කුවින්ටින් ප්‍රනාන්දු සහෘදයාට නොවක් තුති!!!!!

                          " අතීත මතකයට නොවක් තුති" කුවින්ටින් ප්රනාන්දු සහෘදය!!!..

උපන්දිනය වෙනුවෙන් අතීතයක් සිහිකළ කුවින්ටින් ප්‍රනාන්දු සහෘදයාට නොවක් තුති!!!!!
https://bit.ly/3ZaRgcc

දෙසැට වියත් ..
සකල කලා මා රස මාරේ.
අපි හමු වන්නේ අදිරද අනින් මී වන වැනසූ ජන මන මන්ද මී ගම් පුරේදීය. මී පුර නගර ශාලා හා කාදිනල් කුරේ ධර්මෝපදේශක ශාලා ජනාවබෝධ කේන්ද්ර ආදී තැන් වලදීය. එහෙත් අපි එකිනෙකා ඇතුලාන්තයෙන් හඳුනා ගන්නේ අධිරද අනින් ආන්ඩුකාර කැමරුන්ලා මිනිසුන් සිරගත කල, ඒ අයුරින් ම උන්ගේ ගැත්තන් අප කුදලා සිර කළ නව මැගසින් සිපිරි මැදුරේ දීය.
දේශය පුරාවට මෙන්ම විශේෂ කොට මීපුර ජනාවාස වීම් වලදීද, දේශීය හා විදේශිය රාජ බල අරගල හේතුවෙන් හා අධිරාජ්යවාදී බයිනේත්තු අබියස අන්ද මන්ද වූ සම්මිශ්රිත පසුගාමී මන්ද මානසික මීපුර චින්තනය, දේශයේ හා සකල පුරවැසියන් ගේ ගෞරවනීය දිශාවට මාරු කිරීමේ වග කීම අපි අපේ උර මතට බලෙන්ම පටවාගෙන සක්රියවූ (70/80) සමයක එහි පන්ගුකාරයෝ වීමේ භාග්යයෙන් හමුවීම් ලද්දෝ වෙමු. වේදිකා, වීදි නාට්ය, සාහිත්යය හා දේශපාලන සම්මන්ත්රණ, පන්ති, කඳවුරු, වැඩමුලු, සක්රියවූ සමයක, ඒ බොහොමයක් අවස්ථාවල අපි හමුවුවද හඳුනා නොගත්තෙමු. 83 ජූලියේ කලුවර අප හඹා ආවේ එම අන්ධකාර අවලම් අමානුෂික මාරයාට එරෙහිව දමිල පුරවැසියන් රැකීමට දිවි හිමියෙන් කැපවූ වරදටය. අප කුදලා සිර කළේ ඒ අපරාධය කළේ අප යයි මාද්ය මගින් ප්රචාරය කරමින් ය. එහෙත් අපට දුන් නියෝග පත්රවල අඩංගු වූයේ මහජන ආරක්ෂක පනතේ හදිසි නීති රෙගුලාසි 1/17 වගන්තිය යටතේ අනාගතේ සාමය කඩ කරාවි යයි` පාලකයින් අනුමාන කරන හෙයින් අත් අඩංගුවේ රඳවා තබන බවය.එය මාසෙන් මාසෙට දිගු වූයේ කෙලවරක් නොමැති සේයාවෙනි. අප වෙනුවෙන් පැවරූ මිනිස්
අයිතිවාසිකම් නඩුවල විත්තිකරුවන් උසාවි නොපැමිණියේ අධිකරණයට සරදම් කරමින් අධිකරණ යුක්තිය අනන්තයට කල් තබමින් විශ්වාසය බිඳ දමමින් ය. කෙසේ හෝ අපව ගාල් කලද සිපිරි ගෙය අපට සිපිරි පාසලක්ම විය.
එකීය අරමුණක් ඇතිව සිර ගත වූ අප අතර වයස් , දැනුම්, නිර්මාණ, හැකියා සිතුම් මට්ටම් විවිද වුවද අදහා ගත නොහැකි සහොදරත්ව බැඳීම අපව ඔසවා තැබූවේ ඉහල තලය කටය. මේ අද්දැකිම් මෙවැනි තැනකින් තොරව කිසිදා ලැබිය නොහැකිය . සහජ, දුර්වල, ගතිගුණ වලින් මිදී උසස් මානව ගුණ ප්රගුණ වන ස්ථානයක් බවට පත් වූ අයුරු හරි අපුරුය. සියලු ක්රියා කාර කම් සාමුහික වූයේ ඒකීය කඳවුරක් වෙමිනි. මෙහිදී ඇතැමුන් තම සහජ දුර්වලතා නිවැරැදි කර ගනිමින් සහජ නිපුණතා වර්දනය කර ගනිමින් ඒ සඳහා විවේචනයේ හා ස්වයං විවේචනයේ යෙදෙමින් ආනාගත මාතෲ භූමිය පිළිබඳ සිහින දුටුවේ සියලු මුරකාවල් කොටු පවුරු පරයා යමිනි. ඇතැම් අංශ වල උගතුන් වියතුන් සිසුන් වූ, ඇතැම් සිසුන් ගුරුවරුන් වූ ඒ අපූරු ක්රියාදාමය ආශ්වාද ජනක විය. දේශපාලන හා විවිද කාරනා භාෂා දැනුම් ප්රගුණ කර ගනිමින් අත් හදා බැලීම් කරමින් ගෙවූ කාලය තුල සිරගත රැඳවියන් ගේ බුද්ධිමය තලය ඉහලට එසවෙන ආකාරය විද්යා මාන විය. අධ්යාපන කටයුතු සංවාද, ප්රසංග, ප්රදර්ශන නාට්ය ආදී සාමුහික ක්රියා දාමයන් එක පෙලට පෙල ගැසී සිපිරි ගෙයක් බව අමතක වන තරමට ප්රබල විය. මෙහිදී අපූරු වූ හැසිරීමකින් මාරේ කැපී පෙනුණේ ඔහුගේ දැනුම හැකියාව ක්රියාකාරකම් හා හැසිරීම අනුවය. ඔහු තුල පොදු සහෝදරත්වයට අනුගත වූ හා නොවූ ඔහුට ආවේනික වූ පොදු පැවැත්මට හානිකර නොවූ ගති ලක්ෂණ අප තුල කිසියම් ආශ්වාදයක් ඇති කළේය. මිටි කෙසඟම නොවූ සිරුර, පස්සට පීරූ පනාවට කීකරු නැති බූසි කෙස් පිරි හිස, එවැනි ම වූ තපස් රැවුල, බුලත් විට හක්කේ පිරි විකන මුව, එම විට කහට රත බැඳී දෙතොල හා දත් ඇඳි ද, අත් කොට කමිසය යට කොට ඇඳි බතික් සරම මැදින් හකුලා දෙබරන් අස්සේ ගසා තනි කකුලේ වාරුවෙන් සිට ගෙන කලාවේ හා දර්ශනයේ දිග පලල දාර්ශනිකව විනිවිද යන රැඳවුම් කරුවෙකු නොවූ නිදහස් නිවහල් මාරස මාරේ දැක්ම හැම සිතක් තුලම රංගදර සිතුවමක්ම විය. ඔහු පැරනි ජන කලා ඇසුරින් රංගන අභ්යාසයේ යෙදෙමින් රැඳවියන් හා කළ නිර්මාණය සෙසු රැඳවියන් ගේ අච්චු කරුවන් ගේ බන්ධනාගාර නිල දරුවන් ගේ පැසසුමට ලක් විය. ඇඳි ඇඳුම් වලින් කොස්ටියුම් නිර්මාණ කළ අයුරු, වේශ නිරූපනය සඳහා මල්, පත්ර, කිරි මැටි මිශ්ර කොට සායම් නිපදවා ගත් අයුරු තුලින් විද්යා මාන වූයේ අභියෝග වලට මුහුණ දෙන භුධ්දි මහිමය ය. කියවීමේ හා මතකයේ රඳවා ගැනීමේ දාර්ශනික කරුණු සුදුසු අවස්ථාවේ ගෙන හැර පෑමේ හැකියාව ඔහුටම ආවෙනික විය. මා විසින් නිර්මාණය කළ දැතිරෝදේ (ලෝහිත ) නාට්ය සඳහා ද ඔහුගේ මෙකී හැකියාව මහෝපකාරී විය. දුර්දාන්ත පාලනට එරෙහිව කෙරුනු අරගල වලට සමපාත වූ විරෝධතා ක්රියාකාරකම් වල නිරතව අපේක්ෂා සහගත ව ගෙවුණු ඒ දිවියේ එක්තරා අවස්ථාවාදී ඔහු නිදහස් වූ අතර අපට පැන යාමට සිදු විය. රටින් ද පැන ගිය මා හට ඔහු පිළිබඳ තොරතුරු ලැබෙන්නේ වසර 25කට විතර පසුවය. සිපිරි මැදුරු මතකයන් අතර ඔහු පිළිබඳ මතක ද අනුස්මරණීය වේ. වෙබ් විරිතේ මා රස තීරුව අව්යාජ වූද නිවහල් වූද හතර අතට හරයක් ඇතිව නෙලන දෙසැට විය පත් සොහොයුරේ නිදුක්ව, නිරෝගීව, සුවපත්ව, යෙහෙන් වැජඹේවා, මේ සසරේ! මෙවර පැමිණි විට මදු විතද සමග දොඩමලු වෙමු සොයුරේ.

https://jagathmarasinghe.wixsite.com/mare
23 02 2023


Powered by Blogger.