නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා

                                        නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා

           ආදරය කියන්නේ සෙක්ස්ද, මල විකාරයක්නේ කව් සිළුමිණ කියන්නේ සෙක්ද? එහෙම කිව්වේ වාතසන්‍යන්ගේ කාම සූත්‍රයට වඩා සෙක්ස් එහෙනම් කව්සිළුමිණ ගුත්තිලයෙත් තියනවාද කියන අභිරහස ගැන කියන්නයි. ඒ අභිරහස විසඳ ගන්නකොට හරියට නිකන් ලෝකයේ චන්ද්‍රයා සහ සූර්යාව පියවි ඇසින් සාමාජීයව දකින්න ඇසක් හමුවුනා වගේ වේවි.
     මොකක්ද මේ ආදරය. කවුරු කොහොම කිව්වත් බුදුනුවන්ලා ලෝකයට තබා ඇති භාෂාවේ සංකේත වලින් පිට යන්න බැහැ කියන කතන්දරය මාර කතන්දරයක්. ආදරය කියන්නේ බැඳීමක් කියන තැනට මොන පැත්තෙන් ගියත් අවසානෙදි ‌සෙට් වෙනවා අනිවා.
කෙනෙක් අහයි යකෝ ආදරය ලිංගිකනම් එතකොට අම්ම තාත්තට අක්ක අයියට මිතුරන්ට තියන ආදරයත් සෙක්ස්ද කියලා. 
     ඒකට උත්තර අපේ ප්‍රොයිඩ්ලා සහ මනෝ විශ්ලේෂකයෝ දීලා තියනවා. නමුත් ඒ සම්බන්ධව පෙනී සිටින කට්ටිය කලාපීය ග්‍රහ තරු වලට පිටින් තියන හිතන්නවත් බැරි නැකැත් තරු බලන් අනාවැකි කියන්නෝ වගේ. ‌
    ඇත්තටම ආදරය අද සොයාගැනීම් සමග අම්මගේ ගර්භාෂයේ සිටම ඇතිවෙනවා තමා. අම්මා තටමලා තටමලා තමා දරුවාව ගර්භාෂයෙන් එලියට දාන්නේ. ඒකා හෝ ඒකී අකමැත්තෙන් තමා යෝනියෙන් එලියට පනින්නේ. තමන්ගේ සුව පහසු ගර්භාෂය කියන මහ ‌ගෙදර නැතිවීම සම්බන්ධව ප්‍රථම උද්ගෝෂණය  වන්නේ මොර දී යටි ගිරියෙන් කෑ ගැසීම. මට මතක විදිහට සර්පයාද පෙම් බැඳි ට්න්ඩ්‍රම් සිනමාපටයේ ආරම්භයේ මේක නියමෙට තියනවා. ඒ විරෝධයට ස්වභාවයාද මොකක් හරි දීපු උත්තරේ විකල්පයක්. ඒ අම්මගේම තනය. තන කිරි. කොහොමත් ගැහැනියකුට හැකියි එක තනයක් දරුවට දීලා අනිත් තනේ තමන්ට ආදරය කරනබව දැනෙන ඕන එකෙකුට දෙන්න. ලමයි ඉන්නවද නැතිද කියලා ප්‍රශ්නයක් නැහැනේ. ඒ ස්වභාවයේ නීතියද වෙන මොකක්ද කියලා කියන්න මාරස සෙස්ස පස්සට දාන්නම්.
     ආදරය කියන මාර කතන්දරය ඇති වන්නේ ලිංගිකත්වයෙන්ම තමා. ඒකෙන් පිට දෙයක් කරන්න හදන සියලු ආධ්‍යාත්මික ව්‍යාපාර වල මූලික පදනම වන්නෙත් සෙක්ස් ප්‍රතික්ෂේප කිරීම. මොන විදිහට කතා කළත් ආදරය ලිංගිකත්වයට අයිතියි. මෙතන ලිංගිකත්වය කිව්වේ නැට්ට උද්දීපනය වෙන කාලෙදි කරන වල්කම් ‌සහ නොහොබිනාකම් නොවන බව කාටත් තේරෙනවා ඇති.
    ඉතින් මොකක්ද මේ ආදරය. යසෝධරාවන් බුදුනුවන් දාලා ගියා තමා ඇත්තටම ගත්තොත්. පසුව නැහැ යසෝ බුදුන්ට යන්න අවසර දුන්න කියලත් කියලා තියනවා. නැහැ යසෝදරා වතේ පුන පුනා ගැයෙන්නේ ඒ මාතෘ නැතිනම් ස්ත්‍රී ආදරයම තමා. ඒකට නිමක් නැහැ තමා. ඒකට පැරණි සම්භාව්‍ය සාහිත්‍යයේ කාරණා ගොඩයි. සරත්චන්ද්‍රයන් ආදරය ගැන කියන කතා වල ඒ සියල්ල කැටිවෙලා තියන බව දන්නවා. මනමේ සිංහභාහු විතරක් නොවේ "මලගිය ඇත්තෝ " ගත්තත් නොරිකෝ සං සහ දෙවොන්දරා සං ගේ හදවත් කියන්නෙත් ආදරයම තමා. 
   ඒක විශ්වීයයි කියන්න සිද්ධවෙන්නේ භෞතිකවාදයට පිටින් කියලා මාරස නොදන්නවා නොවේ. භෞතිකවාදය ‌චලිතය මුල් කරගත් ‌ලෝක ධර්මයක ඒක පිළිගන්නේ නැති ගතානුගත තත්ත්වයන් මේ ලිපියට අදාල නැති වුවත් සටහන් කළ යුතුයි.
   නමුත් ලෝ සතුන්ගේ ආදරය කියන කතන්දරය මාරයි නොවේ මාරම මාරයි. මට හිතුනා ආදරය මතක් වූ විගස වේරලියැද්දගේ සින්දුවක් දාන්න. දන්නේ නැහැ ඉස්සරහට ගියාම දැන් වේරලියැද්දගේ ආදරය වෙනස් වෙලාද කියලා. නමුත් ආදරය මතක් වෙද්දි කෙලින්ම දේශීය යක්ෂ නාග හඬ කියල හිතන හඬ වගේ දැනෙන ඒකාගේ මේ සින්දුව සිහියට ආවා. සටහනට ඇවැසි නිසා ඒ ගීතයත් දමමින් සටහන අවසන් කරන්නේ සෙස්ස පස්සට තියලා. සෙස්ස ටිකක් මීට වඩා හිතුවක්කාර වීම අනිවා තමා .

නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා
දැන්ද සුව ගෙනේ විදි සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
පද රචනය : නන්දා උඩවත්ත
සංගීතය : සිරිල් පෙරේරා
https://youtu.be/U8vt9Oz9McE
                                               
jagathmarasinghe.wixsite.com/mare
04 03 2023


Powered by Blogger.