ලාංකේය රංගාලෝකයේ ආදර උල්පත උපාලි වීරසිංහ

            ලාංකේය රංගාලෝකයේ ආදර උල්පත උපාලි වීරසිංහ


     මේ බ්ලොග් සටහන ලියන්නේ උපාලි වීරසිංහ කියන රංගාලෝකන ශිල්පියා ඊයේ කුමාර තිරිමාදුර කියන මා මිත්‍රයා කාලෙකින් රංගාවලෝකය ගැන සහ උපාලි වීරසිිංහ ගැන කතා කර මතකය අවධි කළ නිසා. නමුත් මේ රංගාලෝකය සම්බන්ධව ඡායාරූපයට දමා තිබෙන්නේ උපාලි කළ රංගාලෝකයක් නොවේ. ඒවා බොහෝ නාටක වල තිබ්බත් රංගාලෝකය සම්බන්ධව ඉලක්ක කර ගහන ලද එකද ඡායාරූපයක්වත් ඔහු ගාවවත් තියනවාද යන්න සැකයක්. 
අපි යනවා නාටකයක් බලන්න. අපි ඉස්සරලම දකින්නේ මේරුණ් වර්ණ හෝ ග්‍රීන් වරන තිරය සහ ඊට ඉදිරියෙන් ඇති වේදිකාවේ ඒප්‍රණය පමණයි. ‌ඒ ඒප්‍රණයේ යට සංගීත ශිල්පීන්ට වම් පැත්තට වෙන්න පුටු ටිකක් තබලා තියනවා. වයලීනයක් මැඩලීනයක් සර්පිනාවක් බටලීයක් වගේ සංගීත භාණ්ඩ ටිකක් එතන තියනවා. අන් කිසිවක් නැහැ‌ නෙවේ තියනවා. වේදිකාව ඉස්සරහා උඩ බලපුවාම කලුපාට මුට්ටි වගේ වයර් වලට සම්බන්ධ වූ ආලෝක දහරා විහිදුවන්න හැකි ආලෝක ධාරා නිකුත් කරන පද්ධතියක් තියනවා.
මේ ගැන මාරස නිකන් භාව අබිනය වගේ මහා සංස්කෘත වචන පාවිච්චි කරලා විකාර කියන්නේ නැහැ. සූර්යාලෝකයේ විද්‍යුත් ක්‍රම මගින් වර්ණ හතකට කැඩීම අරමුණු කර ඒ ඒ නාටකයේ ඒඒ අවස්ථාවේ නිර්මිත හැඟීම් ප්‍රේක්ෂකයාගේ හිතේ ධාරණය කරන්න අධ්‍යක්ෂක වරයාට ඇවැසි භාවමය තත්ත්වයන් නිර්මාණය කරන්න ඇඳුම් නිර්මාණ ශිල්පියා මෙන්ම වේශනිරූපනයට අදාල දේ අංග රචනා ශිල්පියාද පපුවටම වදින්න සංගීත අධ්‍යක්ෂක වරයාද කරනවා. නමුත් යකෝ මේව පේන්න ආලෝකය ඇවැසියි. ඒ නිසා අධ්‍යක්ෂක වරයාගේ පටන් සියල්ල ඇස් දෙකේ කාචයට පුතිභිම්භයන්ගේ ප්‍රතිබිම්බය දෙන්නේ ආලෝකය. ‌අපේ කාලයේ විතරක් නොවේ දැනුත් වේදිකාවේ සිට බලන කළ දකුනු පස උඩ අට්ටාලයක් තියනවා. ඒකට ඉනිමගකුත් තියනවා. මේකෙන් තමා ඒ ආලෝකය නිර්මාණය කරන්නේ.
මගේ පරවේණී රංගයට මා ප්‍රවීන නලු නිලියෝ ගත්තේ නැහැ. මම ගත්තේ ආධුනිකයන්ව. මම සෝවියට් කල්චර් එකේ ලාංකේය ප්‍රවීනයන්ගෙන් පාටමාලාවක් කළා විතරක් නොවේ ඒක අභිමානයෙන් අදටත් තනියම සිහිකරන අයෙක් මම ගත්තේ කෙලින්ම ආධුණික නලු නිලියන්ව පුහුණු කරලා. මාරස අගේ කරණවා කුමාර තිරිමාදුරගේ අද ගමණ ගැන. නමුත් ගුරුවරයෙකු අම්ම තාත්තට වඩා වෙනස්. කොච්චර ගමනක් ගියත් සන්තෝස වෙන්නේ නැහැ මචන්. තව පල තව පල කියනවා තමා. ඒක වෙනම මාරකතාවක්.
කෙසේ හෝ වේවා ආධුනික නලු නිලියන්ව ගත්තත් මම වේශනිරූපණයට ගත්තේ කෙලින්ම ප්‍රවීණයෙක්. ඒ වසන්ත විට්ටච්චි. සහ එයාගේ ගෝල මිතුරා සුර නිමලව. සංගීතයට ගත්තේ කෙලින්ම කළණි පෙරේරාව. ඒ කණ්ඩායමේ එච් එම් ජයවර්ධන බටනලාව කළා. තිස්ස සිරි පෙරේරා ඇතුලු ඒ කාලයේ සංගීතය මාකට් කළ ප්‍රධාන පොරවල් ගත්තා. සත්‍ය ගීතය සමගත් ගැටුම් දාගත්තත් පරවේණියේ සියල්ල අත්අඩංගුවට අරන් පරවේණිය නතර වෙනකන්ම ඒ සෙට් ඒක හිටියා.
දැන් තියෙන්නේ ආලෝකය. ලාංකේය වේදිකා ආලෝක කරණයේ ඉතිහාසයක් තියන අය දෙන්නෙක් හිටියා. නමුත් මම නිශ්පාදකට කියලා ගත්තේ උපාලි වීරසිංහව. සහයට හිටියේ සේන අයියා. හැවුලොක් ටවුන් හිටියේ. 
ඉතින් ලංකාවේ රංගාවලෝකය ඉතා දුර්වලයි. ඒ මැද්දේ තමා උපාලි වීරසිංහලා සැබෑ වැඩක් කළේ. මතක නැතිව ඇති උපාලි වීරසිංහගේ අවසරය මත ලුම්බිණියෙම මම ඒ අට්ටාලයට ගොස් සේන අයියා සමග නාට්‍ය තුනකට පමණ රංගාලෝකයට සහය වුනා. පරවේණියේ ප්‍රධාන චරිතයෙන් අයින් වී මම සීමිත කාලයක් රංගාවලෝකය දිහා බලන් හීටියා. කැමරාකරණය හරහා මා හදාරණ ලද රංගාලෝකය කරන්න මේ තියන පහසුකම් හොඳටම මදි. මම හිතන්නේ නැහැ අන්තර් ජාලයේ තියන විදිහට රංගනයේ භාව මය හැඟීම් අවධි කිරීමට ‌නෙළුම් පොකුනෙවත් ලයිටින් දියුනු නැහැ. තාක්ෂණික දියුණුව නොවේ ඇවැසි. භාව මය රසයන් උද්දීපණය කිරීමට අධ්‍යක්ෂක වරයාගේ සිතේ පවතින දේ විවරණය කිරීමට හැකි සූර්යාලෝකයේ සැබෑ විභේදනික රංගනයට ඇවැසි ආලෝකය. මතක තියා ගත යුත්තේ අන් කලාවන් නොව නාට්‍යය. කෙලින් නැතිනම් ඍජුව සජීවියි. 
ඉතින් මට මතකයි අපේ මිය ගිය මා මිත්‍ර ජයලාල් රෝහන ලේක් හවුසියේදි හමුවී පරවේණියේ ගීතයක් කියාගෙන ගියා කනට කරලා. පසුව අපි විනාඩි පහළොවක් පමණ රංගාලෝකය ගැන කතා කළා. මම ඇහැව්වා උඹ පත්තරේකට රංගා ලෝකය ගැන ලිපියක් සහ කෝණ ගැන කතා කරල තිබ්බ දේ ගැන. අවාසනාවකට ඌත් මිය ගියා. 
දැන් අවසානයේ අහන ගැටලුවක් තියනවා. කෙලින්ම මාරස කියනවා සිංහභාහු නාටකයේ නිල් ආලෝකය යෙදිය යුතු තැන් ගැන අධ්‍යක්ෂක වරයත් ආලෝක ශිල්පියත් අවධියෙන් සිටියද කියලා කියලා. මාරස ඇලුලුවේ උඩින්ම. නිල් ආලෝකය යනු කුමක්ද? ‌ඒ කුමකට භාවිතා කරනේද? කොයි කෝණයෙන්ද භාවිතා කළ යුතු කියලා. 
මචන් තිරිමාදුර. අපි තාම ජීවතුන් අතර හුස්ම ගන්නවා. නමුත් ඒ න්‍යායාත්මක දේ පැත්තකින් තියලා රංගාවලෝකය මොකක්ද මන්දා ‌පරිනත ආධ්‍යාත්මික ඉවකින් ඉටුකළ උපාලි වීරසිංහගේ රූපමය ආලෝකය කවුරුන් මොනවා කිව්වත් අපේ වේදිකාවේ හොල්මනක් වෙලා හරි තියෙනවා නියතයි. අර ලේක්හවුසියේ ඩී ආර් විජේවර්ධනයන්ගේ ආදර රූපකාය වගේ.
ජයවේවා උපාලි වීරසිංහ මහත්තයෝ. ඔබද මිය යන්නේ නැත. ඔබ මිය යන්නේ වේදිකා රංගාලෝකය සදහටම මිය ගිය දිනයකදීය. ඒ මිය යන්නේ ලෝක විනාශය නැමැති කතන්දරය සත්‍ය වූ දිනකය. 
ඉතින් නොමියන ආලෝකයේ භාවමය ආඩම්බරය. කඳුල සිනහව සහ ජීවිත උපාලි උඹමය.
මැරෙන්න ඉස්සර වෙලාවක හමුවෙමු. 
ජගත් මාරසිංහ
23 06 2024
උපාලි වීරසිංහයන් වෙනුවෙන් තිරිමාදුරගේ ආදරය.




Powered by Blogger.