කඳුළක පාරාවර්තනයේ පිරිමි ඇස

                                             කඳුළක පාරාවර්තනයේ පිරිමි ඇස

    ගොඩ කාලයක් වගේ දැනෙන්නේ. නමුත් ඉතා ටික කාලයයි. කැලණි පන්සලෙට ගියාට පස්සේ එතනින් මිදෙන්න ටිකක් නොවේ ගොඩක් අමාරුයි. ඒත් ස්වභාවයා සම්බන්ධව න්‍යාමයන් සමග අපි  ජීවත්වෙනකොට මොන මගුලෙන් හරි මිදෙන්න නැවත ඒ ගැන ‌මෙනෙහි කරන්න සිදුවෙනවා තමා. 
   ඉතින් වෙසක් පෝයට පස්සේ මාරස සයිබර් රස්තියාදුවේ යනකොට වීදියක් හමුවුනා. නම https://pixabay.com/ වීදිය. ඒකේ තිබ්බ මේ කඳුල
     කඳුලට වඩා මාරසට වැදගත්වුනේ  ඒ ස්ත්‍රී මුහුණ කියලා හිතනවානම් ඒක වැරදි. මොකද මාරසත් දැන් වයස 63 ලබන කෙනෙක්. අනේ මන්දා අපේ ආදරයෙදිනම් හැමදාම දැක්කේ මේ කෙල්ලන්ගේ ගැහැනුන්ගේ මේ කඳුල පමණයි. ඒක විනිවිදින්න ගියාමනම් මහගම සේකරලාගේ අමරදේවලාගේ වික්ටර්ලාගේ විතරක් නොවේ අපේ පරපුරේ සියලු කලා කාරයන්ගේ සංගීතය සහ පද මාරයි වගේ. පිස්සු හැදෙන කතාවක්. අර අපි ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්මයට වඩා ආදරය කළේ යසෝදරාවගේ කඳුලට වගේ තමා. කොහෙන් ගියත් බුදුන්වහන්සේ ගැන කියවන ඇත්තෝ අන්තිමට යසෝගේ කඳුලකින් තමා ලෝකය දිහා බලන්නේ.
       වඩා නිවැරදි ලෙස කියනවානම් අපේ ආදර ගීත සියල්ල ගැහැනියකගේ කඳුළක්. අවසානයේ පිරිමි කියන ආදරවන්තයන්ට ඒ කඳුළ විනිවිදින්නැතිව ලෝකය බලන්න බැහැ වගේ කේදවාචකයක්. නමුත් බුදුනුවන්ගේ දර්ශනය ඊට වඩා වෙනස් ඒක දකින්නේ මාර ගැඹුරක්. නමුත් අපේ ආදරවන්තයෝ දකින්නේ ගැහැනියක‌ේ කඳුලු බිඳුවක් පරාවර්තනය කර ගත් ආලෝකයකින් දුකක්. පස්සේ සිගරට්ටුව. බාර් එක. පස්සේ තවත් ගැහැනියක්ව ඇතැර දමා වෙනත් ගැහැනියකට සේන්දු වීම. සම්පූර්ණයෙන්ම ලාංකේය ආදරය කියන්නේ මේ වෙන කොට කඳුළක් වෙලා. මොන කරුමයක්ද යකෝ මේක.
    අහන්න සියලු ජනප්‍රිය සහ සම්භාව්‍ය කියන ආදර ගීත. . කඳුළක් විනිවිදින්නැතිව රසිකත්වය සුගායනයේ ජීවිතාවබෝධය ලැබිය නොහැකියිනේ කිව්වලු. භරතමුනිගේ රසවාදයත් අතරමං තමා. ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයත් අතරමන් තමා. සියල්ල කඳුළකට ලගු වෙලානේ. නැහැයි කියන කෙනෙක් ලියයි කියලා හිතනවා. මොකද ඉතිරිය පසුව ලියන්න ඊට පහසු වෙයි ලේසියි. 
     මේ කඳුල යටපත් කරගන්න තමා ජනතාවාදී දේශපාලනික ජනතාවාදී කලාව අපේ පොරවල් ගත්තේද කියලත් හිතෙනවා. නමුත් ඒ සියලු කෘති අවසාන වෙන්නේ කඳුළින්. නමුත් මෙතනදි කඳුල යථාවක් කළ ‌ටොලොස්ටෝයිලා, දොස්තෝස්කිලා, කිසලොස්කිලා. පොලොන්ස්කිලාව මාරසට කිසිදා අමතක වෙන්නේ නැහැ. මේ කතා කරන්නේ ඊට පිටින් ඒකෙම තබා තමා.
     අපේ පුරුෂයන්ගේ පුරුෂත්වය නැතිවෙලා තියෙන්නේ මෙන්න මේ කඳුලු හරහා ලෝකය බලන්න ගිහින් කියලා කිව්වොත් තොප කුමක් කියන්නෙහිද?
    සැබෑවටම ඒ කඳුලේ උපත තමන් බව පිරිමින් දන්නේද? එසේ දැන ගතයුතුයි හෝ නොවියයුතුයි කියා කාන්තාව දන්නේද? 
      එසේනම් කුමක්ද මේ විකාරය.
ඉතින් කියමු අපි කාන්තාවගෙන් වැටෙන කඳුළු මුතු ඇට. ඒ අප උරා බොමි. අපේ ශුක්‍ර ධාතුවත් තොප උරා බිය යුතුයි කියලා. පිස්සු හැදෙන සඳ කිව්වාලු.
   මේ සියල්ලට මුල අම්මා කියන සංකල්පයද? ඒ කියන්නේ සියලු මිනිසුන් සසගේ යෙදෙන ආත්මීය මාතෘත්වය අර පිස්සු ප්‍රොයිඩ්ගේ අම්මා  සමගද? 
අම්මාගේ කඳුල  ශුක්‍ර ධාතුවට ලගු උනාද? ඒකද මාක්ස්වාදය? නැතිනම් ඊට විකල්පව පශ්චාත් නූතනවාදී නව කණ්ඩායම් තර්ක විතර්ක මාරද?
   නැත. මාරසටද දෙයක් කියන්නට ඇත. ඒ කඳුළ වනාහී පිරිමින් වර්ණාත්මකව සහ දාර්ශනිකව දකින ජල බින්දුවක් පමණි. පිරිම්න්ගේ බින්දුව වන්නේ ශුක්‍රධාතු බින්දුවම වන්නේය වගේය. කාන්තාවන්ගේ ආදරයේ වේදනාව තිබෙන්නේ ඒ ජලබින්දුවේ නොවන්නේමය. එසේනම් අර කාලිදාස කිව්වාමෙන් සෞන්දර්යවාදීව කාන්තාවන්ගේ ආදරය ගඟක මුහුදක පවතිනු ඇත. කඳුළ යනු පීරිමින්ගේ අර්බුදයේ අන්ද බූතයක්ම වන්නේය.
    කාන්තාවන්ගේ ආදරය තිබෙන්නේ ඒකිලාගේ හදවතේය. ඒ ස්පර්ශ කිරීම යනු නිවන හොයනවාට වඩා හපන් දෙයක් නොවනවා නොවන්නේය. ගල්කටස් එල්ලයත් ටී පනස්හය හෝ සියලු ආයුධ විනිවිදින්නේ ඒ කඳුල පමණි. පිරිමින්ගේ බලයින්ඩ් පෝල්ඩ් සෙක්ස් හෙවත්  ආදරයේ අන්ඳතාවය ඒම වන්නේය .

https://youtu.be/8v-CD7vyH7c
ජගත් මාරසිංහ
10 05 2023



Powered by Blogger.