දෙහදක් අතර

                                                                         දෙහදක් අතර

                                               Leonardo Da Vinci - 

Steve McCurry 
       මාරස ඉතා හොඳින් දන්නවා පින්සලය සහ කාචය අතර ආදරයක් තිබ්බත් ඒ සම්බන්දව පෙනී සිටින සමහර 

 

 පෘථග්ජන ශිල්පීන් කලාව සම්බන්ධව මේ දෙක බෙදාගෙන මහන්තත්වකම් දානවා කියලා. ඒකට කියන වචන අදට අදාල නැහැ කියලා කියන්නම්. නමුත් මේ දෙපැත්තෙන් මතුකළ හැකි භාවයන් සම්බන්ධව ශිල්පීය තත්වයන් දැවැන්ත පාරාවලීය ගැඹුරකින් විස්තර කිරීමට කිසිදා කිසිවෙක් සමත් වෙන්නේ නැහැ. පැත්තකින් ගත්තොත් ඒකක් පින්සලෙන් . අනෙක ‌ආලෝකයෙන් කැමරාව හරහා. දෙකම දකින්නේ ආලෝකයෙන් පරාවර්තිත ඇස් වලින්. නමුත් භාවමය වශයෙන් මේකේ පළමු ස්ථානය ලියනාඩෝ ඩාවින්චිට අනිවාර්යෙන්ම හිමිවෙනවා. ඒ භාවමය මනසේ ආධ්‍යාත්මික ශක්තියක භාවමය ප්‍රකාශනයේ බුද්ධත්වය වගේ දෙයක්. කලාවේ ආනන්දය හදවතට දැනෙන්න කළ විශිෂ්ට නිර්මාණ ප්‍රතිභාව අගයන්න වචන නැහැ තමා. වචන සැබෑවටම කලාවක් නොවන වග ඇත්තක්. වචන ගලපලා මවන සංකල්ප කියන්නේ ඊට හපන් කියලා ගත්තොත් ටොලොස්ටෝයිගෙන් පටන්ගත්තොත් කොහෙන් ඉවර කරන්නද හිතෙයි. හැබැයි පුෂ්කින්ගේ පද කීපයක් සිංහලෙන් කියවපු අයටනම් මේ දෙන්නව බොක්කටම වදින බවත් අනිවා. දිගට යන සෙස්සත් පස්සට දාමු.
      මැකූරිගේ ඇප්ගන් දැරිය ඡායාරූපයත් කලාවේ මොනාලිසා කියා කියනවා. වීදි ඡායාරූප ශිල්පයේ රජෙකුවන් මැකූරිටත් මොනාලිසාව වීදියක හමුවෙලා වගේ. මේ චිත්‍රය සහ ඡායාරූපය සම්බන්ධ විස්තර අන්තර්ජාලයේ රස්තියාදු ගසන්නෙකුට නිකන් බස් නැවතුම් වගේ හමුවෙනවා.‍
     මේ දෙදෙනාගේ ඉතිහාසය පැත්තකින් තිබ්බොත් අර විලියම් ‌ෂේක්ස්පියර්ගේ හැම්ලට් කුමාරයා සංඛීර්ණයක් වූ සේ  නේක විද සැබෑ කතා ලියවී තියනවා වගේ තවත් ලියවේවී. ඉවරයක් නැති දේ අනන්තය නිසාද කොහෙද සකා බර්ග් එප් අකුර වෙනුවට අනන්ත ලකුන වගේ සලකුණක් දැම්මා වගේ මාරසත් ඒ සම්බන්ධ විස්තර වලට අනන්ත ලකුන දාන්නම්. 
 එසේය ගෞතම මුණිඳුණි. ලෝක විෂය අසින්තං තමා කියන්නේ ඒකට අප හිරවෙලා ඉන්න නිසාද දන්නෙත් නැහැ. නටබුන් විතරයි පිටුපස තියෙන්නේ. ඉතිහාස සංකල්ප තියෙන්නේ මේ මොහොතටත් වඩා අනාගතේ තමා කියන කතාව කවුරුත් දන්නවා නොදන්නවා වගේ ඉන්නවා. ලාංකේය චිත්‍රශිල්පියෝ හරිම වැඩ කාරයෝ. අහංකාරකමකුත් තියනවා වගේ පේනවා. ඒවා ප්‍රාග්ධන දේශපාලන තත්වයන්ගෙන් විග්‍රහ කරන්න ගියොත් මේ සටහන දිග වැඩිවෙලා විකාරයක් වෙනවා. ඒත් ඒවා මාරසින් වෙනම ලියවේවි. ප්‍රාතමික ‌සැබෑ මොනාලිසා ලියනාඩෝගේ මොනාලිසාම තමා. මාර වෙනස්කම් තිබ්බත් මැකුරිගේ ආලෝක දඩයමේ මොනාලිසත් හදවතේ වෙනත් පැත්තකින් කොනිති ගහන්න සමත් කියන කතාව කාටත් දැනෙනවා. 
කලාවේ සමගාමී සමීකරණ කියන කතන්දරය විසඳන්න ගණිතයෙන් බැහැ. ඒක වෙන්නේ කාලය සහ අවකාශය නිසාම අවසානයේදී ගණිතය නැතිවත් බැරි බව සැබෑවක්. නමුත් කලාකෘතියක ආනන්දය හෝ අන් හැම දෙයක්ම ගණිතයෙන් බැරිනම් ආධ්‍යාත්මික ශක්තියෙන් විසඳගත්තත් එතන අඩුවක් තියනවා අනිවා. ඒ අඩු රික්තකය පුරවන්නේ රසිකයාගේ ආධ්‍යාත්මික ආදරයම තමා.
    ලියනානෝඩේගේ ඉතිහාසික චිත්‍රය බලලා මොනාලිසාව අපි  විඳිනවා තමා කියන්න බැහැ. අර බුදුන් කියන කෙනා අපේ ඉපදෙනකොටම ඔලුවේ ඇන්දා වගේ මොනාලිසත් මේ පරපුරේ මොලගෙඩියේ ස්තිර ඡායාවක් දැන් ඇඳලා අවසානයි. හරියටම අර ‌ලෝකය ගෝලාකාරයි වගේ. ඒක වෙන විදිහකට කියන්න උවමනා උනත් හරි ක්‍රමයක් තිබ්බත් ලෝකය ගෝලාකාරයි කියන කතාවත් දේව කතාවක් වුනා වගේ මොනාලිසත් එසේ වී හමාරයි. ඒක කඩන්න ගියත් එතන ඉන්නෙත් මොනාලිසා. හරියට අර සෑම වක්ක්‍රයක්ම සරල රේඛාවක් කියලා මාක්ස් වාදීන් කියන කතාව වගේ. ඒක ඒකමයි කියලා ගත්තම ඒක ඒකම තමා. ඊට විරුද්ධ වුන්ට නම් ගොඩයි. බොහීමියන් කියයි. අපතය කියයි. අසම්මතය කියයි. කොටින්ම පිස්සා යන වචනයෙන් අවසාන වේවි. ඒත් පිස්සන්ට අංගොඩවත් බේත් නැත්තේ පිස්සා යන්න ඇලපති ක්‍රමයට අර්ථ දැක්වීමට ක්‍රමයක් නැති නිසා බවත් සැබෑවක්. 
     කැමරාවෙන් දඩයම් කරගත් ඇප්ගන් දැරියත් හැම ආදරවන්තයේකුගෙම කෙල්ලකගේ මූනේ ඉන්නවා වගේ දැනෙනවා කියන කතාවත් ඇත්තක්. ආදර වන්තයන්ට වන්තියන්ට වයස කියන්නේ අනුලෝමී අවකාශයක්. මේ චිත්‍රයේ සහ ඡායාරූපයේ  විච්චේදනය පොතක් ලියන්න නොවේ ‌විශ්වයේම අකුරු කරන්න තරම් දිගයි. මතක තබා ගත යුත්තේ අපට ඔලු වලට කාවද්දපුවා දිගයි. කොටින්ම ඇත්ත කියන ගොඩ නගා තියන ‌දේවල් දිගයි. නමුත් සැබෑව කියන දේ හරිම කෙටියි. තප්පරෙන් ඔලුවට වැටෙනවා අනිවා.
     නමුත් ඩාවින්චිගේ පින්සලයත් මැකුරිගේ කාචයත් අතර නිකන් අපේ කොල්ලෝ කෙල්ලෝ කියන ගීතයක් සිහි වුනා. මොකද මේ ‌මොනාලිසාලගෙන් මොකක්ද දැනෙනවා වගේ. ඇත්තටම ඒ ආදරය වෙන්න ඇති කියලා දැනට හිතා ගමු. නමුත් මුන්ගේ පින්සල් පහරවල් සහ ආලෝක පහරවල් ඊට වඩා ඝණකම්. හැබැයි ඝණකමේ අවසානය අති සියුම්. නිකන් හදවතේ ආදර අවකාශය වගේ.
     ඒත් ඒක මොකක්ද කියලා දැනෙනවා විතරයි වගේ දේවල් ඇස්දෙකෙන් ඔබ්බට පන්චේන්ද්‍රියන් නම් සම්මතයෙනුත් පිට හොයනවා නියතයි. ඒත්  මිනිසුන්ගේ දෙසවන් කියන්නේ වෙනම කතන්දරයක් වගේ. 
ඉතින් දත්මිටි කාගෙන මිල්ටන් පෙරේරා කියන සින්දුවක් මාරසට සිහි වුනා. තව කියන්න දේ ගොඩයි. පටන් ගත්ත ගමන් සෙස්ස පස්සට තියන්නම්. ඒ මාරසේ හැටි. එතකන් මේ ගීතයවත් මේ මොනාලිසාලා දිහා බලාගෙන අහමු.

කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා..
කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා..

නෙළුම්‌ මලක්ද නිල්‌ විලේ..
නැවුම්‌ සුළං ද ලෝ තලේ..
මුවැත්තියක්ද මහ කැලේ..
කැලුම්ද චන්ද්‍ර මණ්ඩලේ. .

නෙළුම්‌ මලක්ද නිල්‌ විලේ..
නැවුම්‌ සුළං ද ලෝ තලේ..
මුවැත්තියක්ද මහ කැලේ. .
කැලුම්ද චන්ද්‍ර මණ්ඩලේ. .

කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා..

රුවක්ද ගල්‌ කුළේ නෙළු..
ගඟක්ද සීතලේ ගැලූ..
දැලක්ද සල්‌ ගසේ වෙළු..
සුගන්ධයක්‌ සිත්කලු..

රුවක්ද ගල්‌ කුළේ නෙළු..
ගඟක්ද සීතලේ ගැලූ..
දැලක්ද සල්‌ ගසේ වෙළු..
සුගන්ධයක්‌ සිත්කලු..

කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොායා..
කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා...

jagathmarasinghe.wixsite.com/mare

04 02  2023




Powered by Blogger.