ආලේ බැන්ද මාගේ රම්‍ය වන්

                                           ආලේ බැන්ද මාගේ රම්‍ය වන්


              මේ කාලේ මාරස සයිබර් රස්තියාදුවේදි ඇහිඳගන්නා ලද දේ ලිවීම නතරකලේ ඇයි දැයි දෙදෙනෙකු විසින් පමණක් අසන ලදී. හැත්ත බුරුත්තක් විසින් අසන ලද්දේනම් ඒවනාහි කිසිත් නොලියවෙන සංවිධානත්මක උසිගැන්වීමක ප්‍රතිපලයක් පමණි කියාය. මාරස කුමක්ද කියා තීරණය කිරීමට පාටක ඔබට මුලදීම අවසර දී ඇත. මාරස අවසරය නැතත් ජනතාව විසින් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගන්නා ලද දෙයක් වන්නේ ජනතාවගේ අයිතියය. එදා සිට ජනතාව රවටන සකල පාලකයෝ අද ජනතාව දිනා ගන්නේ, ජනතාවාදී වන සමාජ ප්‍රවණතාවන්ගේ ගති විභේදන මනෝවිද්‍යාත්මක දේහ පංති ලක්ෂණයෝ මර්ධනය සඳහාඅධිරාජ්‍යවාදී නව උපාය මාර්ග විසින් මර්ධනය කිරීම සඳහාම හදාරා ආරක්ෂක අංශය පුහුණු කරන බවය. දෙගොල්ලන්ගේම පැවැත්ම අද ගෝලීය වෙළඳ අවකාශයේ කම් කිම් වන්නේ චැප්ලින්ලා වන් දේශපාලනික ප්‍රහසන පොරවල් නැති නිසාය. විනෝදය අගයන තම්බපන්නිය ගත යුත්තේ සියලු මාක්ස්වාදී පන්ති දේශන වල හරය ආරක්ෂක නිළධාරීන්ද දන්නා බවය.
බය නැතිව කියන්නට දෙයක් තිබේ. 80 අපේ කාලයේ ලතින් ඇමරිකා දේශපාලනය අල්ලා දේශපාලන විචාරයකයන් වූ දයාන් ජයතිලක සහ නැසී ගිය නලින් සුවාරිස්ලාට අල්තාරයේ සිටවත් වගේ වගක් නැත. මොහාන් සමරනායක නම් පුරුෂ භාෂාවෙන් කියවන විට රුසියානුවන් ගැන අපේ අධිනිශ්චය වූ යුගය සිහිවී ශරීරයේම මවිල් හිපුටු දා බිබිලි මතුවන්නේය. ඒකාගේ ඒ තත්ත්වය දැනුමක් වශයෙන් අද වාර්ථාගත තත්වයක තිබෙන බව දැනෙනා විට ඒ චර්මයෙන් උඩට මතුවූ හිපුටු ඇස මස් ලේ නහර කිඳා ගොස් හදවතට වද දෙන්නේය.
මේ සම්බන්ධව අගමුල් ගැන මා ගියේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය ගැන දත් නොදත් ප්‍රධාන පක්ෂ දෙකත් අද ප්‍රධාන පක්ෂ බියවී ඇති එකල ආදරය කළ අද ආදරය විරහක් වූ ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් විභේදනය වූ පෙරටුගාමීන්ටත් අදාල වේ. එසේ වන්නාත් වූත් එසේ නොවන්නාවූත් නිමේෂයක මාරසට අපේ කාලයේ සටන් සම්බන්ධව ජ්‍යාතන්තර දැනුමක් තිබි උයන්ලාගොඩලාවත් අදටත් මා හදවතේ ජීවත් වන චාල්ස් අබේසේකරලාවත් ඉතා වැදගත් වන්නේ එදා සෝවියට් දේශය හිටියත් නැතත් කෙලින්ම දේශපාලන විග්‍රහ ඉදිරිපත් කළ නිසාය.
වික්ටර් අයිවන් සහ නන්දනව සිහිගන්වන්නේ ජාතික මතවාදයට නැතිවම බැරි මානවවාදී උනටත් වඩා මහන්සිවන සහ උන්ද දැණුමක් ඇතිව සැබෑ මිනිසුන් ලෙස දැකිය යුතු පැත්තක් ඇති නිසාය. මේ ඡායාරූපයේ සැබෑව විමසන්නට මේ සියල්ලටම මැදි අදහස් දරන ආණ්ඩුවේ හිටියත් අපට ජ්‍යාතන්තර දේශපාලනය ගැන අදහසක්ම ගන්නට (විශේෂයෙන් සෝවිට්දේශය සහ රුසියාවේ) ජ්‍යාතන්තර කියවීමක් ඇති මොහාන් සමරණායකව මාරස අමතන ලදී. මට ඒකාගේ දේශපාලනයට වඩා ඇවැසි ජ්‍යාත්තර කියවීමය. මා ඒ ප්‍රශ්න වලට මොහාන් අයියාව අමතන්නේ අද ඊයේ සිට නොවන බවද සටහන් කළ යුතුය. සමහර දේ වලට එකඟවන්නේ නැති වීම ගැනද මොහාන් අයියා දන්නවා නියතය කියන්නේ පක්ෂ ලැදි සාකච්ඡාවක් ලෙස යමෙක් සිතන්නට ඉඩ ඇති නිසාය.
කෙලින්ව වැල්වටාරම් ගොඩකින් නොව‌ සෝවියට් සමාජ විප්ලවය බිඳ වැටීමේ දේශපාලනය ගැනත් කතා කරමින් මේ අදහස කියන්නට තැතනුවෙමි නොව තැටමුවෙමි.
මාරස ප්‍රශ්නය වූයේ ඔබ රජයේ උපදේශකයෙක් වුවත් ‌ජනදාස පීරිස්ලා, සහ ජයරත්න රුබේරුලා සිටි යුගයක ඊටත් එහා සිටි ඔබ ජාතිකවාදී දේශපාලන තත්වයක අද යම් මෙහෙයක් කරමින් සිටින බව ඇත්තකි. නමුදු පුද්ගලික සොයා බැලීම් අනුව තමන්ගේ පඩියෙන් අහිංසකව ජීවත්වන පොරකි. ( ඒ බව අනුරුද්ධ ප්‍රදීප්ද ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකින් ප්‍රකාශ කළා මතකය) ඒ සෝවියට් දේශ සාහිත්‍ය දේශපාලනයේ අපට නිපන් දැකිය හැකි එක් කඳුලක් නොව අවසාන කඳුල බව ආත්මීය ප්‍රකාශ වී අවසානය.
අසන ලද ප්‍රශ්නය වූයේ ජ්‍යාතන්තර මූල්‍ය අරමුදල ලාංකේය දේශපාලනයේ මධ්‍ය ලක්ෂය වී තිබුණාට රුසියාව සහ යුක්රේන් යුද්ධය නැතිනම් බටහිර බලය සහ ඇමරිකානු යුද්ධය පුටින්ගේ සංවිධානාත්මක බලවේග අනුව කිසිදා බලය සමතුලනය වෙන තෙක් අවසන් නොවේද යන්නයි.
කෙලින්ම කීවේ නැත යන්නම තමාය. කොටින්ම මොහාන් අයියා ,සහෘදයා, ජාත්‍යන්තර ජනමාධ්‍යය විත්වතාටත් වඩා යම් සැලකිය යුතු අවංකත්වයක් ඇතිව දේශපාලනය කරන මේකා මේස‌ේ කිව්වේය.
"බටහිර සහ නැගෙනහිර යුද්ධය ලංකාවේ ආර්ථික ප්‍රශ්නයට නොවේ ලෝකයටම බලපා අවසන්. සමහර විට දේශපාලනික සංහිඳියාව ජයගත නොහැකිව න්‍යාෂ්ටික යුද්ධයක් බවට පත්වුනොත් කුමක් වේවිද යන්න ඔහු මාරසෙන් පෙරලා ප්‍රශ්න කළා. නමුත් මොහාන් සහෘදයා අන්තිමට කීවේ ධනේශ්වර ආර්ථික රටාවේ තියන ගැටලුත් මේ ලෝක ආර්ථික ප්‍රශ්නයටම බලපාන බවයි."
කොහොම උනත් කම් කිම්.
ශ්‍රී ලංකාවේ පැරණි දේශපාලන ක්‍රමය බිඳ වැටී ඇත. ඊළඟට කුමක් සිදුවේද? අප මාරස සයිබර් රස්තියාදුවේ ඡායාරූපයට යමු.
මෙම ඡායාරූපය මාස 7කට වඩා පැරණි වෙබ් මුල්ලකින් තමා මාරස සයිබර් රස්තියාදුවේදී ‌ඇස ගැහුනේ. "Support the Guardian" වන වෙබ් ලිපියක් කියලයි දැක්කේ. (විරෝධතාකරුවෙක් 2022 ජූලි 13, ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි අගමැති කාර්යාලයේ වහලයේ සිට ජාතික කොඩිය ලෙළවයි. ඡායාරූපය: චමිල කරුණාරත්න/ඊපීඒ) මේ කාලේ ගොඩක් මේ වගේ ඡායාරූප දැක්කා. නමුත් අර බර්ටොල් බ්‍රෙෂ්ට්ගේ සිද්ධාන්තවන දුරස්තකරනයේ එක් පැතිකඩක කියනවා වගේ දේශපාලනිකව අලුත්ම අලුත් දේවල් කලාවට පාවිච්චි කිරීම කලාවට විතරක් නොවේ මාධ්‍යවේදයටත් වඩා සමාජ මාධ්‍ය ජාලා වලටත් අනතුරු දායකයි. නමුත් බර්ටර්ල් බ්‍රෙෂ්ට්ගේ සිද්ධාන්තයන් ( නාට්‍ය කරණයෙන් තමා කලා සිද්ධාන්ථ බිහිවෙන්නේ. භරතමුනිගේ රසවාදයත්ට , ඇරිස්ටෝටල්ගේ රසවාදයත් වගේම බ්‍රෙෂ්ට්ගේ න්‍යායනුත් ඒසේම තමා. උඩරට පහත රට අපේ නාටක සම්ප්‍රධායනුත් එසේම තමා. සරත්චන්ද්‍රයන් සහ දයානන්දයන් පමණක් නොවේ තවත්කා කී නොවී එකාලා ඒ ගැන කතා කර තිබෙන බව දන්නවා. ) මේ ඡායාරූපය දමා ගසා තිබෙන්නේ ඒගේන්ස් ලයිටින් වලින්. විරුද්ධාලෝක සංයමයෙන්. මාරයි මචන්.(Sihouatte කැලිසේයා
ආලෝකවත් පසුබිමක දැඩි අඳුරු රූප_ ආලෝක දඩයම් වල ආධ්‍යාත්මිකත් භෞතිකවත් නොවෙ කලාත්මකවත් ආලොක දඩයයක්කාරයන්ට ආලෝකයේ ජීවිත දඩයම් කියාදෙන ඉන්ද්‍රනාත් තේනුවරයන්ගේ ඡායාරූපය ගැන දැක්ම.)වෙලාවක වරෙන් සියල්ල කැමරා එල්ලන් දඟනකොට පැත්තකට වෙලා දීපු ගේම ගැන කතා කරන්න. ආලෝකයේ නාමයෙන් සහ කැමරාවෙන් ආලෝක පාලනය ගැන අප කතා කළ යුතුයි.
මතක තබා ගත යුත්තේ අද අප කතා කරණ සියලු අතීතාවලෝක සියලු කලාවන් සජීවීකරණයට එන්න තැත් කළත් ඡායාරූප කලාව වෙනත් මානයක මාර සජීවී ඒක රේකීය දෙයක් කියලා නොවේ ‌ත්‍රිමාණත් පසුකර බහුමානික තලයටත් ගිහින් කියලා. ආන්න එතන තමා චිත්‍රකරණය කරන ලෝක පණ්ඩිතයන් ඡායාරූප කලාව සම්බන්ධව හැප්පෙන තැන. එතනම තමා ඒ කලා ප්‍රවණතා දෙකම ඒකත්වයකට පැමිනෙන තැන. ඒ සියල්ල එක් තැන් කරන් ඊටත් වඩා වැඩි දේ අරමුුුණු කරන් ප්‍රතිමානනීය සමාජ කලා ප්‍රදර්ශණය කළ සුජිත් රත්නයකයන්ද සිහි කළ යුතුයි.
සියලු දෘෂ්‍ය කලාවන් ජීවිත වලටත් වඩා අද ඉදිරියෙන්........
සුඛිත මුදිත ‌ ලෙස ජිවත්වෙන්න හැකි පන්තියකුයි දකුනේත් වමේත් අද ඉන්නේ. ඉතින් අපි කවුද. ඒකලාගේ පැන්ටසිය තමා සාමාන්‍ය මිනිස්සුව ‌ඇන්දවීම. මන්දා ඊට විකල්ප ලෙස පැමණි එදා " X" සන්විධානයත් කුමක් කරනවාද නොවේ කුමක් කියනවාද කියලා. මොකද උන් එදා තමයි කිව යුත්ත කිවයුත්ත විදිහට සැබෑ ලෙසම වර්ථමාන ඇසකින් දිව කට පෑන පාව්ච්චි කළේ. අද ඒ කණ්ඩායමේ අර්බුදයත් කර්මපල වාදයකින් කතාකරන්න ඒකලා ඉඩදීලා. අනේ යකෝ කියලා අනෙක්ම ඡේදයට යන්නම්
තේරෙනවා! මේ සැම, කළයුත්තේ මොකක්ද යන්න. ඒත් මේ වෙලේ ප්‍රජාතන්ත්‍රවාදය මොන වචන කිව්වත් උපාය මාර්ගයක් කරගනිමින් බලය අල්ලන්න එන එකාලට ලෝක දේශපාලනය සම්බන්ධව දන්නේ නැතිද නොදන්න නිසාද බයිලා නොවේ කපිරිඤ්ඤා කියන්නේ කියන කතාව ඇසිය යුතුයි මාරස. මන්ද අද නිකන් පාවි පාවි හිටියත් අපිත් ඇඟ තලාගෙන සිටින නිසා. මාරස කියන්නේ ආතල්ගත් ජීවිතයක් නොවේ. බිව්වත් නොබිව්වත් දේශපාලනය සහ ඉතිහාසය සම්බන්ධව ඇඟතලා ගත් අහඹුවකට ජීවත්වූ ද්‍රව්‍යමය හෝ ආත්මීය සම්බන්ධයක් නිසා. කිසිම දේශපාලන සංවිධානයකට නොගිහින් හුදකලා වෙනකොට මනස නැත්තටම නැතිවෙන්න ඉබෙ තැලෙනවා අනිවා. ඒත් මාරසට දැනෙන සැබෑව ඊට වඩා සැපයි තමා.
සමාජ සටනේ මාරස දායකත්වය ද්‍රව්‍යමයද ආත්මීයද කියන්න මාක්ස්ලාට බැරිවූ තියරි ගැන භෞතික තත්වයන්ගෙන් නිපන් පොරවල් හරියට තේරෙන්න නොකියන කතා තාම මාරසට විලම්භීතයක්. ‌අන් කරුණක් නිසා නොවේ . කුමක් නිසාද යන්න මේ ගීතයේ ඇති.
https://youtu.be/9jK6S64Ggwk
ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්
මේ.. ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්//
මේ සුනිමල මගෙ දික්ත
ල//
ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්
මේ.. ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්

අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා//
ගත් ලඳුන් මගේ ඇගේ රූපෙ බෝ අගේ//
ආලෙ බැන්ද..

ය‍න්නට‍ ග‍ම‍ට‍ මෙ‍දී‍න‍ ම‍වු‍පි‍ය‍න්‍ ද‍කි‍
න‍ ලෙ‍සී‍න‍//
තෑගි ලෙසට දැන් ගෙන යාමී රස 
කැවුම්//
ආලෙ බැන්ද..

මේ සුනිමල මගෙ දික්තල //
ආලෙ බැන්ද..
https://jagathmarasinghe.wixsite.com/mare
24 02 2023


Powered by Blogger.