අපේ ඉස්කෝලේ

                                                 අපේ   ඉස්කෝලේ 
       මේ ඡායාරූපයනම් තෝලන්ගමුව මධ්‍යමහා විද්‍යාලය. ඒ කියන්නේ ආනන්ද නාලන්ද රෝයල් ආදී කොළඹ ලොකු ඉස්කෝලත් නුවර ධර්මරාජ මහාමායා ආදී ඉස්කෝල වගේම ගාල්ගේ රිච්මන්ඩ් වගේ තවත් බොහෝ ලොකු ඉස්කෝලත් සෙන්ට්‍රල් නාමය සහ ඒවල තිබ්බ අධ්‍යාපන ප්‍රතිපත්ති නිසාම මහා ඉස්කෝල පදනම ගමට ගිය කතන්දරය නැවත ජාතික පාසැල් දමා නැති කළ කතන්දරයේ දේශපාලනය ගැන කතා කරන්න සෙස්ස පස්සට දාන්නම්. මොකද ඒ ගැන කතා කරන්න මාරසට කුණුහරුප දැනුම තාම මදි නිසා කියලා හිතා ගන්න.

       මේ කියන්න හදන්නේ ඉස්කෝලේ ගැන. මගේ අම්මා මගේ තාත්තා මගේ මල්ලි මගේ අයියා කියකියා ඉන්න සැම අපේ කියන අදහස එන්නේ ඉස්කෝලෙට ගියාට පස්සේ. අනේ අප්පේ ඒ අපි යන ඉස්කෝලේ අපේ ඉස්කෝලේ වෙනවා. අපේ පංතියෙන් තමා පටන් ගන්නේ. පස්සේ අපේ පන්තිය ධනපති පංතියද නිර්ධන පංතියද මැද පංතියද වගේ තැන් වලටත් එනවා. චිංගීස් අයිත්මාතව්ගේ ගුරු ගීතයත් සිහියට ආවා තමා.

       එතනින් පස්සේ තමා බුදුනුවන්ගේ අපේ යන්න හරියට වැටෙන නාඩි වැඩ කරන්න පටන් ගන්නේ. ඊටත් පස්සේ කාල්මාක්ස්වත් අපේකම හරහා ඉස්කෝල වලට සෙට් වෙනවා. ඉස්කෝල වලට සෙට් උනාට පස්සේ තමා කැම්පස් වලට සෙට් වෙන්නේ. මොකද ඉස්කොලේ කොල්ලන්ගේ ඉස්කෝලේ රජ ගෙදර තමා කැම්පස් කියන්නේ. හරිම ලස්සන කතාවක්. ඉස්කෝලෙක රජගෙදර අධ්‍යාපන අමාත්‍යංශය කියන කතාවක් අපේ හදවත් තුල නැහැ. කැම්පස් තමා ලොකු. ඒකලාත් තාම අපේ ඉස්කෝලේ කොල්ලන්ට වචනයක්වත් කියන්නේ නැහැ. වාහනයක් අරන් පාරට බැස්සත් උන් කියන්නේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට පරිස්සමින්  කියලයි.

     අපේ රටේ තිබ්බ ප්‍රභූ ‌දේශපාලනයෙන් පේරාදෙණිය කැම්පස් ගැන ඉතිහාසයත් පිස්සු හැදෙන සඳ කිව්වලු. කැම්පස් යන්න ඇවැසි නැහැ. පේරාදෙණිය කැම්පස් බලලා ආපුවාම ඇති වගේ තැනක්. කවුරු කෝම කිව්වත් පන්සල් වල තියන සේපාලිකා මල්, සුදු වැලි සහ හිස් තැන් අස්සේ පරිසරයේ පැන්ටසිය අයිති යක්ෂයන්ට සහ නාගයන්ට තමා. උද්‍යාන සැලසුම් ගැන සැබෑව කතාකරන්න යක්ෂයෝ නාගයෝ ගාවට එන්න වේවි. දුටු ගැමුනුලා දේවනම් පියතිස්සලා අංක දෙකයි වෙන්නේ. කැලණි පංසලේ නාග වැටම ඇති. බුදුන් එන්න ඉස්සර සිටම  ගහපු තේවා බෙර හඬ මාරසටනම් ගොඩක් දේවල් උගන්නලා තියනවා. 

    පසු කාලීනව පේරාදෙණි කැම්පසය ලාංකේය ඉස්කෝල ඇකඩමියේ මොඩලයක් වුනා වගේ. ඉතින් ඩී ආර් විජේවර්ධන සහ අයිවෝ ඩෙනිස්ලාගේ ප්‍රභූ දේශපාලනික ආදරය ලියන්නත් සෙස්ස පස්සට දාන්නම්. ප්‍රභූ දේශපාලනයේ තිබ්බ වැදගත්කම් ගැන කුලියාපිටියේ ප්‍රනන්ද අයිය මාරස සමග ගොඩක් දේවල් කතා කර තිබෙනවා. ඒවා පසු ලිපියකට කල් දාන්නම්.

      අපේ කියන කතන්දරයත් කළණ මිතුරා කියන කතන්දරයත් අපි ඉගෙන ගන්නේ ඉස්කෝලෙදි. කොටින්ම අපේ ඉස්කෝලයක් නැති කෙනෙක් තාම කවුරුත් නැහැ. ඒක නැති කරන්න බුදුනුවන්ගේ ධර්මයේ ඇති පරිදි මේ මොහොතේ ජීවත් විය යුතුයි. ඒක ‌ලේසි නැහැ. අනේ මන්දා. අවබෝධ කරගන්නනනම් හරිම ලේසියි. කරන්න අමාරුයි. මම හිතන්නේ නිවන් දකින්න ආත්ම ගානක් පෙරුම් පුරන්න අවැසියි යන කතාව නිර්මාණය වෙන්න ‌ඇත්තේ ඒ හින්දා වෙන්න ඇති. කොටින්ම නිවන් දකින්නට පින් මදි වෙන්නැති කියන කතන්දරයම තමයි. නමුත් අපි කාටත් ‌ඉස්කෝලයක් තියනවා. තවමත් පොල්අතු ඉස්කෝල තියනවා. මොන තරම් දුෂ්කර උනත් අපේ ඉස්කෝලේ නාමයෙන් හදවතේ තද රතු පාටින් සහ තද නිල් පාටින් කොලපාට සහ කලු රේඛා වලින් ඇඳෙන අපේ ඉස්කෝලය කියන්නේ කවදාවත් සිතුවමකටවත් ඡායාරූපයකටවත් ගත හැකිද යන්න මහා ප්‍රශ්නයක් තමා. ගොලු හදවත නවකතාවත් ලෙස්ටර්ගේ සිනමා කෘතියත් ඒක ගත්තා කියලා කියන්න බයත් නැහැ. ඒ වගේම තමා "96" නැමති සී ප්‍රේමකුමාර්ගේ දමිළ ආදර නිර්මාණයත් අපේ ඉස්කෝලේ ගැන ගොඩක් කතන්දර මතුකරන බව සිහියට ආවා. 

         මොන උපාධියක්වත් අදාල නැහැ. අපේ කියන කණ්ඩායම් හැඟීමේ අපේ ඉස්කෝලය අපේ ඔලුවේ කාගෙත් තියනවා. ඉතින් අපි මොනවද අපේ ඉස්කෝලෙට කරන්න ඇවැසි. ඒක කරගන්න බැරිවීම වෙනම ප්‍රශ්නයක්. අපේ ඉස්කෝලය දිනේවා කියමින් මේ සටහන නිමා කරන්නම්.

 https://jagathmarasinghe.wixsite.com/mare

04 03 2023


Powered by Blogger.