මා රසට මහා නළුවෙක් වූ සුරේන්ද්‍රනම් සූර්යා.

                             මා රසට මහා නළුවෙක් වූ සුරේන්ද්‍රනම් සූර්යා.



    දන්නේ නැහැ ප්‍රතිභාව කියන්නේ කුමක්ද කියලා. ඉගෙන ගත්ත කාරනාවලනම් ස්ටැනිස් ලාව්ස්කිටත් පෙර කාලිදාසයන්ද ඉන්නවා තමා. රඟපෑමෙදී ඒක වර්ධනය කරගන්න ඒ අය දුන් දේ බොහෝයි. නමුත් අර සරත්චන්ද්‍රයන් සමග සුචරිතලා පැටලුන අවධියත් මාරස කුලප්පු කළ අවධියක්. ඒ කියන්නේ කලාව කා සඳහාද යන්නම තමා. මෙතනදි කලාව කලාව සඳහා ද  කියන මතවාදයට විත් නැවත පැරණි විකාර ලියන්න මාරස කිසිසේත්ම කැමති නැහැ. නමුත් සමහර වෙලාවට රංගනයේ මේ කිසිත් නොමැතිව මාර පොරවල් ජීවිත වේදිකාවේ ලැගුම් ගන්නවා. මේ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර අපි දැන ගත්තේ වචන දෙක තුනක් කියන හැටි. වැලි කතර සහ හංස විලක් ලොකු අයියා. ඒකා ලොකු අයියාම තමා මාරසත් තරුණ කාලේ මේ බව සුගත් සර්ගෙන් අහලා තියනවා. වචන දෙකක් සුගතපාලද සිල්වාගේ තිබ්බේ නැහැ. ඒ අපේ කට්ටිය මාරේ. හොල්මන් වෙන වචන. 

      පස්සේ දැන් මම මනු බන්දු විද්‍යාපතිගෙන්, පාලිත, ඉන්ද්‍රනාත් තේනුවරලාගෙන් විමසුවා. උත්තරය එපමනයි. නමුත් මනුබන්දු කිව්වා අපේ තාත්තා සමග ඒ කියන්නේ සෝමබන්දු විද්‍යාපති සූරීන්  සමග එකම ආයතනයක වැඩ කරලා තියනවා සුරේන්ද්‍ර කියලා. ටුවරිස් බියුරෝ කියන සංචාරක මණ්ඩලයේ මුල් ආයතනයේ  පිටපත් රචකයෙක් සහ ලේඛකයෙක් විදිහට තමා වැඩ කරලා තියෙන්නේ. මේ අය කෙලින්ම ද්විභාෂා අධ්‍යාපනය යටතේ මාර විදිහට සිය පවුල කියන කුටුම්බිය නඩත්තු කළත් ‌කලාවේ වේදිකාවට නැග්ගමත් කැමරාව ඉදිරියට ආවාමත් මාර කියන්නේ කියන්න බැරි දේවල් කළ කස්ටිය. ට්‍රිලිශියා ගුණවර්ධනත් ඒ වගේම පිස්සු හැදෙන නිලියක් තමා. අයිරාංගනී සේරසිංහලාත් එසේම තමා. වෙනම පන්තියක හිටියත් මාර විදිහට බ්‍රෙෂ්ට්ලා  සමග පමණක් නොවේ හෙන්ඩ්‍රික් ඉබ්සන් නොවේ ස්ටැනිස් ලාව්ස්කිලාවත් පත පොතින් හදාරලා මේකලා කළ රංගනය මාරම තමා. මාරසට දැනෙනවා මෙතන ජුබාලුත් වෙනම දෙයක් කළ බව. නමුත්ජුබාල් ගේ ඇත්ත ගත්තේ දයානන්දයන් විතරද මන්දා කියලා කියන්න මරස බය නැහැ.

               පස්සේ පරාක්‍රම නිරිඇල්ල සමග නාටක කළ බව දන්නවා. අනේ මාරස දන්නේ නැහැ ඒකාගේ දුරකතන වැඩ කරන්නේ නැත්තේ හෝ අංක නැත්තේ ඒකාම කියන විදිහට රාජ්‍යයේ ප්‍රශ්නයක්ද කියලා. පරාක්‍රමට මාරසට කියන්න තියෙන්නේ මොකක්ද කියන කතාව ලියන්නේ නැහැ. මොකද මාරස බ්ලොක් කරාවි අනිවාර්යෙන්. සුවසේ ජීවත් වෙයන් මචන්. එච් ඒ පෙරේරාව ගැලිලියෝ කරමින් පරාක්‍රමයෝ කරණ ලද වැඩ කොටස මාරයි. දෙනගමගේ අයෝමා විතරක් ඇති. අනේ මේ විහිලු නොකර ඉන්න කියන්න මාරස බය නැහැ. අපේ පරපුරට ඔයාලා අයියලා. නිකන් මල්ලිලා හෝ නංගිලා වෙන්නේත් දේශපාලනික ව්‍යුහයකින් බව මාරස නොදන්නා තොත්ත බබෙක් නොවේ.

     ඉතින් කෙසේ හෝ ජී ඩබ්ලිව් සුරේන්ද්‍ර කියන්නේ නලු කමේ පොරක්. පොරක් නොවේ වරක් කියනවාට වඩා ජීවිතයේ රඟපෑමේ විද්‍යාව සම්බන්ධව ස්ටැනිස් ලාව්ස්කිලාටත් අභියෝග කළ මාර ලොකු අයියලා. කෙලින් කියනවානම් තාම මතකයි. ධර්මසිරිගේ හංසවිලක් වලට ඒ දෙන්නගේ ඒක තිර කෑල්ලකින් දුන් ආලෝකය. ධර්මසිරියා අහිංසක මල්ලි කෙනෙක්ම වෙනවා. ඒකා මේ යාපනේ පුස්ථකාල ගැන කතා කරනවා. ඊට වඩා ඒකාගේ  ප්‍රතිභාව ගැන ඒකා දන්නේ නැහැ. එතනදී කියන කතාවකින් මේ සටහන අවසන් කරන්නම්.

      හිතා ගන්න අපහසුයි ධර්මසිරි සුරේන්ද්‍රගේ රංගන පෞර්ෂයේ මල්ලි කෙනෙක් වෙනවාද කියලා. නමුත් ධර්මිසිරි අධ්‍යක්ෂනයක් නිසා ඒකා මේකාව තෝරා ගැනීම හමුවේ ඒකා පොරක් තමා. මාරස දන්නේ නැහැ දැන් ඒකාගේ ග්‍රහයන්ට මක්වෙලාද කියලා.

" මං හිතුවේ මතක නැතුව ඇතිය කියලා"

"තමන්ගේ දරුවා අමතක වෙච්ච මිනිහට ලෝකේ මිනිස්සු මතක හිටීවියෑ"

"තමුසෙලාට  ඉතින් ඇහැට කනට පේන ගෑනු විතරයිනේ මතක හිටින්නේ."

"තමුසෙලාගේ ගින්දර ගන්න එකත් මහා  භයානක වැඩක් අයිසේ"

කෙසේ උවත් විවෘත ආර්ථිකයෙන් පසු අපට නැති වුන ලොකු අයියා අපේ දරුවන්ට පෙන්විය හැක්කේ සුරේන්ද්‍රයාගෙන් පමණි. ඒ ලොකු අයියලා අද නැත. ඉන්නේ උභතෝ බියන්ජනකයින්දැයි යන්න නව පරපුරේ මල්ලිලාද ලියන්නට දන්නේ නැත. ඒවා වෙනම කාරණාය.

     මේ සටහන තවත් සටහන් මාලාවක පෙර දැන්වීමක් පමණි. ජී ඩබ්ලිව සුරේන්ද්‍ර වනාහී නළුවකුටත් වඩා අනාගත නලුවන්ට ඉතා කෙටියෙන් ‌ඉගෙන ගන්නට බොහෝ දේ කියන නළුවෙක් බව සුගතපාලද සිල්වානන් මාරස සමග පෙර කල පවසා තිබේ. ඒවා දන්න අය දන්නවාය. මේ නව නලු නිලියන්ට ආදර්ශයක්ම වන්නේය. ඉතින් සුරේන්ද්‍ර ලොකු අයියේ. මේ ඇති.

ජගත් මාරසිංහ

https://jagathmarasinghe.wixsite.com/mare

30 05 2023


Powered by Blogger.