විරජං වීතමලං

                                                                         විරජං වීතමලං

             මාරස රාහු මහ දශාවේ රාහුට එකඟවෙමින් ජංගම ජීවිතයක් ආරම්භ කළ බව කලින්ද ලියා තිබේ. කිව යුතු සත්‍යක් තිබේ. මිතුරන් වනාහී මගේ ජීවිතයයි. මන්ද මටනම් ජීවිතය දුන්නේද ජීවිත් වෙන්නේද මිතුරන් සමගය. මේ නිමේශයේ මා ජීවත්වන්නේ පුෂ්පාලී රණසිංහ වාසී නව සිංහ භවනේය. පුෂ්පාලි ඉන්නේ බන්ඩාරවෙලය. දුම්රිය එංජින් ක්‍රියාකිරීමට අති දක්ෂ පුෂ්පාලී රණසිංහව මට හමුවන්නේ පාසැල් කාලයේදිය. අප දෙදෙනාගේ ජීවිතය මිත්‍රත්වයෙන් ගොඩක් දිගය. පළලය. ගැඹුරුය. වේදිකාවේත් බාලදක්ෂ කඳවුරු වලදී පමණක් නොව කලා සම්මන්ත්‍රණ දේශපාලනික අවකාශයකද රණයා සමග මා ජීවත් වී තිබේ. වසර දෙකක් පමණ මැගසින් බන්ධනාගාර සෙවනේද අප දෙදෙනා ජීවත් වූ බව මතකය. කෙසේ වුවත් නවසිංහ  භවන කියන්නේ එයාලාගේ මහ ගෙදරය.

                ඉතින් රණසිංහ පරපුරේ ඕපාත නව සිංහ බවන කිසිදා මාරයාට අමතක කළ නොහැකි තැනක් බවට පත්වූයේ අද ඊයේ නොවන්නේමය. රණයාගේ අම්මා ගුරු මාතාවකි, විදුහල් පතිනියකි, ඒ කාලයේ ගුරුමාතාවන් වනාහි දැවැන්ත චරිතය. තාත්තා වනාහී ඩී ඩී ඩබ්ලිව් රණසිංහයෝය.  ඉන්ජිනේරු පරිපාලක වරයෙකි. 

      පුෂ්පාලි රණසිංහ, උභයපාලි රණසිංහ, පදුමපාලී රණසිංහ, ඒ දෙමාපියන්ගේ පුතුන්ය. දූවරු දෙදෙනෙක්ද සිටී. ඒ මංගලිකා රණසිංහ සහ චන්ද්‍රිකා රණසිංහ බව මතකයේ තිබේ. මංගලිකා අක්කාට අප අක්කා කියන්නේ රණයාගේ ලොකු අක්කා නිසාය. අපගේ යාලුවන්ගේ අක්කලා අපෙත් අක්කා තමාය. 

     ඉතින් ඇය සිය දෙමාපියන් සිහිකර ධර්ම දානය පිණිස වැඩ කරන්නේ අද ඊයේ සිට නොවන බව මාරස නොදන්නා අයෙක් නොවේ. අද උදෑසන 2023 ‌වෙසක් පොහොයට සිය දෙමාපියන් සිහිවීමට ධර්ම දානය පිණිස පුංචි වුවත් පටිච්චසමුප්පාදය මුල්කරගත් ග්‍රන්ථයක් දෙමාපියන්ගේ නාමයෙන් බෙදා දීමට කටයුතු කර තිබෙනවා දැක්කාය. මාරසට ඒ ග්‍රන්ථය ලැබිණ. මංගලිකා අක්කාට අප කියන්නේ විශාකාවක් කියාය. ඒ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් නිසාය. 

       මේවා ලියනවාටවත් ඒකලා ඒකිලා කැමැත්තක් නැත. ප්‍රසිද්ධිය සත පහකට මායිම් නොකරන රණසිංහ පරපුර ගැන මාරයා ලියන්නේ මාරයාගේ හිතුවක්කාරකමට වීමට හැකිය. කෙසේ වුවත් රණයාගේ මංගලිකා ‌ලොකු අක්කාගේ ‌සිය උපන් දිනයද 2023 වෙසක් පොහෝයට සමගාමීවීම ජීවිතයේ ආශ්වාදනීය දෙයක් බව හඟිමි. මේ ධර්ම ග්‍රන්ථය ලියා තිබෙන්නේ මුකලන්ගමුවේ පඤ්ඤාන්නද ස්ථවිරයෝය. 

     මමද දවසක් ඕපාත කොටුගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාමයට ගොස් උන් වහන්සේව හමුවී අවසර ගෙන කතා බහ කර තිබේ. උන් වහන්සේ කියන්නේද ඉතිහාසය ධර්මය සම්බන්ධව වෙනම ටීකාවක් වන් තෙරනමකි. උන්වහන්සේ මේ ධර්ම ග්‍රන්තය පටිච්ච සමුප්පාදය සම්බන්ධව පුදුමාකාර සරල කෙටි බසකින් ලියා තිබෙනවා දුටිමි. 

     ඉතින් ඒ සම්බන්ධව සටහනක් දැමීමට මාරසට හිතුනේ මා මිතුරන්ව උඩ දැමීම සඳහා නොවන්නේය. ඒ ධර්ම කාරණා අවසර ලත් විගස ‌මාරස වෙබ් පිටුවක පල කිරීමට බලාපොරොත්තු වෙමි. 

සටහනකට ලියන්නට දෙයක් ඒ හාමුදුරුවන් වහන්සේ අපට ඉතිරි කර නැත. 

මාතු පාදං නමාමී- පීතු පාදං නමාමී කියමින් මේ සටහන අවසාන කරමි. 

ජගත් මාරසිංහ

10 05 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.