සුළං කැරැල්ලේ දුක සේ!!!

                                                              සුළං කැරැල්ලේ දුක සේ!!!


මේ ‌මොහොතේ මහින්ද සහ ගෝටලාද රනිල්ලාද ඊටත් වඩා අනුර කුමාරලාද, ඒ සියල්ලන්ටමටත් වඩා නාගරික මාක්ස්වාදීන් හෙවත් මාරස භාෂාවෙන් පරංගි වමද තම තමුන්ගේ හෘර්ධ ශාක්ෂියෙන් පරාජය වී අවසානය. ඒ බවට අද උද්ඝෝෂණය කරන්නේ නිර්ධන පන්තියේ හෝ ධනේශ්වර පන්තියේ බෙදීම අනුව ගත් විට උන් නොව මැද පන්තියේ අර කාඩ් බෝඩ් ගොඩක් අතේ තියන් මාර මහන්තත්වයකින් ලෙලෙන මැද පන්තියම වන්නේය. මේ මොහොතේ මැද පන්තියේ කාව්යමය කවි පැබැඳුම් පොලීසි වල කවියන්ගෙන් පමණක් නොව ත්රිවිධ හමුදාවෙන් පවා කවියන් මතුවනු ඇත. මන්ද පශ්චාත් යුධ අවධියේ බිහිවූ හමුදාවේ මැද පන්තියට මේ අර්බුදය දෙස බලන්නට ඇස් නැත. නමුත් කවි යනු ඉතා සරලත්වයට පත්වූ අහිමි පැන්ටසි ප්රකාශකිරීමේ භාෂාවක් බවට පත්වී ඇති බව දැන කව්සිළුමින වන් හෝ ඉන් නුපන් සැබෑ කෘතීන්සම්බන්ධව අභයගිරියේ සීමා මායිමක් වූ කෑරගල පිරිවෙන අභියස අඬනවා මෙන් දැනේ. කවි කියා ප්රහේලිකා දැන් දැන් නැවත උච්ච ස්වරයන්ගෙන් පටන් ගැනීමට පටන් ගෙන ඇත. ඒකාලයේ සමරු පොත් වල ලියන ලද කවි අනේකාකාර වේශයෙන් දොරට වඩිනවා පමණක් නොව යූ ටියුබයේ සුභාවිතයද සොලවා ඒ අවකාෂයද කා දමන්නා සේ ‌දැනේ. ඒසේ වූ විට ඊ පවුරටද දෙවියන්ගේම පිහිටය.

කිව යුත්තේ ඒක් දෙයක් පමණි. තමන් ආදරය කරන සහ තමන්ට ආදරය කරණ අය සිප වැළඳ අවකාශයේ චලිත වන කාලයට ඉඩ දිය යුතු බව පමණි කියාය. මන්ද කාලය අවකාශය සම්බන්ධව බුදුනුවන්ලා මහා වීරලා සොයා බැලු දේ වෙනත් පැත්තකින් බාගෙට හෝ හොයා බැලුවේ නොව ඉබේ අහුවුනේ මාක්ස්ලා එංගල්ස්ලා සහ ඊට පසු සැබෑව සොයන දාර්ශනිකයන් නිසාය. ඒ සියල්ලන්ගේ මතය වන්නේත් සුළි සුළකදී බිම වැතිරී නිහඬව සිටින්න කියාද යන්න සොයා බැලිය යුතු කාලයක් උදා වී තිබේ. අපේ ආච්චි අම්මලා සීයලා කීපරිදි ‌උඩ පැමිණි ගොම රිටි පහල ගොස් තිරිවානා ගල් උඩ ඒමත් ඒ දෙකේ ප්රතිවිරෝධයත් ස්වභාවයේ සරදමක් වන්නා සේය. සඳත් හිරත් නැති වුණත් විඥ්ඡානය නැති නොවන බව දැකීමට පුණර් බවයක් නොපිලි ගන්නා හේතුවාදීන්ට පමණක් නොව මාක්ස් වාදීන්ටද නොහැක. කාලෝ පොන්සේකාද අනාගත හේතුවාදී සංවිධාන මිනිස් සිත ශරීරයෙන් පිටත පවතිනවා කියා ප්රශනයක් ඉතිරි කර ගියේ මන්ද යන්න ‌නොසොයා මේ ගීතය රස විඳීම මාර විය හැක.
සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්
ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති
මිනිස් පුරේ ඇයි තනියක්
ගලා ගලා යන ගඟේ පිරී දිය
ඇලේ දොළේ ඇසුරට වී
සිනා සිසී වන පෙතේ හිඳී
රස බිබී මුවන් තුඩ ඇතිරී...
සොබා දමේ දැඩි සිහිල් නිසංසල
සුවේ විඳී ලොව සිතු සේ
ඔබේ මගේ පැල බෙදී බිඳී යන
සුළං කැරැල්ලේ දුක සේ...
ගේය පද - ප්රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
https://youtu.be/512Yeh6y4Rg
https://jagathmarasinghe.wixsite.com/mare
10 02 2023


Powered by Blogger.