මේ අපේ ආදරයයි!!!!

                   ආදරය කියන වචනය ගැන කතා කරන්න්න අටුවා ටීකා ටිප්පනී ‌සම්බන්ධව නැවත හොයන්න වෙනවා තමා. නමුතු ඊටත් වඩා ආදරය ගැන කතා කරන්න ජීවිතයේ දේවල් ඇත්තටම ප්‍රමාණවත් කියලා දැන ගත්තේ බුදුනුවන්ගෙන් සහ කාල් මාක්ස්ගෙන් තමා. 
                    සෙනසුරා කියන සංකල්පය මාරයි. සෙනසුරාගේ වම්පැත්ත සම්පූර්නයෙන්ම අප්සෙට්. සෙනසුරා කියන්නේ මිත්‍යාවක් කියන හේතුවාදීන්ද ඇත්තක් කියනවා තමා. ඒ ඒකලා දකින සම්මුති වලට අනුව. නමුත් ආධ්‍යාත්මිකත්වය ශක්තියක් ලෙස වර්ග කරන් ඉස්ප්‍රිචුවල් එනජි වගේ ‌කතන්දර අළුතින් බිහිවුනේත් අද ඊයේ නොවේ. කෙසේ නමුත් ආදරය කියන්නේ ශක්තියක් තමා. සමහර විට කෙනෙකුට ‌හිතේවි මේ සුගතපාලද සිල්වාගේ බලයේ ශක්තියක් මාරයාට දැනිලා කියලා. උත්තරේ සරලයි ඔව්. නමුත් සුගත් පස්සේ ගිහින් කිසිම ප්‍රකාශනයක්වත් මාරස ලියවාගෙන නැති බවත් කිව යුතුයි. ඒ කෙසේ නමුත් මේ ආදරයම පමණයි තමා.
ශීලක්කා කියන්නේ සුගතපාලද සිල්වාගේ ආදරිය. ඒකිට ආසා මම බීලා ඇවිත් සුගත්ව මලාට පස්සේ පොටෝවට බිම වැටිලා වඳින එකට. ‌කෙසේ නමුත් මාරස සුගතපාලද සිල්වාගෙන් ඉගෙන ගත්දේ බොහෝයි. නමුත් ඒ ප්‍රථමක සාධකය වන්නේ සරලකමයි. ඒ සරලකම හරියටම සූර්යා ගේ සරලකම වගේ. ඒ පවුලත් තාම ඒ වගේම සරලයි. සෙනසුරා වගේ මාරයා ඇත්තටම අහම්බයකින් ශීලක්කාව පෙරේදා කියන දවසක හමුවුනා කියමුකෝ. 
      අම්බෝ. එයාගේ ශබ්දේ ඇතුලේ සුගත් අයියා නැත්නම් සර් නැත්නම් සහෝදරයා හිටියානේ පන පිටින්ම. අහම්භය අනිවාර්යයි කියන මාක්ස් කතාද මාරයි. ඊටත් වඩා බුදුනුවන්ගේ සැබෑ ධර්ම කතා ගොඩක් තියනවා. කෙසේ හෝ ශීලක්කා අද මාරයාට කන්න වේලක් දුන්න කියලා කියන්නේ නැහැ. සමහර විට මේ සෙනසුරු දානයක්වගේ වෙන්න ඇති. ඒකටයි මාරස ආස. කොටින්ම මාරයා කියන පුලන්නා ඒ රසම රස කෑම බුක්ති වින්දා. අනතුරුව මේ ඡායාරූපය මනෝ විසින් ගහගත්තා. මේක කාටවත් වටින්නේ නැති වුනත් මාරසට වටින නිසා උඩින්ම සුගතපාල සිල්වානන්වද දාලා ඡායාරූපය සකස් කළා තමා. මේ පිටුපස පාලිත තේනුවරත් ආදර ශක්තියත් නැත්තේ කොහොමද? ආදරය කියන්නේ ආදරයට. ආදරය කියන කතන්දරය දිමුතුත් වනමලියත් නොදන්නවා වෙන්න ඇති. මොකද ආදරය දැනගන්නේ තමා නොවේ අනෙකා නිසා. මොනවා උනත් මොකද බන්. ආදරෙයි. සුගතපාලයන් බලයක් වුනත් මේ සටහන බලයකට ලිව්වේ නැහැ කියලා මාරස පාටකයෝ දන්නවා අනිවා. අහිංසක සිහිපත් කිරීමක් පමණයි. නොදා බැරි නිසා දැම්මා.
ශීලා අක්කේ, දිමුතු මල්ලියේ, වනමලී නංගියේ. අමෘතය කියන කතන්දරය නැවත හදාරන්නට හිතුනා. 
අමතක කරන්නෙපා.
මාව මතක තියාගෙන ඉන්න සිතේ 
වෙන් වී ගියත් මෙමා
ඔබව  රැඳේ සදා කල් මාගේ සිතේ..............!

 https://youtu.be/E3ywLHpryp8

https://jagathmarasinghe.wixsite.com/mare
11 03 2023




Powered by Blogger.