ආදරණීය කඳුළක් නොව පාසැල් ආදරය මාරයි.......!!!

                  ආදරණීය කඳුළක් නොව 

                                                   පාසැල් ආදරය මාරයි.......!!!


         මහාචාර්ය ආචාර්ය දාර්ශනික කිසිදෙයක් මාරසට ඇවැසි නැහැ නොවේ ඇවැසියි. දේශපාලනික කතාන්දරත් අද ඇවැසි නැහැ නොවේ ඇවැසියි. නමුත් මේ සටහනට ඇවැසි නැහැ. ජනතාව පිළිගන්නවානම් ඒක මාරම තමා. සරත් විජේසූරිය කියන්නේ අපි වසර දෙකකින් පමණ පහල පන්තිවල ඉන්නකොට මිනු නාලන්දාවේ ශිෂ්‍ය පොරක්. නමුත් මාරස සමග අදටද කිසිම සම්බන්ධයක් නැහැ. ඒත් ‌ඉස්කෝලේ හිටියට මම මෙයාව හඳුන ගත්තේ ‌මිනුවන්ගොඩ නාලන්දේ කලාව සම්බන්ධව අවධිකළ හෙවුඩ් ආයතනයේ ශිෂ්‍ය අංශයේ පොරක් වුණ ආරියරත්න බාලචන්ද්‍ර කියන සර් හරහා ‌එයාගේම ගෝලයෙක් වුන ‌මිනුවන්ගොඩ හදිරම හන්දියේ ප්‍රේමරත්න ගුණසේකර කියන චිත්‍රගැන ඒ කාලේ මාර විදිහට කතාකරපු පොර හරහා. මේ ටික ලියන්නේ සරත්ගෙයි මගෙයි ආත්මය ගැන කියලා එයාගේ බලයක් මට ආදේශ කරගන්න නොවේ. කෙලින්ම කිව්වොත් එයාගේ සමහර දේ වලට මාරස විරුද්ධයි. කොටින්ම යූ ටියුබ් යන හුචක්කු වලට විරුද්ධයි. අපි දෙන්න ඉස්කෝලේ යන කා‌ලේ හමුවෙච්ච තැන් අපේ හදවත් දැන ගත්තාම ඇති. මාලක්කාත් දන්නවා නියතයි.
      මාරස මේ ලියන්න හදන්නේ ඒ වගේ අතීතකාමයට අදාල සෞන්දර්ය කතා නොවේ . යථාවත් නොවේ. ඇත්තටම සැබෑව. මේකා සාහිත්‍ය ගැන කතා කරනකොට එකට හිටපු මටත් ඇඬෙනවා. මේක මම අද මෙයාගේ මිතුරෙකු වන ප්‍රසිද්ධියට අකමැති ගාමිනී වන්නිආරච්චි අයියා ගැන කිව්වා. ඒකා කිව්වේත් ඒ ටිකමයි. කොටින්ම ඒ කාලේ උසස්පෙළ පන්තියේ උන්ට උනත් අද කාලයේ කැම්පස් අවුට් වුන සාහිත්‍ය ක්ලාස් ගහපු උන් පවා මේකා කතා කරද්දි කඳුලු වැටෙනවා අනිවා. හිතන්න එපා කවුරුත් අපි එදා ඉස්කෝලේ යන කාලයේ එකට සිගරට් ගැහැව්වා සහ ආතල් ගත්තා කියලා.  අප දෙදෙනා ඒ කාලෙත් හමුවුනේ විවාද සහ සාහිත්‍ය මතවාදී වැඩ වලදි පමණයි. 
      නමුත් එකම පාසලක නුඹ විසින් දේශපාලනය දැන දැනත් ඒ නැතිවත් හෝ කම්. අද ඒ සාහිත්‍යය සාගරයේ දුහුනන් වූ කොල්ලෝ කෙල්ලන්ගේ හදවතේ පැසෙන කඳුලු කම්බුල් දිගේ වැක්කෙරෙන්න දිග හරින සාහිත්‍ය දැනුම සහ ජීවිතාලෝකයට මාරස ආදරෙයි. ඒ අපේ ඉස්කෝලේ නුඹ නිපන් නිසා නොවේ. මුලු ලෝකයේම ඉස්කෝල වල කොල්ලන්ව කෙල්ලන්ව ආදර සාහිත්‍යයෙන් අඬවන්න උඹ සමත් නිසා සරත් විජේසූරිය අයියේ. මාරස මේ සටහන නොතිබ්බොත් ඒක අතීතයේ බොඳ කඳුලක් වෙනවා අනිවා. බොඳ කඳුලු කියන්නේත් සිනහා කඳුළු කියන්නේත් දෙකක් නොවේ එකක් බව සැබෑවක්. 

චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..//

අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති
පුඟුලන් මැද දෙරණේ..
ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි
නිරතුරු ඔබ සෙවනේ...

චන්ද්‍ර බිම්බයුරු...//

අදත් සිනාසී හමුවූ අයුරින්
භින්න රුචික මෙලොවේ...
හෙටත් උදෑසන පිබිදෙන දෑසින්
අප හමුවිය යුතු වේ...

චන්ද්‍ර බිම්බයුරු...//

ගායනය : නාරද දිසාසේකර
සංගීතය : නාරද දිසාසේකර
පද රචනය : කරුණාරත්න අබේසේකර

https://youtu.be/f6T60ihRzJc
https://jagathmarasinghe.wixsite.com/mare
15 02 2023


Powered by Blogger.