ආදර නලින් සර් !!!

ආදර නලින් සර් !!!

                   මාරස මාරේ නලින්ද සිල්වානන්ව හද බැදුනේ අද ඊයේ සිට නොවේ. මට මතකයි රත්මලානේ බොරුපන වෙද මහතා. මාව පමණක් නොව තවත් නාටක කරුවෙක්ද ගෙනත් සුවපත් කළ බොරුපන වෙදමහතා. අනේ මාව ඉන්ගිරිසි වෙදමහත්තරුන් ජීවත් කරන්නට බැහැයි කිවු විට අක්මාවද බේරාගත් වෙදමහතා. තවත් වතාවක මගේ පවුලම අදටම බ්‍ර්‍රොන්කයිටිස් කියන නාමය මුල් කරන් ඇදුම ඇද්දත් මට වැස්සේ තෙමි තෙමී සෙම සෙම සෙන්කෝලයක් නොවී ඉන්න සැලසූ වෙද මහතා. අරක්කු හිස් බෝතල්  ‌ගෝනි ගණන් ගනිමින් විකුනා දැමීමට ඇද්දත් වයස 62ක් වන තෙක් ජීවත් වන්නට ඉඩ සැලසූ වෙද මහතා. මිනිසුනගේ ආදර නාමයෙන් කිලිටු වෙද මහතා. ඒ කියන්නේ බිරිඳක් නැතිව පුතා සමග ජීවත් වුනත් බළලුන් සමග ආදරයෙන්ද ජීවත් වූ වෙද මහතා. මොකා ආවත්ව පොඩි දරුවෙක් දුටුවහොත් ‌අසල කඩේකට ගොස් පොඩි උනට ටොපියක් ගෙනත් දී වෙද කම පටන් ගන්නා වෙද මහතා. මා සමග යම් ප්‍රසිද්ධ නාටකයක් ලියන ලද පොරක් ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ගන්නා විට මැරෙන්න එන විට දොස්තරලා හොල්ලන්නට එපා කී සඳ කුණුහරප කියා ඇලපති ක්‍රමයෙන් මරණය කරා ගමන්කල රෝගියා ජීවත් කළ වෙද මහතා. (මෙහි ඉතිරි විස්තර කේ කේ සමන් කුමාර නම් සර්පයාගෙන් අසා දැන ගන්න.)  අනේ මාරයාට කියන්න තියන දේ තව බොහෝයි. නමුදු ඒ පරපුරත් අහෝසියි. ඒ පරපුර අහෝසියි කියන්නේ කොහෙන් හෝ තවත් පරපුරක් මතුවෙනවා නියතයි යන්නම ගැන වෙනම ලියන්නම්.
      නලින්ද සිල්වා වනාහි මට අළුත් චරිතයක් නොවේ. අප දෙදෙනා හමුවුනේ පළමුව ඒ වෙද මහතාගේ ගෙදරදී. ඒ වෙද මහතා පූසන් ඇති කලා. බිරිඳ එයාට පෙර මිය ගොසින්. සරමක් සහ මේස් බැනියමක් ඇඳසිටින එයාගෙන් බේත් ගන්න එන්නේ පොඩි පොරවල් නොවේ. ආචාර්ය මහාචාර්ය වරු. දවසක් කහඋන හැදුන රෝගියෙක්ව පරීක්ෂාකර විශේෂඥ වෙද්‍ය වරයෙක් කියනවා හෙපටයිස්ටික් බී රෝගීන්ව උනත්  හීන්බෝවිටියා වලින් සුවපත් කළ හැක්කේ රුහුණු වෙද මහතාට කියා. එයාගේ පුතාගේ නම උපුල් රංජිත් දිසානායක. එයත් මේ ලඟකදී මිය ගියා. තවත් ඒ වෙදමහතාගේ දියනියක් ඉන්නවා කියා මාරයා දන්නවා. වෙදකමත් දන්නවා කියා දන්නවා. කොහේද දන්නේ නැහැ. කෙසේ  හෝ එදා  දිවයින පත්තරේ ලිපි පෙල ලියන්නට ගන්නවා නලින්ද සිල්වානන් වෙනත් දාර්ශණික පැත්තකින්. ඒක මාර ලිපි පෙලක්. කෙලින්ම වා සෙම් පිත් කියන ත්‍රිලක්ෂණය හරහා බටහිර වෙදකම කරන වෙද්‍යවරු කියන්නේ බටහිර බහුජාතික සමාගම් වල තුණ්ඩු ලියන ලියන්නෝ බව අපට පහදා දෙනවා. කෙලින්ම මේ ගැන සැබෑව මාරස කතා කිරීමට කෙලින්ම ලෑස්තියි. අනේ උපසර්ග අනුවර්ත විවිධ නාම රූප වලින් නොව ජීවිත අත්දැකීම් වලින්. ඉතින් නලින් සිල්වා සහෘදයන් කියන්නේ ‌නාකි නොවන යෞවනයෙක් වගේ  ආදර ජීවිතයක්. මේ මොහොතේ යම් ගැටලුවක් ගැන අහපු වෙලාවක මගේ ඉන්බොක්ස් එකේ මේ සටහන ඔක්කොටම පේන්න දාන්නද කියලා මා ඉල්ලුවේ අසූව දශකයේ උන්ගේ මාධ්‍ය සදාචාරය ගැන ආදරයටයි. හිතුනා  මේ අදහස ගැන කවුරු කවුරුත් හිතනවානම් මාරයි කියලා. ඒක නිසා දැම්මා.
*************************************
"මේ මුළු මහත් දේශපාලනය ම බොරුවක්. එක් පැත්තකින් අරක්කු රේන්දය අරන් ධනවත් වූ පිරිසක් (එෆ් ආර් සේනානායක, ඩී බී ජයතිලක වැන්නන් ද ඇතුළුව) පසුව අමද්යප වීරයන් වෙලා. ඒක හොඳින් තේරුම් ගත් කොස් මාමාත් කලක් රේන්දය ගත් අයෙක්. සර්වජන ඡන්දය අප නැති කළා. ඉංගිරිසින් 1931 දි අපට තමයි ආසියාවෙ හා අප්රිකවෙ ඉස්සෙල්ල ම සර්වජන ඡන්දය දුන්නෙ. බටහිර රටවලත් සර්වජන ඡන්දය දී තිබුණෙ ඊට වසර කිහිපයකට උඩදි. ඉංගිරිසින් අප නැති කරන්න සර්වජන ඡන්දය දුන්නා ද කියාත් හිතෙනවා. සිංහලයන් රවටන එක ලෙහෙසි වැඩක්.

අපට සර්වජන ඡන්දය, නිදහස් අධ්යාපනය, වාම අදහස් නිසා යහපතකට වඩා අයහපතක් සිදු වී ඇත්තේ . එහෙම කීවුව ම මිනිසුන්ට කේන්ති යනවා. අදත් අපට අප මුහුණ දෙන ආර්ථික අර්බුදයේ බැරූරුම්කම තේරෙන්නෙ නැහැ. ඒ අර්බුදය පිටුපස ඇත්තෙත් එකී කරුණු තුන, ඒක පිළිගන්නෙ නැති නිසා අර්බුදය විසඳන්නත් බැහැ.

පළාත් පාලන ආයතන ඡන්දෙ එපා කියන අයත් බොරුවට ඒ වෙනුවෙන් කතා කරනවා. අප මහා රැවටිල්ලක ඉන්නෙ. අවුරුදු තිහකට පමණ පෙර මා හිතුවෙ ජාතිකත්වයට ඇද ගන්න එක අමාරු නැහැ කියලා. එහෙත් අද තේරෙනවා එය ලෙහෙසි නැහැ කියලා.
ජාතික ව්යාපාරයෙත් ඒ බොරුව දකින්න පුළුවන්. ජාතිකත්වයත් බොහෝ දෙනා වීරයන් වීම සඳහා යොදා ගන්නවා. බොහෝ දෙනා මාක්ස්වාදයෙන් කැඩෙන්නෙ නැහැ. ඒ අය මට විරුද්ධයි. මා නොදන්නවා නො වෙයි. ඔබ සිරිමල් වැනි අය මත්පැනින් ගැලවෙන්නෙ නැහැ. බොරුවට මත්පැනට විරුද්ධ වෙන්නෙත් නැහැ.

මෙරට බොහෝ ගිහි බෞද්ධයන් යථාවාදී තථාකාරී නැහැ. හාමුදුරුවරුන් ගැනත් ඒකමයි කියන්න වෙන්නෙ. නන්දා මාලිනී ගැන මා කියන්න යන්නෙ නැහැ. සුදු සාරිය ඇඳුමක් පමණයි කියා හිතෙනවා.
අපේ උගත්කමුත් එහෙමයි. අපි උගත් බව පෙන්නනවා. එහෙත් ඇති උගත්කමක් නැහැ. X කණ්ඩායම තමයි හොඳ ම උදාහරණය. මා ඔබ කියන තරම් ප්රාඥයකු නො වෙයි. මා ඒ බව දැන ගත්තේ අවුරුදු පනස්හතරකට උඩදි.

අපට බුද්ධිමය සම්ප්රදායක් නැහැ. එක ථෙරවාදී පඬිවරයකු නම් කරන්න. තරමක් හරි කියන්න පුළුවන් නාලන්දා විශ්වවිිද්යාලයේ ඉගැන් වු අරියදේව හාමුදුරුවන්. එහෙත් උන්වහන්සේ අතිනුත් යමක් අලුතෙන් කියැවිලා නැහැ. මහායාන හාමුදුරුවරුන් අතින් අලුත් දෙ ලියැවිලා තියෙනවා. මා ඒ නිවැරදි කියනවා නො වෙයි. එහෙත් ථෙරවාදීන් නිර්මාණශීලීත් නැහැ ප්රශ්න කරන්නෙත් නැහැ. දැන් ඉන්න පඬියන් ප්රශ්න කරන්නෙ බටහිර ඇහැකින් වීරයන් වීම සඳහා.

ජාතික ව්යාපාරයේ අවුරුදු තිස්පහක් පමණ නියැලීමෙන් පසු තවමත් අප පටන්ගෙන නැති බව තේරුම් ගැනීම ඛේදනීීයයි."

සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති වනන්තරේ නැත තනියක් ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති මිනිස් පුරේ ඇයි තනියක් ගලා ගලා යන ගඟේ පිරී දිය ඇළේ දොළේ ඇසුරට වී සිනා සිසී වන පෙතේ හිඳී රස බිබී මුවන් තුඩ ඇතිරී.... සොබා දමේ දැඩි සිහිල් නිසංසල සුවේ බිඳී ලොව සිතුසේ ඔබේ මගේ පැල බෙදී බිඳී යන සුළං කැරැල්ලේ දුකසේ... -ප්‍රේමකීර්ති ද අල්විස් -වික්ටර් රත්නායක
https://youtu.be/512Yeh6y4Rg

https://jagathmarasinghe.wixsite.com/mareagathmarasinghe.wixsite.com/mare
27 02 2023
j


Powered by Blogger.