කුජ ශ්‍රක්‍ර යෝගය සහ අනියම් ආදරය.....!

කුජ ශ්‍රක්‍ර යෝගය සහ අනියම් ආදරය.....!
     අද මාරස නගින්න හදන ඉනිමග ඉතිහාසයෙන් සැදුම්ලත් ශක්තිමත් ඉනිමගක්. මතක තියාගන්න කාටත් කුජ ශුක්‍ර තමන් උපන් වෙලාවේ අහසේ යම් යම් තැන් වල සිටියා කියා. මේ අනියම් ප්‍රේමයෙන් ගැලවුනේ සියල්ල දාලා ගිය බුදුනුවන්ලා සහ මහා වීරලා වගේ කට්ටිය විතරයි. ඒ ඉනිමගේ නගිනකොට කවුරු පෙරලයිද දන්නේ නැහැ. ඒක හින්දා මාරස දන්නවා මේ අත තියන්න යන්නේ භයානක වැඩකට කියලා. නමුත් සත්‍යය කවදත් සුහුපැහැති හෝ  නැත්නම් තනිකරම කළු බව මාරස මාරයා දන්නවා. ඒ දෙකම මාරසට අදාල නැහැ නැහැමයි. 
    අනියම් ‌ප්‍රේමය ගැන කියන්න අපි බුදුනුවන්ගෙන් පටන් ගමු කියන්න බැහැ. මොකද මේ මල විකාර දැකලා උන්වහන්සේ කෙලින්ම පුරුෂ ලෝකයක වෙන ආධයාත්මික රජ දහනක් හදා ගත්තා. ගැහැනුන්ගෙන් ඒකටත් මාර සහයෝගයක් නොවේ හිතා ගන්න බැරි දෙයක් සිදු වුනා. අනෙ අම්මේ යසෝධරාවතම ප්‍රමාණවත් ඒ ගැන කියන්න.
   කාල් මාක්ස් සහ ‌එංගල්ස් දිගින් දිගටම ලියන මාර කතාවක් මතකයි. මම දන්නේ නැහැ උන් දෙන්න දෙන්නෙක්ද නැතිනම් එක්කෙනෙක්ද කියලා. ඒක දැන ගන්න අවශ්‍යතාවයක් මාරසටනම් කිසිසේත්ම නැහැ. ඒ ඇත්ත තිත්ත නැති නිසා. 
     දේශපාලනිකව යුගලන පවුල ඇතිවූයේ කවදා සිටද එදා සිට පවුලට අළුත් අමුත්තෙකු එකතු වෙන බවත් ඒ වනාහී හොර මිනිහා බවත්  උන් කෙලින්ම ප්‍රකාශ කළා තමා. ඒ වගේම ඒවල මනෝ විශ්ලේෂණ කතා අළුත් පරපුර ගොඩක් පැති වලින් කිව්වත් උනුත් මේ වියෝවෙන් වැලපෙනවාද මන්දා. 
    මෙතන ඡායාරූප දෙකක් තියනවා. එකක් ‌ ‌චෙන්නායි සිනමා ඡායාරූපයක සේයාවක්. අනික විජය ධර්මශ්‍රීගේ දුහුලු මලක් චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු සහ රවීන්ද්‍ර රන්දෙනියගේ  නිශ්චල ඡායාරූපයක්. ආදරය ගැන කතා කලත්  බුදුනුවන් කිසිම තැනක ඒවට උත්තර පත්තර දී නෑ. රෙද්ද ඇස්සේ හෝටල් කාරයන් වූ බුදු පුතුන් උත්තර පත්තර දෙන්න ආවොත් මාරස භාෂාව හරිම කෙටියි. නමුත් පාවිච්චි කළ නොහැකියි. පාවිච්චි කළ ගමන් බ්ලොක් තමා. 
    කවුරුන් කෙසේ කීවත් මේ නව පශ්චාත් නූතනවාදී යුගයේ අනියම් පෙම යන්න මාර විදිහට ජීවිතයක කෑල්ලක්  වෙලා. ඒකට ‌වොරිලිසම්, පීපින්ටොම් වලට වඩා සෙක්ස් බෙදා ගැනීම් මාර විදිහට වැඩි වෙලා. ඒ ගැන මාරස දොසක් කියන්නේ නැතිතේ කියලා වැඩක් නැති නිසා. මොකද වෙලා අවසාන නිසා. කොටින්ම ලාංකේය ස්මාට් පෝන් ඇති හැමගෙන්ම සියයට අසූවකටත් වඩා නිරුවත්  ඡායාරූප අන්තර් ජාලයේ සැරිසරනවා. හෙලුවෙන් සිටින කිසිවෙක් අපට හඳුනාගන්න පහසු නැහැ. ඒක  වික්ටෝරියන් වාසනවක් වෙලා.  ඒ වගේ කියලා කියනවා විනා කිසිවෙකුට ඒවා ගැන තීරණයක් ගන්න බැහැ. ඒක ස්වභාව ධර්මයේ තියරියක්. නමුත් ඇස් කන් ගැන හොයන උන්ට මේවා මාර ආතල් තමා. ඒ කියන්නේ සර්ව ලෝක ආලෝකය  ගිලගත් මිනිස්සුනම් මේවා ගැන හොඳින් දන්නවා. ලාංකේය බුද්ධි අංශත් මේ ගැන නොදන්නවා නොවේ. මොකද එයාලාගේ රාජකාරිය මේක. මොකද මේකෙන් තමා අන්තර්ජාලය පෝෂණය වන්නේ. අනේ මේ වෙන මගුලගක් නැහැ ඊ පවුරෙත්. කෙලින්ම සියයට හැටකට වඩා මේවා දුවන්නේ ලිංගික මානසිකත්වයේ ප්‍රදර්ශන කාමය නිසාම පමණයි.
         ඒඩි ඩී ප්‍රේමරත්න එදා දුහුලු මලක් සිනමා පටය හැඳින්වූයේ සමාන්තර සිනමාව කියලා. අපේ තරුණ කාලේ නීටා අපේ තරුණ මානසිකත්වයේ ඇතිකළ කාමාලම්බන ප්‍රීතිය නැතිවෙලා ගියේ ඊට පසුව විවෘත ආර්ථිකය රජ වුනාට පස්සේ. ඒත් ඒ නීටාවන්ගේ් රවීන්ද්‍රයන්ගේත් තාරුණ්‍ය මාරසටනම් කිසිදා අමතක නැහැ. ඒ මතකය ලියන්නවත් බැහැ. තාමත් ඒවට කියයි කුණුහරුප කියලා. නමුත්  ලාංකේය සිනමාවේ පමණක් නොවේ ලෝක සිනමාවේ මොන කෘති බැලුවත් අපේ කාලයේ දුහුලු මලක් අමතක කළ නොහැකියි විජය ධර්මශ්‍රී. 
   අවසාන වශයෙන් කියන්නේ නැවත මාක්ස්ලා කියපු කතාවමයි. කුටුම්භ යුගලන පවුල ආරම්භ වූයේ කවදා සිටද ඒ පවුලට අළුත් උනත් අළුත් නොවන අමුත්තකු එකතු විය . ඒ හොර මිනිසාය. තවත් නීති සම්ප්‍රධායක්ද ආරම්භ විය. ඒ කෙසේ වෙතදු ආදරයේ නාමයෙන් ඒ අමුත්තා සහ අමුත්තිය මාරය. ජීවිතයේ ආදරය සහ ප්‍රායෝගික වින්දනය සුවසේ විඳින්නේ උන්ය. 
    මේ සම්බන්ධව කතා කිරීමට සංස්කෘත කාව්‍ය සිය ගනන් ඇති මුත් මාරසටනම් සිහිවන්නේ දුහුළු මලක් චිත්‍රපටයේ මේ ගීතයයි. ආදරය යනු කුමක්දැයි මාරසගෙන්  යමෙක ඇසුවහොත් උත්තරය ඉතා කෙටිය.
ආදරය යනු අන් කිසිවක් නොව ආදරයම පමණී.

බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳක්
හෙටත් වාසනා හෙටත් වාසනාවන්
සිහින නදී රළ රැල්ලේ
පැතුම් රැවන් රන් ඔරැවේ
ඔබේ නිමල නිද්‍රා ගී
මටත් වාසනා මටත් වාසනාවන්
*******************************
https://youtu.be/m0LJ97LdjbU

රන් කෙන්දෙන් බැඳ
අතැඟිළි එක් කල ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි //
කිරිලිය සේ දුර පියාසලාලා
අත්තටු රිදුනා පමණයි
දෑළ විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කරුවල ඇයි විජිතයම මගේ
රන් කෙන්දෙන් බැඳ ...
කනාටු සුළගේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ ////
ගායනය : නන්දා මාලනී
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක
චිත්රපටය: දුහුළු මලක්
https://jagathmarasinghe.wixsite.com/mare
28 02 2023


Powered by Blogger.