සුරතාන්තයක ආලෝක දඩයම.

                                                  සුරතාන්තයක ආලෝක දඩයම.

                    සයිබර් රස්තියාදුව කියන්නෙත් ඇබ්බැහියක්. අර ආදරය සහ විවාහය කියන කතන්දරයත් ඇබ්බැහි වූ දෙයක් ලෙස දකින කල මත්පැන් හෝ මත් ද්රව්ය ඇබ්බැහිය ජීවිතේ අනෙකුත් ඇබ්බැහි තරම් මාර දෙයක් නොවේ. සෙක්ස් නැතිනම් ලිංගික ආසාවත් ඇබ්බැහියෙන් පිට වගේ හිතුනට ඒ මත තමා සියල්ල ගොඩ නැගෙන්නේ කියන කතන්දරය මාර ඇත්තක්. වික්ටෝරියන් සලාදය තියෙන්නේ අපේ රට වන් රට වල විතරයි කියලා හිතන් හිටියත් සයිබර් රස්තියාදුවේදී තේරෙන්නේනම් යුරෝපා රටවල නීති සම්පාදනය වෙන්නෙත් ඒ මතමයි කියලා. කොටින්ම සෙක්ස් වලට නීති දැම්මේ නැතිනම් පාලන ක්රමයක් කරගන යන්න බැහැ කියන සැබෑව සැබෑවක් තමා. කොටින්ම ස්ත්රියට පුරුෂයා නීති දාලා ක්රියාත්මක වුනේ නැතිනම් කෙලින්ම ඒ කුටුම්බය අවසාන වෙනවා අනිවා. ඒමත තමා රේකා සහ ජ්යෝතිෂයත් ගොඩ නැගිලා තියෙන්නේ. ලිබරල් නීති කියන්නේ වික්ටෝරියා සලාද ලිංගික විකාර ආරක්ෂා කරමින් ඒ තත්වය තවදුරටත් තබාගෙන මේ පාලනයම ගෙන යන්න හදපු විකාරයක්. කොටින්ම අපත් ප්රංශය විශ්වාස කළා තමා. අනේ සයිබර් රස්තියාදු කාරයෙක් ප්රංශයට ගිහින් බැලුවාම අර සම්භාව්ය කියන සිනමාව පමණක්. ප්රංශ විප්ලවයේ කෙහෙල් මල් ප්රජාතන්ත්රවාදයට වඩා ඔබ්බෙන් ජාතික වාදයේ සෙවනැලි අපේ ජාතිවාදයටත් වඩා හපන් වගේනේ. ඒවා ගැන කතාව සෙස්ස පස්සට දාමු. ඒ වික්ටෝරියන් සලාද සදාචාරය ගැන පෘතුග්රීසින්ටත් වඩා රෝමන් කතෝලික පල්ලිය වග කිව යුතුයි කියන කතාව ‌බයිබලයේ සොදම් ගොමාරා කතන්දරයත් නවතා දමමු. උන්ගේ පාලනයේ පහසුවට විවිධ සංවිධාන දේශපාලන කල්ලි බිහිවනු ඇති. නමුත් ඒ සැමකක්ම පවතින්නේ වික්ටෝරියා සලාද සදාචාරය මුල් කොට තමා. අර ජාන පරීක්ෂනයේ නියැදි අවකාශය වුනේ පවතින කුටුම්බියේ ජීව විද්යාත්මක තාත්තාව සෙවීම වගේ ‌රෙද්ද අස්සේ විකාර කතාන්දරම තමා. ඒ සෙස්සත් පස්සට දාලා අපි යමු මේ ඡායාරූප නිර්මානය විඳින්න. ශිල්පියාගේ නමක් ගමක් හොයා ගන්න බැරි වෙන්නේ මේවා විකුණන ඡායාරූප නිශා. දැන් විකිනිලා ඇති . නැතිනම් එකපාට බ්ලොක් කරලා කියාවි අනුරූප ප්රකාශන අයිතිය පිළි නොපැදි නිසා එසේ වූ බව.
ලිංගිකත්වයේ පදනම මත තමා ආදරය නිර්මාණය වෙන්නේ. නමුත් අපි කියන්නේ ආදරය හින්දයි අපි සෙක්ස් කරන්නේ කියලා. ඒවා තම තමුන්ගේ නැන පමණින් විසඳාගත්තත් මේ ඡායාරූපය වැදගත් වන්නේ කෙල්ලගෙයි කොල්ලගෙයි අත් දෙකක ඇඟිලි මිටමොලවාගෙන තියන අරමුණ කේන්ද්ර කරගෙන ඉතා සියුම් ලෙස සියලු පසුබිමවල් බොඳකර සුරතාන්ත මොහොතක නිවේදනයේ මාර කතන්දරයක් කියන ආලෝක දඩයමක් වීමයි.
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ වගේ තමා. ඒ කියන්නේ මඩ කාගෙන නෙලුමක් පිරිසිදු දියෙන් සේදිලා වතුරෙන් උඩට විත් සූර්යා දිහා බලාගෙන පිපෙනවා. සියොත්ම තමා. නමුත් හිස් තැනක්. ආදරයේ ලොකුම මිහිර ලිංගික සුරතාන්තයෙන් අහවර වෙනවා. ආයේ ටික වෙලාවකින් එනවා. ආයේ අහවර වෙනවා. මේකේ මාර දේවල් දැකලා සිද්ධාර්ථයන් වගේ සියල්ල දාලා පැත්තකට ගියත් සාසනය වගේ දෙයක් හදාගන්න කාටත් බැහැ. බුදුනුවන්ගේ සාසනයෙත් දැන් තියෙන්නේ වික්ටෝරියාවේ සෙවනැලිම තමා.
මේ ඡායාරූපයේ වැදගත්කම වන්නේ අර ආදරය කියන නෙලුම පිපින අවධියේම විෂම ශරීර දෙකක් ඒකතු උන තැන තියන ආවේගාත්මක දාර්ශනික දැක්ම ඒ අත්දෙකේ ජවයෙන් නිර්මිත ඉලක්කයට තප්පරයෙන් පංගුවකින් දඩයම් කරගැනීමයි. කොටින්ම සුරතාන්තයට කාලයක් නැහැ. සුරතාන්තය අවස්ථාවේ කාලය සහ අවකාශය ක්ෂණයකින් අවසන් වෙනවා. ඒ ක්ෂණය කියන්න ගණිතයන්ගේ කළණය අනුකළනය විෂයවත් සමත් නැහැ. ඒකලා සූන්යත්වයට ආසන්න වෙනවා විතරයි. නමුත් ඊටත් කෙටියි සුරතාන්ත කාල අවකාශ අහෝසි වී යන මොහොත. මේ ආලෝක දඩයම ඒ සඳහා කළ උත්සාහයක් වගේ පේන්නේ. ශිල්පියා දැකලා තියනවා ඒ ‌මොහොතේ ශරීර දෙකේ ප්රකෝටි ගානක් වෙන ශරීර චලනයන්ගෙන් දෙදෙනාගේ දෑත් වල ඇති විභවය. මිනිය නොහැකි කෙටි කාලයක සුරතාන්තයේ මාර කතන්දරයක් කියන්නට මේ ආලෝක දඩයක්කාරයා උත්සාහ කරලා තියනවා. ඇත්තටම විශිෂ්ටයි. ඡායා රූප ශිල්පියෙක් කියන්නෙත් අමුතුම සතෙක්. බලන්න මේ ලෞකික සැපය කියා තිබෙන මහා විකාරයේ මහා දේක ක්ෂණික අවසාන මොහොත. සිහි කරන්න ඔබ සහ ඔබේ ආදරයේ සුරතාන්තය. සැබෑ ඡායාරූපයක් කියන්නේ ජීවිතයම තමා. ජීවිතය කියන්නේ මොකක්ද කියන කතාවට උත්තරෙත් ජීවියම තමා බන් කියලා සටහන අවසාන කරන්නම්.
හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්......
මලක් නම් එය මලක් වුව මැන
සිනිදු සුකුමල........
රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉදුවර දියෙන් උපදින....
නැවුම් වත්සුණු රොනින් මත් වී....
නීල නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හදකින් මහද අමතයි
මුදා හැරදා කවුළු සිරියහනේ.......
jagathmarasinghe.wixsite.com/mare
16 02 2023


Powered by Blogger.