ලීයේ ඇදය හරිතත් හුයලා අඟුරූ _ වෑයේ කුදය බැලුවම ඊටත් නපුරූ

  • ලීයේ ඇදය හරිතත් හුයලා  අඟුරූ _වෑයේ කුදය බැලුවම ඊටත් නපුරූ 
  • ලීයේ ඇදය හරිතත් හුයලා    අඟුරූ
  • වෑයේ කුදය බැලුවම ඊටත්     නපුරූ 

       මේක කියලා හැදිලා ගහපු පොටෝවක් නොවේ. මේ නිමේශයේ මාරස ගමන් සගයෙක් වූ මගේ යෙහෙලියක් ගත් පින්තූරයත්. ඒකට මාරස ආස උනේ නම මාරයා නිසා සහ මාර පරාජය ගැන සෝලියස් මෙන්ඩිස් කියන සැබෑ බිතුසිතුවම් ශිල්පියා තමන්ගේ හැකියාවන් නිකන් අනිත් ඉරිකෑලි අඳින උන්වගේ උඩ නොදැන්ම නිසයි. ඒ නිසා ඒකා මාරපරාජය කළා තමා. ඉතින් මාරස මේ ඡායාරූපය දාලා සෝලියස් මැන්දිස්ලා ගැන කියවන දේවලුත් තවත් පැත්තකින් ජෝක් කියලා මාරස දන්නවා. ඒත් කියන්න හදන දේට අදාල හින්ද අනිත් සිතුවම් මකා දාලා මාධ්‍යයවේදය උස්සලා කතාකරන්න හැකියි. නමුත් ඊට වඩානම් මාරස නොවේ ඊ පවුරේ ගොඩක් කට්ටිය ඉදිරියෙන් ඉන්නවා. මම දැකලා තියනවා ඊ පවුරේ ජනප්‍රිය නැති කොල්ලෝ . මම හිතන්නේ තාම කෙල්ලෝ ලියන්නේ මහා පොරවල් ගැන. ඒ ලියන්නෙත් ඇරියස් ඇති වයසක කෙල්ලෝ කියලා කවුරු කිව්වත් කෙල්ලො කොල්ලෝ තීරණය වෙන්නේ වයසින්ද හැඟීමෙන්ද යන්න තවත් ගැටලුවක්. මාරස පොඩි කාලේ කියවපු මතකයට අනුවනම් ඒක මේ අර ඇස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක කියලා තියනවා. ඒකා කියනවා වයස තීරණය වෙන්නේ මනසේ මහලු කමත් සමග කියලා. ඉතින් යකෝ උන්ව නොමරා ඉන්නවාද ඒ ගැන දන්න උන්. ඉතින් ඒකාව මැරුවෙත් කැලණි පන්සලෙන් කියලා මාධ්‍ය ප්‍රදර්ශන තිබබේ ගෝලිය කරනයේ නොවේ. 1959 දී තල්දුවේ සෝමරාම නම් චීවරධාරියකු විසින් කියලයි දැන් කතාව විශ්ව කෝෂ ගෙනියන්නේ.

   නමුත් අන්තර්ජාලයේත් බොහෝ තැන් වලත් සටහන් වන්නේ කාලයක් කැලණිය රජමහා විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම බුද්ධ රක්ඛිත හිමියන් 1956 මහා මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය උදෙසා විශාල වශයෙන් මූල්‍යමය දායකත්වය සැපයූ  තෙරනමකි. බණ්ඩාරනායක අගමැතිතුමාද සමීපව ඇසුරු කළ උන්වහන්සේ එකල රටපුරා ප්‍රසිද්ධව සිටියේ ආණ්ඩුවේ මහ බලවතුන් අතරින් එක් අයකු වශයෙනි.

      මාධ්‍ය කියන්නේත්,  නීතිය කියන්නේත්, ආදරය කියන්නේත්, නිකන් එකම සරුංගලයක නූලක් වගේ. නූල කපලා කියනවා ඒකා කොහෙද දන්නේ නැහැ වගේ කතා. ඒ ඇවිත් බුද්ධ භාෂාව නොවේ. ඒ භාෂාවත් මාරස ඉතා හොඳින් දන්නවා. නමුත් මේ සටහන ලියන්නේ ඒභාෂාවෙන් නොවේ. කුමන සටහනක්වත් ඒ භාෂාවෙන් ලියවෙන්නනම් තමන් අදහන පක්ෂයක් හදවතේ නාභිගතවෙන්න ඇවැසිම තමා. ඒවට සහෝදරයෙනි සහෝදරියනි කාල අවකාශයක් තියනවා. එතකන් ජීවත් වුවොත් නොවේ තරුණ තොප අවකාශය කෙටිකර අප පරපුරටත් ඒ දේට සම්බන්ධ වෙන්න හැකියාව උදව් කළ යුතුයි. දැනට තොප කිව්වත් නැතත් අපේ පරපුරට රාං රූං ශබ්දේ ඇහෙනවා තමා. මේ ථේරවාදය ගැන කතා කරන්නේ කෙලින්ම තන්ත්‍රයානයේ එක "කෝ ආන්" (අර මාර දාර්ශනික කියන කතන්දර. කෙලින්ම ජීවිතය තර්කයකට දාලා ආතල් විඳින කතන්දරකියා ලියන්නේ මාරස හැප්පෙන්න නොවේ. ඒවයින් ජීවිතය දිනපු එක දෙයක්වත් ඔය පරංගියන්ට කියන්න කියන කතන්දරයම තමා. ) එකක්වත් ථේරවාදී ජාතක කතාවකටවත් මිනිස්  ඇහැකින් අලගු තියන්නනවත් හැකිද කියලා අහන්නයි. නැතිව ජාතක කතා පොර වෙන්න මාරසට කිසිදු දොළ දුකක් නැහැ. නමුත් වෑය ගැන නොදැන කෙලින් කතා ලියන පජාත නොකීවත් කාල අවකාශයේ සුජාත නොවන අයටනම් මේව වදිනවානම් වැඩක් නැහැ. වදින්න ඇවිසි ඒ අය දෙවිවරුන් කරන් ඉන්න කොල්ලන්ටයි කෙල්ලන්ටයි පමණයි. 

             මේ ටික ලිව්වේ තැනකින් මාරසට වෙච්ච දෙයක් ‌වගේම ඊට පිටින් හිතලා කරපු දෙයක් ගැන ලියන්න. මම උප්පත්තියෙන් අහවල් ජාතියේ අහවල් කුලේ අහවල් වාසගමේ නැත්නම් වාසය කරපු ගමේ අයෙක් තමා. නමුත් එතනදි මාක්ස්ට එංගල්ස්ට විජේවීරට ඒව ලියන්න අයිතියක් තිබ්බට මාරසටනම් නැති උනාට කාරියක් නැහැ. ( ඒ නම් මේ සටහනට කිසිසේත්ම අදාල නැතිවුනත් මේ නිමේෂයේ අදාලයි. මොකද අර ‌කොළඹ නැතිව අනුරාධ පුරය ගැන කතා කරන්න බැහැ වගේ සංසිද්ධියක නිමේශයකනේ අපි ජීවත් වෙන්නේ.) ඒ සෙප්පඩ විජ්ජා පැත්තකට දාලා කෙලින් ලියන්න තියන දේ ලියනවා. කෙලින්ම පරංගි මාක්ස්වාදීන්ට මාරස වසර ගණනාවක සිට ලියනවා. කෙනෙක් අහලා තිබුනා මේ කා ගැනද කියලා. මතකනම් කියන්නම් තොප ඇතුලු අනිත්  උන්ට තමා කියලා. නමුත් උන් ගහන්නේ නැහැ. ඇයි ඒ. නමුත් මාරස දෙවැනි පීල්ල පැන්නොත් මොකද වෙන්නේ කියන කතාව විසඳගන්න දුම්රිය දෙපාර්ථමේන්තුවට තමා යන්න වෙන්නේ. එයාලා කියාවී එහෙම පාරක් නිති නිසා සිග්නල් බලන්න කියලා.

      තාම ලංකාවේ තියෙන්නේ හේතුවාදී රේල් පීලි. ඒවා සමාන සහ අසමාන යටතේ සහ අයින්ස්ටීන්ගේ සාපේක්ෂ යටතේ තමා පවතින්නේ. මන්දා බහුමානික දර්ශනය ගැන කතා කරන මාරස ඇතුලත් පරපුරේ සගයන්ගෙන් තාම හර්තාල සටන් ක්‍රම වෙන්කරන්න හෝ උපායික ක්‍රියා වෙනස් කරන හැටි සංකල්පයක්‌ හෝ  ක්‍රියාවක්. මහා ලොකු කතා කරන සියලු වාමාංශික දර්ශනය මුල් වෙලා තියෙන්නේ යාන්ත්‍රික ‌භෞතිකවාදය මත කියලා සිංහලෙන් දන්න දේ මාරස ලිව්වා. ජ්‍යෝතිෂයේ දයලෙක්තිකය ගැන ප්‍රධාන කාරණා දෙකකට ඒ අයට දැනෙන්නම මැදිහත් වුනා. නම    නමුත් ඉරවටා යන න්‍යායන්ට අමතර න්‍යායන් ඒකලාට වදින්නේ නැහැ. නොදකින් විතරයි කියන්න තියෙන්නේ. වැස්සෙන් බේරෙන්න රෙන්කෝටයක් තිබ්බට ඇති කියනවා වගේ කතන්දර. පස්සේ නාය ගියාම කෙලවෙනවෝ මේ ‌ධනේශ්වරයේ වරදක් කියන කතන්දර. ධනේශ්වරය බිඳ දා ඇති කරන ලද රාජ්‍ය වලට කෙලවෙලා තියනවා කියන කතන්දර දන්නැති හුදකලා වාදියෝද මේ. නැතිනම් අද ධනේශ්වරයේ මාරය රුසියාව චීනය කියලා කියුබාවේ සුභ සාධක ක්‍රමත් මාරයි කියලා හිතහදා කන්න කලාවක් බිහිකරන හපුයියලාද තොප. නුඹලා කිසිම ජනතාවකට ගෝචර නොවන කලාවේ මේ ව්‍යාහාරික විද්‍යාව පස්සේ යනවා විනා ඊට ප්‍රතිපක්ෂක්ෂව හිතන්න තියා කෝල් එකක්ගන්නවත් බැහැ. සූම් තමා සූම්. සූම් තාම සූම්. සූම් හඬ ගැන පසුව ලියන්නම්. 

     කෙලින් කියනවානම් පශ්චාත් නූතන වාදයේ දේශපාලනය ආරම්භය ධනාත්මක  වුවද දැන්නම් උන් ගේ කල්ලි කණ්ඩායම් වනාහී ‌ජ්‍යෝතිෂයේ තක්කඩිවාදයම වන්නේය. දෙයක් කියයි. කෙලවුන පසුව මේ නිසා මෙසේ වූවා කියයි. හරියටම තෝ මැරෙනවාය. නමුත් සෙනසුරු ඒරාෂ්ටකයේ විභේදනයේ සූර්යා සහ බුධ සංයෝගය නිසා නොමැරෙන්නේය. මේ ව්‍යසනයේ මුල සිස්ස්ටම් අප්සෙට්ය. නැත රුසියන් යුක්රේනු යුද්ධයය. නැත රනිල් සහ මහින්දලාගේ ධනේශ්වර සම්බන්ධයය. මේවාට මාර වෙන්නේ බයිලාය. 

ඔය කට මරු කට වම් කට වක්කඩ

රතු ලප මතු වෙලා හිරු දිලේ සදහට

වල පයයි ගොඩ පයයි සැම අගෙයි සත හට

රත් කලත් ගැලවෙන්නේ නැහැ වම් ඉමේ මලකඩ.

   කොහොම හරි කාරි නැහැ මාරසට හිතුනා මේ පරංගියන්ට වඩා හොඳ කොහෙද තියලා තියෙන්නේ කියල හොයන්න නොවේ. මොකද ඉතින් ඒ අය කියන්නේ ඒකා දැන් විඤ්ඤාන වාදියෙක් අපතයෙක් කියලානේ. අනේ විජේවීරය ‌සෝමවංශ සහෝදරයා පාංසුකූලය අරන් වැලලේවි ඊට විද්‍යාත්මක පදනමක් ඊට පසු පක්ෂ ඉදිරිපත් නොකරාවි කියලා දැනන් හිටියද  

    ඉතින් යකෝ මේ යක්ෂ ලෝකෙක මාරයාට හිතෙනවා කැලණි බිතුසිතුවම් වල සෝලිස් මෙන්ඩිස්ගේ ආදරයට මාර පරාජය චිත්‍රය නැවත බලන්න. කැලනි විහාරයට ගිහින් කොහොම බැලුවත් ඒ චිත්‍රයේ ආධ්‍යාත්මික ශක්තිය තුලිිින් අපේ පාරාම්පරික මිනිසුන් කෑ ගහන්නේ තෝ වනාහී මිනිසෙක් පමණි. මාරයා යනු සංසාරයක භව කේන්ද්‍රීය ලෝකයේ තමා විසින් තමාවම පරාජය කරගත් විශේෂිත කාරනයක් කියා.

     නොදන්නවා නොවේ. දන්නවා. ඒකයි මාරස දැම්මේ. නැතිනම් මාරයා කියලා පොර වෙන්න හදන මානසිකත්ව නැහැ. කෙලින්ම මේ පරංගින් ප්‍රතික්ෂේප කරන කැලණි විහාරයට සර්දා භක්තිමය සිතින්ම ගොස් දවසක් කෙලින්ම සිංහල හැට පැයක් සිල් ගත්තා තමා. 

       මා පළමුවර මිනු නාලන්දා පාසැලේ සිල් ගන්න ගියේ වයස 17 දි.1977 අග බාගයේදි මතක ලෙස මාරසට උතුරු සළුවක් තිබ්බේ නැහැ. අම්මලා මොරටුවේ. මොන දේශපාලනයක්වත් නැහැ. හිතුන විදිහට සුදු කමිසයයි කලිසමයි දාගෙන සිල් ගන්න ගියා. ප්‍රධාන ගේට්ටුව ගාවදි ඒ වේහැල්ලේ හාමුදුරුවො මගේ අතින් අල්ලා ඇහැව්වා උඹ සිල් ගන්න ආවේ උතුරු සළුවක් නැතිවද කියලා. ‌දුන්නා මගේ කනට. එකපාට අත ගියා බ්ලොක් උනා. කරන්න දෙයක් නැහැ එයාගේ අතට රිදෙන්න ඇති. කෙලින්ම හාමුදුරුවන්ට කිව්වා කියලා යාලුවෝ දන්නවා තව පාරක් ගැහැව්වොත් මට ඔබටත් හාමුදුරුවනේ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍..............කියලා. පස්සේ දුක්වුනා. ඒ හාමුදුරුවන් විශ්‍රාම ගිය දවසේ ශිෂ්‍යයෙක් විදිහට මාරසද කතාවක් පැවැත්වුවා. හදවතින් අඬ අඬා. ඒවා නොදන්න අවකාශීය ආධ්‍යාතිමික ශානරය දැනගත්තම ඇතිනේ.

      ඒ ශීල වයාපාරයේ එදා ධර්මදේශනයට ආවේ හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි නායක හාමුදුරුවන් වහන්සේ. ඒ කටවල් නොවේ. රිදී සීනුම තමා. අපට දුන්නා උන්වහන්සේ ධර්ම සාකච්ඡාවක්. කෙලින්ම මාරස නැගලා ඇහැව්වා ‌සීලේ තියෙන්නේ රෙද්දෙද කියලා. ඒ උන්නාන්සේ කිව්ව දේ අන් අයට අමතක වෙන්න හැකියි. නමුතු ප්‍රශ්නේ අදාල මට තාම මතකයි. අමතක කරල තියනවානම් යමෙක් ඒ ඇයිද යන්නත් ගැනත් කාරනා නොතිබෙනවා නොවේ. 

     හෙට්ටි මුල්ලේ වජිරබුද්ධි හාමුදුරුවො එදා දුන් පිළිතුර තාම වලංගුයි. එයා කිව්වා ඒක සංකේතයක්. මේ අෂ්ටාංග ශීලය රකින පුද්ගලයා ඒ පැය ගානට හරි බුද්ධ රාජ්‍යයේ අයෙක්. ඒක නොදැන එයාට අපහාස උපහාස විහිලු නොසැලකීම් අනිත් අයගෙන් සිදුවිය හැකියි. අපටනම් කහ පාට සිවුර තියනවා. උපාසකයෙකුට කිසිත් නැහැ. ඉතින් ඒකට සංකේතයක් විදිහට දෙන උතුරු සළුව කියන්නේ සිල්ගන්නාට දෙන පදක්කමක් නොවේ. නමුත් ඔහුගෙත් හික්මීමක් ඇතිවෙනවා මේකෙන්. මේවා චාරිත්‍ර. චාරිත්‍රයක් ඇතිවෙනනෙත් හේතුවක් ඇතුලේ. නැතිනම් ‌සීලේ තියෙන්නේ රෙද්දේ නොවේ. කිසිදු ඇඳුමක් නැතිව තමන්ට සිල් ගන්න හැකියි. තමන්ට ඒකෙන් මිදෙන්න හැකියි. තමන්ට ඇවැසිනම් දශ සීලයත් අරන් ඒ විදිහට පවතින්න හැකියි. බැරිනම් යන්න හැකියි. නමුත් අපේ ශාස්තෘන්වහන්සේ කිව්වේ ඒහි පක්ෂිකෝ කියලයි. නැවතත් සැකයක් තියනවා නම් ඇවිත් බලන්න. බැරිනම් යන්න .

      එවන් නිදහස් චින්තකයෙක් කියා උන්වහන්සේව වර්ණාකිරීමට මා ශබ්ද කෝෂයේ වචන ඇතිය කියා සිතමි. නමුත් ඒ පෙල ගැස්මට දක්ෂතාවයද ඇතැයි කියා සිතමි. නමුදු එවන් දර්ශනයක් ගැන කතා කිරීමට මට සංසාරගත පරිචයක් නැති බව හඟිමි. මන්ද ඒ යුග පාරාදීසයක අත් දැකීමක සුසරත්වයේ භාවමයවූත් දිව්‍යමයවූත් ආදරයේ නිවෙන නොනිවෙන නිවී දැවෙන දැවී නිවෙන සරළ නොවන එහෙත් අතිසෙයින් සරල මෙන් පෙනුනනත් ආදරයේ ස්වර සුසරත්වයේ සැබෑවවම වීම විය හැකිය.

     ඉතින් සිල් ගත්තා වයස හැට දෙකකට පස්සේ. අම්බෝ ඔන්න මාරස සහභාගි උනා. කැලණි විහාරයේ උපාසක උපාසිකාවේ වැලි වගේ පිරිලා. මාරස වසර දාහතක පමණ පිරිවෙන් ගිහි ගුරුවරයෙක්. කලිනුත් ලියලා ඇති පිරිවෙන් ගුරු වෘත්තිය අතට ආව ගමන් බාරගත්තේ එකාට වඳිනවාට වඩා චූටි කාලේ ඉඳන්ම අම්මට තාත්තට වගේ හාමුදුරුවන්ට වඳින්න කැමති නිසයි කියලා. ඒ කියන්නේ චීවරධාරීන්ට වඳිනවා කියන කතාවත් නොවේ. පරංගි වම්මුන් චීවරධාරීන් කියා නම් කරන හැම කෙනාවම චීවරධාරීන් කියලා පිලි ගන්නවා කියන කතන්දරයත් නොවේ. මොකද ඔය වම්මු අද වෙන තෙක් අවසාන වෙලා තියෙන්නේ මහා යානය පට්ට ගහලා තේරවාදයෙන්. තේරවාදයේ විතරක් නොවේ වමෙත් වැරදි නොතිබුනානම් පරංගි වම කියලා කියනවාද? කෙලින්ම ප්‍රශ්නය ඉදිරි පත්කරන්නේ නැහැ. නමුත් මේ සටහනේ ඒ ගැටලුව ගැන කියවෙයි.

       ඉතින් වැලි වගේ සෙනගක්. මාරසත් උතුරු සලුව දාගෙන සිංහල පැය හැටකට ව්‍යාහාරක පැය හැටකට අටසිල් හදවතින් ගත්තා. පිස්සු හැදෙනවා. මම ඒ මාරස හදවතේ නිශ්ශබ්ද කාලයේ මාරස සුරාව ගැන බීඩියක් ගැන හිතන්න ගියේ නැහැ. අරන් ගියේ. නමුත් එතන හිටපු සිය දහස් ගනනින් එකෙක්වත් ඒක කළේ නැහැ. මාරස හෙව්වා හොරෙන් හරි බොන තැනක්. සමරහර විට බොන්න ඇති සලකුනු නැහැ. එක බුලත් විට පහරක් මිදුලක නැහැ. මම හදවතින්ම ඒවා ඒ නිමේශයට විසි කර දැම්මා. කැලණි විශ්වවිද්‍යාලයේ උපකුලපති කියන කොල්ලුපිටියේ සංගරක්ෂිත නායක හාමුදුරුවන් වහන්සේ මට හමුවෙලා තියනවා මාරස කැලනි ගිය අවස්තාවක ගණ්රටාරය ගාව උදැල්ලක් සහ තවත් අවි ආයුධ අරන් ගඩොල් ගොඩනගමින් ඒවා පැරණි ලෙසම පුරුද්දමින්. ඊයේත් අර දෙරණාභිනන්දන කියලා වෙසක් වැඩසටහනක් වෙනුවෙන් වන්නිලෑ  ඇත්තන් සමග වැඩ සටහනක් කළා. මාරස අහන් හිටියා. ඒ පූජා බූමියේ තියන නා පැල සිටවනකොට උන්වහන්සේ බලාපොරොත්තු වුනේ නැහැ කියලා මේ තරම් උස යයි කියලා. උන් වහන්සේ කිව්වා ඇත්ත අත්දැකීමක්. නමුත් අපේ ආදරය අපේ හඬ සමග මෙයාලා දැන් විශාලම විශාල වෙලා කියලා. 

      තවත් අත්දැකීමක් කියන්න වෙනවා. දෙරණ මාධ්‍ය ජාලයට මාරස ආධ්‍යාත්මික විශ්‍රාමයෙන් හිටපු ශාලාවේ වැසිකිලි දෙකෙන් කාන්තා වැසිකිලිය වහන්න සිදුවුනා. අන් කිසි දේකට නොවේ දෙරණ ජාලිකාවෙන් පැමිණි පිටස්තර සේවකයන්ගේ පහසුව සඳහා. ඒ වෙලේ මාරස හිතුවේ මහා විකාරයක් වෙයි කියලා. ජීවිතේ පළමු වතාවට කාන්තාවන් සහ පුරුෂයන් මනා හික්මීමෙන් යුක්තව එකම වැසිකිලිය පාවිච්චි කරන අයුරු බලා සිටින්නට මාරස වාසනාවන්ත වුනා

     මාරස උපන්දා සිට මොන පිරිවෙන් මොන ස්කවුට්න් මොන සමාජ සේවා මොන දේශපාලන හිරගෙවල් කොහේ හිටියත් වයස හැට දෙක වුනා මේ සිල් පද ඇතුලේ තියන ආධයාත්මික ගුණය කියන්නෙ දේශපාලනික ගුනයක සුසංයෝගයක්මද කියලා හිතෙන්න. තනිකර ස්වයං පාලනයක්. පාලකයෝ පේන්න නැති. අන කිරීම් නැති නිදහස. අනෙක බඩ ගින්නක් ආවත් දැනෙන්නේ නැති විදිහට හිත පිරෙන ධර්ම සාකච්චා. මොකද ධර්ම සාකච්චා වලට තර්කයක් නැහැනේ. 

      සියලු සත්වයන්ට ආදරය කරන්නට මාරසට හැකි වේවා. සියල්ලන් ඉන්පසුව ආදරය කරාවි කියා හිතෙනවා. පැරණී නූර්ති මතකයට ආවා වගේ. 

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා
දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි 
https://youtu.be/TTm3lnuTHlo
https://jagathmarasinghe.wixsite.com/mare
06 05 2023


Powered by Blogger.