ආදර ඡායාරූප ‌මාර වූ වගයි.

                                                      ආදර ඡායාරූප ‌මාර වූ වගයි.
         මේ මාර කතන්දරයක්. අපි ගියා හෙළ උරුමයේ හිටපු මාරස හෝම් කමින් නාටකයටත් ගිය මගුලක. මාරස එතකොට බොන්නේ නැහැ. නමුත් මා සමග සිටින සුජිත් අක්කරවත්තනයන්ද ‌බොන්නේ නැහැ. සංජය කියන්නේ දැන් ඇසුරු කරන්නැති උනාට ආදර චරිතයක්. නමුත් මට හිතුනා එදා බොන්න. කතා නැහැ බයිලා නැහැ දෙන්නටම විරුද්ධව බිව්වා. හැබැයි මා දේශපාලන නොවේ නමුත් මිත්‍ර චම්පිකට මා වසර දොලහක් ‌කඩින් කඩ නොබී ඉන්න දේ තේරුනා. ඒකා ආවා. ඇවිත් කිව්වා මාරේ පරිස්සමින් කියලා. ඒකාගේ වචන හරිම ටිකයි. ඒ ටික මා ඉතා හොඳින් දන්නවා. නමුත් දේශපාලනිකව මා පිළිගන්නවාද නැත්ද යන්න වෙනත් කතාවක්. ඉතින් මේ ඡායාරූපය අනාගතයේ ඉතිහාස ඡායාරූපයක් වේවි. මොකද සුජිත් අක්කරවත්ත කෙලින්ම නොවේ දේශපාලනික පැතිකඩකඩකින් කැඩිලා ගිය අවස්ථාවක අවසාන ඡායාරූපය තමා මේක. එදා චම්පිකත් මේ මේසයට ආවා. ඇවිත් කිව්වා මාරේ උඹ ආයේ බොන්න පටන් ගන්න එපා පලයන් ගෙදර කියලා. ඒකත් නියම මිතුරු වදනක්. එදාම තමා අනුරුද්ධ ප්‍රදීප්ගේත් මගුල තිබ්බේ කියන කතාව මාරයි. කොහොම නමුත් මම ‌නැවත බොන්න පටන් අරන් ගියා අනුරුද්ධගේ මගුලටත්. එදා තමා මම හිරගෙදර හිටපු අවධියේ අතිජාත කළන මිතුරා වූ රංජිදම්ගේ ආදරවන්තියත් අරවින්දයන් සමග විත් කෙලින් කතා කරන්නේ. ඉතිහාසය කියන්නේ චලිත විෂයක්. ඒ කියන්නේ නෂ්ටාවෂේෂ තිබ්බත් විග්‍රහ ගොඩක් විය හැකියි. නමුත් කෙලින්ම මාරයා කියනවා මේ හෙළ උරුමයෙන් වෙන් වෙන්න පෙර සුජිත් අක්කරවන්තගේ සැබෑ ඡායාරූපයක් කියලා.නමුත් එක දෙයක් කියනවා.  බොන්නේ මම විතරයි කියලා. ඒක පේනවානේ. ඒකලා බොනවාද මාරස දන්නේ නැහැ. එතන බීව්වේ නැහැ. කොහොම උනත් එදා මගුලේ කතා කරපු කතාවෙදි මා කියපු ස්ලෝකය වෙනුවට සින්දුවක් දාන්නම් දත් මිටි කාගෙන කියන මිල්ටන්ගේ. ඒක මගේ ඒකක් නොවේ . අපි ගැන කියවන්න සෘග්වේදය නොවේ ත්‍රීපිටකය ඉවර කරන්නත්  බැහැ මචන්. මෙච්චරයි කියන්නේ දුරකතන ඇමතුමක් ගත්තම ඒකවත් ගනිල්ලා බන්. ඒක හදවත ඇතුලේ දේශපාලන ධර්ම දාර්ශනික හැම දෙයක්ම තියනවා මචන්.

දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි
සැප දුක් සොයා බලන්න...
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කථා කරන්න...
දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි
සැප දුක් සොයා බලන්න...
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කථා කරන්න...
රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් වුනත් සන්තෝෂයී..
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ
අහගන්නට හරි ආසයී..
රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් වුනත් සන්තෝෂයී..
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ
අහගන්නට හරි ආසයී..
දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි
සැප දුක් සොයා බලන්න...
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කථා කරන්න...
ඇසි පිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහි වෙනවා..
ඉකිබිඳ හඩනා කිරි දරුවකු මෙන්
මගෙ හදවත වැලපෙනවා..
ඇසි පිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහි වෙනවා..
ඉකිබිඳ හඩනා කිරි දරුවකු මෙන්
මගෙ හදවත වැලපෙනවා..
දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි
සැප දුක් සොයා බලන්න...
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කථා කරන්න...
දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි
සැප දුක් සොයා බලන්න...
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කථා කරන්න....

https://youtu.be/08y3avGAQ-M

https://jagathmarasinghe.wixsite.com/mare

ජගත් මාරසිංහ

23 05 2023



Powered by Blogger.