ඒ පාරම්පරික ‌රුධිර දේශපාලයම වන්නේය.

                                 ඒ පාරම්පරික ‌රුධිර දේශපාලයම වන්නේය.

       මේ මගේ එකම අයියා මළ දවසේ වේදනාවට පිටින් නිපන් වෙනම කතාන්දරයකි. කෙලින්ම අපේ තාත්තාගේ ලේ ජාතක සංස්කෘතික සිතීමත් සමග අනාගතයේ මාරසිංහ පරපුරේ අයිතිකාරයන් මොවුන්ය. ඒකලා මොන අට මගලයක් කළත් මාරසට කම් කිම්. මෙවන් දේවල් දාන්නේ මගේ පරපුර ලොකුයි කියා පරංගි මාක්ස්වාදියෙක් කියන්නට හැකිය. එතරම් හේතුවාදියෙක් වූයේනම් පළමුව තමන්ගේ වාසගම පවතින නීතියෙන්ම වෙනස් කරගත යුතුය. මොකද ඒ අතීත දේශපාලන පත්‍රිකා ලියා අත්සන් කර ඇත්තේ අන් කවුරුවත් නොව ඒකලාමය. ජානමය මුද්‍රාව මාරස පිළිගන්නේ නැත. නමුත් සියලු වර්ථමාන පාරම්පරික බලය ප්‍රතික්ෂේප කරන ඇත්තේ විදර්ශනලාය. නැතිනම් ගුණරත්නලාය, ගුණරත්නම්ලාය. නැතිනම් ජයසිංහලාය. ඉන් ඔබ්බට විජේවීරලාය. සිල්වලාය පෙරේරලාය යන්න නොගනිමි. ගත්තොත් මාරසේ රෙදි ගැලවෙන්නේ නැත. ගැලවෙන්නේ කාගේ රෙදිදැයි දන්නා වූ අය රෙදි තද කර ඇඳගත යුතුය. ඒ හෙයින් මාරසටද මෙසේ කිව හැකිය. ආදරයෙන් අසන්නේ තමන්ගේ රෙද්ද හරියට ඇඳගෙන අනුන්ගේ රෙදි ගැන කතාකරනවානම් ආදරෙයි කියාය. 
       කෙසේ උවත් කම් නැත . මාර පුතුන් තිදෙනාට මෙසේ මළ ගිය මහප්පාගේ සහ තාත්තාගේ උපන් දිනය අද බව සහෝදරයාගේ හිසේ අරක් ගෙන ඇති නිසාය. ඒ මනුෂ්‍යත්වයක්ද ‌දේශපාලන සලකුනක්ද යන්න මාරසනම් ඉතා හොඳින් දන්නවා ඇත . මහප්පා, තාත්තා වලට දැමූ විට මේ දුක්බර මොහොත සතුටේදිත් වෙනස් වන්නේය. මේ පරපුරකට අයිති දෙයක් නොවන්නේමය. හරියටම අර සීනි රස සහ ලුනු රස මෙනි. අපට සියලු රසවල් පුරුදු කරගත් දේවල් විනා අන් කිසිවක් නොවන්නේමය. සරලව ගත්කළ පුතුනේ මා කුරුල්ලන් දෙස බලා සිටිමි. උන් රස සොයන්නේවත් යන්නේ කොහේදවත් ජීවත්වෙන්නේ කොහේදවත් මා නොදනී. සත්ව විද්‍යාඥයන් කියන්නේද පට්ටපල් බොරුය. ඒ උනගේ පැන්ටසි කූඩුවේ තියන අදහස්ය. කුරුල්ලන්ගේ අදහස් ‌ප්‍රත්‍යක්ෂකව දැන ගැනීමට අප කුරුල්ලන් වෙලා ඉපදිය යුතුය. ඉතින් පැතුම මෙයයි. මේ ජාන නැමති විද්‍යාවෙන් නොව මිත්‍යාවෙන් මිදෙන්නටනම් අපිත් කුරුල්ලන් වෙලා ඉපදේවා කියා මාරස පතමි. එවිට අපට උඩ සිට බිම බැලිය හැක. හරි කොල්ලනේ බාප්පා තාත්තා කියන මාරයා නවතින්නම්.

[හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍
නේ‍
මෙන්න මෙහෙ වරෙව්]//
[මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්]//
[තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්]//

[හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍

මෙන්න මෙහෙ වරෙව්]//
[මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්]//
තොපිට හරිම වාසියක්

නට නටා වරෙව්..යකෝ
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්

[වැඩේ අමාරුත් නැතේ
තෑගි ටිකත් අපි අතේ]//
[රත්තරනින් එවන්නේ
හිරු දෙවියොයි කියන්නේ]/
///

[මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්]//
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්..යකෝ
තොපිට හරිම වාසියක්

නට නටා වරෙව්
[හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
මෙන්න මෙහෙ වරෙව්]//

[සාදු සාදු කියල්ලා

ප්‍රීති ඝෝෂ කරල්ලා]//
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද උඩින් වරෙල්ලා
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද යටින් වරෙල්ලා
[හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
හරක් හොරා හොයල්ලා]//
[ලෝකෙ වටේ ගොහිල්ලා
හරක් හොරා හොයල්ලා]//

[හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
හරක් හොරා හොයල්ලා....]//
වනන්තරේ සොයාපියෝ
ගල් අරඹේ සොයාපියෝ
මරු කතරේ සොයාපියෝ
මිනිස් වාසෙ සොයාපියෝ
[කඳු මුදුනේ ගං ඉවුරේ

වනන්තරේ සොයාපියෝ]//
[හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි
අපිට දෙවියො බලාපියෝ....]//
[රන් අඹරණ පැළඳගත්ත
මහ පොළොවේ රන් වපුරන]//
අපිට දෙවියො බලාපියෝ//
/
[හරක් හොරා හොයාගන්න
සියලු දෙවියො පිහිටවෙයෝ....]//

https://youtu.be/RVHYvXh9hDo
https://jagathmarasinghe.wixsite.com/mare
26 03 2023


Powered by Blogger.