අනාත ආත්මයන්ගේ ආදරය කිව්වනම් හරි

                                       අනාත ආත්මයන්ගේ ආදරය කිව්වනම් හරි

මාරසත් මේ මුද්‍රාවේ නම හොයනවා. සංස්කෘතික භාෂාව සහ ඊට අනුගත ශබ්දයන්ගෙන් විවිධ නම්තියනවා. කෙලින් කියන්න හැකි අනාත ආත්මයන්ගේ ආදරය කියල හැඟීමක් ජනිත වෙනවා. මොකද කිසිදා අර්ට් පරිවර්තනය කරන්න බැහැ කියලා නවගත්තේගමයන් මාරසට කිව්ව වගේ මුද්‍රා වලට තියන නම් සහ ඒවයින් වෙන දේවල් තමන්ම ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නවා විනා වෙන දෙයක් නැහැ. 
ඉතා වැදගත් මේවා ගැන හිතන්න සාමුද්‍රිකා සාස්ත්‍රය හෙවත් හස්තරේඛා ක්‍රමවේදය. බලන්න මේ මුද්‍රාවේ වැදගත් වෙලා තියෙන්නේ මහපට ඟිල. 
හරියට අර වේදිකාවේ ඉන්න නලු නිලියෝ විශාල සංඛ්‍යාවක් ඇසුරින් අදාල අවස්ථාවට මතු කළ යුතු චරිතය වැදගත් කරන කතාව සිහිවෙනවා. මේ සම්බන්ධව ලාංකේය වේදිකාවේ තමා ‌තමා ඒකට පොර කියලා දුන්න දුනුගමුවෙන් විද්ද ඊතලය මරා සාද් වලින් අවසාන උනේ නැති උනාට චුට්ටක් එතන ලැගුම් අරන් වගේ.
මේ අතේ සියලු ඇඟිලි දන නමා නොවේ කොන්ද නමා මහපෙට ඇගිල්ල වැදගත් කරලා. පිස්සු හැදෙනවා. දබරඟිල කියන්නේ අභිමානයේ තර්කයේ ඇඳිල්ලක්. නීති වේදීන් සහ චන්ඩින්ද දික් කරන ආවේගයේ චන්ඩි බව ඇඟෙන්ම කෙලින් වෙන ඇගිල්ල. ඊ ගාවට තියෙන්නේ ඇඟිලි පවුලේ උසම පොරත්වය ගේන මැද ඟිල. හස්තරේඛාවේ පමනක් නොවේ ඇලපති වෛද්‍ය විද්‍යාවෙත් කියවෙන දේවල් සාමාන්‍ය භාෂාවට අනන්‍ය වෙනවා. උස තිබ්බට පොන්නයෙක් වගේ. දඩබර නැහැ. නමුත් ඒකා නැතිව අතින් ශ්‍රමය නිශ්පාදනයට මිනිසෙකුට දායක වෙන්නත් බැහැ. ඒකාට තරහ ගිය ගමන්ම ඉතින් හිසේ කැක්කුම් තමා. හැකිනම් ඒක ඇත්තද කියලා බලන්න ඒකාව බැඳලා නිදා ගන්න හදන්න. ඒ ගැන අද අලපති විද්‍යාව ගොඩක් දේ හොයාගෙන තියනවා. ඒකලා ඒවා හොයා ගත්තත් නොගත්තත් මේවා එහේම තමා. කෙල්ල දාලා ගියාම මැද ඇඟිල්ල හප හපා නිදා ගත්ත ජනප්‍රිය දේවල් මාරසට හිතුනොත් දිග ඇරලා දාවි.
අම්බේ අපේ මුදු ඇඟිලත් කොන්දෙන්ම ආචාර්ය කරලා. පිස්සු හැදෙයි. කෙලින්ම ඇලපති වලත් කියන හර්දයවස්තුවට යන නහරේ. මැනික් කටුව අසලින් අල්ලා දොස්තරලා නාඩි වේගයේ රිද්මය හොයන නහරයේ පිළිඹිබුව. ආදරයෙන් මුදු පළඳන්නේ මේ ඇඟිල්ලට. අනික නාඩි ශාස්ත්‍රයේ නියමුවා. කොටින්ම හස්තරේඛා සාස්ත්‍රයේද ශාරීරික කරමපල වාදය සම්බන්ධව නිබන්ධන ලිවිය හැකි ම්න්සශරීරයේ ශිළා ලේඛන කැඩපත.
ඒකත් කොන්ද නමලා. 
දන්නවාද ඔබේ අතේ ඉන්න සුරතලා. හරියට නිකන් අර බඩ පිස්සා පොඩි මල්ලි වගේ ඉන්න සුළැඟිල්ල. අනේ හරි හිතුවක්කාරයි. ඒත් ඒකාගේ යටින්ම තියන මණ්ඩලය බුධ මණ්ඩලය. අර සූර්යා වටේ ඉලිප්සාකරව යන්නේ නැතිව රවුමට යන පොන්න නැතිනම් උබතෝ භ්‍යංජනක ග්‍රහයාට අයත් මංඩලය පෙන්වන අපේ බුද්ධියේ මාරම ආදරණීය හිතුවක් කාර බුද්ධිමය චූටි මල්ලියා ව සුළැඟිල්ලද කොන්දම නමලා.මේ සියල්ල කොඳු නමාගෙන මාපොට ඟිල වැදගත් කරලා. ඒකා කෙලින්. 
මහපට ඟිල කියන්නේ මිනිසා සතුන්ගෙන් වෙන් වූ තර්ක ශක්තියේ පිස්සු හැදෙන ඇත්ත අවයවය. කෙලින්ම මාකස් එංගල්ස්ටත් කතා නොකර ඉන්න බැරි වුන ශ්‍රමයේ අති ජාතක ඇඟිල්ල. කිසිවෙකුට යටත් නැති බව කොච්චර ප්‍රමාණයක්ද කියලා මනෝ වෛදය වරුන්ටද පසු කාලයේගිනිය හැකි වූ ඇඟිල්ල. පිස්සු හැදෙනවා නේද මිනිසා මිනිසෙක් වූයේ මහපට ඇඟිල්ල නිසා කියන කතාවනම් මොන දේශපාලනය බිඳ දැම්මත් මේක බිඳ දැනින අපහසුයි. අද මාරස දන්න ඇත්තක් කියන්නම්. මේ මහපට ඟිල සම්බන්ධව ගැඹුරු දර්ශනයකින් කතා කර තිබෙන්නේ හස්තරේඛා අතීත ඍෂි වරු සහ මාක්ස් එංගල්ස් පමණක් වගේ කියලත් සාධනය කිරීමට හැකියි.
බලන්න මේ මුද්‍රාව. ගහලා මේ කියපු දේවල් හිතන්න. ජීවිතයේ සියල්ල විසින් සාධාරණ තර්කය ඉදිරියෙන් තබලා. මේ ගැන ගොඩක් දේවල් දැන ගන්න හැකියි බුදුන් වහන්සේ නිර්මිත මුද්‍රා වලින්. ඒ කියන්නේ බුදුන්ගේ තර්ක ශක්තිය වගේම ඒක නම්‍ය ශීලීව මෙත් වඩන හැටි ගේන සෑම මුද්‍රාවකම අපේ හිතුවක්කාර මාපොට ඟිල වගේම දබර ඟිල වගේම හුරතල් අතේ බඩ පිස්සා වූ සුළැඟිලත් එකතු වෙනවා. 
මේවා හදවතට බලපාන්නේ කොහොමද ඒකෙන් කොච්චර ලාබ ලැබිය හැකිද යන මළ විකාර කිසිදා මාරස කතා කරන්නේ නැහැ. හදාරන්න. සතුටින් ජීවත් වෙන්න කියලා විතරක් කියන්නම්. මුද්‍රා නොදැන හස්ථරේකා ගැන හිතන්නවත් බැහැ. ඒ ගැන නොහිතා කියන්න හැකි මොන සාස්තරද?  තක්කඩි විදිහට මේවා ඝණිකා වෘත්තියේ යොදවන්නන්ට කියන්නේ තව තවත් එසේ කරන්න කියලා. මන්ද ඒ වගේ විකාර වලින් තමා ඇත්ත මතු වන්නේ.
ඉතින් මේ මුද්‍රාවේ අදහස් හැකි තරම් ධර්මානූකූලවත් නැතිනම් අපෝහකයන්ටත් හිතන්න හැකිපරිදි ලියන්න ඇති. නමුත් අදාල වෙන්නේ මෙු මුද්‍රාවේ සිට තමන්ට ආත්මයක් හෝ පුනර්භවයක් තියනවාද කියලා මෙනෙහි කරන කාරණයයි. ඒක වෙනම දිග කතාවක්.
ජගත් මාරසිංහ
07 062024


Powered by Blogger.