මැගසින් බන්ධනාගාරයේ ආදරය

                                            මැගසින් බන්ධනාගාරයේ ආදරය


      1961 මාරස ඉපදුනේ මීගමුවේ මහ රෝහලේ  කෙනෙක් හිතයි මාරේ නොකියා මාරස කියන්නේ ඇයි කියලා. සැබෑවටම හීනමාන ලැජ්ජාවක් මාරේ කියාම තියන නිසා තමා මාරස කියලා දුරස්තකරණයෙන් ලියන්නේ. ඒක කියා දුන්නේ ජර්මනියේ හිටියත් ලංකාවේ වගේ දැනෙන බර්ටෝල් බ්‍රෙෂ්ට්ද මන්දා.
     කොහොමත් මාරස මීගමුවට ආසා ඉපදුන නිසාම ‌නොවේ. කලපුවක් මුහුදක් ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ නගරයට වඩා ගුවන්තොටුපලකුත් අයිති කරන් ඉන්න මීගමුව නයිට් කල්ට් එකක් තියන තාම පුංචි ‌රෝමයම තමා. මෙහා පැත්තේ හැම ආගමක්ම. මොකද ඉතින් ඒ කාලේ පරංගියා අල්ලාගෙන බයිබලයට ඇවැසි තැන් තොරා ගත්තේ හාට් ඔප් සිටි නැතිනම් නගරයේ හදවත කියන කෑල්ලෙන්. නමුත් නුවර එසේ උවත් අනුරාධපුරයනම් එසේ කරන්න බැරිව ගියා. ඒක වෙන කතාවක්
       ඉතින් ජනතා විමුක්ති පෙරමුණට මේ ‌නිමේශයේ මාරස තනියම විරුද්ධයි තමා. මට අදාල නැහැ. නමුත් මේ රටේ වාමාංශික ව්‍යාපාරය විසින් මහා දැවැන්ත උප සංස්කෘතියක් ඇති කළා. මට දැනෙන විදිහට සියයට තිහක ජනතාව ඒ උප සංස්කෘතියේ ජීවත් වෙනවා. කලාව, සිනමාව, ආගම, විනය වාදය, පමණක් නොවේ විප්ලවය, මාක්ස්ටත් වඩා ප්‍රොයිඩ්ල වගේ අයවත් අරගෙන නව නවා විග්‍රහකරමින් ඒ පන්තියේ ජීවත් වෙනවා. මොන දාර්ශනික බයිලා ව්‍යයසායකයෙක් විදිහට කියන්න ගියත් අපේ දිල්ත් ජයවීර සහෘදයාටත් මේ කල්ට්එකෙන් ගැලවෙන්න බැරි බව දැන් දැන් ප්‍රාදූර්බූත   වෙනවා වගේ.
     කොහොම හරි කමක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණට ලොකුම සේවය කළේ ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ කාලේ රහස් ඔත්තු සේවය. මොකද අහක තියන කුණුගොඩවල් වල ඉන්න උනුත් ඉන්දු ලංකා ගිවිසුමට හිර ගත කළා. අන්තිමට උනේ කොකු නොගහා ජේ ආර් ගේ රහස් පොලීසියේ ඇත්තන් විසින් විශාල සාමාන්‍ය මිනිසුන් පිරිසක්ව විප්ලවවාදීන් කිරීමයි කියන්නේ සැබෑව සම්බන්ධව දැනුවත්ව. අද ඒක කරදරයක් වෙලා තියෙන්නේ දකුණට වඩා වමටද කියන කතන්දරය දිගයි.
    දන්නා විදිහට මැගසින් බන්ධනාගාරය 1960 දශකය මුල තමා හමුදා ආණ්ඩු කුමන්ත්‍රනයකට ආරම්භ වුනේ. ඉතින් මාරසට වඩා පිලිප් ගුණවර්ධනයන්ගේ පුතනුවන් වර්ථමාන අගමැති දිනේශ් සහෝදරයා මේ සම්බන්ධව ඉතා හොඳින් දන්නවා නියතයි.  සමහර විට සිරිමා බන්ඩාරණයක මැතිනියගේ මාර ජනතාවාදී ප්‍රඡාතන්ත්‍රික දේ වගේම මැගසින් බන්ධනාගාරයත් ඉතිහාසයට එකතුවෙලා ඉවර ඇති. සැනසෙන්න ගහන්න වචනේ මරුවට ලියවිලා තියනවා. හිනාත් යනවා. හිරකාරයෝද මනුෂ්‍යයෝ කියන කතාව කතාවක් විතරක් උනත් චැප්ලින්ගේ වචනයක් වගේ තමා .
     1971 කැරැල්ලේ විජේවීරලාගේ ජනතා විමුක්ති පෙරමුනේ දෙවැනි උපතට ගර්භාෂය වූ මැගසින් බන්ධනාගාරය ගැන ලියවිලා තියන කව් ගී මදි. මොකද ඩී අයි ජී ධර්මසේකරලා, කුලියාපිටිය ප්‍රනන්දලා, වාස්‍ ලා, තව බොහෝ අය හැප්පුන තැනක්. කොටින්ම ජාතික‍වාදයත් විප්ලවීය විදිහට වෙනස්කම් වලට ලක්වූ තැනක්. 
දුර ගියා වැඩී . ඒවා පස්සේ ලියමු
      මීගමුවේ මී පුරයේ පොරක් තමා ක්වින්ටීන් ප්‍රනාන්දු කියන්නේ . මම දන්නේ නැහැ ප්‍රනාන්දුද ප්‍රනන්දද කියලා. කෙසේ නමුත් අපි සම වයස්. ඒ කාලේත් මීගමු පුරවරය කියන්නේ මාර තැනක්. කොළඹ නාට්‍යක් අද ගියාද ‌හෙට ඒක මීගමුවේ නගරශාලාවේ. මාර නාට්‍ය ‌ප්‍රේක්ෂකයෝ හිටපු නගරයක්. මීගමුව පුරහලේ මම අන්තිමට නැරඹුව නාටකය තමා පීටර් වෙදමුනි ගේ  අම්බලමක නඩේ නාට්‍ය.
     ඒ කාලේ විප්ලවීය හැම මගුලක්ම පස්සේ තොප්පියක් දාගෙන කන්නඩිත් දාගෙන පොත් ටිකකුත් අතේ තියන් හිටපු චරිතයක් හිටියා. ඒකා තමා ක්වින්ටීන් ප්‍රනාන්දු සහෝදරයා කියන්නේ. දන්නේ නැහැ ජේ ආර් මාර වැඩක් කලා. මෙන්න ඉන්දුලංකා ගිවිසුම අවස්තාවේ මැගසින් බන්ධනාගාරයේදී මේකා මට හමුවෙනවා. වසර දෙකකට පසු මා නිදහස් වුනා. ඒකා කොහේ ගියාද දන්නේ නැහැ. ඇත්තටම මම හිතුවේ මරලා කියලයි. මොකද විමුක්ති ගී සර්පිනාව ගහපු ජාඇල අයිවන් අයියාවත් මරලානම් පිටස්තර තලයෙන් ජවිපේ කියලා ජනප්‍රිය වූ මේකව අනිවාර්යෙන් මරා දැමිය යුතුනේ වගේ හැඟීම්. නමුත් වසර විසි පහකට පමණ පසුව ඉතාලියෙන් ක්වින්ටීන් කියලා පූජකතුමෙක් මතුවෙනවා. තාම හිරගෙදර නාට්‍ය කලා වගේම නාට්‍ය කරන බවත් පෝනයෙන් කියනවා. කෙසේ හෝ වේවා නූතන ඊ පවුර කියන්නේ ජීවිතය නොවේ කියලා කවුරු කිව්වත් මාරසටනම් ජීවිතය තමා.
   මෙන්න ඇමතුමක් ඒනවා. මම උඹව බලන්න ඒනවා කියලා. අනේ " සුනඛයා සහ වීනාව සමග දේවදත්තයෝ" කියලා නාට්‍ය පොතක් මුද්‍රනය කරන් තමන් හිරගෙදරදි කරපු දැති රෝදය නාටකයේ අත් පිටපත් අරන් මාරසව හමුවෙන්න එනවා. ඒ ආපු එකේ අපහසුවක් තියනවා. කට අප්පිරියයි. මොකද අපි බීලා තියෙන්නේ ලංකාවේ ගල්. ඉතාලියේ විෂ්කි කියන්නේ අහසයි පොලවයි වගේ . නමුත් ඒ මට තියන ආදරයක් විතරයි. තාමත් කුවින්ටින් සහෝදරයා ඉන්නේ විප්ලවයේම තමා. අනේ මාරසටනම් තේරෙන්නේ නැහැ. ඒකලා කියන්නේ මේ ආර්ථිකයට සහය දෙන්න හැකි කණ්ඩායමක් යුරෝපයේ බින්න බැහැලා ඉවරයි කියලයි. 
   ඒකත් මාර කතාවක්. ඒත් මේ වාමාංශික සංස්කෘතිය ගැන කවුරුත් හැදෑරිය යුතුයි. කල්ට් එකක් විදිහට ඒක මහා විශාලයි. නමුත් ඡන්දය පාවිච්චි කරනකොට උන් ගැන හිතා ගන්න බැහැ. ඒකේ ඇත්තක් තියනවා. මේ වාමාංශික කල්ට් එකේ හැම එකාම හැම එකීම හොයන්නේ ආදරය. ඒක තමා මාරම තැන. ඒ නිසා මාරසටනම් මාරස කල්ට් එකෙන් ගැලවෙන්න බැහැ. මොකද මාරසත් හොයන්නේ ආදරය තමා. 
   ඉතින් ක්වින්ටීන් ප්‍රනාන්දු සහෝදරයා. උඹට අහස තරම් ආදරෙයි කියලා සටහන අවසාන කරන්නම්. ආයේ දවසක වරෙන්. මට එන්න හැකියාවක් ඇතැත් මට අහස් යාත්‍රා  භීතිකාවක් තියනවා.  අහස් යාත්‍රා උඩින් යද්දිත් මට බයයි, දුකයි දැන් වැටෙයි කියලා.
මන්දා මිල්ටන් මල්ලවආරච්චිටත් මේ  භීතිකාව තිබ්බ බව දන්නවා. නමුත් කාලක් පත්තියම් වුනාමනම් ‌අහස් යාත්‍රාවේ පුට්බෝඩ් එකේත් යන්න හැකි හයියක් තිබෙන බවත් දන්නවා.
අන්තිමට බලනකොට මේ වාමාංශික කල්ට් කියන්නේත් සිංහල බෞද්ධ කල්ට් එකම තමා. ඒ ගැන පසුව ලියන්නම්.
     ඉතින් නුඹ නැවත එනතෙක් බලා සිටීවී. ජීවත් වෙනකන් නොවේ. ජීවිතය නැති වුනත් සිත කොහේද කියන අපේ ගැටලුව තාම විසඳගත්තේ නැහැනේ බන්. මට මතක්වෙනවා උඹයි මායි ‌පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව ගැන කතා කරපු හැටි. ඒකනම් ඉන්නවා ඊ පවුරේ. මන්දා දැන් කොහේද ඉන්නේ කියලා. ඉතින් නුඹට ආදරයට ඒකගේ සෙක්කුව සිහිකරන ගීතයක් දාන්නේ ඒකට නෙවේ. අපි දෙන්නටත් නොවේ බන්. ලෝකයටම තමා.

පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ
තෑගි කළයි කිරිපුස්සා 

සරුබිම හොයලා කම්මැලි වීලා
පැන්නූවයි කිරිපුස්සා
නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
කම්මැලි නැති කිරිපුස්සා 
ආයෙත් සෙක්කුවෙ මේ සරුබිම හොයන්න
බඳිනවදෝ කිරිපුස්සා
https://youtu.be/Tm3-01hEcU8



Powered by Blogger.