පිංඇති පිංඇති පිංඇති නැන්දේ .......!!!

 අලුත්

පිංඇති පිංඇති පිංඇති නැන්දේ .......!!!
මාරස සයිබර් රස්තියාදුව වංගු ගොඩයි. මොකද හිතුමතේ ජීවිතයක් වගේ හිතුන හිතුන තැන්වලටයනවා. හැබැයි ‌දෛශික වලට වගේම දිශාවකුත් නැත්තාම නොවේ. කොහොම උනත් පියෙක් විදිහටද මාරසට අත්දැකීම් බහුලයි තමා. නමුත් දන්න අය දන්නවා මාරස ජීවිතය අසම්ප්‍රධායිකයි වගේ පෙනුනට ඒ සම්ප්‍රධායේ අවසාන කඩඉමේ වෙනත් කතන්දරයක් කියලා. ඒව පසුවට කල් තබමු.
මේ ඡායාරූපය ඇහිඳ ගත්තේ "Birth Photographr" කියන වෙබ් පිටුවකින්. දැක්ක ගමන් මේක මාරසට පමණක් නොවේ කුටුම්භ ජීවිතයක් ආරම්භයේ විවාහ වුන කාටත් පුරුදු ලෝක දඩයමක්. මෙන්න ඡායාරූප නිර්මාණ ශිල්පියා අනන්ත අප්‍රමාණ ප්‍රශ්න ජාලාවකින් අපිව වල්මත් කරලා කූටප්‍රාප්තියක් මතුකරල අපව ඒ සමග තර්කයකට ඇදලා දානවා. පළමු ප්‍රශ්නය වන්නේ මේ දරුවා වඩා සිටින මව වදාපු මවගේ අම්මද, නැන්දම්මද, නැතිනම් වෙනින් කවුරුවක්ද කියලා. දැන් රසික මනස වෙහෙසෙනවා මේ ගැන හොයන්න. මෙන්න මේ සොයායාමෙදි තමා ධර්ම දාර්ශනික දේශපාලනික නිම්වලලු අපේ මොළගෙඩියේ විනිවිදිමින් කලාව ජීවන ධාරිතාව විකසිත කරන්න පටන් ගන්නේ.
    මෙතන දරුවාගේ මවගේ බැල්ම ගත්තාම කිසිත් කියන්න බැහැ. දරුවෙක් වැදූ මවක් ඒ නිමේශයේ කා දෙසත් හෙලන්නේ ආඩම්බර බැල්මක්. හරියට නිකන් මහා නිර්මාණයක් කළ නිර්මාණ ශිල්පියෙක් තම නිර්මාණය බලන රස විඳින මහා ජනගංගාවකට හෙලන බැල්ම වගේම තමා. ඒ නිසා ඇයව මෙතනට ගන්න බැහැ. අම්ම ලඟ ඉන්න ඇති. මේ සැරසිලා ඇවිත් තියෙන්නේ නැන්දම්මා කියලා හිතන්නත් බැහැ. ඒවා රටරට වල ගම් ගම් වල කාල අවකාශ තත්ත්වයන් සමග අද වෙනස්. නමුත් ඡායාරූපයේ අම්මා හෝ නැන්දම්මා කියා කියන්න සරලවම හැකියි. ඒත් අම්මා ආවනම් අනිවාර්යෙන්ම දරුව දෙස බලන්නේ දෙවැනුවයි. මොකද එයාගේ දරුවා තමා අංක එක. ඒක අපි අත්දුටු දර්ශන. දුවගේ සැපදුක් විමසමින් තමා හොර රහසේ දරුවා දෙස බලලා කෙලින්ම අයිතිකාරිය වගේ දරුවව වඩා ගන්නේ වැදූ මවගේ අම්මා තමා. ඒකත් ලස්සන දේශපාලන කතන්දරයක්. මොකද තාත්ත කවුද කියන කතන්දරය දරුවගේ අම්මට තරම් නැහැ තමා. මොකද තාත්තා කවුරු වුනත් ඒ තමන්ගේ දරුවා නිසා. ඒ නිසා  වැදූ අම්මගේ අම්මගේ මනසටත් තාත්තෙක් ගැන ස්නායු කතාකරන්නේ පස්සේ. මොකද මේ තමන්ගේ බඩින් වදාපු දුව වදාපු දරුවා. නමුත් මේ ඡායාරූපයේ ඒක, මූල ශාක්ෂියක් විදිහට මතුකරන්න බැහැ. 
        මොකද ඡායාරූප ශිල්පියා මොක දඩයම් කළත් මොන නමින් දැම්මත් නිදහස් රසිකයා ඉන්නේ ඒ සියල්ලන්ටම ඉදිරියෙන්. එතනදි තමා මාරස කියන්නෙත් සෑම රසිකයෙක්ම විචාරකයෙක් තමා කියලා. ඉතින් රසිකයා කියන්නේ මේ ආලෝක දඩයම් සංකල්පයේ ඇත්ත නැත්ත හොයන රහස් පරීක්ෂකයෙක් නොවේ. ආලෝක දඩයමේ සංකල්ප ඇසුරින් කලාත්මක වූත් දේශපාලනික වූත් සැබෑ කතන්දරය නිර්මාණාත්මකව වින්දනය කරන කෙනෙක්. අන් සියලු වාර්ථා කතන්දර ගොඩ නැගෙන්නේ නිර්මානය මත විනා වෙනත් අවශේෂ කාරණා මත ‌විය නොහැකියි.  නිර්මාණ ශිල්පියා කියන්නේ රසිකයගේ වහලෙක් නොවන්නා වගේම රසිකයා කියන්නෙත් නිර්මාණ ශිල්පියගේ හෝ බලවත් ලෙස අධිනිශ්චය වී ඇති විචාරක මහතුන්ගේ අතකොලුවකුත් නොවේ. රසිකය කියන්නේ රසිකය. වෙන වචන අදාල නැහැ. 
තව ප්‍රශ්න මතුකරන්න හැකියි. මේ දරුවාගේ මූන බලන්නේ ආදරයෙන්. අම්මනම් තමන්ගේ දුව වගේද කියලා බලනවා කියයි. ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. තාත්ත වගේ නොවුනොත් හෙට අනිද්දම දුව ලමයත් අරන් ගෙදර එන්නත් ඉඩ තියන නිසා දුවගේ දරුවා තාත්ත වගේ නොවුනත් මහ එකා වගේමයි කියන්නේ ජාන පුරුද්දකින් වගේ. මේ අත්දැකීම් වර්ථමාන යුගලන පවුලේ කැඳ හැලියක් බව සාස්තර කාරයෙක්ද විදිහට ඉතාම හොඳින් මාරස දන්නවා. සජීවී අත්දැකීම් කියන්නේ කඩන්න බැරි බංකර.
නැන්දම්මා මාමන්ඩිය වෙනුවෙන් කෙලින්ම පෙනී සිටිනවා. දරු සෙනෙහස මැද්දෙන්ම අම්මා සහ නැන්දම්මා තමා දරුවගේ ප්‍රථම සාමාජීය උප්පැනය ලියන්නේ. ඒක සටහන් කරගන්නේ කෙලින්ම නැන්දම්මාගේ සහ දරුවගේ අම්මගේ අම්මගේ මනසේ. දරුවාගේ පැත්තෙන් ආච්චිගේ පැත්තෙන් වගේ තැන්වලදි අර සොර්භාද ග්‍රීක් නවකතාවේ කියනවා වගේ "ගෑනුනේ" කියලා සොර්බට වගේ හිස්වෙන්න සාමාන්‍ය මිනිසුන්ට ලේසි නැහැ. ඒකට තමා කියන්නේ පවතින සංස්කෘතියේ බලය කියලා. නමුත් ඒ සංස්කෘතික බලයේ ගතික ලක්ෂණයක් නිසාම මේ වෙලාවේ ගැටලු ප්‍රදර්ශනය කිරීම ජීවිතයෙන්ම තහනම්. මේ නිසා දරු උපතකදි සෙනෙහස දෝර ගලනවා. කල් පසුවන විට තමා ආදරය සමාජීය දේශපාලනික ප්‍රාග්ධන බාදක මැද පීඩාවක් බවට පත්වන්නේ. මේ යුගලන පවුල ලංකේය නැහැ. කෙලින්ම ‌‌ගෝලීය කරණයි තමා. ඒක මාරස දන්නවා. නමුත් ලාංකේය කාල අවකාශය නැත්නම් සංස්කෘතික වපසරිය මතයි මේ ලියන්නේ. ලෝක සිනමාවේ මහා පොරවල් වෙන්න තටමන අය නෙවේ රස විඳින්න මොන ශානරයක හරි විඳල පිනායන පිරිසයි මාරසට වැදගත්. ඒ මාරස ඒකලා තමා කලාවේ පෙරමුණු බලකාය කියා සිතන නිසයි. දැන් විචාරකයෝ එන්නේ ඊටත් පස්සෙන්. ඉතින් ඒයාලට පුළුවන් යූ ටියුබ් නාලිකාවක් දාගෙන තමන්ගේ නම විකුනලා හම්බ කරන්න. නමුත් ඒකත් සාපයක්. ඇයි ඒකලාත් නොදන්න නොමිනිසුන් නෙවේ. සැබෑව දන්න සැබෑ කලාවට ආදරය කරන ආල වන්තයෝ. 
නමුත් මේ නැන්ද ලේලි දේශපාලන ව්‍යුහය බෑනටත් එසේමයි. යුගලන පවුල කියන්නේ රජයේ පුංචිම නිෂ්පාදන මාදිලියක්. තවත් පක්ෂ කණ්ඩායමක් කියාවි ඒක නිශ්පාදන ඒකකයක් කියලා. ඒකට ඉතින් කුමරතුංග මුනින්දාසයන්ව අවතාරයක් විදිහටවත් හමුවෙලා කතා කරගත්තනම් තමා හොඳ. නමුත් අළුත් කොල්ලෝ කෙසේ හෝ දෙයක් මේවයින් හොයනවා. ඒකලා අළුත් කියන්න බැහැ. මොකද අම්මගෙන් උපදින පුතා ජානමය වශයෙන් වෙනස් වුනාට සමාජ කණ්ඩායම් වලින් උපදින පුත්තුන්ගේ තියෙන්නේ මාක්ස් ජානමයි. අනේ මාරස දන්නේ නැහැ විද්‍යාව ඒක කවදා විසඳාවිද කියලා. ලෝකයේම නව තරුණ පරපුරේ එක් එක් ශානර වල තියෙන්නේ මාක්ස් ජානමයි. වඩා හොඳ ජාන සූත්තරයටXXනොවේ ඃXවර්ගයX ගත්තනම් වගේ. විද්‍යාව කොච්චර සෙල්ලම් දැම්මත් ඒක ජීවිතයෙන් පිටස්තරයි. ඒක නිසා තමා විද්‍යාවත් ආගමක් වන්නේ.
කොහොම නමුත් යුගලන පවුල දේශපාලනිකයි කියලා පවුල ‌පෞද්ගලික දේපල සහ රජය ඇතිවූ හැටි සමග මාක්ස් එංගල්ස්ගේ කතා මාර උනත් තවත් මාර ගැටලු තියනවා. ඒ ගැන කතා කරපු අය ගැන කතා කරන්න ගියොත් සමහරු පීලි මාරු කරගන්න ඉඩ තියනවා බලන්න යුගලන කවියේ මේ බෑනෑ ගැන ජන කවිය.
"අලුත් පිටට බෑනා ගෙදර                එනවිට
මලුත් පුදා දුව කැඳවයි                  ඉදිරියට
කලුත් ගොසින් දීගය පරණ      වෙනකොට
බලුත් නොවටීය බෑනා                 නැන්දාට"
මේ ජනකවියට ප්‍රතිලෝමව බෑනා කෙනෙක් සිටිනවානම් පුද්ගලිකව කතා කරන්න ආසයි. පොදුවේ කතා කළොත් අපහසයක් වන නිසා. ඒ කතා  අර නාද්දි ඇඳිවතේ චූකරලා මම කවදාවත් නැහැ මචන් කියනවා වගේ කතන්දර. ‌
මෙතන මේ ආලෝක දඩයම ඇතුලේ කුළ බැල්මකුත් තියනවා. දෙදෙනා කුල දෙකකනම් යන ගැටලුව. ඒ කියන්නේ තමන්ගේ දුවගේ බඩින් වදලා තියෙන්නේ වසල කුලයකද බුද්ධ කුලයකද ආදී වශයෙන්. නැන්දම්මලාට නිවන් දකින්න අමාරුවෙන මේ කතා ගැහැනියක් බුදු වෙන්න බැරිද කියා නේරංජනේ කතා ලියපු සර්පයාලාට අහුවුනාද නැතිද හරියට ලියවිලාද කියන ප්‍රශ්නයත් අසමින් ලෙස්සලා යනවා. 
නැන්දම්මා ලේලි සම්බන්ධව කියැවුන ජන කතා සහ නැන්දා සහ බෑනා ගැන කියවුන ජනකතාත් මාරයි. නමුත් අම්මාගේ ගුණ කියන ජන කවි කොතෙක් තිබ්බත් නැන්දම්මාගේ ගුණ කියන කියන ජන කවි විතරක් නොවේ අගුන කියන ජනකවිත් අල්පයි. තියනවා අර තමන්ගේ හදේ කැක්කුමට ලියපු කවි. ඒවා සුමට දේශපාලනික ප්‍රචාරක කතා නිසාම කවි නොවෙනවාද මන්දා කියලයි මාරසටනම් කියන්න වෙන්නේ. මොන විශ්වීය කතන්දර කීවත් සම්භාව්‍යය චිත්‍ර්‍රපට දහසක් නිපදුනක් කවි බිලියන මිලියන ලියැවුනත් ලාංකේය මේ පද්‍ය සියලු සමාජ වලට යථාවක් වුනේ වික්ටෝරියන් සලාදය නිසාමද යන්න කාටත් අහන්න සොයන්න අයිතියක් තියනවා. අයිතියක් නැතිවුනත් අහනවා තමා. 

අම්මා තමයි දහ දුකටම            බලන්නේ
අම්මා තමයි හැම කැත කුණු      අනන්නේ 
අම්මා තමයි රසබත් ගෙන  කවන්නේ
අම්මා ලබන ජාතියකදි   දකින්නේ

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
පෝයදාට පුන්සඳ වාසනාවන්
ජාතිත් අපේ මව්පියෝ වාසනාවන්.
ඇතිද මේ නමක් ගමක් කාච විවරයේ හෝ ද්වාරපාලකයේ මිම්මක් මාරසට හොයාගන්න බැරිවුන මේ ආලෝක දඩයක්කාරයා තප්පරෙන් පංගුවක ආලෝක දඩයමක් කරමින් අපෙන් අහන ප්‍රශ්න වලින් සියයට දහයක්වත් නොවේ දශමයකටත් වඩා අඩු ප්‍රශ්න තොගය. කොටින්ම ගැහැනු දෙන්නෙක් සහ නොදරුවෙක් ඉලක්ක කර උත්පත්ති ඡායාරූපයකින් අසන දේශපාලනික සහ අයිතිහාසික ප්‍රශ්න තොගය විසඳගන්න කියලා මේ නිර්මාණ ශිල්පියා අපට ආරාධනා කරනවා. ළඟ ඒකා හිටියනම් මේ චායාරූපය විඳලා කියනවා මීට වඩා හොඳයි යකෝ තෝ අපට බුදු වෙන්න කීවනම් කියලා.
මේ ආලෝක දඩයක්කාරයාගේ නම හොයාගන්න බැරි උනා. සයිබරය නිරවුල් නැහැ. ඒත් රසිකයෝ නිරවුල්. කවුරු උනත් මොකෝ. යුගලන පවුලේ මහා ආලෝක දඩයමක් කළ පොරක්. සමහර විට සම්මාන කේජු කෑල්ලක්වත් නැතිව මැරිල ගියාද තව කොහේ හරි ජීවත්වෙනවද දන්නෙත් නැහැ. හිතල මතල ගොදුරු කරගත් දඩයමක්ද නැතිද යන්න රසිකයන්ට කම් කිම්. මාරම තමා. යුගලන පවුල් අවකාශයේ දරුවෝ හදපු අය සජීවීවත්, නොහදපු අය මානසිකවත් විඳපු දේවල් මේකා සජීවීව ආලෝකයෙන් දඩයම් කරන්. චරිත බැල්මවල් වලින් වර්ණ සහ සැකසුම් අඩුපාඩු සියල්ල මැකිලා ගිහින්. ආදරය දෙන්නම් මේ නිර්මාණ ශිල්පියාට අහස තරම්.
දරුවාගේ උපද මහා දෙයක් තමා. නමුත් මාරසටනම් හිතෙන්නේ දරු උපතක් යනු දේශපාලනික දාර්ශනික පැත්තෙන් ගත්තම තවත් වෙනම ‌‌දෛශික පිම්මක්. ඒ වගේම ධර්මයෙන් ගත්කළ ආධයාත්මික ප්‍රශ්ණයක සූන්‍ය නොවන අවසානයක්. කොහොම උනත් කමක් නැහැ මාරස මෙහෙම කියනවා.
යුගලන පවුල න්‍යායාත්මකව අහෝසි වන වග කියන කතාව පිළිගන්නවා. නැහැ ඒකම තිබියන් කියන කතාව මාර ආදර නීයයි. මානම් තාම බලන් ඉන්නේ අක්කලා අපේ ගෙදර එනකන්. වෙන මොකටවත් නොවේ ඒකිලා එන්නේ කතන්දර දහස් ගනන් හිතේ පුරවන් නිදහස් වෙන්න. ඒ කතා හරියට අර දයලෙක්තිකයටත් වඩා දේ කියන දයානන්දගේ නරි බෑනෑ පරදන කතන්දර. ඒත් දයලෙක්තික් නොවේ මොන ලෙක්තික්ව ගත්තත් මේ ආලෝක දඩයමට පමණක් නොවේ යුගලන පවුලේ කේදවාචකය රසවත්ව කියන්නත් දයානන්ද ගුණවර්ධන පෙරමුනේ වගත් හිතෙනවා. පිංඇති මාමේ_ පිං ඇති නැන්දේ කතන්දරය සෙස්ස පස්සට දාන්නේ මාරස පටන් ගත්තා විතර හින්දයි.
"පිං ඇති පිං ඇති පිං ඇති මාමේ
පිං ඇති පිං ඇති පිං ඇති නැන්දේ...........
https://youtu.be/g5xR3PX3yzs
https://jagathmarasinghe.wixsite.com/mare03 02 2023







Powered by Blogger.