වදකාගාර සුසානයට ආදර රංජිදම් වෙත ලියමි.

වදකාගාර සුසානයට ආදර රංජිදම් වෙත ලියමි.

සහෝදරයා හෝ කොම්බෙර්ට් රංජිදම් නෙවේ. තාත්ත දමිලද අම්ම සිංහලද මට ඇවැසි නැහැ. උඹගේ මල්ලි සම්බන්ධ කිසිදු ආදරයක් මා දන්නේ නැහැ. ඒත් මොඩන් විප්ලවවාදියෙකු ලෙස මා සමග වසර දෙකක් නුඹව දැන ගත්බව එදා සිරගෙදර තනිවූ සිටි සියල්ලන් දන්නවා. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍ර විහිලුවට මා ජන්දේ දාන්නේ නැහැ බන්. මට දැන වයස 62ක්. නමුත් උඹගේ ආදරය වෙනුවෙන් උඹේ මල්ලිට එක ඡන්දයක් දාන්න මම සූදානම්. උන් හරි අහංකාරයි. සටන්කාමිත්වය වැඩි නිසා කෙලෝ ගනීද මන්දා. එකෙකුටවත් ඡන්දය දෙන්නේ නැහැ කිව්වේ විහිලුවේ නාමයෙන්.මතකද අපි පත්තර වලින් බැලුමක් හැදුවා. ‌ප්‍රේමලාල් සමග මා තාමත් කතා කරනවා ඒක අසාර්ථක වුනා. අනේ මචන් අර ධනංගල. ඒකාලේ වයසක පොර. ඒකා මොකක්ද මන්දා මාකොල පැත්තේ චන්දයකින ජය ගත්තා. ඒකත් මලාලු. ශීලා සහෝදරයානම් හමුවෙුනේ නැහැ. උඹ‌ට බුද්ධිව. ඒකියන්නේ බුද්ධදාස විතානාච්චිව කිසාදා අමතක විය නොහැකියි. මතකනේ යෝගි කරනවා. සෙක්ස් ගැන කතා කරනවාට ආස නැහැ. සිගරට් බොනවාට කැමති නැහැ. එදා අපි දෙන්නා යුග දෙකක් නාට්‍යය කාරයෝ වශයෙන් හැප්පුනත් දර්ශනික පැත්ත මොනවා උනාද දන්නෙනැහැ. පවුලේ ජීවිතේ වෙන දේවල් වෙලා තියනවා. මාව හමුවුනා ‌අනේ මොරටුවේදි මාර ආදරණීය චරිතයක්. මතකනේ අපි මැගසිමේදි එලිවෙනකන් බණ්ඩාරතෙන්නෙත් සමග කතාකර කර ඉන්නවා. ඒකා තාම ජීවත් වෙනවා. කොහේද දන්නේ නැහැ. ඉතින් අපේ කතාව ඉවර වෙනකොට බුද්ධි යෝගි පටන් ගන්නවා. තෙන්නේ සහෝදරයානම් බිමට බහිනවා. අනේ කොච්චර උඹ මට ආදරය කළාද. මම උඩ තට්ටුවේ බුදි. උඹ කියනවා රංජිදම් අන්න ඒකා එලිවෙනකන් කියනවා කියලා ගාඩ් අන්තිම ඉලක්කම ගනන් කරන්න වාට්ටුවේ උඩ තට්ටුවට එනවා. එයාගේ මල්ලී දැන ගතයුතුයි මේ ‌ආදරය. මොකද එයා උඩ තට්ටුවට එන්නේ මාව ආරක්ෂාකරන්න.

දවසක් මට කියනවා ගාල්ලේ කැම්පස් එකේ ගැටලුවකදි පොලීසියෙන් අල්ලන් ගිය කතාවක්. ලොක්කෙක් ඇවිත් අහුවලු මූද මේ විශ්වවිද්‍යාල කන පොරකියලා. කොටු කොටු සරම දෙපරන්ද අස්සේ ගහගෙන හිනාවෙවී මේවා මා සමග කීවා. ඒයා ආදරය කරන පෙම්වතියක් සම්බන්ධව. ඇත්තටම මා ගුරුවරයෙක් නිසා සමූපාකාර නය දෙන සමිතිය ගැන විතරක් නෙවේ එකේ සභාපතිද කාගෙද ලොක්කෙක්ගේ දුවක් කියා කීවා රංජිදම්. අනේ පසුකාලීනව ඒයාව බැන්දේ විප්ලව වාදියෙක් නොවුනත් මාර ආදරණීය පොරක්. නම කියා ගන්න ඕනා ඒකාමයිකියලා කියන්නේ නැහැ. මට ඒකාව අඳුන්වා දුන්නේ රංජිදම්ට ආදරය කරණ තවත් පොරක්. ඒ රංජිදම්ට පසු යුගයේ පේරාදෙනිය හන්තානේ කණ්ඩායම නායකත්වය දැරූ අනුරුද්ධ හෙවත් ආදර නාමයෙන් ලංකොනිස්. ඒ අරවින්ද කියන්නේ අර සයිමන්ගේ අපි කතා කරපු පොත් පරිවර්ථනය කරන්න ගත්ත අදත් මාර මාධ්‍ය පොරක්. ඒක ඒකා කොහොම හරි කරාවි. කළත් නැතත ඒකා හරි සංවේදි පොරක් කියලනම් උඹට කියන්නම්. නමුත් අරවින්දයා මට ලඟදි හමුවුනේ නැහැ. ඒ කාලෙනම් වරින් වර ආවා. ඒතකොට උඹ නැහැ බන්. කොහොම හරි අරවින්දයා හොඳ එකා බන්. ඒකා දන්න දේවල් වැඩී . වැඩ කරනවා අඩුයි. මන්දා ඉන්ගිරිසියෙන් ලියන නිසා අපට මුන ගැහෙනවා අඩුද කියලා.

ආදරෙයි මචන්. සහෝදරයා කියන්නේ නැත්තේ උඹ මට පස්සේ එහෙම අය නැති නිසා. උඹට කියන්න ඇවැසි ගොඩක් දේවල් තියනවා. උඹනම් පිලිගන්නේ නැතිව ඇති ආධ්‍යාත්මිකත්වය. මානම් පිළිගන්නවා. උඹ තාම ජීවත් වෙනවා. අදරෙයි මචන්. රෙද්දේ ජන්ද කියන්නේ මළ විකාරයක් තමා. නමුත් උපාය මාර්ගෙකට ආවොත් උඹ වෙනුවෙන් මල්ලිට දෙන්නම්. වෙන කිසිඑකෙකුට දෙන්නේ නැහැ. ඒකට කියයි මනුෂ්‍ය ආදරය කියලා. නැහැ. නුඹ‌ තමා ලංකාවේ 87න් පසුව බිහිවුන මොඩන් විප්ලවවාදියා. ආදරෙයි. තාම හදවතේ ජීවත් වෙනවා. මාරේ චූටිගෙන් ලියුමක් ආපු නැති නිසාද අප්සෙට්. නැත්නම් සිගරැට් ආවේ නැතිද නිල්පාට කොටුකොටු සරම ඇදන් උඹ අහන හැටි. මම ඇහැරෙන හැම වතාවෙම මොකද මාරේ කියලා අහන හැටි. කලාව ගැන වැඩ කරන්න මේකේ වැඩක් කරපන් කියන හැටි. බත් කද්දි තමන්ට විසිට් නාවත් කොහෙන් හරි හමුවෙන බැදුම් කෑල්ලක් නොදන්නවා වගේ පිගානට දාලා යන ආදරේ වෙනුවෙන් නුඹ වෙනුවෙන් ජන්දයක් දෙන්න ලෑස්තියි. ලියන්න තියන දේවල් ගොඩයි. මම හිතන්නේ නැහැ ජීවිත කාලයේම ඇසුරු කළත් එක ලග රෙට්ටු දෙකක වසර දෙකක ආදරය ඇතිවූ සිද්ධාන්ත කාවත් නැතිව ඇති. ඒක කියන්න ඔයාගේ අල්ලපු රෙට්ටුවේ හිටපු මාරෙත් ඊට එහා පැත්තේ හිටපු ප්‍රේමලාලුත් ඔයාට තාම ආදරේ කිව්වාම ඇති. ඒ ආදරය වෙනුවෙන් මල්ලි කිව්වා විනා ඔයාගෙම අදහස් වලට අනුව ප්‍රතිපත්ති ඇතත් නැතත් අපි කාටවත් ජන්දේ දෙන්නේ නැහැ බන්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොකියා මෙසේ කියන්නම්. මොකුත් නොකියන්නම් ආදරම ආදර මිත්‍රය. ඔබ තවම මා සමග ජීවත් වෙනවා සහෘදයා. කුවින්ටස්ලා ප්‍රේමලාල්ලා, තෙන්නෙලා, තාම ජිවත් වෙනවා. මිනිසුන් වෙනුවෙන් දස වද විඳ ඔයා යන්න ගියා නොවේ අරින්න ගියා. කොහේ හරි ඇති.

ආදරය කියන්නේ මිය නොයන ආධ්‍යාත්මික මගුලක් රංජිදම්. සැනසිල්ලේ වෙලාවක හම්බ වෙන්න වරෙන්. කොච්චර විසිට් තිබ්බත් සම්බෝලෙට තමයි මම ආසා කියලා ඒ කෑම වලින් ප්‍රේමලාල් සමග සම්බෝලක් තියන දේ එකතු කරලා හදාගන යන්න වරෙන් බන් රංජිදම්. මතකද මම ඔයාට වර්ණ ත්‍රිකෝනය ගැන කියා දෙනවා. පස්සේ මම බාහිර උපාධියේ සහතිකය ගැනීමත් ප්‍රතික්ෂේප කරනවා. මතකද රතන සාදුගේ සිවුරු ගලවා නාටක කරන්න තිර දානවා. ඒ හාමුදුරුවන්ව මහත්මා ගාන්දි කරනවා. මතකද...... කියලා වැඩක් නැහැ රොමැන්ටික් තමා. ඉතින් මචන් හීනෙන් හරි බලලා යන්න වරෙන්. උඹ ගැන ගාමිණී මුතුකුමාරණ විතරක් නොවේ පුෂ්ප විතාරනත් තව බෙහෝ අය මතක් කරනවා. ගෙවිඳුවා දැන් පොරක් උනත් උගේ ගතිගුන තාම හරි රැඩිකල් කෙලින් ආදරණීයයි. යකෝ නිමලයා නිමල් කරුණාසිරි ආයුර්වේද කොමසාරස් වෙලා දැන් මානව හිමිකම් කොමසාරිස්. ඒකාත් එදා වගේම තමා කට. ගාමිනී ජයලත් මැරුවා කියලා ආරංචියි බන්. ශීලා ගැන කියා දුන්නේ ඔයා. ආ ඒකත් මැරිලාද දන්නේ නැහැ. ස්තීර වශයෙන්ම අර ජ්‍යාතන්තර කොමිනියුෂට් වාදය ගැන වියට් නාම් ගියබ්ගේ තාත්තා වගේ කතා කරන ලෙස්ලි සහෝදරයා මලා. අමරේ අය්යා මහරගම ඉන්නවාලු. අනිත් අයගේ මරණ ගැන දන්නවානේ. වෙලාවක සිහිනෙන් හරි නොවරදවා හමුවෙලා යන්න වරෙන්. මොඩන් විප්ලවවාදීන් කියන්නේ මනුෂ්‍යත්වයේ දයලෙක්තික් ආධ්‍යාත්මික ආදරය. උන්ව හීනෙන් හමුවෙන්න බැරි ඇයි. මුන් ඇවිත් අපේ අම්මා තාත්තා වගේ හෘර්දයාන්ගම සැබෑ මිනිසුන් කිව්වොත් අගෞරවයක් . සැබෑවටම දෙවිවරු තමා.

මලින් මලේ රොන් පොපියන
රඟන බමර ජීවිතේ
කප්තුරු හිස දළු ලියලන
නව යෞවන ජීවිතේ
අපට උරුම නැත
නාඬන් හදවත //
මලින් මලේ රොන් පොපියන ...
තුරුණු පැතුම් හිසින් දරා
මතු දවසට පෙරුම් පුරා //
ඉපනැලි කටු කොහොල්
මැදින්
මඟ සොයනා ගමනේ
මඟ සොයනා ගමනේ
කිඳා බසින ජීවිතයට
නැත කිසි පිළිසරණේ //
මලින් මලේ රොන් පොපියන ..
විඩා තැවුල් පීඩා සිඳ
හමා නැවුම් මාරුතේ
පමා වෙලා හෝ වැහැපන්
මුතු වරුසා ජීවිතේ
මුතු වරුසා ජීවිතේ
මුතු වරුසා ජීවිතේ //
මලින් මලේ රොන් පොපියන ...
අරමුණු විසඳුමක් නැතේ
අද පමණයි හෙටක් නැතේ //
හිස් අහසට අත් ඔසවා
අපිත් කිරට හැඬුවා
අපිත් කිරට හැඬුවා
සා පවසට අනේ අපිට
කිරි එරුනේ නැතුවා//
මලින් මලේ රොන් පොපියන ..
පහනේ තෙල් සිඳෙන තුරා
තටු ගිලිහී දැවෙන තුරා
පහන් සිළුව වටා රඟන
පළඟැටි රෑනයි
මිරිඟු සයුර සොයා සරණ
පළඟැටි රෑනයි

ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සෝමදාස ඇල්විටිගල


Powered by Blogger.