හිට්ලර්ගේ මිලේච්චත්වයේ සහ ස්ටාලින්ගේ මිලේච්චත්වයේ නිහඩ වර්ණාවලිය.

   හිට්ලර්ගේ මිලේච්චත්වයේ සහ ස්ටාලින්ගේ මිලේච්චත්වයේ නිහඩ වර්ණාවලිය.

වාහන මොඩල් හදනවා කියන්නෙත් වාහන පින්තාරු කරනවා කියන්නෙත් සැබෑවටම මහා දෙයක්. හිට්ලර් බැරිනම් හිට්ලර්ගේ ගුරුන්ගේ නියමයෙන් නිෂ්පාදනය වුවත් ‌වොක්ස්වැගන් කාරයේ බීටල් හැඩය ගැහැනු ප්‍රතිරූපයක් වූවත් නැතත් මිනිසුන් ගොඩක් තාම ඊට ලැදියි. මොකද අතේ සතේ නැති උනත් මාරස වොක්ස් වැගන් පාවිච්චි කරන්නේ නොවේ ඒක පැන්ටසියක් කරගත්තේ අද ඊයේ නොවේ. ඒ සම්බන්ධව සැලසුම් කලාවට දෘෂ්‍ය කලාවේ ආදරය ගැන දේශපාලනිකව තව බොහෝ දේ ලිවීම මාරස සෙස්ස පස්සට තබමි.

නමුත් කලාවේ ප්‍රායෝගික වර්ණ සංයෝජනය කාරයේ මොඩල් නිරූපිත කළු පාට පසුබිම් කරන් ‌රේන්බෝ හෙවත් දේදුනු වර්ණයෙන් බැලන්ස් කරන්න හෝ සමබර කරන්න ලේසියි. ඒත් සංකල්ප රූපියව වේගයේ සරලත්වය සහ ජිවිත ආරක්ෂාව සම්බන්ධව පැන්ටසි ආදරය කේදවාචකයක් නොකර ජීවිතයටම තමා ඒකේ අයිතිකාරයාටත් පිටින් වේගය දිහා බලන් ඉන්න මිනිසුන්ගේත් හදවත ගන්න පින්තාරු කරන්න හැකි නියම සිත්තර පොරකටම තමා. මේක කවුරු කළාදැයි මාරස නොදනි. නමුදු අගේ කළ යුතු දේ අගේ කළ යුතුමය. හිට්ලර් මොකා වුව මාරසට කම් කිම්. ඒකා මල යකෙක් කිරීමට දායක වූ සමාජවාදී රාජ්‍යන්ද මළ යකුන් නොවුනා නොවන බව ට්‍රොස්කිටත් පිටින් සාමාන්‍ය මිනිසුන්ද අද නොදන්නවා නොවේ.
ඒත් අර ඕෂෝ වේගය භාවනාවක් කලාවක් කීවා මෙන් ප්‍රවේගයේ සූත්‍ර සංකල්ප වලට පිටින් අපේ මනසේ වේගය කාරයක් නොව බස්රතයක වීදුරු ජනේලයක් අසල සිටගත් විට පමණක් නොව ලිප්ට් ඒකක උඩ පහලට යන විටත් දැනේ. ඒ ගුරුත්වයේ සූත්‍රනිසාද නැතිනම් නිව්ටන් පරයා අයින්ස්ටයින්ගේ සූත්‍ර නිසාද යන්න සෙවීම වෙනම කතාවකි. ඒවාද තවම පර්යේෂණ මට්ටමේය. සියලු විද්‍යාවන් සෑම නිමේශයකම පර්යේෂණ මට්ටමේම වන්නේය. ඒත් මිනිසාගේ ආශාව නැතිනම් අද අරුතින් පැන්ටසිය වනාහී අර සිසැගයෝ කී පරිදි ආශාව නිෂ්පාදනය කිරීම අසමත් වූ රුසියාවට වූ දෙය සිහිගන්වනවා සේය.
ප්‍රශ්නය ඇත්තේ රුසියාවේ ලෙනින් පුටින්ට වග කිව යුතු නැතිද කියාටත් වඩා ලෙනින්ගේ මතවාද ධාරිතාවෙන් නිපන් පුටින් හිට්ලර්ට සමාන වීමට ඉඩ නැතැයි කියන ගෝර මතවාද ගැන තොප කුමක් කියන්නේදැයි කියන ගැටලුවය. කෙසේ හෝ වේවා මේ වනාහී සමාජවාදී සැබෑවක් වූ යුගයයට පසු අවධිය බව පශ්දාත් ගැන කතා බහ කරන ඒකලා සිතනවානම් වඩා හොඳ බව මාරසට දැනේ.
ගී පද
චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ
චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරනේ
පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ
චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
මූලාශ්‍රය: Musixmatch
ගීත රචකයන්: Rohana Weerasinghe
https://youtu.be/T3M0T3wW96A
https://jagathmarasinghe.wixsite.com/mare
09 02 2023


Powered by Blogger.