පුළිඟු මුද්‍රා‌ව (Spark Mudra)

 

                                පුළිඟු මුද්‍රා‌ව  (Spark Mudra) 

        මෙම මුද්‍රාව ශීතලට ප්‍රතිවිරුද්ධව අවධිබව ලබාගැනීමට සුදුසු මුද්‍රාවක් බව ප්‍රත්‍යක්ෂව යෝගීන් වටහාගෙන තිබේ. සීත ඍතුවකදී සීතලේ අඳුර දුරු කර ආලෝක ශක්තිය ලැබීමක් ‌සඳහා මේ මුද්‍රාව ප්‍රයෝජනවත් බවද කියවෙයි. ඌෂ්ණය නගා සිටුවීම, ආහාර දිරවීම, විශ්වාසය වැඩි දියුණු කිරීම, අභ්‍යන්තර ආළෝකය විහිදුවා ගනිමින් ජීව ශක්තියෙන් ඔබේ සිතුවිලි අවධිකර ගැනීමට සහායක් වන බැවින් සීත ඍතුව සහ මේ මුද්‍රාව බෙහෙවින් සමීපවී තිබේ. ශීත වටපිටාවක් ගිණි පුළිඟුවක පවතින මෘදු උනුසුම් ශක්තියක් ශරීරයේ විනිවිදීමට අත්හදා බැලිය හැක.

ඔබ මෙම මුද්‍රා සමූහයක් සමග හෝ තනි තනිව පුහුණු කිරීමට කැමති විය හැක. ආරම්භ කිරීමට තප්පර 5-10 ස්වභාවික හුස්මක් අල්ලාගෙන සිටින්න, ක්‍රමයෙන් කාලය වැඩි කළ හැක. ඔබේ අදහස හෝ පැතුම තුන් වරක් ශබ්ද නඟා, පසුව නිහඬව ප්රකාශ කිරීම යෝග්‍ය බව සමහර යෝගීන්ගේ මතය වූවා සේද පෙනේ.

ශීත යනුද ගින්දරකි. එහි ප්‍රතිවිරෝධය උනුසුමයි. ශරීරය තුළ මේ ද්විත්වය සාමකාමී කරගැනීමෙන් ඔබේ සිතිවිලිද සාමකාමී වන බව දැනේ.

සාමුද්‍රිකා ක්‍රමවේදයේ පරිදි බලන්න ඇඟිලි පවුලේ තර්ක විද්‍යාව දත් මහපට ඟිල සහ දඩබ්බරඟිල වන චන්ඩියා ‌ගේ හිස් ස්පර්ශ කර දෑතේම ඒ ස්වරූප නැවත ස්පර්ශ කර   දෑතේ ඇඟිලි පවුලේ උසම මුදුන් දෙක ස්පර්ශ කර මදක් උස් කර සහ ඈත් කර වෙදා සහ බඩ පිස්සා වන සුළැඟිලි සහ වෙදඟිලි නැමී ආචාර කරමින් සිටින්නාක් මෙන් ගිණි පුළිඟුවක හැඩයෙන්  පුළිඟු මුද්‍රාව නිර්මාණය වී ඇති අපූරුව. 

ජගත් මාරසිංහ
15 06 2024
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.