සුජිත් රත්නායකගේ ආත්මීය ආදරයේ ඕම් චක්‍ර

                              සුජිත් රත්නායකගේ ආත්මීය ආදරයේ  ඕම් චක්‍ර 


අරගලය සහ අර්භුදය මාරස නොදනිමි නොව දන්නවාය. අරගලය සහ අර්භුදය සමහර විට පෙනෙන්නේ වේදනාත්මක කඳුලු හරහා ජේ ආර් ජයවර්ධනගේ සහ අදට ඉතිරිව ඉන්නා රනිල් ගේ ධනේශ්වර වේදනාවේ රතුපාට හරහා අපේ නිල් වන් වේදනාවේ වර්ණයෙන් වීමට හැකිය. 

අරගලයේ දෘෂ්‍ය කලාව කියන්නේ සැබෑවටම සුජිත් පටන් ගත් දෙයක්. ඒකාට තියන විසේ මාරයි. ඒක සෙල්ලම් විෂයක් නොවේ. ඒක මාරස දැක්කා සනත් බාලසූූූූ අතිනුත්ය ලියවිලා තියනවා. නියම කතන්දරය වෙන්නේ චිත්‍රශිල්පයෙන් මේතාක් කරන්න නොහදපු දෙයක් නැති උනත් ඒ ඉතිහාසයේ අසාර්තක වූ ඉතිහාසික දේවල් පැත්තකට තියලා කට කොනකින් හිනා වෙලා මේකා දෙන ගේම. කෙලින්ම විචාර කලාවෙන්ද ගේමටත් එනවා. ඇවිත් කරබාගන්නවාද වෙරයෙන් ඉන්නවාද මන්දා කියන කතන්දරය ආයේ දෘෂ්‍ය කලාවෙන් එලියට දානවා. අරගලයක කලාවක් වශයෙන් බැරලිසම් ආව හැටි අපට මතකයි. තේ නුවර ඒකෙන් මොකක්ද දෙයක් නොවේ පැහැදිලි දෙයක් කළා. නමුත් මේ අරගලය වනාහී උත්තර පත්තර නැති අරගලයක්. මේ අවස්ථාවේ සුජිත් කොච්චර කතිකයෙක් උනත් ඒකා අතින් ඇඳෙන රේකා වල විශ්වීය භාව මය හෘර්ද ගැස්මේ තනුව කියන්න උඹටවත් බැහැ මචන්. මේ ලාංකේය ආධ්‍යාත්මික සප්ත ස්වර සහ සප්ත වර්ණ වල පමණක් නොවේ සප්ත කඳුපේස භාවයන් තමා දන්නේ නැහැ කියලා මිනිස්සු දැනගෙන මිනිසුන් සිටින නිමේශයක්. ඒත් මාර වෙන්නේ මිනිස්සු මාර විදිහට නිහඬයි. ඒක ‌කිසිම චන්දෙකින් අල්ලන්න බැහැ. මේ කාලගුන වෙනස අවස්ථාවේදී සුජිත් රත්නායක ඒකාගේ හදවතේ හිතුවක්කාර ඉරිකෑලි වර්ණ තැමරුම් සමග මෙන්න ප්‍රදර්ශනයක්. අරගලය කියන නම මූලික කරන්. දෘෂ්‍ය කලාවේ ඉරි රේකා මදිවද කොහෙද ඒවා පැත්තකින් නොතියා උඹ දේශපාලන අරගල පෑනේ අකුරු වලිනුත් කරනවා අපි බලා නොහිටිය බීරි අන්ද අලි නොවේ බන්.ඒ උඹගේ හද ගැස්ම මාරයි. ප්‍රශ්නෙකුත් තියනවා. ඒ අවංක යුගයේ හෘර්ද ශාක්ෂියට වචන හෝ වර්ණ හෝ රේඛා තියනවාද කියලා. නමුත් කලාකාරයෙකුගේ අභියෝගය කියන්නෙත් ඒකමනේ. දෘෂ්‍ය  කලාවට පන ඇරන් ඉන්න උඹට ඇති.  ඒක බලන්න පළමුව මාරස දැකපු දේ තමා මාරස මේ 

ක්ම්රේට් හෝ ඊට අනුලෝමව සහෝදරයා කියලාවත් මම කියන්නේ නැහැ . සහෘදයවත් එපා. කෙලින්ම සුජිත් රත්නායක නැමති තෝ කියලා කියන්නම්.

තොගේ වර්ණ රේඛා අකුරු එන්නේ පරපරා ජාන වලින් හෝ දේශපාලනික හෝ මොන ‌මගුලකින් උවත් මාරසට කම් කිම්. මාරසට පේන්නේ ලෝක ආදරය සහ නිවැරදි මාවත් ගණිතමය කලාවකින් හොයන කියන්නට බැරි නමුත් දෘෂ්‍ය කලාවෙන් හැකි ආත්මීය අත්දැකීම් පිරුණ ලෝකයක නුඹ වෙලාවකට විප්ලව වාදී සතුටු කඳුලු වගුරවනවා. සමහර විට අපට නොපෙනෙන්න අනිත් විරහ කඳුලුත් වගුරවනවා ඇති. මොනවා හොයන්නද. ඒවා ඔක්කොම ඒකතු කරලා තෝ හදවත පින්සලයක් කරන් ලෝක හදවත් ධාතුවටත් කරදර කරන්නේ නැහැ. වින්දනය සපයනවා. වින්දනය කියන්නේ කරදරයක් තමා යකෝ. කලාව යථාවේ හෝ ආදරයේ හෝ නිම්වලලු පුළුලු කරන්නේ කලාවෙන්ම තමා. අනේ මන්දා සුජිත්. කඳුලක තියන්නේ භාවයන් හෝ නූතන ජාන කියලා ගන්නත් බැහැ. ඇත්තටම කඳුලක් කියන්නේ ජීවිතයම තමා. මේවා රොමැන්ටික් කිව්වොත් උඹ පාට මාරු කරලා කඳුල ශුක්‍රාණු වලින් හෝ ඩිම්භානු වලින් ඇඳලා අර කපටි වගේ පේන ස්ත්‍රී දිගැස් වලින් බලා සිටීවී. මේ මාරස උඹට සෙත් පතන්න ආරම්භ අටුවාවක් විතරයි. 

නමුත් මේ ලිපියේ සුක්කානම‌ මා බලාපොරොත්තු වූ පාරට හරවනවා. මොන දේ දෘෂ්‍ය කලාව ගැන කිව්වත් මොන පශ්චාත් වාද කතා කළත් එදා අළුත් අද පැරණි නොව කිසිත් නව පරපුර දන්නවාද නොදන්නවාද යන්න නොසොයා කීවොත් උඹගේ කලාව තුල මට සිහිවන්නේ වෙනම කතන්දරයක්. 

අහස් සටහන් වලින් කිව හැකි උනත් මේ වගේ ආදරයක් කියන්නට අහස් සටහන් කුමට.

ආදර කලාවේ සිව දෙවියන්ව මේ මොහොතේ සිහිවුනා. මතක තියාගනින් මචන් මේ කියන්නේ ප්‍රතිභාවේ දයලෙක්තිකය අම්මගේ රෙද්ද අස්සෙන් බලලා නොවේ. මේ නිමේශයේ අරගලය මාරසට කම් කිම්!!!

නුඹේ ආදර කඳුල නැමති උත්තල වර්ණාලම්භනය අතරින් නුඹ දකින් දේ මාරසට මාරයි කියලා දන්නවා මචන්. හිතුවක් කාර ආදර කොල්ලෝ. පණ තිබුනොත් බලන්න ඒනවා ඒ අදටද නොමියන ශිව දෙවියන්ගේ ආදර සහ වේදනාත්මක ආලෝකයේ දෘෂ්‍ය කලාවේ නූතන පෙරලිය දරුවන්ට කියාදෙන නුඹේ ආදරය. 

මේ බජන් ගීතයෙන් අවසන් කරන්නම්. ඒ අන් කරුණක් නිසා නොවේ. මාක්ස්වාදයද, විදයාවද ආගමික වූ ‌වූ නිමේශයක නුඹගේ හිතුවක්කාර කම ඇතුලින් මතුවන කඳුල විනිවිදින කල මේ නිමේශයේ ආධ්‍යාත්මිකත්වය මාර විදිහකට නුඹ දෘෂ්‍ය කලාවෙන් ගන්නට දරණ උත්සාහයයි. 

කැලනි විහාරය බෙල්ලන් විල උඹට පරාදයි කියන්නේ නැහැ. නුඹ ඒවා අතික්ක්‍රමණය කරන්න ගන්න උත්සාහය අර මහා වීර කිව්වා වගේ යමක් පටන් ගත්තා කියන්නේ ඒක වෙලා ඉවරයි තමා. ඒකයි මේ ගීතයේ  මොකුත් නැහැ. එකම වචනයයි තියෙන්නේ. අන්තිමට උඹට කවදා හරි හනුමාන්ගේ චිත්‍රයත් සිවගේ චිත්‍රයත් වෙනත් ලොක මහා කලාකාරයන්ගේ චිත්‍රත් අඳින්න දෙයක් ඉතිරි වෙලා නැහැ කියලා නුඹ මළත් අපේ හදවත් තුල එක රේකාවක් ඇඳෙයි. ඒ මහා තරුණ පරම්පරාවක් මරා දැමි යුගයක නුඹ ඊ ගහක් සේ දෘෂ්‍ය කලාව අල්ලාගෙන මොකක්ද භාවනාවක් හොයන නිසා. නමුත් මේ ලිපියෙන් කීවේ උඹ ඒක තව හොයපන්. අපට ‌සෝවාන් වෙන්න හොඳටම ඇති කියලයි. ආදරයේ මචන්. අහස තරම් විශ්වය තරම් කියන්න මාරස කැමති නැහැ. ඒවා ගෑන අපට තාම තියෙන්නේ කලා කාරයන්ගේ ගැඹුරු රේකා සහ වර්ණ විතරයි. කොටින්ම මුලු කලා ලෝකයේම භාව රූප විච්චේචන පමනයි. ඉතින් මචන් නුඹෙ ප්‍රදර්ශනය වෙනුවෙන් නුඹ පපු කුහරයේ කියා කාලිදාසලාද ලියන ලද ආදරය අල්ලා ශිව දේවියන්ගේ මේ භජන් ගීතය නැවත ගයනවා. නුඹටත් නුඹේ ආදර කලා ප්‍රකාශනයන්ට නොව ඒ දෑසේ කඳුළු ගෝලයටත් මේ භජන් ගීය උපහාරයක් වෙත්වා. 

ඕං නමෝ ශිවාය ශිවාය නමෝ ඕං

ඕං නමෝ ශිවාය ශිවාය නමෝ ඕං

ශිව ශිව හර හර හරාය නමෝ ඕම්

හර හර ශිව ශිව ශිවාය නමො ඕම්

 හර හර මහා මහා දෙවා............!!

https://youtu.be/Zah1WA4c38Q

https://jagathmarasinghe.wixsite.com/mare

08 02 2023






Powered by Blogger.