ලිංගික වහලියන්ගේ දේශපාලනය

                                                 ලිංගික වහලියන්ගේ දේශපාලනය

මේ කතාන්දරය දිගය. පලලය. මහා විදිහටම ගැඹුරුය. ‌කොටින්ම මේවා ගැන දේශපාලනිකව කතා කළ අය ගැනද නම් වශයෙන් දන්නවාය. ඒ සියල්ල දේශපාලනිකව පරාදය තමාය. නමුත් උන් නිකුත් කළ අදහස් වල සාරය උරා බී තමන්ගේ අම්මා සමග හැමිනෙන පිරිසකුත් සිටින බව මාරසනම් දන්නවාය.
 මේ දිග ලිපියක් නොවන්න‌ේය. මේ නිමේෂයේ ගෝලීය වෙළඳඅවකාශය විසින් ස්ත්‍රී වාදයේ දෙවැනි පිම්ම උන් අතට ගෙන වාගේය. දැන් උන් බලවත් බව උන් දන්නේ නැත. එක දුරකතන ඇමතුමකින් තමන්ගේ මිනිහා ලොකප් කළ හැකි තත්ත්වයක් මේ මොහොතේ තිබේ. නිදහසට කාරණා ඊට පස්සේය. ස්ත්‍රී වාදය ජයගත්තා කියන්නේ ඒකටදැයි සිනා සිය යුත්තේ කටින් නොවන්නේමය. මේවා ගැන කතා කළ මහා විප්ලව වාදියෝ අද බුදුන්ගේ ගුණ කියමින් භාවනා කරන්නේය. එසේ කිව්වාම ඇතිය. දන්න අයට වැටහෙනවාය. නොදන්නා අය හොයා යනු ඇත. උන්ට ඊටත් වඩා හොඳින් වැටහෙහනවා නියතය.
හිතන්න ලෝක ඉතිහාසයේ සිට බැරිනම් බලන්ගොඩ මානවයාගේ පටන්. ස්ත්‍රිය යනු යෝනියක් පමණි. ඒකිලාගේත්ය ලු සිතීම් පුරුෂයන්ගේය. කොටින්ම මාරස මෙසේ කියමු. ගැහැනුන්ගේ ඉතිහාසය ලියා ඇත්තේ පොත පතේ නොව පිරිමින්ගේ දෑස් වලය. ඒබව ගැහැනු දැනගත්තේනම් අඩුම ගානේ ඒකාගේ සුරතාන්තය මගේ සුරතාන්තය නොවේ කියා සැබෑ මෝක්ෂ අත්දැකීමක්වත් ගත හැකිය. 
මේ සම්බන්ධ දේශ පාලනය මාරස කතා කළ යුතු නැත. ඒවාට අයිතිකාරයෝ සිටිත්. නමුත් ඒ අය ගැහැනුන්ට කතා කළ යුතු භාෂාව දන්නේ නැහැ වගේය. ඒකද පුරුෂ දේශපාලනයේ බලයක්ම වන්නේය. මේවාට හිනාවෙන්නට ගියොත් අර්ශෂ් හැදෙනවා නියතය.

පිපුනු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා
කටු මැටි බිත්තිය හැඩ කර කර අදිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියනියනේ..
ආදර දියනියනේ..
පාලු කනට නුඹෙ අත නොගැටෙන්නයි
කන්නඩි කැඩපත බිම දැම්මේ
ලිදේ අඩිය හිරු නොබලන පින්නෙ
එබී ලිදට නුඹ ඈයි හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියනියනේ..
ආදර දියනියනේ..
ජගත් මාරසිංහ
28 05 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.