබරපතලය. . මේ ලියන්නේ මිහිර කියන පත්තරයටත් වඩා මිනිසාගේ මිහිර ගැන වීමටද පුළුවන. ළමා මිහිරට සෙල්ලම් දමා විද්යුත් මාධ්ය ඉඩ ලද පමණින් මරා දමන ලද්දේය. ඒ විය යුත්තකි. දැන් අසන්නට තියෙන්නේ විද්යුත් චුම්භක තරංග වලාකුළු වල යලි ඉපදෙන මිහිරේ හැඩය ‌විකාරයක් වේද යන්න පමණි. මිහිර දශක හයක ළමා පරපුරක වැඩිහිටියන් වී සිටින අයට දුකකි වේදනාවකි. අතීත කාමයේ හැටි එහෙම තමාය. තවත් පසකින් කාලයෙන් කාලයට මිහිර පරපුරේ මහගෙදර පාලාධිකාරය වෙනස් වෙන විට විවිධ මිහිරවල් අනාගතයේත් නැවත නැවත බිහිවීමට නියමිතය. නමුත් පරපුරු හයකපමණ ආදරය දිනාගත් අපේ කාලයේ මිහිර නැමති මුද්රිත මාධ්යකලාව අවසන් සුසුම හෙලා නැවත බවයක් සොයාගැනීමට විද්යුත් චුම්භක තරංග වලාකුළු වල ගන්දබ්බයෙක් වශයෙන් පාවී පාවී තිබෙනු ඇත. අතරතුර කාලයේ ‌අමිහිර නැමති මිහිරේ එදිරි වාදීන් විවිධ වෙස් මුහුණු දමාගෙන වරින් වර ඔලු බක්කන් නටන්නට පටන් ගන්නවාද ඇත.
නවයුගය සඟරාව පත්තරයක් වූවාසේම රාවය සඟරාවටද ඒ දේම සිදුවිය. නමුත් ළමා මනසට සේන්දුවීම වැඩිහිටි මනසට සේන්දුවෙනවාට වඩා බොහෝ අපහසුය. නිකන් විද්යුත් මාධ්ය මාරවගේ පෙනෙන්නේ අළුත් තාක්ෂණික පෙරලියක් නිසා පමණි. ව්යුහාත්මක අතින් තවමත් මුද්රිත මාධ්යයෙන් විද්යුත් මාධ්ය පෝෂිත වෙනවා යන්න සැබෑවකි. මිහිර මිනිසා අවභෝධ කරගන්නේ මව් කුසේ සිට බව දැන් මිනිසා තහවුරු කරගෙන හමාරය. ඒ නිසා අප අතීතකාමය ඊට ලගුකර ‌දුක් වේදනා විඳිය යුතු නැත. ස්වරූපය වෙනස් වුනද බූ බබාලා සහ පඬිතුමා සහ යෝදයාද වෙනස් ස්වරූප වලින් යලි ඉපදෙනු ඇත. මායාකාරියක් බැවින් පාර‌භෞතික බටකොල ආච්චිවනම් කිසිසේත්ම මරා දැමිය නොහැක. දැන් විද්යුත් මාධ්ය වල කමලක්කාගේ කමලා ළමාසමාජය කොට ගවුන් ගසා දිග කලින්ගසා දිෂ්ටියෙන් මෙන් රඟමින් කරගෙන යන්නේ බටකොල ආච්චීගේ මායාකාරී ගතිය පරපුරු හයකට නැවත මායාව තහවුරු කරමින්ම වන්නේය. කළ යුත්තේ වැඩිහිටියන් මිහිර මිය ගියාට දුක කණගාටුව ප්රකාශකිරීමක් නොව තම දූදරුවන්ගේ සහ මුණුබුරු මිනිබිරියන්ගේ මිහිර සොයන අවකාශය ගැන වඩා හොඳ අවධියකින් සිටීම පමණය. දැනටද පොන් තාක්ෂණයේ බලය ඔස්සේ ඒ පරපුර සමාජමාධ්ය ගැන පමණක් නොව නිල් අවතාර ගැනද අවධානය යොමු කර හමාරය. අර මාධ්ය වේදීන් ‌ළමා පරපුරට මයික්රපෝනයක් දී ප්රශ්නයක් අසන කළ දැනෙන්නේනම් මේ ළමුන්ද වැඩිහිටියන්ද නැතිනම් වෙනත් වර්ගයක් කියා සිතෙන අවස්ථාද තිබේ. පුරවැසියා යනු කවුද යන්නට ජාතික මිනුම්දඬුවක් ජ්යාතන්ත දේද උකහා ගනිමින් නිර්මාණය නොවූ රටකට ‌මැතිවරණකෙින් පමණක් ඒ සිදුවෙන බව විශ්වාස කරණ සමාජ බුද්ධිමතුන් බහුල රටකට කවදා හෝ ළමා පරපුර පිළිතුරු දෙන්නේ තවත් තරුණ පරම්පරාවක් විනාශ වීමෙන් බව වැඩිහිටියෝ දැනගත්තාම හොඳටෝම ඇතිය. කෙසේ හෝ අමිහිර දිනේවා කියමින් මේ සටහන අවසාන කරන්නේ අමිහිර කියන අවකාශයේ මිහිර පවතින බව මේ බ්ලොග් ලියන්නා පැහැදිලිකරගෙන ඇති නිසාය.
ජගත් මාරසිංහ
16 06 2024
https://jagathmarasinghe.wixsite.com/mare

1 comments:

https://wehimandarama.blogspot.com/2024/06/blog-post.html - ඔන්න මගේ මිහිර සොව!


Powered by Blogger.