ළමා ළපටි නෑනා කොයි ගියාදෝ...!

                                          ළමා ළපටි නෑනා කොයි ගියාදෝ...!

මාර කතන්දරයක්. නැහැ සයිබර් වීදි රස්තියාදුවේදී හමුවෙන මාර දේවල් දාන්න සකාවත් ඊ පවුර හෙවත් මුහුණු පොතේ ඉඩ දෙන්නේ නැහැ. මොකද වික්ටෝරියන් සමාජ සදාචාරය මහා බලවත් නිසා. නමුත් තන් පුඩු පෙනුන ගමන් සෙන්සර් වලින් අපට අවවාද දෙන මේ පොටෝව දාන්න අයිතියක් ඇතියි කියලා හිතනවා. සමාජ ජාලා කියන කතන්දරය මාරසටනම් එච්චර ගැටලුවක් නැහැ. මොකද අපි මිහිර පත්තරයේ කමලා ළමාසමාජයට පෝස්කාඩ් වලින් ලියපු මිනිස්සු. පස්සෙයි දැන ගත්තේ කමලා කියන්නේ කමලා අක්කා නොවේ දාර පිරිමියෙක්ක කියලා.
ඒ මාධ්‍යවේදය තමා මේ පශ්චාත් නූතන නිමේශයේ පිමි පනින්නේ.
සීගිරිය කැටපත් පවුර ගැන විෂයක් විදිහට නොවේ ජීවිතයෙන් හදාරපු මිනිස්සු. පසුව බිත්තියේ ලිව්වේ කැම්පස් කාරයෝ. නමුත් ගුරු විද්‍යායාල වල ලියපු දේවල් අනිවාර්ය කවි උනා. සීගිරිය කැටපත් පවුරේ ගී ආකාරයට ගුරු විද්‍යාල වල බිත්තියේ ලියපු කවි මාරයි. මහරගම ගිරාගම බෝල වලාන විශිෂ්ටයි තමා. බලපිටිය ගුරු විද්‍යාලයත් විශේෂයි. මාරසත් ගියා. අනේ මාරස හිරේ ගිහින් ඇවිදින් ගුරු විද්‍යාලයට ගියේ පිරිවෙන් ගුරුවරයෙක් විදිහට. පිස්සු හැදුනා. මොකද බලපිටිය ගුරු විද්‍යාලයට එහා පැත්තේ තිබ්බේ මහා කප්පින වලව්ව. මට ඒකේ කරපු සිනමා පට වූ ගම්පෙරලියේ සිට විකාර රූපී නොව සැබෑ ජීවිතයක් සිතට ආවා. මහා කප්පින වලව්ව පැන්න ගමන් තියෙන්නේ තනි රේඛාවක රේල් පාරක්. ඒව ඡායාරූප ගත්ත හැටිත් ඒ ඒ කාලේ නෙගෙටිව් කොහේ කොහේ හෝ ඇති. නමුත් තාම ‌මාරසට ඒවා ප්‍රොසිටිව් තමා. අර ගුරුවිද්‍යාලයක එක ගුරුවරයෙක් බිත්තියේ ලියා තිබි කවියක් තාම කට පාඩම්. කෝකටත් ‌තයිලේ වගේ මේක මම මෙතනදිත් සටහන් කරනවා
"තීර් බෑන්ඩ් ගුරු විදුහල් ආම්
ආව් ආව් ගුරන් සමත් වී යාම්
මාත් අවූර් තුනක් පූනු වීම්
ආස්මාත් වී යාම්."
නිකමටවත් හිතන්න එපා බිත්තියක ලියලා අපේ මිනිස්සු පුරුදු නැති ජාතියක් කියලා. සකා බර්ගේ නීති වැඩී. වානිජත්වය අද සිටන් ආපු දෙයක් නොවේ. ඒක මාක්ස් නියමෙට කතා කරලා තියනවා. ඒක වෙන ගැටලුවක්. කවුරු කෙසේ කීවත් සමාජ ජාලා කමලා ළමා සමාජය ඉක්මවා අද උප සංස්කෘතියක් වෙලා අවසානයි. ඒ උනේ ධනේශ්වරය නිසාද සංසාරයෙන්ද යන්නටත් මාරස ගාව උත්තර ඇති. නමුත් කතාවක් බතාවක් නැහැ මුහුණු පොත හෙවත් සකාගේ ඊ පවූරත් බිස්නස් උනත් ලෝකයේ උප සංස්කෘතියක් වෙලා අවසානයි. මාක්ස් ජීවත් වෙන්න ඇවැසි නැහැනේ. කොමිනියුෂ්ට් ප්‍රකාශනයේම ඒකා මේවා කියලා ඉවර කළානේ. අනේ මාරසනම් දන්නේ නෑහැ මාක්ස්වාදය ගැන කතා කරන බොහෝ දෙනා ඒ කොමිනියුෂ්ට් ප්‍රකාශනය කියවලාවත් තියනවාද කියලා. ඒ වගේම බුදුන් ගැන කතාකරන සියල්ල බුදුන් වහන්සේගේ බුද්ධ ධර්මය යනු කුමක්ද යන්නට අදාල ඉතාම කෙටි වචනය වන ත්‍රිලක්ෂණය ගැන දැනුවත්ද කියලා.
ඉතින් ආදරය කරන හැම මිනිහෙක්ම හොයනවා තමන්ගේ ආදරිය තමන්ට විතරද ආදරය කරලා තියෙන්නේ කියලා. බයිලා කියන්න එපා. හැදෑරීමකින්ම දන්නවාත් තමා. සෙක්ස් අඩවි වලට ගිහින් හොයන්නේ තමන්ගේ ආදරවන්තිය තව කෙනෙක් සමග බුදියලාද කියන මානසිකත්වයම තමා. වැඩි දුර කතා කරන්න මාධ්‍ය ප්‍රතික්ෂේප කරන මාරසට කියන්න වෙන්නේ වැස්ස වෙලාවක භාගයක් අරන් වරෙන් මචං කයියක් ගහන්න කියලා විතරයි
මෙතනදි සෙඩිසම් සෙක්ස් කියන කාරණාව ඉතා වැදගත්. මොකද සාද් ඈපෑනන් නිසා හෝ මාරාසාද් නිසාම නොවේ. මොකද සෙක්ස් කියන්නේ සංස්කෘතියක්. උදාරහරණ වශයෙන් මාරස බය නැතිව කියනවා අද සියයට විසි පහක් විතර තියෙන්නේ වාම උප සංස්කෘතියක්. ඒකෙන් සියයට පහලවකට ආසන්නව ජනතා විමුක්ති පෙරමුනේ සංස්කෘතියකුත් තියනවා. මේ ලෝකේ චලිතයේ හැටි. නමුත් මේ සංස්කෘතියේ ඉන්න කස්ටිය ඡන්දෙකදි කිසිදා තමන්ගේ සහෝදරයෙක් කියලා ඡන්දයක් දාන්නේ නැහැ. ඒක තමා මරු තැන. වාමාංශික කල්ට් එක මොනතරම් වාම උවත් පැහැදිලිව හිතන්න පතන්න හැකියාවක් බුදුනුවන්ටත් සම්බන්ධ කර මාක්ස් ප්‍රතිරූප ගත කර දීලා තියනවා. හේතුවාදයටත් ලකුනක් දෙන්න වෙනවා. මොකද අර කාලෝ හරි හෝ වැරදි උනත් අර නිකන් නිකමට වගේ බුදුන්ගේ නක්කත්ත සුතුර ගැන කිව්ව කාරණයට. නලීන් ගැන කියන්න දෙයක් නැහැ. නලින් සිල්වා මේ ගැන කතා කරනවා. නමුත් කාටීශීය කුලකයක ශ්‍රිතවල අනිත් පැත්තටත් වඩා අනිත්‍ය ගැන. කාට ‌තේරුනේ නැතත් වදින අයට නලින් සර්ව වදිනවා අනිවා.
ඉතින් මේ සයිබර් රස්තියාදුවේ තහනම් අඩවි වලට යනකොට මට සේකර ලියන ලද අමරදේව ගායනා කළ මේ ගීතය සිහිවුනා. කාට ගැලපුනත් නැතත් මාරසට මේ ඡායාරූපයත් සමග ලිංගිකත්වයේ ඇති ප්‍රචන්ඩත්වය ගැන සිහි වුනා. අනේ ඒ ආදරයේ ලිංගික සංස්කෘතියේ ප්‍රචන්ඩත්වය කොච්චර නම් හොඳින් සමාධි ගතව සේකරලා ලියලා තියනවාද. ඒ වගේම අමර දේවලා ඉපදිලා තියෙන්න ඇත්තේ ඒවා ගායනා කිරීමටම පමණයි ද මන්දා. ජනකවි වල ආශ්චර්ය අහන්න අද දයානන්ද ගුණවර්ධනයන් නැහැ. නමුත් එයාගේ පුතු වසන්ත ගුණවර්ධනයන් ඒ ටිකවත් කාලෝචිත විදිහට වේදිකාවේ තබන එකත් මරු.
ඉතින් සේකර, අමරදේව, කාලෙකින් සිහිනෙන් දැක්කේ නැහැ. අද රෑටවත් රොමැන්ටික් මාරයි කියන්න මාරයාව බලලා යන්න සිහිනෙන් එන්න. දිවා දකින සිහිනයන් තුල හැම වෙලේම නුඹලා ඉන්නවා. නමුත් නිදා ගත්තාම දකින සිහින ගැල ප්‍රොයිඩ්ටත් අමතක වුන කතාවක්. නිදාගත්තාම දකින හීන භෞතික නැහැ කියලා කවුද කියන්නේ. ඒ කියන අය වැස්ස වෙලාවක භාගයක් අරන් ඒ‍න්න මේ ගීතය අහන්න. අහලා සමාධි ගත වෙන්න.

පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා...
ඉර පායා ඉර අවරට ගියාදෝ
සඳ පායා සඳ අවරට ගියාදෝ
ඇඬූ කඳූළු මුහුදට එක් වුණාදෝ
ඇඬූ කඳූළු මුහුදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි ගියාදෝ...
උඹේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
උඹේ කටින් ගී සීපද අහන්නට
උඹේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට...
පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා...

ගායනය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
සංගීතය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
https://youtu.be/0tPzdScrqAg
https://jagathmarasinghe.wixsite.com/mare
08 05 2023


Powered by Blogger.