බාල ළමුන් ගෙයි සැතපෙන වේලාවේ කෑරලා අඬයි දොරකඩ මාරාවේ

  බාල ළමුන් ගෙයි සැතපෙන වේලාවේ

කෑරලා අඬයි දොරකඩ මාරාවේ
පාඨය හි රූපයක් විය හැකි ය

ඇතැමෙක් මාරසට හිනාවෙන්න පුළුවන් ධනපතියෙක් හෝ ගේම් කාරයෙක් නොවී කොහොමද කාර් පැන්ටසි කරන්නේ කියලා. අනේ ඒවගේ දේවලට සල්ලිත් වැඩක් නැහැ ගේම් වැඩකුත් නැහැ. තියෙන්න ඇවැසි හිතීමට හැකියාවයි වේගයට ආදරය කිරීමයි විතරයි. මාරස තාම කාටවත් ණයක් නැහැ. ඒත් පළමු පොක්වොගැන් කාරය ගත්තේ 1998 කාලේ වෙද්ය හේතුන් මත වේලාසනින් පැන්ෂන් අරන්. ඇල්කොහොල් පැන්ටසිය නවත්තලා වසර 14ක් පමණ කලුපාට වොක්ස්වැගන් සහ රතුපාට වොක්ස්වැගන් පැන්ටසි පිස්සුවක ජීවත් වුනා. ඒක නිකන් සීට්ටුවක් වගේ. වාහනයක් අද තියන ඉන්දන ගාන ගත්තත් මේ සිස්ටම් එකේ මැනේජ්මන්ට් දන්නවානම් වාසියි තමා. මැනේජ්මන්ට් කියන්නේ වෙනම කතන්දරයක්.

ඒ කාලේ මා සමග ඇසුරු කළා කාලයට සාපේක්ෂ ඉතා අවංක වූ සුහදශීලී අළුත් පවුලක්. ඒ සමිතා ඇතුලුදොර ආරච්චි නගායි එයාගේ චූටිම චූටි දුව ජූන් දුවයි. එයාලා මහා දේශපාලනයක් කතා කරනකොට ඒ යූන් දුව සමග සෙල්ලම් කරමින් සිටි කාලය සමහර විට මාරසට කිසිදා අමතක වෙන්නේ නැහැ. මේ යූන්ගේ තාත්තා ක්රීඩකයෙක් වගේම චිත්රශිල්පියෙක්. දැන් කොහේ ඉන්නවාද දන්නේ නැහැ. කොයි වෙලාවක හරි මේ පුංචිම ලංකාවේ නොවේ පුංචිම පුංචිි විශ්වයේ කොහේ හෝ හමුවෙයි. උඹලනම් තාම පුනර්භවයක් පිළිගන්නවාද දන්නේ නැහැ. ඒ උඹලගේ අයිතියද සිතද මන්දා. මම නම් කිව්වේ මේ විශ්වයේදී කොහේ දී හෝ හමුවෙයි කියලයි. ඉතින් මේ මම පොක්ෂ්වැගන් පැන්ටසියත් එක්ක ආතල් ගන්න කාලේ සමහර වෙලාවට මගේ උපේකත් අම්ම සව්මිත් කාරෙක තල්ලු දානවා. මන්දා පුතා ඒකාලේ කොහේ හිටියද කියලා. නමුත් පුතත් මේවා දන්නවා. ඒක අවලෝකනය කරන් මාරස ව්යාවහාරික ලෝක උපන්දිනයට චන්දන ඇඳලා එවල තිබ්බ සුබ පැතුම් පතක්. චිත්රයේදි ඒ කාලේ කාටුන් සහ ළමා චිත්ර ගැන පැසුනු සහ පර්යේෂනාත්මක අදහස් ගොඩක් චන්දනට තිබ්බ. ඒවා විනාස වුනා නොවේ . ඒ කාලේ දේහපාලනිකව සමාජයටම ඇඩ්රස් නැතිව ගියා. අන්තිමට අරගලයෙන් නිරූපණය වුනෙ ඇඩ්රස් විතරක් නොවේ ඊමේල් ඇඩ්රසුත් ඉවරයි කියන කතාවයි. ලෝක ධනපති නොවේ වෙළඳ පන්තියක් බිහිවෙලා ඒකලා ක්ලවුඩ් වලින් තමා දැන් වැඩ. අපිට තියෙන්නේ පොළවේ ඉඳන් ක්ලව්ඩ් හෙවත් වලාකුළු වල ස්වභාවිකව ඇඳෙන චිත්ර නොවේ අපි හිතලා හිතෙන් ඇඳගන්නා සිහිනත් නොවන මලවිකාරයක් දිහා බලන්ඉන්න තමා වගේ.

ඒත් ක්ෂණයක් ක්ෂණයක් පාසා ලෝකේ වෙනස් වෙනවාට වඩා ලෝකය මිනිසුන් වෙනස් කරනවා. මතක තබා ගන්න ලෝකය නොවේ විශ්වයම වෙනස් කරනවා. මිනිසා කියන්නේ මාරසටනම් විශ්වයවත් තරම් වෙන්නේ නැහැ. විඤ්ඤාණයද භෞතිකයද ප්රාතමික ප්රශ්න එතනම තියන් බලන අය මේවා කොහෙන් ගනීවිද දන්නේ නැහැ. ඉතින් සමිතා, යූන්, චන්දන, මගේ පොක්වැගන් පැන්ටසිය දන්න උපේකා තමා පරිස්සන් කරන් ඉඳලා මේක වොට්ස් ඇප් එකට දාලා තිබ්බේ. ඒකිත් ඉතින් ඒ පැන්ටසියට ආස නැතෑ. නැත්නම් ආදරය කරාවියෑ. ඉතින් නුඹලා තිදෙනාටත් සව්මියටත් ජීවමාන යථාව එල කිරි වේවා. අර මාරයා හංස පූට්ටුවෙ ලිව්වා මෙහෙම. දෙන්නෙක් හෝ යමෙක් හෝ යම් සමාජයක් එකතු වෙනවා කියන්නේ එකට බදාගෙන ඉන්න එක නොවේ කියලා. වෙන් වෙනවා කියන්නෙත් ඒකම තමා. උඹලා කොහොම හිතුවත් මාරස කිසිදා කාගෙන්වත් තාම වෙන් වෙලා නැහැ. අන් කරුණක් නිසා නොවේ වෙන්වෙන්න බැරි හින්දද වෙන් වෙන්න කැමති නැති හින්දද කියලවත් මාරස සැබෑවටම දන්නේ නැතිව ඇති. කෑගහල අඬන්නේ අරක්කු ඇල් කොහොල් විතරක් නොවේ. ඒ රසායන විද්යාව. රසායන තියා මොන විද්යාවකටවත් අහුවෙන්නේ නැති ආධ්යාත්මික

විද්යාව කියන කතන්දරෙන් පමණයි යම් දෙයක් ඇගට දැනෙන්නේ. අපි හමුවෙමු මචං. මේ ටික ලිව්වේ ඒ මිතුරු ආදරයට සහ මාරයාට පොක්ස්වැගන් පැන්ටසිය ගැන කතා කරන්න අයිතියක් නොවේ ආදරයක් තියනවා කියන කතාව කියන්නයි.
දවසක් ඕෂෝගේ ඉන්ගිරිසි පොතක් කියවනවා ඒ කාලේ සර්පයා අපේ ගෙදර සිට. ඒකා කියලා තියනවාලු ගෑනු දෙන්නෙක්ව කාරයේ දාගෙන හැකි හයියෙන් යන ගමන් ඒක ඇවිත් වේගය සහ භාවනාව කියලා කතාවක්. සර්පයයි මායි ආධ්යාමික ලෝකයේත් භෞතික ලෝකයේත් පශ්චාත් තියරි වල තියන යම් හිස්තැන් වලදිත් රිංගනවා. අප දෙන්නම එක මතයකට ආවද මන්දා. දෙන්නම මේක කියලා උඩ පැන පැන හිනා වෙනවා. ඒක කියන්න ඉතින් සර්පයාගේ කෘති වල තියන භාෂාත්මක දේවලට වඩා උපහාසය මාරයිනේ.
සිංහලයේ උපහාස විශේෂඥ ටී ජී ද ඩබ්ලිව් සිල්වානන්ගේ පුතෙක් නොවන්න හැකි උනත් ඒ කුලකයේද කේ කේ සර්පයා කියලා හිතෙනවා. අනේ මන්දා. හිතෙන දේ ලියන්නේ ඒතනින් පිට කොහෙද අප්පා නිර්මාණ තියෙන්නේ. සාහිත්ය විචාරයත් නිර්මාණයක් විනා අන් කිසිවක් නොවේ. දෙකම එකක්ම තමා.
ඉතින් මම ටීජී නවයුගයෙන් ඒ කාලේ ලියලා හදපු නිර්මාණාත්මක බගලවති ඉස්කෝලේ හාමිනේ මැවුම මට තාම මතකයි. පණ්ඩිත ඕල්මොරන්දන්වත් එහෙම තමා. හරියට අර බූ සහ බබා බටකොල ආච්චිගේ සම්භාව්ය රූප වගේ. ඒ හැම තැනකම අපේ ළමා කාලයේ පඬිතුමා හිටියා. අදත් පඬිතුමන්ලා හමුවෙනවා. අනේ අපේ යුගයේ කරුමෙටද මන්දා එස් ඒ දිසානයක අපට දුන් ඒ පඬිතුමන්ලා හමුවෙන්නේ ඊටත් වඩා බිහි වූ වාම නව ප්රවනතාවන් හරහානේ.
මෙතන මට පළමුව ඒ පැත්තට පනින්න පෙර ඒදන්ඩකට අත්වැලක් ඇවැසි වුනා. ඒ අන් කවුරුවත් නොවේ ටී ජී ද ඩබ්ලිව්ගේ පුත් ඉසුරු යෝගයෙන් ජ්යේතිෂ දේවල් උපහාසයට ලක්කළ සුසිරන්ද සිල්වා සහෘදයාගේ දුරකතන අංකය. පැය භාගයකටත් වඩා මහන්සි වූවා. කොහෙන්වත් හොයා ගන්න නොහැකි වුනා. කවුරු හරි දන්නවානම් දෙන්න. දීපානී සිල්වා දන්න බව දන්නවා. ඒකි ඒකලාගේ නම්බර් හොයා ගන්න වෙන්නේ ලේක් හවුසියෙන් හෝ මාධ්ය ආයතන වලින්වත් නොවේ රහස් පොලීසියෙන්ද මන්දා. කරුණාකර දන්න කෙනෙක් දැම්මොත් මගේ ටී ජී ද ඩබ්ලිව් සිල්වා සහ එතුමානන්ගේ පුත්ගේ තිබූ උපහාසාත්මක ආදරය කේ කේ සමන් කුමාරලා සමග විච්චේදනය කර නොවේ විද්යුත් විච්චේදනය කරමින් ආදර සටහනක් ලියන්න හැකිවෙයි. උපහාසාත්මක සාහිත්යය කියන්නේ සෙල්ලමක් නොවේ. එක්ස් කණ්ඩායමත් ජනප්රිය වුනේ උපහාසාත්මක දේශපාලනයෙන් තමා. ජේ ආර් පී සූර්යප්පෙරුමත් සිහිවුනා වගේ. කමක් නැහැ සැමට ආදරෙයි. උපහාසාත්මකව පොක්වැගන් පැන්ටසිය සිසාරා සාමාන්ය මාරස වන් කෙනෙක්ව උපහැසයෙන් උනත් ආදරයෙන් ඇඳි චන්දනයන්ව සිහිපත් කළ යුතුයි. නමුත්පි ඇත්තක් කියනවානම් උපහාස සාහිත්යයේ දාර්ශනික වූත් ධර්මය වූත් අඩක්ම තියෙන්නේ නලින් ද සිල්වා සර්ගෙද මන්දා. මොකද අර චාලි චැප්ලින් අඩන්න යථාව කියනවා වගේ ඒකාත් පපුවෙන්ම අපව හිනස්සන්නේ පුදුමාකාර අවලෝකන භාවනාවකින් වගේ. සමිතලාත් චන්දනලාත් ජූන්ලාත් කවදා හරි කොහේදි හරි හමුවෙයි. හමුවෙන්න දේකුත් නැහැනේ. මහාවීරලා පමණක් නොවේ ගෞතම බුදුනුවන්ලාද කී විදිහට හමුවෙලා ඉවර කියන පැත්තත් මාරයි. පසුව ලියන්නම්.
එළිවෙලා කුකුළු අඬලන වේලාවේ
රෑ වෙලා මොණරු ගස් යන වේලාවේ
බාල ළමුන් ගෙයි සැතපෙන වේලාවේ
කෑරලා අඬයි දොරකඩ මාරාවේ
*ජන කවි*
https://jagathmarasinghe.wixsite.com/mare
02 03 2023


Powered by Blogger.