2023 වෙසක් පෝයට මාරයාගෙන් චින්තන ධර්මදාසට සැබෑ ආරාධනයකි!!

  2023   වෙසක් පෝයට මාරයාගෙන් චින්තන ධර්මදාසට සැබෑ ආරාධනයකි!!
PHOTO BY RANDIKA
                             මාරස ඊපවුරු පණිවුඩයක් නිකුත් කරන්නට තරම් පොරක් නොවන බව දනිමි මක්නිසාද යත් මට සැබෑ ලයික් එන්නේ හෝ කොමන්ට් එන්නේ සැබෑ ලෙසම දහතුන්දෙනෙකුගෙන් පමණි. නමුත් අනිකුන් බලනවා ඇත නැතිනම් උන් ඒවායින් පාඩමක් ඉගෙන ගන්නවා ඇත යන කතන්දරද සීහින නොව සිහිනෙනුත් සිහිනයන් බව කියන්නේ ඩිප්ප්‍රෙෂන් හෝ රත්පිත් උන්මාදය නිසා වීමට හැකිය. සමහර විට ඇල් කොහොල් පෙරට දමා විවිධ දේ කියවනු ඇත. බාල ගැහැනුන්ට හෝ වයසක ගැහැනුන්ට පෙම්බැඳ ඒ දේ සිදුවුනා කියන පශ්චාත් කතා ඌරාගේ මාලු ඌරාගේම ඇගේ තබා ඕෂෝලටත් වඩා 1960 දශකයේ ඉපදුන අපද දන්නවා නියතය. 60 දශකයේ මුලින් උපන් උන් අසූව දශකය පටන් ගන්නේය. දැන් අසූව දශකය වැඩ කොටස අවසන්ය. අනූව දශකයේ පොරක් වූ චින්තනලා කියන දේ වලට 80 ඉක්මන් විය යුතු නැත. මන්ද සැබෑ ධර්ම විචාර තේරුන් ගත් පරපුරක් නොව සැබෑ ආධ්‍යාත්මික වූත් දේශපාලනික වූත් දෙමල සහ සිංහල පරම්පරාවක් මරාදැමූ හෝ සියදිවි හානිකරගත්තා වූ නිමේශයක චින්තා දර්ශනයෙන් නිදොස් වී නිරෝගී වීමට තැත් දරන කල මාර දේවල් ලියවෙන්නේය. ඒවාට ආදරය කළ යුතුය. 
      චින්තන ධර්මදාස අතින් ලියවෙන්නේ 80 දශකයේ කේදවාචකයයි මාරසට හිතෙනවා නොව ඒ එසේමය. චින්තා වනාහී සැබෑවටම ‌භෞතිකවාදයේ සහ විඥ්ඥානවාදයේ අගක් මුලක් නැතිව පැටලෙන්නෙක් නොවේමය. ඒකාගේ ‌සමාජ වේදනාව සමනය කරගන්නට දීප්ති ගාවට ගිය කාරණා මාරස දනී. රොහාන් පෙරේරා සමග සැබෑව හොයන්නට ගොස් ලියපුවාත් කියවා කටපාඩමින් කියන්නටත් හැකිය. ඒවා සම්බන්ධව  මාරස සමගද කතා කර තිබේ. ඒකා ජොක් පෝස්ට් වශයෙන් දාන දේ සම්භාව්‍ය මාක්ස්වාදියෝ ප්‍රතික්ෂේප කරන බව පෙනේ. නමුත් උන් ඉන් පසු යන්නේ මේ චින්තා පස්සේ නොව ඒ ඒකා වචනයෙන් සහ පැරණි මාක්ස්වාදයෙන් ගැලවුන තැන්හි ඒකා දකින යථාවෙන්දැයි කිසිවෙක් විස්තර කරන්නේ නැත. දාර්ශනික නොව දර්ශනය සහ ධර්මය සම්බන්ධව කප්පරක තමන්ගේ සිතීමක් ඇති නලින් ද සිල්වා වියතුන්ව සිහි කරමි. දෙනගම සිරිවර්ධ සර් සහ  සුනිල් විජේසිරිවර්ධන සර්වත් ධර්මාවබෝධය සම්බන්ධව ‌ මේ නිමේශයේ කෙසේ අමතක කරන්නද? 
     මාරස මේ ලියන්නේ  දාර්ශනික සහ ආත්මීය සුසංයෝගයකින් නලින් ද සිල්වා වියතුන් කළ දේ චින්තා ඔබ මේ මොහොතේ පශ්චාත් නූතනවාදයේ අතරමංව හෝ ඊටත් වඩා වෙනත් පැත්තකින්  තරමක් වයසට ගියත් තාරුණ්‍ය කාමිත්වයට හදවතින් එකඟව ලියන නිසාය.  ඒ සම්බනන්ධව  ඇති සැබෑව කිසිවෙක් විමසන්නේ නැත. චින්තා නුඹ නොව නුඹවන් සමාජ ප්‍රවනතාව මැරෙන තෙක් බුද්ධිමය පිරිස් බලා සිටින්නේය. මැරෙනවා කියන්නේ ගතින් මැරෙනවාම නොව චින්තනයෙන් මැරෙනවානම් පරංගියන්ට මාරය. කවුරු දැන ගත්තත් නොදත්තත් මාරස කියන්න තියන දේ සමාජ දේශපාලනිකව ලියනා බව චින්තා  තොපලා  නොදන්නවා විය නොහැක.
             නුඹ වරද්දා ගන්නා තෙක් උන් බලා සිටිනවා නියතය. මාරසනම් නුඹේ ආධ්‍යාත්මික ශක්තිය සහ භෞතිකය සහ සැබෑ නුඹේ අත්දැකීම් කිසිත් ලියා තිබෙනවා කියා සිතන්නේ නැත. ඒ කාරණාවට වග කිව යුත්තේ නුඹ සමග නුඹව උඩදමන ලද ගැහැනුන්ටත් වඩා නුඹත් නොව නුඹේ ආධ්‍යාත්මික චින්තනය භෞතික චින්තනයට ඉහල ගොස් නුඹ වඩා නුඹම විසින් සාදා ගත් පවුරු වලල්ලක් නොව හිරගෙයක් වන් සෙඩිසම් සෙක්ස් කොටුවක්දැයි සැක සිතේ.
                  ආ ඒක නොවේ චින්තා. උඹ දන්නවානේ මාරසේ හැටි. ත්‍රීපිටකය ගැන අපි කතා කරපුවා. උඹත් එක්ක කතා කරලා වැඩක් නැහැ මචන්. මාක්ස්වාදීන් සමග කතා කරනවානම් දහසක් දේ තිබෙනවා. කිසිවෙක් මගදි දැක්කත් මාරස අතහැර යනවා. කාරි නැහැ මචන් මේ ගුප්ත නොව මෝඩ නොව මේ ඇත්ත සමාජය මාරයි. මේක තමා මචන් මා එදා උඹලා වර්ණාකරපු පොළව. ටිකක් උන් ගැන හිතන්න මේ වෙසක් පෝයේ බුදු දහමේ දයලෙක්තිකය පැත්තක තියලා නිකන් ඔහේ බලන් ඉන්න කැලනි පන්සලට යනවා. ඒ කියන්නෙ අර එංගල්ස් මාක්ස් කී දයලෙක්තික විද්‍යාවේ උරුමක්කාරයන් වූ ග්‍රීසිය දුර නිසා බුදුනුවන්ව හොයන් යන්න පිං තියනවාද දන්නේ නැහැ මචං.
               සිල් ගන්න ඉගෙන ගන්න නොවේ. මම ප්‍රථම වතාවට සිල් ගන්න ගියේ ඉස්කෝලේ උතුරු සලුවක් නැතිව. ඉස්කෝලේ උප විදුහල්පති වේහැල්ලේ හාමුදුරුවන්ගෙ කනේ පාර මම මග හැරියා. හෙට්ටි මුල්ලෙ වජිර බුද්ධි හාමුදුරුවන්ගේ දේශනයෙන් අහවර මම අහැව්වා හාමුදුරුවනේ මේ වගේ දෙයක්ල් මාරසට උදා උනා. සීලේ තියෙන්නේ රෙද්දෙද කියලා
උන්වහන්සේ කෙලින්ම කිව්වා නැහැ කියලා. සිල් ගත් කෙනෙකුට ගෞරව කරන්න අනිත් මිනිසුන්ට අයිතියක් තියනවා. ඒක සංකේතාත්මක දෙයක් කියලා.
  ඊට පස්සේ සිල්  ගත්තේ සොයිසා රාමයේදී. අරක්කු නවත්වන්න මලවැන්නේ ඥානාලෝක ලොකු හාමුදුරුවන් කියපු නිසයි.  උන් වහන්සේම මට උතුරු සලුවකුත් සරොමත් දුන්නා. පොඩ්ඩ වෙලාවක් කියන්නේ පැයක් විතර යනකොට ඇල්කොහොල් මානසිකත්වය මාව හෙල්ලුම් කවනවා. උතුරු සලුව තාප්පෙක වනා මාරයා බොන්න ගියා කියලා දානේ අරන් ආපු අපේ අම්මාට කියලා තිබ්බේ මලවැන්නේ ලොකු හාමුදුරුවොයි. පිරිවෙන් ගුරු වෘත්තියේ ගනන් පේල් කිසිවෙක් විතරක් නොවේ සමාජයෙන්ට කිසිවෙක් පේල් නොකරන්න ආදරය කරපු මාරසට  මේව කියන්න අයිතියක් තියනවා. 
      ඉතින් චින්තා. හෙට මම සිල්ගන්න යනවා කියලා කියන්නේ නැහැ. මන්ද මම කියන කතාව අපි ‌ගොඩක් දුර කතා කරලා තියනවා. නිකන් මාරයා කැලනි සිල් ගන්නවා කියලා හිතා ගත්තම මදෑ.‍ මේ කුණු වුවත් ආදර සමාජයේ වේදනාව පැත්තකින් තියලා අපට ඉන්න තැනකට යන්න හිතුනා. ඇයි කැලනිය තෝර ගත්තේ කියලා ඇහැව්වොත් කෙලින්ම කියනවා දන්න ඉතිහාසයෙන් බුදුන් වඩින්නත් ප්‍රථම නාගයන්ගේ බෙර හඬ තුළින් යක්ෂයන්වත් සිහිවෙන කොට ජාන තාක්ෂණයේ ආදර රිද්මය හදවතේ සුසංයෝග වෙන නිසා තමා කියලා. අනික තමන්ගේ දේ අනෙකුන්ට වැඩකුත් නැහැ. ඒත් කියන්න අපට භාෂාවක් තියනවා තමා.
          මචන් චින්තා. මාරස මේ කතා කරන්නේ හිතේ ගොඩක් දේවල් ලොක් කරන් කියලා හිතන්න එපා. උඹට විතරක් නොවේ සියල්ලන්ට ලොක් එක ඇරපු නිසයි සමාජ ජාලාවක මාරස දැම්මේ. සමහර ‌දේවල්ලි හංගා ලියන්න ඇති කිව්වොත් මේකත් හිතපන්. ඒවා කිව්වොත් උන් මැරෙනවා. නැත්නම් මාරසව මරනවා කියලා දන්නවා. වරෙන් මචන් හෙට කැලනි. බත් වතුර කිසිත් එපා.‍ ආදරය කියන්නෙ ආදරය මචන්. 
    ඉතින් දවසක උඹ හෝ මම මැරෙන්න ඉස්සර හමුවෙයන්. ඒ හමුවුනාම තේරවාදය මහායානය සම්බන්ධවත් තන්ත්‍රයානය සහ දේශපාලනය සම්බන්ධවත අපි අපේ වයසට සාපේක්ෂකව හික්මිලාවත් කතා කරමු මචන්. බුදුනුවන්ගෙන් අහපුවාම කෙනෙක් බුද්ධත්වය ගැන බුදුනුවන් කීව ලස්සන වචනයක් තියනවා. ඒක තියෙන්නේ මා ගාව නොවේ. තොප ගාවයිකියලා. ඒකට මාර්ගය පෙන්වන්න විතරක් හැකියි වගේ මාර කතාවක්. 
"සබ්බේ පෘතජනා උන්මත්තකා"
https://youtu.be/4a1fceQhq7w
ජගත් මාරසිංහ
04 05 2023 
https://jagathmarasinghe.wixsite.com/mare



Powered by Blogger.