80 දශකයේ ශප්තස්වරයේ මාර පොරවල් බව තමන්ම කියා ගත්තානම් වූ ඒ අයට පමණි.

      80 දශකයේ ශප්තස්වරයේ මාර පොරවල් බව තමන්ම කියා ගත්තානම් වූ ඒ අයට පමණි.


මාරස දන්නේ සහ වැදුනේ අයි ටී ඇන් කියන කතන්දරය මාරයි කියලයි. ඇනයක් කියලා දැනගත්තත් නොකියා හිටියා තමා.මොකද අර ජනතා විමුක්ති පෙරමුනටත් විරුද්ධව කේමදාසටත් විරුද්ධ කොන්ඩේ බැඳගෙන 80 වානරයෝ දෙන්නෙක් විතර එනවා. සංගීතයේ මහාප්රාණ කියාගෙන. නුඹලා සංගීතයට ‌කළ කෙහෙල් මලේ පිබිදීමේ ශබ්දයේ සුසරතාව ජන සංගීතය දත් ලාංකේය නුඹලා අකමැති වචනයෙන් කියනවානම් සිංහල බෞද්ධයන් දන්නවා තමා. කරුණා කර මේ රටේ මේ නිමේශයේ දේශපාලන තත්ත්වය නිසා කියන කතාව ඇත්තක් තමා. සියලු මාක්ස්වාදී සංවිධාන සහ රැඩිකල් අරගල කාරයන්ව රනිලයන් කොහේ ගහගෙන හැංගුවද කියලා හොයන්න ආයේ දයලෙක්තිකය නැවත වමාරන්න වෙයි. යකෝ ධනේශ්වරය කියන්නේ ධනේශ්වරය. නැතිව සමාජවාදය හෝ වෙන විකල්පයක් නොවේ. දැන්දැන් මේ පොළවේ සංගීත කතන්දර නොවේ ඒ සම්බන්ධව දාර්ශනික කතා බොහෝමයි. මාරස ආරධනාවක් කරනවා. මහා ලොකු පශ්චාත් නූතනවාදයේ කොන්ඩේ බැන්ද මහා සංගීත ශිල්පීන්ට මෙන්න මේ සෝමදාස ඇල්විටිගල සම්බන්ධව ලියන්න කියලා. ඇවැසියි ලියන කතන්දරය. මොකද සංගීතයටත් දේශපාලන රෙදි තියනවා. ඒවාත් ගැලවුනාම තමා සැබෑ සංගීතය මතුවෙන්නේ. සංගීතයෙන් කුණුහරුප කිව්වාට මොකුත් වෙන්නේ නැහැ. මේ ලිව්වේ මාරස. මාරස කියන්නේ මාරසම තමා.
පිපුනු කුසුම පරවූවා
පිපුනු කුසුම පරවූවා
බමර කිකිණි ගොළු වුණා
මුතු කැට සුද සැඟවුණා
හසරැළි වියළී ගියා - හසරැළි වියළී ගියා
පිපුනු කුසුම පරවූවා
සිතක නැඟී පෙම් රළ පෙළ
වෙරළ වැළඳ නිල් දෑසක
සිතක නැඟී පෙම් රළ පෙළ
කඳුළු වලට පෙරළුනා - කඳුළු වලට පෙරළුනා
කඳුළු වලට පෙරළුනා
දෑස අඳුර කැටි වුණා
පිපුනු කුසුම පරවූවා
පිපුනු කුසුම පරවූවා
බමර කිකිණි ගොළු වුණා
මුතු කැට සුද සැඟවුණා
හසරැළි වියළී ගියා - හසරැළි වියළී ගියා
පිපුනු කුසුම පරවූවා
පද රචනය: සිරි ගුණසිංහ
සංගීතය: සෝමදාස ඇල්විටිගල
ගායනය: ඩබ්. ඩී. අමරදේව
චිත්රපටය: සත් සමුදුර (1967)

jagathmarasinghe.wixsite.com/mare
10 05 2023


Powered by Blogger.