රෝස මලේ නටුවෙ කටු

                                      රෝස මලේ නටුවෙ කටු

මාරස දන්නේ නැහැ මේ කිස් එක. හරිම මාර දෙයක්. කවුද කිස් දීලා නැත්තේ. නමුත් අර හතලිස් ගනන්වල අපේ ඉස්කෝලේ ඇන්ටි ඒ කියන්නේ තාත්තගේ නංගි මට කිස් දෙන්නෙත් තොත්තුවක් කියලා. මට දැන් දැනෙන්නේ ඒක හෙළ හවුලේ වැඩක් කියලයි. මොකද හෙළ හවුලේ කුමාරතුංගයන් කිව්වාලු කිස් හෙවත් ආදරය කියන තොත්තුව කියන්නේ මාර දෙයක් කියලා අහලා තියනව. ඒකා කිව්වා කියලත් මතකයි රෝසමලේ නටුවේ කටූ - වණබඹරෝ ඔහොම හිටූ නටුව නොවේ මළ සිඹිමී - මම ලමයෝ පැනි උරමී කියන සින්දුවත්.

දැන් වුනත් අමතක නැහැ. ඒකා නොකිව්වනම් එතන හිටපු කවුරු හරි කියලා ඇතිනේ. ඒ කියන්නේ ආදරයේ අපේ ඇන්ටිලා කියන නැන්දලා දුන්නෙත් මෙන්න පුතේ තොත්තුවක් කියන එකම තමා. ඒක සිංහලේ තිබ්බා. මට සිංහලේ උඩ දාන්න අවැසි නැහැ. සමාජයේ තිබ්බ ඒක පරංගියන්ගෙන් අපට ඉතිරි වුන එක. මන්දා. ඒ හෘර්දයාංගම බැඳීම. මාරයි. ගැහැනියක්ම විය යුතු නැහැ. සෙක්ම ඇවැසි නැහැ. නමුත් හැම ඒකාටම නිකන් ලංසි වගේ තොල් දානනේ නැහැ. අපේ දරුවන්ටත් අපි තොත්තුවක් දෙනවා තමා. සිඹිනවා කියන වචනය පාච්චල් වෙච්ච කාලෙයි කියලා අහලා තියනවා හෙළ හවුල මේ පදය කුමරතුඟුවන් මේ පද ගත්තේ. ඒ කියන්නේ කිස් කරනවා කියන කතන්දරයට අවසර දීලා තියෙන්නේ හෙල හවුල වගේ. ඔව් නටුව නොවේ මල සිඹිනවා තමා. කුමාරතුංගයනි ඔබට ජය වේවා නොවේ ආදරෙයි අහස තරම් කියලා කියන්නම්. ජාතික ඇඳුම ගැන එලනන නෙලන්න පසුව මාරස පටන් ගන්නම්.
රෝස මලේ නටුවෙ කටු
වන ඹඹරෝ ‌හහොම හිටූ
නටුව නොවේ මල සිඹිමී
මම ලමයෝ පැනි උරමී.
ජගත් මාරසිංහ
22 05 2023

Related Posts


Powered by Blogger.