ඒසහි තුය්හ පිතා නරසීහමේ - උත්තම මුණි පුත නුඹ පිය වෙයි.

 

ඒසහි තුය්හ පිතා නරසීහමේ - උත්තම මුණි පුත නුඹ පිය වෙයි.

(Tibetan Buddhist Art in the Twenty-First Century වෙබ් පිටුවෙන් මේ චිත්‍රය මාරස ‌සයිබර් රස්තියාදුවේදී  අහුලා ගන්නා ලදී.) 

වයස අවුරුදු හතලිසස් හතක් පමණ කාලයක සිට ශ්‍රී ලාංකේය දේශපාලනය ගැන ඇස්දෙකෙන් පමණක් නොවේ ඇඟෙන් දැකපු දේවල් තියනවා. ඒවා දැක්කේ හැබැයි ඒදා සිටම දේශපාලනය නැතිව මිනිහෙක් ගැන කතා කළ නොහැකි නිසා බව කියවීමෙන් දත් නිසාමයි. ඒ ඉතිහාසය ලියන්න මේ සටහනට බැහැමයි. ඒ ඉතිහාසය විශ්වයනම් මාරස අංශුවක් නොවේ කොටින්ම නැහැ කියන දෙයක් බව දැනගෙන තමා මාරස ලියන්නේ. 

මන්දා. කවුරුත් කියනවා අද ජවිපෙට මාර බලයක් ඇවිත් කියලා. කාටත් හිතෙනවා මැදපන්ති මිනිසුන් අසරණ වූ මොහොතක ගෙවල් දහයකට කඩයක් ඇති දිවයිනක ඒ අනිවා තමා. නමුත් ප්‍රශ්න ගොඩක් තියනවා. ඊට පසු කුමක් වේවිද කියලා. ඒ රැල්ල නවත්වන්න ලේසි නැහැ කියලා කවුරුත් දන්නවා. මාරස මීට වඩා දේවල් සිතට එනවා. ඒත් මේ වෙලේ ලියන්නේ නැහැ නොවේ පක්ෂයක් සංවිධානයක් නැති මාරස වන් තනි පුද්ගලයන්ට ස්වයං වාරණයක් දා ගැනීම අනිවාර්යක්. 

ඉතින් මේ සැබෑ දේශපාලනික මොහොතක කාට කාටත් සිහි කරන්න ඇවැසි වන්නේ නරසිහ‌ ගාතා හෝ චත්ත මානවක ගාතා වෙත්වා. ඒවා කියන්න ගියොත් මේ සටහන සටනක් වෙනවා අනිවා.

කොහොම උනත් මේකේ වර්ණා කරන්නේ පසුකාලීනව බුදුනුවන්ව අධිනිෂ්චය කිරීම විය හැකියි. ඒක පුංචි පැත්තක්. ආධ්‍යාත්මික ශක්තිය කුමක්ද යන්න විද්‍යාත්මක දේ වලින් පිටතින් තමාගේම චින්තනයකින් හිතපුවාම මේකේ කියන්නේ මාර කතාවක්. ඒ චරිතයක් ඉස්සීම නොවේ. ආදරයත් නොවේ. ලස්සනේ අවසානය ශූනත්වයම වෙනවා වගේම ඒක පරම ලස්නම වෙනවා කියන සැබෑවක් නව පරපුරට ඉගැන්වීම වගේ දෙයක්. 

කෙසේ වුවත් මේ කතා කරණ පියා කවුද? අර සමහරු කියන විදිහට සංකේතීය පියාද? සමහර විට එසේ ගත්තද කම් කිම්. පියාගේ දේශපාලන අර්ධ දහසකුත් එකක් විමුක්ති දේශපාලනික කතා පැත්තකින් තියලා සටහන් ලිවීම මාරසට පුරුද්දක් නැහැ වගේම පුරුද්දක් ඇතිකරගන්නේ නැහැ තමා.

වල්මත් වූ පියා සං‌‌කේතීය පියාද මොකාද බුදුනුවන් පියෙක්ද යන්න පැත්තකින් නොතියා ඒ ගැන  ලියන එකාලා ඒකිලා තවත් ලියපල්ලා. ඒ හැම එකීම ඒකලාම තමන් පොඩි කාලේ අණක් නිසා කියවූ මේ ඡත්ත මානවක ගාතා හරියට කියෙව්වද කියන ගැටලුව ආදරයේ පැල්මක් තමා. මේ  කව ඉතිහාසයේ පාලියෙන් ලියන ලද ලස්සන කවිම තමා. මළ භාෂාවක් වුනත් සංස්කෘත භාෂාව කලාවේ මහා පෙරටු ගාමින් වගේ හිටියත් මාරසටනම් හිතෙන්නේ පාලි කාව්‍යන් මාර කාව්‍යත්වයක මිය නොයන ආදරයක් කියලා. ස්ලෝක මිය ගියත් ගාතා මිය නොයන මාරස දකින කතන්දරය පස්සේ ලියන්නම්. ඒ වගේ දේවල්ද විචාරපල්ලා කියා මාරස ඉල්ලමින් මේ සටහන අවසාන කරන්නම්.


https://youtu.be/OOSjgdnDtZA

https://jagathmarasinghe.wixsite.com/mare

26 02 2023


Powered by Blogger.