ඇයි අයියාව මෙතෙක් කල් දේශපාලනිකව කතා නොකර ඉන්නේ .

                                     ඇයි අයියාව මෙතෙක් කල් දේශපාලනිකව කතා නොකර ඉන්නේ  .

ආදරණීය ටූකේ පරංපරාව කියන්නා වූ දෙදහසෙන් පසුබිහිවූ විද්‍යුත් තාක්ෂනික පරපුර සමග හැට ඒකේ උපන් මාරසද ජීවත් වීමට උත්සහ කරන්නේ නැත. ඒ විබේදනය තේරුන් ගන්නට බැරි තරම් සරළය. දෘෂිටි කෝණ වලින් සිතන්නට ගිය‌හොත් මාර උභතෝකා්ටිකයක්ම වන්නේය.අනේ මේ කෘතීම බුද්ධිය ටූකේ ලා ගනන් ගත්තාට ටූ කේලා හරිම අසරණය. විශේෂයෙන්ම විද්‍යුත් තරංග පොර කරන් උපන් දරුවන්ට තාත්තලා වී ඇත්තේ අසූවේ දශකයයි. උන්ගෙන් භාගයකටම පිස්සු කියන්නේ මාරසද පිස්සෙකු නිසා නොව. කොටින්ම අර නලින් සිල්වා කියූ ලෙසටම බටහිර දේශපාලන පෙරදිග මගුල් මාරසට නැත. කෙලින්ම කියන්නේ තමන්ගේ අම්මා තාත්තා ගැන සැක ඇති පරම්රාව ජාතික නොවන බවය. කෙලින්ම මීට විරුද්ධ වන අයගේ ජීවිතයෙන්ම කතා කරන්න ලෑස්ති තමාය. මන්ද පැදඩ මාරස දන්නේ ඒකා ඉපදුන ගම්මානයේ කසිප්පු තිප්පලට ගියහොත් ජාන තාක්ෂණයටත් වඩා අම්මා තාත්තා ගැන දැන ගත හැකි බව මාර කියාය. මහා ඉන්ජිනේරුවන් අන්තරයෙන් ගොස් අද වීදුරු කාඹර වල සිට සාමාන්‍ය මිනිසුන්ව දකින්නටවත් බැරි දේ ‌ගැන කතා කළ යුත්තේ මාරස මාරයා නොව අන්තරේ අයිති කුමාර ගුණරත්නම්ය. නමුත් කෙලින් කියන්නේ මැගසින් බන්ධනාගාරයේ රංජිදම් ගුණරත්නම්ගේ මහා දේශපාලන චින්තනය සහය වූයේ පවතින ජවිපෙටමය. මේ සම්බන්ධව සලකා බලන කළ කුමාර ගුණරත්නම් දෙදෙනාම සහෝදරයන් වුවත් මේ දෙන්නා රේල් පාරක් මෙන් විභේදිත චින්තනයක් ඇති දෙදෙනෙකි. වරක් නන්දන වීරරත්න මට කීවේ මචං රංජිදම් තමා පශ්චාත් මේ මොහොතේ පොර කියාය. නමුත් ‌එදා දේශපාලන මණ්ඩලයේ සිටි පී බී අයියාගේ සහබන්ඩාර තෙන්නකෝන්ගේද රේසින් පාන් කාලද උදුරා විකාරයක් ‌කිරීමට නායකත්වයසැබයූවේ රංජිදම් සහ ගාමිනී ජයලත් කියා මාරසට කියන්නට අයිතියක් ඇත. ඒවා ඇසුවොත් මීට වඩා පිරිපුන් භාෂාවකින් කියනවා තමාය. මතක තබාගත යුතුතේ නව ජවිපේත් මේවා දෙසන මාරස උන් මරණය සම්බන්ධව තොපටත් වඩා ඉහලින් දේවල් සොයා බලා ඇති බවය.

කෙසේ හෝ ‌මෙසේ කියනවා. රංජිදම් එදා විප්ලවීය දේශපාලනයේ පොරක් තමා. සහෝදර මගුල් ඇවැසි නැහැ මාක්ස්වාදී දේශපාලනයට. ඇවැසි ඇත්තන්ට මාරසේ හැඟුම කීමට අයිතියක් තිබ්බත් නැතත් කියනවාය. කුමාර ගුණරත්නම්ගේ දේශපාලනය සහ රංජිදම්ගේ දේශපාලනය ගත්විට නයි මුගටි තමාය. ඒ පැත්තෙන් දමිල නමක් ඇතත් කුමාරයාට ඒ නම නිසාම ජනතා සහය අඩු විය හැකි නමුත් අර මාක්ස් එංගල්ස්දෙන්නාගෙන් ජනතාව එංගල්ස්ට ලව් ‌මෙන් රංජිදම්ලා දෙපල ගැටලුවද මේ මොහොතේ ප්‍රාග්ධන ජනමාධ්‍ය ගැටලුවක් වී හමාරය. කාටද ආසා.
රංජිදම්ට වඩා මල්ලී කියන්නද. මීට කළ යුතු එකම දේ වන්නේ කුමාර ගුණරත්නම් විසින් තම අයියා රංජිදම්ව දේශපාලනිකව විසංයෝජනය කිරීම පමණි. ඇයි ඒනොකරන්නේ. සහෝදර කම නිසාද නැතිනම් වෙන අන් කාරණයක්ද. මාරසද කෙලින් අහන්නට මේ දේට ජවය ඇත. කෙලින් කියන්න. රංජිදම් ගුනරත්නම්ගේ දේශපාලනය ගැන කුමාර ගුණරත්නම් කතා නොකරන්නේ ඇයි. කරුණාකර ඒ දෙදෙනාගෙන් ඇසූ ගැටලුවට අනෙකුන් දෙන විකාර කොමන්ට් සකාගේ ප්‍රතිපාදන මගින්ම කපා දමනවා ඇත නමුත් මීට ඇවැසි සැබෑ අර්ථාන්විත දේ මාරස කපා දමන්නේ නැත.
ජගත් මාරසිංහ
07 05 2024
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.