සංගීත කාරයන් තරම් මහන්තත්ව කිසිවෙක් නැහැ

                           සංගීත කාරයන් තරම් මහන්තත්ව කිසිවෙක් නැහැ 

මේක ගැන අලගිය තැන් මුල ගිය තැන් කතා කරන්න මාරස ලෑස්ති නැහැ. මේ දිවිනසාගත් ගැහැණියක්ද තරුණියක්ද පිරිමියෙක්ද යන්නත් ඇවැසි නැහැ . ඇවැසි අය ඉන්නවානම් ගූගල් හරහා ගිහින් මේ මොකක්ද කියලා දැන ගත හැකියි. 

මාරස මෙච්චරයි කතා කරන්නේ. මාරස දකින ආලෝක  පැත්ත මොක උනත් මට මොකෝ කියන පැත්තෙන් ඡායාරූපයක සිත් ගන්නා සුලු නොවේ හද ගන්නා වූ දේශපාලනික පැත්තකින් තමා අර ඉබ්බාගේ හිස වගේ නොවේ කිරලෙක් විදිහට කෑ ගහල කියන්නේ. 

මේ  ඡායාරූපයේ විස්තරාත්මකත්වය මතුවෙලා තියෙන්නේ ඇඟිලි පහකින් විතරයි

 ඒකෙනෙුත් සැබෑවට බැලුවෝතින්  ඇඟිලි තුනයි ආලෝකයට සංවේදී. අර මුද්ද  දාන සහ වෙද්‍යවිද්‍යාවේ කියා තියන ස්නායු තුලනය වන මහපටගිලත් බ්ලොට්. කෙලින් තියෙන්නේ මැද ඇඟිල්ල විතරයි. මේ භීෂණයක  මරා දමන ලද අවස්ථාවක ගත්  ඡායාරූපයක්ද කියලා ඔබලාම හොයා බලන්න. 

අනේ මාරයානම් බස්වල යද්දි ඒ කෙල්ලෙකුගේ ඇඟිලි විතරක් බලන් සිට ජීවිතය ගැන කතා කරලා තියනවා. ඒ කියන්නේ වික්ටෝරියන් සදාචාරය මාරස දැනගෙන කැඩුවත් සැබෑ මනුෂ්‍යත්වය කියන්නේ මාර දෙයක් මචන්. කොහොම නමුත් ‌ඡායාරූප ශිල්පයේ අද්විතීය ඡායාරූපයක් මේ.

මේ කෙලින්ම සැබෑ ඡායාරූපයක් විය හැකි බව පේනවා. මැදඟිල උස්සන් ඉන්නේ කෙලින්ම තමන්ගේ හදවතේ සහ ආදරයේ අවංකත්වය කියලයි ඉතිහාසයේ සිටම සඳහන්. මාරසගෙන් අටුවා ටීකා ඇවැසි කට්ටිය ඇවිත් හමුවෙන්න. මේවයින් උත්තර කුමට. කෙලින්ම පාක් එකකට හෝ රූම් එකකට ගියාමත් පිරිමින් දැන ගත යුත්තේත් විශේෂයෙන් ගැහැනුන් දැන ගත යුත්තේත් මැදඟිල ගැන. සිංහලෙන් කියනවානම් යකෝ මුද්ද  දාන ඇගිල්ල ගැන. නැතිනම් අර ඇලපති  වෙළඳ විද්‍යාව කියන පරිදි  මහපටගිල හරහා මුදු  ඇගිල්ලට එන විද්‍යාව ගැන. ඒ මල විකාර ගැන කතා කරන්නත් ලෑස්තියි  මාරස.

 ඒ සම්බන්ධව සාස්තර කියන්න මම මෙතන ලෑස්ති නැහැ. මේ කිව්වෙ දර්ශනවාදීන් වරද්දාගෙන තිබෙන  ශරීර විද්‍යාවේ දයලෙක්තික හෝ වෙන මොකේ විද්‍යාව කිව්වත්  ඇහැට දැනෙන සැබෑ දෙයක් පමණයි. ලස්සන සින්දුවක් මතක් වුනා. ෂර්ලොක් හෝම්ස් පැත්තකින් තියමුකෝ.

මේ වගේ ගැටලු කියන්න මට සංගීතය නැතිව බැහැ. ඇවැසිනම් නවාගෙන් හරි අජිත් කුමාරසිරිගෙන් නැත්නම් ප්‍රේමසිරි කේමදාසගෙන් බැරිමනම් කසුන් කල්හාරගෙන්වත් අහ ගනිල්ලා. කෙලින් කියනවා වචනයක්. සංගීතකාරයන් තරම් මහන්තත්ව කිසිවෙක් නැහැ කියලා. නොදකින් කියලාම මාරස මේ සටහන අවසාන කළ යුතුයි. උඹලා සල්ලි මත්තේම මැරියල්ලා. අපිත් මේ පැන්ටසි දේශපාලනය දන්නවා බන්.

කතා කර වැඩක් නැති අවධියක නිහඬ වෙලා වැඩකුත් නැහැ. කේමදාසයන්හි මේ ශබ්දය හැර මට දාන්න දේ ලෝක‌ේ තිබ්බත් මාරසට  අම්මගේ ගර්භාෂයෙ හඬ දැනෙන්නේ මේකේන්දෝ කියා හිතෙනවා. කවුරු මොන ගී ගැයුවත් මිනිසුන් තාම හෘර්ද සුංගාර හඩට පක්ෂපාතියි තමා. බොරු කතන්දර කුමට ප්‍රොයිඩ්. අප තාමත් ආසයි තමාගර්භාෂයේ තිබබ සිසිල් සැනසුම් ඒ   ආදරයේ ඇත්ත විඳින්න.

https://youtu.be/ABdElLgdXoA

https://jagathmarasinghe.wixsite.com/mare

03 03 2023





Powered by Blogger.