අර පෙරමුන මේ පෙරමුනට කෙලෝලා දාන ජංගි අඳින නව පරපුර.

                 අර පෙරමුන මේ පෙරමුනට කෙලෝලා දාන ජංගි අඳින නව                                                                 පරපුර.

සමා වුව මැන මාරසට කියා නොකියමි කිසිදා. මන්ද මගේ අම්මාත් තාත්තාත් මාරස හිතන විදිහට අපෙන් සමාව ඉල්ලා අවසාන නිසා.  ඒ බව වයස 62ක පණින විට මාරස තේරුන්‌ගෙන ඇති නිසා.

මාරසද ළමා ව්‍යාපාරයේ හතර කේන්ද්‍රය පැන දේවල් ලබාගත්ත අයෙක්. ළමා ආදරය කියන කතන්දරයම තමා වැඩි වියට පත් වුනාමත් තියෙන්නේ. මේ ඡායාරූපය දැක්කම මට සිහිවුනේ රනිල්ගෙයි සජිත්ගෙයි වෙයිරය. අනුර කුමාරගෙයි රංජිදම්ලයෙි වෙරය. අර නිකාය මේ නිකාය සම්බන්ධව තියන වෙරය. නමුත් පොඩි උන්ට ඒ කිසිත් වෙරයක් නැහැ. අපි පොඩි කාලේ තිබබෙත් නැහැ මහත්වරුනේ. මොන සහෝදරයෝ උනත් මොන මහත්තරු වුන් මේ අශීර්වාද ආදරය තොප ගාව දේශපාලනයට නොවේ ආදරයටවත් නැහැ නැහැමයි. කාලකන්නි හැතිකරයක් වගේ තමා මේ ජංගි කොට ඇඳන් ඉන්න පරපුර ආත්මයෙන්ම පිළි ගන්නේ. 

ඉතින් ඔයාලා අසූව දශකය මර්ධනය කරන්නේ නැහැ. අසූව දශකයේ නැට්ටේ එල්ලිලා ආපු අයව මර්ධනය කරනවාද මන්දා. කිසිවෙක් මර්ධනයෙන් පීඩාවට පත්කර තමුන් බලාපොරොත්තු වූ දෙය ජයගත්තත් ඒක ඉන්ද්‍රඛීලයක් සේ පොඩි උන්ගෙන් මතුවෙනවා. ඉතින් මාරස නොවේ සැබෑව ගැන පරපීඩාවෙන් ඇති කවුරුත් දරුවෝ ඉන්න නොයින්න දරුවන්ට ආදරය ඇති දේ මේ දේ සිතෙනවා ඇති.

රනිල් සහ සජිත්ගේ යාලුකම පැත්තකින් තියන්න. අපි කුළ වාදය හෝ වික්ටර් අයිවන් කියන විදිහට කුල සාධකය පැත්තෙන් ආවත් දන්නවා. නමුත් ඔයාලා භීෂණය කාලේ හිටපු හැටිත් අපට අළුතින් කිව යුතු නැහැ. මොකද අපේ ලංකාවට මාධ්‍ය වේදය උගන්නපු ඩී ආර් විජේවර්ධන අයිවෝ ජෙනින්ස්ගේ යෝධ යාලුවෙක්. පේරාදෙනියට මුල් ගල තැබ්බේ ඇත්තටම ඩී ආර්. මාමා ගැන මා නොදන්නවාට රනිලයන් දන්නවා අනිවා. ඒ සම්බන්ධවත් කැලණි විහාරය සම්බන්ධව සුජිත් අක්කර වත්ත ලියල ලද ලිපි ලේඛන වලත් තියනවා තමා සත් සියයක් සිංහයන් අතරින් ඇවිත් කැලණි විහාරය වික්‍රමසිංහලා බාරගත් අයුරු. අප නොවේ අදත් පරණ මිනිසුන් ගිහින් බලනවා ඒ සම්බන්ධව නටබුන් නොවන නටබුන් වගේ පේන රූප ඉතිරි වෙලා තියනවා. කවුරුත් ශාක්ෂියට ඇවැසි නැහැ. ඔබලාත් වඳින අපත් වඳින ඒ ශ්‍රීමා බෝධියේ අංකුරය අද විශාල රුක්ෂයක් වූ ආධ්‍යාත්මික ශක්තියේ නැති උනත් මොනවා හරි තියන බව රනිල් දන්නේ නැති උනත් රනිල්ලාගේ අම්මලා ආච්චිලා දන්නවානම් නියතයි. ඒ ගැන සෙස්ස පස්සට දාමු

ඉතින් රනිල් වික්‍රම සිංහහත් ආර් ප්‍රේමදාස සමග ජීවිතය අප නොදන්නෙමුද? වයස 62 ක් වී ඇත්තේ මාරසට පමණක් නොවේ. මෙන්න මේ පොඩි ලමයි දෙන්න දිහා බලාපල්ලා. මුන් පොඩියි ගෑනු ලමයෙක් වුනත් පිරමි ලමයෙක් වුනත් මනෝ විදයාවේ පමණක් නොව මනෝ විශ්ලේෂණයේත් කියන මේ මනුෂ්‍ය ආදරය ‌රනිලයනි ඔබටත් සජිත්ටත් නැතිනම් මොන ලැජ්ජා නැති කමක්ද? ඒ කාලයේ සජිත්ගේ තාත්තා සහ ඔබ බටලන්දද කුමක්ද කියනවා අසා ඇති මුත් නුඹේද හෘර්ද හාක්ෂි සම්බන්ධව කතාද අසා තිබෙනවා. නමුදු මෙවන්් ආදරයක්වත් දැන් නුඹ ගාව නැහැ වගේම සජිත් ගාවත් නැහැ තමා. නිකන් කෑගහගන කියන කතා අහන් ඉන්නේ ලාංකේය සමාජය විවෘත ආර්ථිකය හෝ පශ්චාත් නූතන වාදී යුගයේ දාර්ශනික තත්වයන් දෙසා බානා අය කියන විදිහට ඒ නිසාද දන්නේ නැහැ කියා

තවත් පැත්තකින්. අන්තරය අද තියෙන්නේ ගුණරත්නම් අතේ. රෙද්ද එයාගේ අයියා තමා රංජිදම්. එතකොට එ රංජිදම් අපි කියවන ලද ‌සෝවියට් සාහිත්‍යත් කියවන්න ඇති නොවේ කියෙව්වාමයි. දැන් අනුර කුමාරත් සමග පක්ෂය ගොඩ නගන ලද ඒ සනුහරයත් සමගම කුමාර ගුණරත්නම් විරුද්ධයි. මගුලේ චන්දයක් ඉල්ලනවා. උඹලට මේ ‌පොඩි උන් තරම්වත් මානසිකත්වයක් නැතිද? අපි දන්නවා පෙර කල සිදුවූ දේවල්. මාක්ස් ලෙනින් වාදයේ මාක්ස් ගැනනම් මාරස කතා කරන්නේ නැහැ. ලියෝන් ට්‍රොස්කි සහ ලෙනින්ගෙන් පසු ඇතිවූ විභේදනය ඉතා හොඳින් මා දන්නේ නැහැ. ඔයාලාගේ නමින්ම ජනතාව දන්නා බව අප නොවේ ඔයාලා දන්නවා. කෙලින්ම කියන්නෙ. ධනේශ්වරයේ ප්‍රේම දාසලා සහ වික්‍රමසිංහලා අතර අතීත කුළ සාධකය වික්ටර් අයිවන්ගෙන් දැනගන්න. ඒවා කම් කිම්. 

 මේ කුළ සාධකය අයින් කළ ඉන්ද්‍රප්‍රශ්ත පුරය දක්වා සිතුල්පව්වෙන් පටන් ගෙන ආදරය කරනවා කිව් අයගේ කොටින්ම අනුර කුමාර සහ ඒ සනුහරය සහ කුමාර ගුණරත්නම් සහ ඒ සනුහරයේ ආදරය යනු කුමක්ද? මේ පොඩි උන් දෙන්නා දිහා බලාපල්ලා. මොන ගිවිසුම්ද යකෝ කොමිනියුෂ්ට් වාදය වෙනුවෙන් ආදරය කිරීමට යමක් කිරීමට. මේ ඡායාරූපය දෙස බලා පල්ලා. මෙච්චරවත් ආදරයක් නැතිනම් තොපේ අඩෝවැඩියාව නවත්වා ගනිල්ලා. නැතිනම් තොපට ආදරය කරපු උන්ද ගිලිහී යනවා නියතයි. දැනටත් ඉන්නේ ආදරය කරපු උන් නොවේද මන්දා. පිස්සු කෙලින්න ඒපා. ධනේශ්වරයට පාර පෙන්වන්න නොවේ රනිල් සජිත් ගැන කිව්වේ. අනුරටයි රංජිදම්ටයි පාර පෙන්වන්නත් නොවේ. ඒකලාව විශ්වාස කරණ සැමට පාරක් නොවේ මේ යන පාරවල් සියල්ල වැරදියි අපේ පාර වෙන පාරක් කියලා සාධනය කරන්නයි. 

අනුර දිසානායකටත් ඒකට පෙරකල පක්ෂයෙන් සහය වූ සැමටත් ජේ ආර් ඩී ඇස්ටත් පෙර සිට ජේ ආර්ට පමණක් නොව ආර් ප්‍රේම දාසටත් නිකන් ගෞරවයක්  නොවේ මොකක්ද මන්දා දෙයක් සිතුනා. ජනතාව ගැන ඔබලා විශ්වාස කරන්න. ඒ ජනතාව අතර අද ජංගි කොට ගසා සිටින මල්ලිලා නංගිලා සුරතලුන් ගැන විශ්වාස නොකරන්න. මොකද ලෝකේ මිනිස්සු කියන්නේ පුදුම පොරවල්. රනිල් සමග හැප්පෙන මාක්ස් වාදී ප්‍රවණතාවන්ට කියන්න තියෙන්නේ රනිල්ට වඩා වෙනස් දෙයක්. තොප මිනිසුන්ට හිතන්න බලකලේ තොප රහතුන් කියලා. දැන් බලපුවාම දෙකම එකයි වගේනේ. අර අශූචි පිඩක මුලයි අගයි දෙකම සමානයි වගෙනේ

කෑ ගහන්න කාරණයක් නැහැ. ජනතාව කියන්නේ සියල්ල දත් මිනිසුන්. මේ වගේ ආදරයක් වෙන කොහේවත් නැහැ. එසේ නැති උන්ට මොන ඡන්දද. චන්දේ වෙනදා වගේම ගේමක් කරාවි. ඒත් මේ 70 -80- 90 තෙම්පරාදු නොවුන පරම්පරාව තමා නියම ටූ කේ පොරවල් වෙන්නේ. මේ මාරස කැමති නැති වචනයකින් ධනේශ්වර පන්තිය සහ වාමාංශිකයන්ට කියා අවසාන කරන පළමු සටහන විය හැකියි. කොටින්ම වචනය නොධකින් ධනේශ්වරයෙන්. ‌එසේම නොදකින් වාමාංශිකයෙනි. උත්තර ඇහැව්වොත් නම්පිටින් උත්තර දෙන්න බලාගෙන තමා ලිව්වේ. 

ඡායාරූපයේ විශිෂ්ටත්වය කියනවානම් පොඩි උන්ගේ කකුල් සිඹින්නේ තොප වගේ හපුයියන් නොවේ. පරවියන්. පරවියන් සාමයේ සංකේතය කරගත්තේ ජනතාව කැමති නිසයි ධනේශ්වර නිවට පාලකයන් 

අනේ අපි නාටක කරනකොට ඉතා මිටි සර් කෙනෙක් කිව්වත් ඒකාලේ කිව්වේ හාදයා කියලා. ඒ බන්දුල ජයවර්ධන. රාජ්‍ය රැඟුම්පාලක මණ්ඩලයේ සිටි බව දැනගත්තේ අන්ගාරා ගඟ ගලා බසී කියන සෝවියට් නාටකය කරපු ස්ටැන්ස්ලාව්ස්ව කාලා වමාරපු රංජිත් ධර්මකීර්ති සර්ගෙන්. එදා මාරසනම් මේ ‌බෙර හඬ නාටකයට ඒකඟ වුනේ නැහැ. නමුත් අද ජංගි කොට ගසන් ඉන්න මල්ලිනා මුන් දෙගොල්ලන්ම හරක් හොයා හොයාගන්නවා කියන විකාරයට ප්‍රතිපක්ෂව මේ දෙගොල්ලන්ටම කෙලවලා දානවා අනිවා. ඒසේ නොවුනොත් ඉතිහාසයෙ චලිතය කම් කිම් කිව්වලු.

බෙර හඬ නාටකය. (බන්දුල ජයවර්ධනයන්.)

.හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍

මෙන්න මෙහෙ වරෙව්// මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්// තොපිට හරිම වාසියක් නට නටා වරෙව්// හනි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍ මෙන්න මෙහෙ වරෙව්// මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්// තොපිට හරිම වාසියක් නට නටා වරෙව්..යකෝ තොපිට හරිම වාසියක් නට නටා වරෙව් වැඩේ අමාරුත් නැතේ තෑගි ටිකත් අපි අතේ// රත්තරනින් එවන්නේ හිරු දෙවියොයි කියන්නේ//// මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්// තොපිට හරිම වාසියක් නට නටා වරෙව්..යකෝ තොපිට හරිම වාසියක් නට නටා වරෙව් හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍ මෙන්න මෙහෙ වරෙව්// සාදු සාදු කියල්ලා ප්‍රීති ඝෝෂ කරල්ලා// හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ කන්ද උඩින් වරෙල්ලා හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ කන්ද යටින් වරෙල්ලා හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා හොයල්ලා// ලෝකෙ වටේ ගොහිල්ලා හරක් හොරා හොයල්ලා// හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා හොයල්ලා....// වනන්තරේ සොයාපියෝ ගල් අරඹේ සොයාපියෝ මරු කතරේ සොයාපියෝ මිනිස් වාසෙ සොයාපියෝ කඳු මුදුනේ ගං ඉවුරේ වනන්තරේ සොයාපියෝ// හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි අපිට දෙවියො බලාපියෝ....// රන් අඹරණ පැළඳගත්ත මහ පොළොවේ රන් වපුරන// අපිට දෙවියො බලාපියෝ/// හරක් හොරා හොයාගන්න සියලු දෙවියො පිහිටවෙයෝ....//
https://youtu.be/wjq9QgZbouM
https://jagathmarasinghe.wixsite.com/mare
02 03 2023


Powered by Blogger.