ඇපලෝව දියෝනිස් සමග පැටලී සර්ප ජීවිතය කෙලවර වන්නේද?

  ඇපලෝව දියෝනිස් සමග පැටලී සර්ප ජීවිත කෙලවර වන්නේද?



   (කේ කේ සමන් කුමාරගේ ඇපලෝ සහ දියෝනිස්ගේ කියවීම දැක්කාය.)

    ග්‍රීක මිත්‍යා කතා වලින් මාරසට ගැලවිය නොහැක්කේ ත්‍රීපිටක කතා වලින් පසු ඒ සම්බන්ධව කලකිරී හෝ නැතිව වෙනත් මානයක කලාව හොයා ගිය ගමනේදී බව අනිවාය. මොකද මාරස ඉතා ආදරය කරන මාක්ස්වාදී පොත් කියවන අතර ඇපලෝව දියොනිස්ලාව හමුවූ බව මතකයේ තිබේ.

   මාරසට ප්‍රශ්නයක් වූයේ ඇපලෝගේ කේන්දරය ‌හදන්නට අන්තර්ජාලය පීරපු අවස්ථාවටත් පෙර පංචාංග පොත් හොයා ගිය අවස්ථාවේය. කොටින්ම මම ඉර වෙමි කියා කියන ලද කෙනෙකුටවත් මිනිසුන් එසේ පිලිගත්තෙකුටවත් අප වටා හිරු ගමන්කරනවා යන චලිතය ප්‍රත්‍යක්ෂ කර ගත් උනට කේන්දර හදන්නට බැරිය. හදනවානම් ඒ කෝණයෙන් මිත්‍යාවම වන්නේය. යම් යම් පදනම් හදා ජ්‍යාතන්තරය ඒවාද හදා තිබෙන්නේය. ඒ ඒ ඒ් යුගයේ දේශපාලන වුවමනාවන් මතය. ඒවා මිත්‍යා කතා කියා මාරස පිලිගන්නේ නැත්තේ මිත්‍යා වලට අපහාස කරන්නට කැමැත්තක් නැති නිසාය. ඒවා වනාහී දේශපාලන ගේම් වල ඉතිහාසයම වන්නේය. ලංකාවට මිත්‍යාව හදුන්වා දුන් ඒබ්‍රහන් ටී කොවූර්ද ඒකලා අනුදැකි රසල්ද පමණක් නොව කාලෝ පොන්සේකා සර්ද මේ වන විට මාරසට මිත්‍යාවක් වී හමාරය. 

    කොටින්ම මාක්ස් එංගල්ස්ද ඇපලෝ සහ දියෝනිස් ගැන මාර විදිහට කතා කරන්නේ මිත්‍යාව පැත්තක තබා නිකන් උදාහරණ විදිහට බව දනිමි. නමුත් අපරදිගුන්ට ඒ කතන්දර වනාහී දිව්‍යමය කතන්දරය. ලාංකේය මාක්ස්වාදීන් කියන එකෙකුවත් මොන තරම් ලිව්වත් සාධනය කළත් කතරගම දෙවියන් හෝ රණමොනරාගේ ස්වභාවිකත්වයවත් ලිපියකට ගන්නටවත් මායිම් කරන්නේ නැත. ඒකුන්ට ඇලජික්ය. විෂ සහිතය. මාරසද ඒ බෝට්ටුවේය. නමුත් මේද ඇපලෝ සහ දියෝනිස්ලාගේ සදාකාලික ගැටුමේ ගැටුම පැත්තෙන් ගතහොත් යථාවක්ම වන්නේය. කොටින්ම මේ මළ විකාරයක්ම වන්නා සේය.

   කොටින්ම ඇපලෝ වනාහී ‌ග්‍රීක මිත්‍යාකතාවන්හි ගේන බටහිර දැනුමේ ආධ්‍යාත්මික පුරුෂයාය. ඒකා සූර්යාය. ඇපලෝ සහ දියෝනිස් සම්බන්ධව දෙසුමක් කළ මා මිත්‍ර කේ කේ සමන් කුමාරගෙන් මාරස විමසුවේ සූර්යා ඇපලෝය. ඉතින් ඇපලෝගේ කේන්දරද අන්තර්ජාලයේ ඇත. ඒ කෙසේද කියාය. සූර්යා මත මිනිසුන් ජීවත් වන්නේ නැත. දෙවියන් ජීවත් උනා කියා සිතා ගන්නට හැකි මානසික ක්‍රමවේද තිබ්බද ජ්‍යෝතිෂය නිර්මානය වූයේ මිනිසුන්ගේ අතින්මය. කෙලින්ම සූර්යා වටේ ග්‍රහයින් යනවා කියා නොව අප වටේ ග්‍රහයින් යනවා කියා කියන්නේ ඒ අප පෘථිවියේ ජීවත් වූ මිනිසුන්ගේ ප්‍රත්‍යක්ෂම වන්නේය. ඇවැසිනම් අර හොරුන් සොයා යන මිනිසුන්ට මෙන් තක්කාල පණ්ඩිත කේන්දර හදා සිහින කල්පිත පලාපල කිව හැක.

   මට මතකයක් සිහිවේ. අපේ ඇන්ටී කෙනෙකුගේ දුවක් සිය මගුල දවසේ ගෙදර තිබු පුටු සැටිය තරමට නොගැලපෙන නිසා අල්ලපු ගෙදරින් පුටු සැටියක් ගේන්නට යෝජනා කලාය. ඇන්ටී කිව්වේ යකෝ මේකි ගිහින් තියන උඩ කියාය. යකෝ ඒ ඔස්සේ සිතන විට මේ පිරිමි මානසිකත්වයේ ග්‍රීක ජනකතා වල ඇපලෝ ගිහින් තියන දුර කියා සිතෙන්නේය. ඒ පුරුෂ ආත්මයන්ගේ මානසිකත්වයමද වනවා සේය. ග්‍රීක කතා වල වැඩි විස්තර අන්තර් ජාලයේ තිබේ. ඒවා ඇවැසි නැත. බටහිර හිතන විදිහ පත්තියම් වූ මිනිසුන් මාක්ස්වාදය පපුවට ගන්නේද මේ මගේ කතාන්දර වල තිබෙන බිජුවට හරහා තමාය. බටහිර නොව පෙර දිග මිනිසුන් හිතන්නේ ඊටත් හපන්වය. මේ ලිව්වේ ඇපලෝගේ ලොකු කම දිගහරින්නට විනා ඒට ප්‍රතිපක්ෂ දියෝනිස්ව උඩ දාන්නටද නොවන්නේය. මාරසට පිරිමියාවද ගැහැනියවද උඩ දාන්නට කිසිදු අවශ්‍යතාවක් නැත. අද පිරිමින් වී සිටින්නේ ගැහැනුන්ය කියා ලිවිය යුතුය. ඇපලෝ සහ දියෝනිස් නොව දියොනිස් විසින් ගෝලීය ප්‍රාග්ධනය ඇපලෝව යටත්කරගෙන ඇත කියා ලිපියක් නොව පොතක් ලියන්නට හැකිය.

    ගොඩක් දියෝනිස් ගැන ලියන්නේ ගැහැනුන්ය. නිකන් ගැහැනු දේවතාවා වාගේය. අපේ පත්තිනි අම්මා මනෝවිශ්ලේෂනය කරන්නට ගියොත් ඒ වනාහී පුරුෂ මූලික තමාය. ඒ අතින් ඉතින් දියෝනිස් ඇපලෝට ගලපා පටලවා අතහරින්නට සර්පයාගේ උත්සාහය මාරය. මොකද සර්පයා ඇපලෝ යයි මාරස කියා තිබෙන්නේ අද ඊයේ නොවේ. ඒකා ඇපලෝ නූනානම් දියෝනිස්ලා ගැන කතන්දර මේ තරම් ලියන්නට හැකියාවක් තිබිය නොහැක. දියෝනියස් ගැන ගැහැනුන්ගේ කවියක්වත් මතුවන්නට කාරණා නැත්තාසේය.

    ඇපලෝගේ සහ දියෝනිස්ගේ ග්‍රීක මිත්‍යා කතා වල තියන කතන්දර හොයන්නට විකීපීඩියා ගියත් ඇතිය. ඉන්ගිරිසි සාහිත්‍ය දන්නා අයට මේවා අතැඹුලක්ම වන්නේය. ඒ සියල්ලන්ටත් වඩා මාක්ස්වාදීන්ගේ ඉතිහාසය හදාරණ විට ඇපලෝලා දියෝනිස්ලා නැතිව පවුල පෞද්ගලික දේපල සහ රජය ඇති වූ හැටිවත් ඒ කෝණයෙන් හිතා ගත නොහැකි වනු ඇත. මේ ධනේශ්වරය ගැන ලියන මාක්ස්ලාගේ අරටුවේ චලිතය සිතාගැනීමට ග්‍රීක දේව කතා නැතිව කිසි සේත්ම හැකියාවක් නැත්තා වගේය. නමුත් ලාංකේය දෙවියන් ගැන මාක්ස්වාදීන් කතා කරන්නේ නැත. ඒවා මිත්‍යාය. ග්‍රීක දේව කතා සාහිත්‍යයේ අගතැන්පත් මහා අනර්ග කෘතිය. ඒවාටනම් කටින් සිනා සීමට මාරසට නොහැක. කටින් නැතිනම් කොහෙන්ද සිනා සෙන්නේ කියා නැවත කිව යුතු නැත.

    කෙසේ උවත් ඇපලෝ සහ දියෝනිස්ගේ කතන්දරය මාරය. බුදුනුවන්ගේ දර්ශනයෙන් නොව ධර්මයෙන් කතා කළ හැකි අය කතාකරන්නට ඉඩ දී දැනට නිහඬ විය යුතු බව දැනේ. ලොව දෙවියන් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටම කෘතිය කුමක්දැයි ඇසුවහොත් ඇපලෝ විසින් නොව ඇපලෝ වී සිටිනවායැයි සිතන මිනිසුන් කියන්නේ ඒ ගැහැනිය කියා වීමට පුළුවන. නමුත් මේ ඉතා මෑත කාලයේ මහා දාර්ශනික කණ්ඩායම් විසින් කීවේ නැත ඒ ඇපලෝවන් පිරිමින්ගේ භාෂාව විසින් ගැහැනිය විසින් ඇපලෝලාව මාර ලෙස ගනන් ගන්නවා කියා බව මතකය.

    කොටින්ම ඇපලෝලා සහ දියෝනියස්ලා මිය ගොස් බොහෝ කල්ය. අද යාග හෝම බලිතොවිල් නොව දේව කන්නලව් වලින් පවා කිසිදු ආදරයක් නැත්තේ ඒ දෙවිවරුන් මළ යක්ෂයන් නැත්නම් පිදේනි බාරගන්නා හෝ ඒවා ඉතා දාර්ශනිකව විග්‍රහ කළ දර්ශන වලට අරක් ගත් ආත්මද මිය ගොස් ඇති නිසාය. අනිත්‍ය ඇත්ත කියා ලියන්නේ නැත. සැබෑවක් කියා ලියන්නේත් නැත. මන්ද මේ සත්‍ය මිනිසුන් දැක තිබෙනවා නියතය.

    කේ කේ සමන්ගේ කියවීම තේරවාදයට පරස්පරය. කෙලින්ම පරස්පරය. තේරවාදයට ඒවා කම් කිම් කිව්වා සේය. මන්ද ගෞතම බුදුන් හෝ සූ විසි බුදුන් වහන්සේලා පමණක් නොව තිලෝපා, මාර්පා, මිලේරේපලා වන් තන්ත්‍රයානය බුදුනුවන් වහන්සේලාද මහායාන බුදුනුවන් වහන්සේලාද තේරවාදීන් කිසිදා සැබෑවට එකඟනම් ප්‍රතික්ෂේප කරන්නේ නැත නොව එසේ කරන්නට නොහැක. ආදරය ඇත්තේ එතනය. නමුත් ඒ අස්සේ මතුවන දේශපාලන විකාර වලට මාරස එකඟ නැති බව නොකියමි. මන්ද එවන් ධර්මකාරණාගාව කොටින්ම ඉඳුල් නැති ආහාරයකට නිළ මැස්සන් පැමිනෙන්නේ නැතිවා සේ මළ පෙරේතයන් පැමිනෙන්නට ඉඩ නැතිවා සේය. 

ඉතින් ගැහැණය! පිරිමිය!

ඇපලෝ දියෝනිස්. පෙරදිගද අපර දිගද කම් කිම්. සියලු බෙදීම් අවසාන වන කාලය උදා වී අවසානය. 

https://youtu.be/6Vzy0Tz-_pw

ජගත් මාරසිංහ

22 05 2023



Powered by Blogger.