නරේන්ද්‍ර මෝදිගේ අහස් ප්‍රස්තාර අපේ කොදෙව්වටද තර්ජනාත්මකව වැදගත් වෙනවා අනිවා තමාය.

නරේන්ද්‍ර මෝදිගේ අහස් ප්‍රස්තාර අපේ කොදෙව්වටද තර්ජනාත්මකව වැදගත් වෙනවා අනිවා තමාය.
නෙර්න්ද්‍ර මෝදිගේ ජ්‍යෝතිෂ අහස් ප්‍රස්ථාරය මෙහි තිබේ. මෝදිත් වෘශ්චිකය. අපේ හිටපු ජනාධිපති ගෝටාබයත් වෘශ්චිකය. වෘශ්චික ලග්න හිමියන් දෙදෙනෙකුට එකට වැඩ කරන්නට කිසිසේත්ම නොහැකි බව සංහිතා ග්‍රන්තවල සඳහන්ය. කෙසේ නමුත් සංහිතා අවැසි නැත. අප ඒ තත්ත්වයන් අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගත්තෝය.
ලංකාවේ ජනතාවගේම අත් සියල්ලම එසවූවත් මෝදිගේ එක අතක් ඒ සියළු අත්වලට වඩා ජ්‍යෝතිෂයෙන් කිව හැකිය. ඒ ලෝකායත ජ්‍යෝතිෂයෙනි. අපේ ලංකාව ඉතිහාසය පුරා කිසිදු තර්ජනයකට ලක්වුනේ නැත. නමුත් අපි පාරට බැස ගමනක් යන විට අප පසුකරන සියළු වාහන වල බෝල්ට් ඇන වල පවා ලාබයක් ඉන්දියාව සතුවන බව සැබෑවක්ය. මේ තීරණාත්මක මොහොතේ කවුරුත් මෙන්ම දේශපාලනය ගැන සිතීමට ඇම්මක් මාරසටද තිබේ. ‌මේ පොඩ්ඩක් ජ්‍යෝතිෂයෙන්ද මුට්ටියක් දමා බැලීම කදිම බව කියන සටහනක් පමණි. ලංකාවේ දේශපාලනයට මොක වුවද මෝඩි ඉන්දියාවෙන් අසාර්ථක වන්නේනම් ලංකාව නිසා වන්නට හැකිය. මේ ගැන වැඩි විස්තර පසුවට ලියන්නට සිතුනත් ලියන්නට වන්නේ මේ තත්ත්වය සාධනය කිරීමට ඇති අතීත පූර්වාදර්ශ පමණය. ඉතින් එච් ආර් ජෝතිපාලද, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහද, සත්‍ය සායි බබාද, අපේ හිටපු ජනාධිපතිද, තව බොහෝ ඒවැනිම පුද්ගලයෝද වෘශ්චික තමාය. ගෝනුසා ගැන අහසින් කියන්නට ගියොත් පොතක් ලියන්නට වන්නේ මාරසද ගෝනුස්සාගේ ප්‍රස්ථාරයක් නිසාය. 
ඉතින් මෝදි. ඉක්මන් කෝපය වැඩකටයුතු කල් දැමීම, ක්ෂණික කේන්තිය වැනි දේ වෘශ්චිකයන්ට පොදුය. නමුත් තමුන්ට තමන්ගේ අරමුණක් කරගන්නට නොහැකි වුවහොත් කුජ ලග්නාධිපත් වුවද ගෝනුස්සා හෙමින් මාරුවී ගොස් නැවත කරලියට එන්නේ කිසිත් දෙයක් සිදු නොවුනා මෙන්ය. ඉතින් ඉන්දියාවේ විනෝදය වන මෝදිට එසේ නොවේවා කියා පතනන්නේ ඔබ සෙවනැල්ල ලංකාවටද සාපෙක්ෂව නොව ඍජුවම බලපාන නිසා බව ජ්‍යෝතිෂ ප්‍රස්ථාර වලින්ද දැනගත හැකි නිසාය. ඉන්දියාවේ ජ්‍යෝතිෂයට වඩා ලංකේය ජ්‍යෝතිෂය කලාප වශයෙන් පැරණිය. ශක්තිමත්ය. තක්කඩි ජ්‍යෝතිෂ කාරයන් විසින් විනාශකරමින් සිටින්නේ වෙළඳපොළ ජ්‍යෝතිෂයයි. නමුත් සැබෑ ලෝකායත ග්‍රහතාරකා සහ මිනිස් දේශපාලනික සම්භාවිතාත්මක සිතීම් තාම අවධියෙන් බව මාරස කියන්නේ ඒ කිව යුත්තක් නිසාය.
ජගත් මාරසිංහ 
28 06 2024
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.