ආදර මචංලාගේ පශ්චාත් නූතන ඛේදවාචකය

                      ආදර මචංලාගේ පශ්චාත් නූතන ඛේදවාචකය

      අපගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා කල්‍යාණ මිතුරන්ගේ ඇසුර ඉතාම වැදගත් වේ. මනුස්සයන් වූ අපට හුදකලාව ජීවත් වීමට නොහැකිය. එබැවින් යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය අවශ්‍ය බව සනාථ වේ. මිනිස් ජීවිතයේ වටිනාකමක් ඇත්තේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් සලසා ගත් විටය. එම දියුණුව වෙත ගමන් කිරීමේ දී නිවැරැදි මාවතට යොමු කළ හැක්කේ කල්‍යාණ මිත්‍රයන්ට පමණි.

         බුදු දහමට අනුව විමසා බලන කල අපට සිටින උතුම්ම කල්‍යාණ මිත්‍රයන් වන්නේ බුදු, පසේබුදු, මහරහත් යන උතුමෝය. එයට හේතුව නම් සංසාර දුකින් මිදීම පිණිස නිවැරැදි මාවත පෙන්වා දෙන උතුම් ආර්යයන් වහන්සේලා වන බැවිනි. ඒ උතුමන් වහන්සේලා මුළු මහත් සත්ත්ව ප්‍රජාව කෙරෙහි දිවා රාත්‍රී දෙකෙහි මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් ක්‍රියා කරති. එම උතුමන් වහන්සේලා පෙන්වා දුන් මාර්ගයෙහි ගමන් කිරීම තුළින් අපටද උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගත හැක්කේ ය.

             මේ ධර්මය නැවත විග්‍රහකර තිබ්බේ පරිවේණාධිපති ශාස්ත්‍රපති ඕලුගංතොට ඤාණවිමල හිමියන් විසිනි. අන්තර් ජාලයෙන් මේ අහුලා ගන්නා ලද්දේ පිරිවෙනේ ගණිතය ඉගැන්වූවාත් ගිහියෙකු වශයෙන් ගණිත විද්‍යා ගුරුවරයෙකුටද යම් ආකර්ශනයක් නොව සැබෑ ආකර්ෂණයක් මිනිසාගේ මනස වෙලා ගන්නා නිසාය.

           කෙසේ නමුත් මාරස මෙසේ කියමු. මාරස යනු මා නොව අපිය. මා යනු මාය. මු යන්නෙන් අවසාන කරන ලද්දේ බෙදාගෙන කියන නිසාය. 

           මෙතනදී ඉතා වැදගත් බුදුනුවන්ගේ කතාවක් මතුවේ. මාරසට හිතෙන විදිහට ධම්මපදය වනාහී ගණිතමය සූත්‍රයක්ද කියා ගණිතය ගැන ආදරයක් ඇති ඒකලාට දැනෙනු නියතය. බුද්ධ ධර්මය යනු කුමක්දැයි කවරෙකු හෝ ඇසූවිට දෙන්න ඇති සරලම උත්තරය අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයම වන්නේය. ඒ තරම් සරල, සරල නිසාම ගැඹුරු වෙනත් පද පෙලක් ඇතිදැයි සැක සිතේ. එසේම කල්‍යාණ මිත්‍රයන් වනාහී ජීවිතය දැක නිවන් දැකි හෝ සෝවාන් වූ ඵලයකට පැමිනි පුද්ගලයන් ලෙස වර්ග කළ හැකි උපත් මාරස නිවන් දැක නැති නිසා සරලව කිව යුතුය. කළණ මිතුදමනම් වටහා ගත හැක්කේ ඒ උසස් අවධියකට ගිය පසු බව මාරසටනම් වැටහෙන්නේ මාරස තාම ඒ තත්ත්වයන් යාන්තමින් අවබෝධ කරගත්තාට එතනට යන්නට බැරිකම නිසා වීමට පුලුවන. මාරස වන් අයට කිව හැක්කේ නිවන් දකින්නට පින්මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ කියා පමණි. ඉතිරිය පුරවනු ඇත්තේ නිවනක් කොහේද සහ තවත් භවයක් තිබේද යන හේතුවාදී සහ අධිභෞතිකවාදී නැතහොත් තාක්ෂණික භෞතිකවාදී විද්වත් කොල්ලන් කෙල්ලක් විසින් බව දනිමි. නමුදු උන්ද දැන ගත යුත්තේ උන් තරමකට හෝ පවතින තත්ත්වයන්ගෙන් පිට අවබෝධයක් ලබා ඇති බවය.

             කළ්‍යාන මිතුරා ගැන කතා කිරීමට අංගුලිමාල සුතුරත් ඕසාත මන්ත්‍ර සුතුරත් ඇවැසි බව මාරසට දැනෙන්නේ මාරස පණ්ඩිත සමාජයක හැදුන වැඩුන නිසා වීමට හැකිය. කොටින්ම ධම්මචක්කප්පත්තන සුතුර  ප්‍රමාණවත්ය.

       කෙලින්ම අපේ අම්මා සහ තාත්තා කී දේවල් ගත් කළ එතරම් දුර යාමට ඇවැසි නැත. මිතුරෙක් ‌වෙනුවෙන් කඳුලක් උනනවානම් අපේ අම්මා නම් ඒ මිතුරාට මටත් වඩා ආදරේය. එතන බුදුන් සිටියා කියා සිතුනොත් ඒ වරදක් වීමට හිස් තැනක් තිබිය නොහැක. බුදුන් යනු අපේ කාල අවකාශයේ ඊගෝව කියා සිතුවද කම්ද කිම්දැයි සිතේ. මේවා  කියන්නට අටුවා ටිප්පනී ඇවැසි නැත. මම පිරිවෙනේ උගන්වන කාලයේදී කිරිමුට්ටිය ග‌ෙඟේ ගියා යන භික්ෂූන් වහන්සේලාගේ ආදර කතාව ලියන ලද රඹුක්කක සිද්ධාර්ථ හිමියෝ මා සේවය කළ පිරිවෙනේ පරිවේණාධිපතින් වහන්සේ වූවෝය. අප දෙදෙනා බොහෝ සාහිත්‍ය ධර්ම කාරණා ගැන කතා කර තිබේ. ආදරයේ දිග පලල සහ බුදුන් දෙසූ කළණ මිතුදම සහ සාමාන්‍ය අප වන් මිනිසුන්ගේ කළණ මිතුදමේ අඩු පාඩු උන්වහන්සේ කතා කරන ලද්දේ ඒ කාලයේ මගේ තරුණ භාෂාවෙන්මය. කිරිමුට්ටිය ගගේ ගියා කියන උන්වහන්සේගේ භික්ෂු ආදර කතාව ගැන මොනවා හරි ලියන්නට මට තාම බැරි වූයේ මුල් පොතක් නැති නිසාය. උන්වහන්සේ දුන් ‌පොත කියවා උන්වහන්සේට දුන්නා මතකය. තියන කෙනෙක් සොයමින් සිටිමි. ජාතික පුස්ථකාලයේත් නැත. ඒ ඒ කාලයේ උන්වහන්සේට පැමිණි පැමිණිලි නිසායැයිද කියා උන්වහන්සේ ජීවතුන් අතරදැයිවත් මා තාම නොදනිමි. උන්වහන්සේ මට අවසන් වරට හමුවූයේ පිලියන්දල අධ්‍යාපන කාර්යාලයට මා විශ්‍රාම ගැනීමට ලිපි ගොනුව අවුස්සා ‌ඡයාරූප පිටපත් ගන්නට ගිය අවස්ථාවේය. මගේද සෞඛ්‍ය තත්ත්වය නිසා උන්වහන්සේ ගැන සොයා බැලීමට නොහැකි වූවත් මගේ හදවතේ තවමත් පැත්තක පිරිවෙන ගුරුවරයෙකු වශයෙන් පුංචි උන්නාන්සේලාට ධන ඍණ ශ්‍රේණි ඉගැන්වූ සහ ඒවා සමග උන්වහන්සේලාගේ විෂය වූ ධර්මය සාකච්චා කළ සහ ඒවාට වාමංශික දේශපාලනික කෑලිද එල්ලන ලද ඒ වියේ මතකය මට සිහිවේ. ඒ ආදර යුගයකි. ඇත්තටම ඒ අසූව දශකය වීම ස්වභාවයේ සරදමක් විය නොහැක. සෙස්ස පස්සට කල්දමමි. කොතරම් ආදරයද කියනවානම් ඒ සැබෑවටම අම්මාගේ යුගය වූවා කියා කියන්නේ සිග්මන් ප්‍රොයිඩ්වද සිහිකරමිනි. ඒ සිහිකරන්නේ ආදරයට මෙන්ම අනාදරයට වන්නටද හැකිය.

           ඉතින් අපේ පිරිවෙනේ මලවැන්නේ ඤාණාලෝක ලොකු හාමුදුරුවන් සමග සාකච්ඡාවලදී නම් මාරස අවබෝධ කරගෙන සිටින්නේ කළ්‍යාන මිත්‍රයන් සාමාන්‍ය සමාජයෙන් බිහිවන්නේ නැති බවය. ආසන්න අය බිහිවීමට පුලුවන. කොටින්ම අසේවනාච බාලානම් කී පමනින් ඇසුරු කරන්නට කියන්නේ සියල්ල අත හරින ලද යම් මාර්ගඵලයකට පැමිණි විද්වතුන්ම වන්නේය. තණ්හාව ඇති කිසිවෙකු උසස් පුද්ගලයන් වන්නේ නැති බව උන්වහන්සේ මාරසට කියා දුන්නා වුවද ඒවා වැටහෙන්නේ දැන්ය. කොටින්ම හිතේ එකයි පිටස්තර තවත් එකක් තියාගෙන කලන මිතුරන් වීමට ඉතා අපහසුය. බාර් එකේ සිටින බේබද්දන් සමහරකටනම් එසේ හැකි වන්නේ අර සර්කානි සූත්‍රයේදී බුදුනුවන්ගේ දේශනයේ ඇති යම් යම් අද සංකල්පයන්ගෙන් සිතන්නටවත් නොහැකි දේ නිසාදැයි සැක සිතේ.

කෙසේ උවත් මාර්ගඵල නොදත් යන්නටත් වඩා ලෝභයෙන් මැඩිය නොහැකි සිත් ඇති උන්ගේ කළන මිතුදහම කොයි මොහොතේ කොයි ආකාරයෙන් විනාශ වේදයැයි මාරස නොකියමි. කොටින්ම ‌තන්හා කෑල්ලක් හරි තියාගන්නා සාමාන්‍ය මිනිසුන්ගේ කළන මිතුදම වචන පමණක් බව දැනගත්තේ වයස හැට දෙක වන විට ජීවිතයෙන්මය. දැන් ඇති වන්නේ ගෞතමයන්ගේ ධර්මය සම්බන්ධව විශ්මිතයකටත් වඩා පුදුමාකාර ආදරයක් වන්නටද ඉඩ ඇත. ඒ බුද්ධ සිතීමේ ක්‍රමයක් ලෙස දැක්කේ කාක බුද්ධන්ජර ඉර්ෂිවරයාගේ යුරේනස් නැප්චූන් ප්ලූටෝ ගැන බුද්ධ පූර්ව වර්ෂවලින් වසර 15000කට පෙර කියා ලියා තිබි දෝසතර නම් පාලි ග්‍රන්ථය සිංහලට පෙරලා තිබූ ආනන්ද  මෙත්‍රී හාමුදුරුවන්ගේ බුද්ධ බුද්ධ පූර්ව  කාලේ ගණිත ක්‍රම ගැන සැබෑ විභවයන් කතා කරන්නටත් නලින්ද සිල්වා ශූරීන් සමග දුරකතනයෙන් කතා බහ කරන්නට ගොස්ය. නලින්ද සිල්වයානන් සමග මේ වන් මාතෘකා කතා කිරීම ලේසි පහසුදෙයක් නොවනවා හා සමානවම අවසානයේ ඇස් වැසිල්ලක් ලබනට හැකි බව මාරස අත්දැකීමෙන් දනිමි. සැබෑවටම ඒ අපේ පරපුරේ වැඩිහිටි පොරවල්ය. පළමුව බැන වදින්නේය. දෙවැනුව දේවල් මිතුරන්සේ කතා කරන්නට ලැබෙන්නේය. ‌‌තෙවැනුව ආදරය වැක්කෙරෙන්නේය.

          කළණ මිතුදම සම්බන්ධව අන්තර්ජාලයේ ලිපි ‌බොහෝ තිබේ. නමුත් මාරසනම් දකින්නේ තන්හාව කෙසේ වෙතුදු තමන්ගේ උද්දච්චකම් සහ ලොකුකම් අහකට දාන්නේ නැතිව අනිකාට ආදරය තියා අනුකම්පාවක්වත් දැක්වීමට හැකියාවක් නැත නේද කියාය. සතෙක් මළ පසු තවත් සතෙක් ඉව අල්ලා බලා සිටින්නේ දුකට නොව ඒකාලාට ඇත්තේ සිතක් නොව සවිඥ්ඥානිකත්වයක් නිසාය. එවැනි මිනිසුන් මළ මිනිසුන්ද නැතිනම් සත්වයන්ද යන්න තීරණය කළ යුත්තේ මිනිසා විසින්මය. නැතිනම් බුදුවරයෙකු මිනිසෙකු හරහා නිමැවෙන්නේද නැත. 

             කෙසේ වුවත් මේ කළණ මිතුරන් ලෙස පෙනී සිටින ආදරවන්තිය සහ ආදර වන්තයන්ද- බිරිඳ සහ ස්වාමියාද_ කද බැඳගෙන එක සිගරට් කොටය අදින සහ ගල් භාගය දෙගට බෙදා ගසා ගන්නා මිතුරන්ද සිතිය යුතු කාරණයකි. අම්මා සමග ආදරය කළන මිතුදමක් වශයෙන් වනන්නට නොහැක. මොකද හුණුවටයේ කතාව බෝටෝල් බ්‍රෙෂ්ට්ගේ කතාව නාට්‍ය ගත වන්නටත් පෙර කොටින්ම බ්‍රෙෂ්ට්ගේ දුරස්ථකරණ සිද්ධාන්ථයටත් පෙර සිට අතීත පූරුව ඉතිහාස කතා එක් කළ දඹදෙනි යුගයේ සිට ලොව පුරා අප ජාතික ටිප්පනී හරහා දුවන්නකි. ඒ මාතෘ ශ්‍රමයයි කියා බුදුනුවන් වහන්සේගේ දේශනාතුල මතුකරගත් කාරණා බොහෝය. කොටින්ම ශ්‍රමය යන්න සරලව උන්වහන්සේලා දෙසා නැත. මේ කාලය මදි නිසා සංසාර කාලයක් නිමානය කරගෙනද කියා ඇති දේවල් බොහෝ බව කවුරුත් දනී. නමුත් අපේ මිතුරෙක්ව දමා යන විට වෙන් වෙන විට දැනෙන්නේ අර ආදරවන්තයෙක් ආදරියකගෙන් හෝ ආදරියක් ආදරවන්තයකුගෙන්න වෙන් වෙනවා සේ හැඟීම වන් දෙයකි. ඒ මාරය- දෑසේ කඳුලු පිරී අපව වෙනම ලෝකයකට ගෙන යයි. උගුර හිරවෙයි. හුස්මද හිරවෙයි. තව මොහොතකින් පනයනවා මෙන් හැඟෙයි. 

    මේ භද්‍ර‍ කල්පයේ බුදුන්ගේ දහම තිබ්බත් මේවා අසා දැනගන්නනට බුදුවරයෙකු මිනිසුන් පතයි. ඒ නැති තැන ගැහැනුන්ට බුදු වීමට ආරාධනා කරන ලේඛකයෝ සහ විචාරකයෝද නැත්තා නොවේ. කළන මිතුදම පමණක් නොව සාමාන්‍ය මිනිස් ආදරයද නැති මිත්‍රයන් වචන වලට පමණක් බිහිවී ඇති අද බුදුනුවන්ට කිට්ටු ලෙස සැලකූ මාක්ස් වාදීන්ද අති කුහකයන් වෙමින් පවතින බව ශාක්ෂි සහිතව සාධනය කළ යුතු නැත. සියලු වමේ පක්ෂ වල මිනිසුන් දිවි පිදූ අයද සෑහෙන්න සිටී. එයාලාගේ ඥාතීන් සමග ගනු දෙනු කරන්න දවසකට හෝ ලැබුනොත් කළණ මිතුදමේ මාක්ස්වාදී න්‍යාය සහ භාවිතාවේ දුරස්ථ භාවය කාට කාටත් දැන ගත හැකි වනු ඇත. එහෙත් අවසාන වශයෙන් කිව යුත්තේ සැරියුත් මුගලන්ලා බුදුනුවන්ලානම් කම් කිම් කියන්නේ කලු ගලක් ගිලපු යක්කුන්ට අග්ලලාවක් කම් කිම් කියා කියනවා  වැනි වදනක් පමණි. එහෙත් විසංයෝජන ගණනාවක් තිබ්බා වූ මාක්ස් සහ එංගල්ස්ලා ගත් කළ දර්ශනය පසකින් තැබූ ආදරයක් ඇති නොවනවාද නොවේ. නමුත් අද කළන මිතුදම වනාහී සම්පූරණයෙන්ම අහෝසියි වාගේය. නමුත් ඒ තත්ත්වයන් යම් ප්‍රමාණයකටත් නැතිව සමාජයක් පවතින්නේනේද යන්න සිදුවෙමින් පවතී. අප බලා සිටින්නේ ඉතිරි බිතිරි කළන මිතුරු සනුහරේ සමගය. ඒ ටිකත් නැතිවී ගිය පසු දෙවියන්ගේ පිහිට නොව යකාගේ පිහිටවත් නාගයාගේ පිහිටවත් නොලැබෙනවා නියතය. මන්ද නාගයන් සහ යක්ෂයන්ගේ කළන මිතුදම අපට වඩා උසස් යැයි හැඟෙන නිසාය. 

     මතක තබා ගත යුත්තේ යක්ෂයාට ගැටුමක ආධ්‍යාත්මික ශක්තිය ආවේශ වී ‌ගැටුම් කලමනාකරනය කරගැනීමේ හැකියාව ඇති බවය. නාගයාට මහ ඉර්ෂි කියන්නේත් නාගයාට පමණක් නොව සර්පයන්ගේ ආධ්‍යාත්මික ශක්තිය හෙවත් ස්ප්‍රිජුවල් එනජි මාරයි  කියාය. මුචලින්ද නාගරාජයා සහ අධ්‍යාත්මික ශක්තිය ඕෂෝවත් කොහේ හරි ලියා ඇතිදැයි දන්නා කෙනෙක් ලියන්න. ජෝ සර් නැති නිසා අහන්නට කෙනෙක් මාරස දන්නේ නැත. ඕෂෝද බුදුනුවන් පස්සට දමන අවස්ථා මා දන්නා සිංහලෙන් බොහෝය. නමුත් අරිය දේව හාමුදුරුවන්වනම් එසේ බරපතල ලෙස අමතක කළ නොහැකි බව සිංහලෙන් කියවන මාරස දනී. 

       රටේ නාගයෙකුට විපත් වන විට මුලු ‌ලෝකයේම නාගයන්ට දැනෙන ඉන්ද්‍රියක් පමණක් තිබෙනවා කියන නාගයන්ට දැනෙන බවය. කෙසේ නමුත් අප ආරක්ෂා කරගත යුත්තේ කළන මිතුදමයි. එහි උපරිමය යම් තත්ත්වයක් ලැබූ බුදුනුවන්ගේ අනුගාමිකයන්ට හිමිය. නමුදු ඒ කාරණාවේ යම් අංශු මාත්‍රයක් හෝසාමාන්‍යයෙන්  අප ගාවත් තිබෙනවානම් මරේ මරුය. මිතුරාගේ  අති කිලිටු සරම කටින් අල්ලා අඳින ලද කොතරම් වල් ගැහැනියක් ලෙස හංවඩු ගැහුනත් මිතුරාගේ බිරිඳ දෙස වපරැසින්වත් නොබැලූ, මිතුරාගේ විපත අපේ විපතක් ලෙස සැලකූ කොටින්ම මෙත්තා කරුණා මුදිතා  උපේක්කාව යම් වෙනත් විදිහකට හෝ වර නගා ආදරය ආරක්ෂා කළ අපේ පරපුරෙන් ඒවා ගිලිහී යන බව දැන මේ මාරස සටහන ලියන්නට වූවා වන්නට හැකිය. මතක තබා ගත යුත්තේ එක් දෙයක් පමණි. අප අපේ මිතුරන්ට ආදරය කරන ලද්දේ මහා විද්වතුන් බිහිවන්නටත් පෙර සිටය. මනුෂ්‍යත්වය තිබ්බේ අන් කාගාවවත් නොව මිනිසා ගාවය. ඒ අතුරුදහන් විය හැකි නැත. අතුරුදහන් කිරීමට මිනිසා දෙන්නේද නැත. කළණ මිත්‍රත්වය කවුරුන් හෝ ප්‍රතික්ෂේප කිරීමට සූදානම්නම් මිතුරන් අහිමි වූ ඔහු වෙනවා විනා ඔහු අහිමිවූ මිතුරන් වන්නේද නැත.

මං මුලා වී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක ගෙනි
පාර අසා තිබුණේ ...//

ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මතකයෙ අඩමානය..// පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලා වී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලා වූ සමනළියක ගෙනි පාර අසා තිබුණේ අප හමු වුයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයි දැයි නොකියමි ...// අපේ ගමන අද නවතනු හැකි නම් අප යන ගමනද අද මෙතනින් නිමි මං මුලා වී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලා වූ සමනළියක ගෙනි පාර අසා තිබුණේ ගායනය : - ගුණදාස කපුගේ පද රචනය : - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : - ගුණදාස කපුගේ

https://youtu.be/yHQGnPQeH0U

https://jagathmarasinghe.wixsite.com/mare

14 03 2023


Powered by Blogger.