පියවරු සහ පුත්තු (පශ්චාත් නූතන තවත් ඛේදවාචයක්)

                            පියවරු සහ පුත්තු (පශ්චාත් නූතන තවත් ඛේදවාචයක්)

     අපේ පරපුරේද ගොඩක් දෙනෙකුට පුතුන් ඇත. සමහරුන්ට නැත. පුතා යන්නද නියමෙට ලියා ඇත්තේ බුදුනුවන්ලාගේ සිතීමේ විදිහට වන් දෙයක් මාරසට හිතේ. කාල් මාක්ස් මේ සම්භාව්‍ය ලෝකය ගැන සිතන කාරනාවට පිටින් බොහෝ දේ මායිම් සහිතව ලියා ඇති බව පමනක් නොව ඒවා කියවන විට මාරසටද මොළයේ චලිතය ඉක්මවා හදව‌ෙතේ චලිතය විසින් කඳුලක් උනන්නට මොලය අවසර දුන්නේ කෙසේදැයි නොදනිමි.

     පුතා යන්න මාක්ස්වාදයේ විදිහටනම් කෙලින්ම දේශපාලනයකි. ප්‍රාග් ‌ඉතිහාසික යුගය නොව ප්‍රාග් කොමිනියුස්ට් යුගය ගැන මාක්ස් කියන කතා හිටපු ගමන් ඉන්ග්‍රිසියෙන් දෙයක් කරකවා වමාරන සිසැග්ද ‌ජිජැක් ද යන්න පසකට දැම්මත් ඒකා සමග දේවල් කතා කරන්නට ගොස් මං පොරක් නොවූවත් දෙයක් සිතන්නට අපට දෙයක් ඉතිරි කිරීම සම්බන්ධව මාධ්‍ය වේදීන් වීමට කොළඹට පැමිනි වම වෙනුවෙන් පෙනීහිටිමින් සිටින ජීවිතයේ දැනුමේ දුහුනන්ට ආදරේ කියමු. මතක තබා ගත යුත්තේ ආදරය යන ශක්තිය ‌ආදරයටද වෙරයටද පුද කලහැකි යම් දෙයක් නිසා නොව විශ්වීය දෙයක් නිසාමය. ඒ සම්බන්ධව කාරණා මතු කරන සායි බාබාලා නොව මහා ඉර්ෂිලා නොහොත් සද්ගුරුලා  හිරවී සිටින්නේ බුද්ධ සිතීමේ සංදර්භය තුලම බව සාධනය කිරීමට අවැසි නැත.  එසේමය. බාබාලාව ගොඩ ගන්නා ඉන්දීය ආර්ථික කපටිකමේ ආධයාත්මික දේශපාලනය ගැන නිහඬ වන්නේ ඒ මහා භෞතික පාප කරුමයක් බව නොදැන නොවන වගද සිහිපත් කළ යුතුය.

    මාරස මීට පෙර කළ්‍යාණ මිත්‍රත්වය ගැන දශමයක සටහනක් තිබ්බේය. අද ලියන්නට හිතුනේ ඉතා සංවේදීයව පිය පුත් ගැටුම නව වෙළඳ ආර්ථික ප්‍රකාශන මාධ්‍යයට අපටත් හොරෙන් වේදිකා ගත වෙන නිසාය. ඒ පුතනුවන්ටත් පුතනුවන්ට පපුවෙන් පමණක් ආදරය කරන සැමට කිව යුත්තේ දෙවියන්ගේ පිහිටයි කියාය. මේ මා විසින් කියන ලද දෙවියන් ‌වන්නේ ආධයාත්මික ලෝකයේ සැබෑ දෙවිවරුන් නොව වෙළෙඳ ලෝකයේ සියල්ල දෙවියන්ට බාර දී උන්ගේ පැවැත්ම රැක ගන්නා අන්ත බලු තුප්පැහි පාදඩ දේව සංකල්පය නොවේමය.

    සරත් චන්ද්‍රයන්ගේ "පින්ඇති සරසවි වරමක් දෙන්නේ" පොත ගත්ත ගමන් ගාමිණී අයියා මා අතට කියවන්න දුන්නා මතකය. ඒ කාලයේ සරත්චන්ද්‍රයන් ‌අධිපති දේශපාලනයේ කානුවකට දමා පහර දී ජීවිතය යංතමින් බේරාගත් අයෙකු වුවද ඔහුගේ මුනිවර සිතීම සිතා ගැනීමට මනමේ, සිංහභාහු, වෙස්සන්තර, පමණක් නොව මලගිය ඇත්තන්ටවත් බැරි ආකාරයට "පින් ඇති සරසවි වරමක් දෙන්නේ" නම් ස්වයං චරිතාපදානය තවමත් හදවතේ සිට ශාක්කි කියනවා සේය. මතක තබා ගත යුත්තේ අමර දේවයන් සහ සරත් චන්ද්‍රයන් සිරිමාගේ ‌වේදිකාවේ හෘර්ද ශාක්ෂියවන් යුගයක අප තරුණයන් ප්‍රතික්ෂේප කළද මේ තත්ත්වය මාරස කලාවේ සැබෑ හෘර්දයාලම්භන ප්‍රීතියෙන් දැන සතුටු වූ වගය.

   පිය පුත් ගැටුමේ අෂ්ටලෝක ධර්මය එසේ කලාත්මක ශානරයකින් කලාවක් නැති කොදෙව්වක කොදෙව් කලාවද කියවා සරත් චන්ද්‍රයෝ කියනාවූ දේ සංකල්පීය ආදරයයි.

කිම්ද පුතනුව විගස නාවේ 

මා බලන්නට පුරුදු පෙරසේ

කියමින් ඒ ලලාන්විතව සංගීතයටත් වඩා අප හදවත් වලට සුසර කර ඒ කිව්වා වූ ද්වනිත ආදරය හරියටම දැනුනේ අපටත් පුතුන් ඉපදීමට පසුවටත් වඩා මේ වෙළඳ පශ්චාත් නූතන මාකටින් සංකල්ප හරහා පුතුන් විසින් පුරාණය අමතක කර සිංහභාහුලා ‌වෙළෙන්දන් බවට පත් වූ නිමේශයේය. 

   දැන් කිව යුත්තේ පිය වරුන්ට ඇත්තේ දෙවියන්ගේම පිහිට කියාය. නමුත් පශ්චාත් නූතන වෙළෙඳපොළ දෙවියන්ගේ පිහිට වනාහී යකාගේ නොව මලපෙරේතයාගේම පිහිට වනවා නියතය.

    සරත් චන්ද්‍රයන් ගේ අෂ්ට ලෝක ධර්මයේ පියපුත් ගැටුමේ ගීතයෝ තවමත් මේ සසැරි විශ්වයේ ‌නින්නාද වන්නා සේය. නින්නාදයකින්  තොරව ආදරයක් වේදනාවක් කොහේද කියා අසන්නටද සිත් දෙන්නේය. 

     සැබෑවටම සිංහභාහු නාටකයට තරම් විද්වතුන් කලබල වූ අවස්තාවක් තවත් ඉතිහාසයට එක්වනු ඇතිද යන්න වෙනම සිතිය යුතු කාරණයකි. නමුත් සරත්චන්ද්‍රයන් ලෝකයේ පියා යන සංකල්පයේ භූමිකාවට ගෙන ඇති තවත් පැත්තක් වන්නේ බුද්ධත්වයට පත්වුනා වූ සිද්ධාර්ථ ශාක්‍යසිංහ කුමරුන්ගේ පියා වූ සුද්ධෝධන ශාක්‍යසංහයන් තමන්ගේ පරපුර අහෝසි  කළාද යන්න වෙනම විමසිය යුතු කාරනාවක්ම වන්නේය. නමුත් නන්ද කුමාරයන්වද බුදුනුවන් ගිහිගෙයින් හෙවත් අද භාෂාවෙන් කුටුම්භ පවුලෙන් ඉවත් කර දමන ලද්දේය. අවසානයේ රාහුල කුමාරයන්ව මහණ කළ විට සුද්දෝධන පිය රජ තුමාට අද භාෂාවෙන් අන්ද බූත වූවාද නැතිනම් මළ පැන්නාද වැනි කතා තම තම නැන පමණින් ග්‍රහණය කරගත යුතු කාරණාය.

        කෙලින්ම ගොස් බුදුනුවන්ට ආදරයෙන් සංකල්පීයවම දබරඟිල දික්කර කියන්නේ මේ ටිකමය. එය කාව්‍යක්කාර දඩයක්කාරයකුමෙන් සරත්චන්‍ද්‍රයන් දඩයම් කරගත්තා සේය. අපද තාත්තලාය. පිරිමි කවුරුත් පියෙකු වෙනු නියතය. නැතිනම් සංකල්පීය පියෙකු ලෙස අක්කලාගේ අයියලාගේ දරුවන්ට පියවරු මෙන් පෙනී සිටින අයුරු මාරස ලියන්නට ලෑස්තිය. ඉතින් සුද්ධෝදනයන් කෙලින්ම බුදුන්ටත් දබරඟිල දික්කර  කියන්නේ මේ ටිකමය. කොටින්ම රජකුමෙන් අණ නිකුත් කරන්නාහ. ඇවැත්නී මින් පසු බාලයකු මහන කරගන්නා විට දෙමාපිය අවසරය ගත යුතුය යන්න භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය වූ විනය පිටකයටද ඇතුලු වන්නේය. එවන් පිය පුතු ආදරය වනාහී ආදරයේ මාර තැන්ය. පීතෘ භූමිකාවේ මාර දේවල් බව සකල පුත්‍රයෝ දැන ගත යුතුය.

‘‘ පුතු සෙනේ පිතු හද තුළම මිස

නැත පුතුන් හද තුළ රදන්නේ.

ඇට සොයා ගොස් ඇට තුලට වැද

නහර හම සිඳ ඇට මිදුළු තුළ රඳා සිට

දුක් දෙයි නිබන්දා ’’

   එකම  ලිපියක එකම පදපෙලක් දෙපාරක් දැමීම නොහොබිනා බව මාධ්‍ය සංස්කෘතික රීති යටතේ මාරස දන්නවාය. නමුත් දෙපාරක් දැම්මේ මේ ටික නැවත නැවත කියා ඒ ගැන පාටකයන්ට සිතන්නටය. 

       පවුල පෞද්ගලික දේපල සහ මාක්ස්වාදී න්‍යායන් මාරසත් නොදන්නවා නොවේ. අප නිවන බාර ගන්නේද මාක්ස්වාදී කොමිනියුෂ්ට් සමාජය බාර ගන්නේද මම යන්න අවසාන කරමු යන බහු ප්‍රකාශිත ආධ්‍යාත්මයෙන්මය. මාක්ස්වාදය කොහේ ගියාදැයි නොදනිමි. කොහේවත් ගොස් නැතිබවද දනිමු. 

       නමුත් බුදුන්ගේ මේ ප්‍රකාශන ආදරය මාරය. තාත්තලාගේ සිතීම අන්තිම වෙනස්ය. අම්මලා දරුවා යන නිර්මාණයක් කර සතුටට පත්වේ. මන්ද බුදුවරුන් වදන්නේද අම්මලා නිසාය. නමුත් පිරිමින්ගේ එකම ආදරය වනාහී සිය පුතාම වන්නේ අර ජානමය සින්ඩ්‍රෝමයක් වන දේශපාලනිකව තමන්ගේ පරපුරේ නාමයෙන් කියනා වූ මාක්ස් එංගල්ස්ලාගේ කතන්දරද තවම නොමියන කඳුලු ගැලීමට කඳුලු උල්පතේ ආදරය නින්නාද කරනවා සේය. 

    තාත්තලාගේ ආදරය අම්මලාගේ ආදරයට වඩා ගොඩක් වෙනස්. තාත්තලා ආදරය ප්‍රකාශ කරන්නේ නැහැ. අර වීර කාව්‍ය වල ඔඩිසි වගේ. අපේ රටේ සරත් චන්ද්‍රගේ සිංහභාහු වගේ. තාත්තලාගේ පුතාට තියන ආදරයේ කෙලවර වන්නේ පුතාගේ අතින් මැරුන්කා ආදරයෙන් මිය යාමද ඒ අද වෙළඳපල දේශපාලනයේ සහ පාදඩ මාධ්‍ය සංස්කෘතියේ විකාරයක්ද කියන  කතන්දරය ලියන්න මාරසට  සෙස්ස පස්සට දාන්නට සිදුවේ.

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්
ක්ලේශ තාපයේ අනන්ත වේදනා ජලේ
ක්ලේශ තාපයේ අනන්ත වේදනා ජලේ
නෞකාව දම් අමා වඳිම් නමා නලල් තලේ
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්
දෑගසව් රහත් බුදුන් මා සිතින් පුදා
දෑගසව් රහත් බුදුන් මා සිතින් පුදා
වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්
https://youtu.be/4a1fceQhq7w?list=RD4a1fceQhq7w

16 03 2003

https://jagathmarasinghe.wixsite.com/mare




Powered by Blogger.