නව පරංගියන්ගේ වෘෂණ කෝෂ දේශපාලන තුරුම්පුව

                      නව පරංගියන්ගේ වෘෂණ කෝෂ දේශපාලන තුරුම්පුව


       මිනිසෙක්. පිරිමියෙක් වගේ පේන්නේ. එගේන්ස් ලයිටි නැතිනම් විරුද්ධාලෝක ආලෝකයෙන් මේ ඡායාරූපය සයිබර් රස්තියාදුවේදී මාරස ඇහිඳ ගත්තේ "ශ්‍රී ලංකාවේ මානසික ‌සෞඛ්‍ය සහ සමහර විට ප්‍රතිවිපාක පිළිඹඳ සමිප බැල්මක්" යන මාතෘකාවෙන් ලියන ලද ලිපියක් (talkingeconomics) නම් වෙබ් අඩවියක තියනවා දැකලයි. ඡායාරූපයෙන්නම් කොල්ලෙකුගේ හෝ කෙල්ලෙකුගේ හෝ සතෙකුගෙවත් මානසික ව්‍යාධියක් පේන්නේ නැහැ. මේක මාරසටනම් පේන්නේ කෙල්ලක්ව දාගන්න, ඒ කියන්නේ ආදරය කරනවා නුඹ නිසා මා මිය යන්නට ආසන්නයි, කුඩුබොනවා, ඇල්කොහොල් ගන්නවා, නුඹ උත්තරයක් නොදුන්නොත් මම මැරෙනවා යන්න භාවරූපීව ගොඩනගන ලද අප දන්නා පරපුරු වල මහල්ලොත් කරන විකාරයක මාර සරල ඡායාරූපයක් ලෙසයි. මේ සියල්ලන්ටම මැදදේ තියෙන්නේ ලිංගික පීඩාවද නැතිනම් දේශපාලන පීඩාවක්ද යන්න මාරසටනම් තේරෙන්නේ නැහැ. මොකද මෙවැනි අය මාරස දැක තියෙන්නේ ජීවිතයේ ගොඩක් තැන්වලදි කියන කතාව දන්න අය දන්නවා. කොටින්ම සිවිල් සමාජයේ ගෙදර සිටම මානසික රෝහල් හරහා හිරගෙවල් හරහා ගණිකා මඩම් හරහා ඇල්කොහොල් පුණරුත්ථාපන කඳවුරු වලත් මානසික සෞඛ්‍ය විද්‍යායතන වශයෙන් නම් දමා සුුුමට කරන්න ගියත් තවමත් මිනිස්සුන්ගේ භාෂාවෙන් අංගොඩ පිස්සන් කොටුවේදිත් මෙවැනි ඡායා සජිවීවම දැකලා තියනවා. 
                 මේ ඇල්කොහොල් මත සම්බන්ධව ලිපියකට ගන්නා ලද ‌වෙළඳ ඡායාරූපයක් වුවත්, කුමන අරමුණක් සඳහා ගත් ඡායාරූපයක් වුවත්, සෑම රසිකයෙක්ම විචාරකයෙක් තමා යන නාමයෙන් අපට කියවීමක් දීමට අයිතියක් තියනවා වගේම ආදරයකුත් තියනවා. මේ ඡායාරූපයට කිව හැක්කේ පව් මල්ලි විතරක් නැතිනම් පව් අයියේ විතරක් කියා කෙල්ලක් කිව්වහොත් උඹ අඩන්න එපා. මොකද එගේන්ස් ලයිට්නේ. මෙවන් ඇක්ෂන් එන්නේ ඇත්තටද නැතිනම් කෙල්ලන්ව දිනාගන්නද නැතිනම් දිනාගෙන ආදරය කරනවා කියා ඉන්පසු මොනවා කරන්නද යන්න පසක තබා මේ ඇල්කොහොල් ගැන කියන්නනම් කතා කරන්නනම් ආවොත් දැන් ඉස්සර වගේ නොවේ තමා. ඒත් ලෝකය වෙනස් වෙනවා. ඒක නිකන් සරළ කියවීමක් නොවේ.
            ඇල් ‌කොහොල් කියන මානසිකත්වයේ නැතිනම් මධුලෝලී සංස්කෘතියේ මෙවන් විකාර නැහැ. ‌මේ අරක්කු භාගයක් බොන්න බැරි උන්ගේ විකාර. මේ ඒක නොවේ යන්න මාරසනම් කැත කතුන්ගේ පතිවෘතාව සම්බන්ධ අධීක්ෂණ වාර්ථාව පොතේ "මධුලෝලත්වයේ ව්‍යාකර්ණ අර්බුදය" පරිච්ඡේදයේ ලිව්වා මතකයි.
            මධුලෝලත්වය කියන්නේ වෙන මගුලක් නොවේ ජීවිතයේ සාධනීය කෑලි. ඒක කියන්න අට උමතුව ගැනත් අෂ්ටවිධපානයන්ගේ අටවන උමතුව වූ සුරා උන්මත්තකයාගැන බාගෙට ලිව්වා අනිත් උන්ව අතරමන් කරන්න. ලියපු දෙයක් අල්ලන් දෙකක් ලියන කාලකන්නි පිරිසක්ව අන්දන්න තමා.
     බුදුනුවන්ගැන වචනයක් නොලිව්වොත් ඒ සටහන හෝ ලිපිය හෝ මොක හෝ සර්ව සම්පූර්ණ නැහැ කියන කතන්දරය අද තියෙන්නේ ලංකාවේ විද්‍යාවට වඩා කලාවෙන් ඉදිරියට ගිය මහා පොරවල් ගාව හීන මානයටද මහා මානයටද කොවූර්ගේ මතවාදයේ අපි තාම කියන කතන්දරයද කියන්න ඇවැසි දේ ලියලා ඉවරයි. ඒක එහෙම තමා. ලාංකේය විශේෂඥ වෙද්‍යවරු සහ මහා ඉන්ජිනේරුවන්ට සහ ගණිතය විද්‍යාව ඉහලට ගිය මහා බුද්ධිමතුන්ට නැති දෙවියන් බුදුන් පමණක් නොව ‌ථේරවාදය තමන්ගේ අනිකා කරගත් කලාව පරතෙරට ගිය ඇත්තන්ටත් ඇත්තේ හීනමානයද මහාමානයද ‌සෛයිසා මානයද කියන්නත් මාරස දන්නේ නැහැ කියා කියන්නේ සෙස්ස පස්සට තියලයි.
              හැබැයි මතක තබා ගත යුත්තේ දන්නේ නැහැ කියන්නේ නුඹලාගේ භාෂාවෙන් කියන්න දන්නේ නැහැ කියන කතාව පමණයි කියලා. නමුත් කතා කරන්න අකමැති වෙන්නේ වසර ගානක ජීවිත අත්දැකීම්වලින්ලත් දැණුමෙන් එක එකාගේ රෙදි ගලවන්න මාරස අකමැති නිසයි. මොකද එක රෙද්දක් ගැලොව්වොත් රෙදි දහසක් ගැලවෛනවා අනිවා. නමුත් මානවීය විදිහට ඒ පිටස්තර කාන්තාවන්ගේ දරුවන්ගේ අහිංසක බාල පරම්පරාවක රෙදි ගැලවෙනවාට මාරස තියා කාගෙවත් ගෙවල් ‌වල ඉන්නා බල්ලෝ පූසෝද කැමති නැහැ.
               කිසිසේත්ම මත් සංස්කෘතිය නීතියෙන් නවත්වා බාර් වහන්න බැහැ. දෙන්න ඇවැසි උත්තරය අද දීලා තියනවා. මිනිස්සු බොන්නේ නැති නිසා අරක්කු ආදායමින් රජයට එන බදුමුදල් අඩුවෙලා. ඇයි කවුරුත් ලියන්නේ නැත්තේ ඒ අඩුවීමත් සමග මිනිසුන් නිරෝගී වෙලා කියලා. එතකොට තහනම් මත්පැන් කසිප්පු ජාවාරම් වැඩිවෙලා ඒ බදුමුදලින් රජයේ ආදායම් කවර් කරනවාද කියලාවත් ලියන්නේ නැත්තේ ඇයි කවුරුවත්. ඒක එසේ වෙලා නැතිද  කියා කිව්වලු.
             මාරසනම් ඒවා 1983 ලියා 2000 ආරම්භයේ පලකර අවසානයි. දැන් ඉතින් තියෙන්නේ ඒ සම්බන්ධව ක්‍රියා කරන්න විජාතික සමාගමකට සුරාබදු දෙපාර්තමේන්තුවත් කුලියකටවත් දෙන එක පමණක් විය හැකියි. උන් අපේ රා විකුනලා පෙන්වයි. කසිප්පු විශ්කිවලට කොහොමද විකුනන්නේ කියලවත් පෙන්වයි. වැඩි කල් යන එකක් නැහැ කියලත් හිතෙනවා.
              කොහොම උනත් කාරි නැහැ. මෙවන් මළවිකාර ඡායාරූප ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය වලට ඈඳා ලියන ලිපි ඇවිත් මත්ද්‍රව්‍ය විෂෝධනය සම්බන්ධ ලිපි. නැතිනම් පුනරුත්තාපනය සම්බන්ධ දැන්වීම්. ඒත් නැතිනම් මානවීය ආදරයේ මත් විරෝධී ලිපි. අවසානයේ බදු. කෙලවීම් සහ කෙලවාගැනීම් වලින් අවසන් වන මෝඩ දුබල ආර්තික ප්‍රතිසංස්කරණ යෝජනා. හැකිනම් කියන්න මත්පැන් මිල වැඩි කිරීමෙන් වූ යහපත කිම්ද කියා. රජයේ ආර්ථිකය‌ේ  සමබරතාව පවත්වාගැනීමේ එක්ස් යන අඤ්ඥාත පදයේ චලිතය තීරණය කිරීම පමණක් නොවන්නේද?
      මට මතකයි මම දවසක් තේරවාද කෝආන් කියන කතන්දරයක් කියෙව්වා. ටිබැටයේ තන්ත්‍රයානයද ලංකාවේ මහායානයද යන්න ලාංකේය ‌‌ථේරවාදි ආදර මිනිසෙකුට තරම් නොවේ. බුදුනුවන්ලා වර්ග දස දහස් ගණනක් නොව ‌කෝටි කප්පරක් ඇතත් ඒවා අදහන්නන්ගේ විදි වේද වෙනස් නමුදු බුදුනුවන්ලා යනු බුදුනුවන්ලා මිස අනි කිසිවෙක් විය නොහැක.
          ඉතින් එක්තරා හාමුදුරු කෙනෙක් ටිබැටයේ ගෙයක් ගාව නතර වෙලා අහනවාලු දැන් මම බුදුන් වඳින වෙලාව. මට ඔබලා බුදුන් වඳින තැන ටික වේලාවකට ඉඩ දෙන්න හැකිද කියලා. ඒ ගෙදර ගෘහණිය හාමුදුරුවන් වහන්සේට තෙපලුවාලු අපේ මහත්තයා හරියට බොනවා. බේබද්දෙක්. දැන් ඒවි. අනිවාර්යෙන්ම ගේ පෙරලන මිනිහෙක්. ඔබ වහන්සේට මක්වේවිද මටනම් කියන්න බැහැ කියලා. හාමුදුරුවන් වහන්සේ කිව්වලු ඒවා වෙන්නේ ඒ මොහොතේනේ. මේ මොහොතේ නොවේනේ. ඒ මොහොතේ දේවල් ඒ වෙලාවට සිදුවෙයි කියලා. කොහොම හරි හාමුදුරුවන් වහන්සේ දැන් පිරිත් සජ්ජායනා කරමින් බුදුන් වඳිනවා. අර මධුලෝලියා නොහොත් බේබද්දා ආවා. අමුත්තක්. චකිතයෙන් ගෘහනියගේ කාඹරයට ගිහින් ඇද්දා වලියක්. දන්නවාද බේබද්දෝ සිවිල් සමාජයට ගරු කරනවා. ලාංකේය භාෂාවෙන් උගතෙක් බුදුධිමතෙක් දැක්කාම වෙරි වෙනස් වෙනවා. පොලිස් නිළධාරියෙක් දැක්කම වෙරි හිඳෙනවා. හිඳුන් නැතිනම් තමන්ගේ උගත්කම් ගැන කතාකරන්න ගන්නවා. කෙසේ හෝ ඒකලා ඒකලාට අනිකා තියන ආදරය දිනා ගන්නවා. හැබැයි බැරි උනොත් බේබද්දෝ නැතිනම් මත්ලෝලීන් වලි වර්ග වලි ලෙස අවුස්සා අනෙකුන්ව බය ගන්වනවා. අනෙකුන් පසුබැස්සොත් වීරයා වෙනවා. එතනට තමන් ආදරය කරන ගැහැණිය ආවොත් යෝධ වෙස් ගන්නවා. ඒකිටත් ගහනවා. නමුත් පසුව ඒකී නිසා තව තවත් බී කවි කියමින් ඇල්කොහොල් වලින්ම දිවි නසා ගන්නවා. ඒ තත්වයෙන් බේරගන්න තවත් ගැහැනියක් ආවොත් වෙනස් වෙනවා. ඒක ඉතින් සංසාරේ පිනම තමා. පස්සේ ආයෙත් කර්ම චක්‍රය පවත්වනවාද නැතිද තීරණය කරන්නේ රටක මත්ලෝලී සංස්කෘතියේ දේශපාලනික සමාජ සහ සංස්කෘතික අර්ධයම තමා. මාරස දන්නේ නැහැ  මේවා සමාජ විද්‍යාවේදී කතාකරනවාද කියලා. දැනගත්තත් වැඩකුත් නැහැ. ඒවා අතහැරලා ගොඩක් කල්.
       කොහොම උනත් අර හාමුදුරුවන් වහන්සේ තමන්ගේ පාඩුවේ බුදුන් වැඳ නැගිටිනවා. ගිලංපසත් තියනවා ඒ ගෘහණියට හැකි විදිහට. බේබද්දා එතන ඉඳගෙන තක්බීර් වෙලා බලා ඉන්නවා. හාමුදුරුවන්ට ඒකාද වඳිනවා. වචනයක් කියන්නේ නැහැ. හාමුදුරුවන් වහන්සේ  ඒකාගේ හිස අත ගා තම ගමන්මල්ල ඒකාට දෙනවා. හාමුදුරුවන් පන්සලට වඩිනවා. ඒකාත් පස්සෙන් යනවා. නමුත් වැදගත්ම කාරණය වන්නේ ඒකා යන්නේ මාර ආදරයකින් වීමයි. පන්සලට නොවේ අපායට ගියත් ආදරය තියන තැන් හොයා බේබද්දන් යන්නේ මාර ආදරයකින් වෙන්නැති කියන්නේ මාරස මුල්ලේරියාව, අංගොඩ සහ පුණරුත්තාපන සමාජවලද ජීවත්වූ සගයන්ගේ ආදරය ගැන දන්නා නිසයි සහෘදයනි. 
      අන්තිමට පන්සලට ගියාම ඒකා පන්සලේ පරිසරයේ පිරිසිදුකම ස්වභාව සෞන්දර්ය සිරි නරඹනවා. හාමුදුරුවෝ අහනවා ඉන්න කැමතිද කියලා. නිශ්ශබ්දයි. උන්නැහෙට මෙහෙත් බොන්න පුලුවන්. අපිත් උදව් කරන්නම්. ඉතින් නිවිහැනහිල්ලේ ඉන්න එකනේ තියෙන්නේ කියලා. අනේ මේ මනුෂ්‍යායා කියනවා මේ ආදරය වෙනුවෙන්ම හරි මම මේ දැන් ඉඳන්  මෙතන ජීවත් වෙන්නම් කියලා.
    හාමුදුරුවන් වහන්සේ කියනවා ඒකට අපේ සාස්තෘන් වහන්සේ කැමති නැහැනේ. නුඹ බිව්වත් දරුවෝ දෙන්නෙකුගේ සහ බිරියගේ ජීවිතයට වග කියනවා. ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න පදනමක් හදා දීලා මෙතනට ජීවත් වෙන්න එන්න කියා.ඒකා තක්බීර් වෙලා. 
            හාමුදුරුවන් වහන්සේ කියනවා නැහැ හැමදාම එන්න. බීලත් එන්න. අපත් සමග ජීවත්වෙන්න. බැරිනම් යන්න. ඇවිත් ආයේ බලන්න. හැකි දවසක අපත් සමග ජීවත් වෙන්න එන්න කියලා. ඒහි පක්ෂිකෝ තමා. සියල්ල අවසානයි. ඒකා පිටුපස බලමින් පිටත් වෙනවා වෙන්න ඇති. ආයෙත් එන්න ඇති. මේ කෝ ආන් කතා විවිධ විදිහට විග්‍රහ වෙනවා. විවිධ විදිහට ලියවෙනවා. නමුත් කියන්නේ එකම සූණ්‍යත්වය හෝ ඒ නිවනද යන පණ්ඩිත තර්ක වලට පිටුවා ඒකත්වයක්ම විය  විය හැකියි පමණයි.
    අභයගිරි කාලයේ මිහින්තලා ආශ්‍රිත කතා මතක නමුත් ලියන්නටනම් නැවත බැලිය යුතුයි. ඒ සාහිත්‍ය පෙරේත කමට කියලා හිතාගත්තත්  මාරසට මොකද කිව්වලු.
       නමුත් ටික කලකින් ඒ සියල්ල ඉෂ්ටකරගෙන  ඒ මනුෂ්‍යා බුදුවරයෙක් තත්වයට පත්වෙනවා කියන කතාව මාරයි. ඒ නැගනියත් දරුවනුත් පිස්සු හැදෙන දර්මයකට සේන්දු වෙනවා. මේ කතාව ඇත්ත නොවේ සැබැව. ඒ කියන්නේ විද්‍යාත්මකව මෙසේ නොවූවත් මේ කතාවට පිටුපස්සේ තියන සැබෑව සැබෑවක්ම තමා කියන කතන්දරය. 

               ඉතින් රා තැබෑරුම් අසල තිබි මානවීය සංකෘතිය ලිවීම සෙස්ස පස්සට දානවා. මෙන්න මෙවන් ආධ්‍යාත්මික මාර්ගයකින් හැර අරක්කු මිල වැඩි කරවත් නීති දමාවත් කිසිදු අමධප ව්‍යාපාරයකටත් ඒ දේශපාලනික මිනිස් සමාජයේ ආදරයේ ප්‍රශ්න විසඳිය නොහැකියි කියා මාරසනම් කෙලින් කියනවා. තාවකාලික පැලැස්තර කියන්නේ තමන්ගේ වාසියට පාවිච්චි කරන දේශපාලන උපායන් පමණයි. ඒවාට විරුද්ධවන්නන්ද ඊට සමාන වන්නේ සමගාමී සමීකරණ වගේ මිස ප්‍රතිවිරුද්ධ සමීකරන ලෙස නොවේ. ‍  
                  ඒ නිසා කැත කතුන් පොතේ මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්බුධය යන පර්ච්චේචයක් ලිව්වා කියා මාරසින්නම් අනවශ්‍ය දෙයක් බලාපොරොත්තු වන්නට එපා. කොටින්ම මාක්ස්වාදීන්ගේ වෙන්වීමේ කණ්ඩනය වීමේ මරා ගැනීමේ බින්න වීමේ කිසිම සක්‍රීයත්වයක් භෞතිකව පමණක් කිසිදා විසඳිය නොහැකියි කියන කාරණය ගැන ඒ අය අවබෝධයෙන් ක්‍රියාත්මක වේවි. ආධ්‍යාත්මික දේශපාලනය කියන්නේ නැවත මාක්ස්වාදීන් පන්සිල් ගත යුතුයි නැතිනම් බන භාවනා කළ යුතුයි හෝ පිරිත් කිිව යුතුයි යන්න නොවන වග දැනෙන උන් දැන ගත්තාම ඇති. කොටින්ම උන්ගේ සැබෑ අවංකත්වයක් තියනවා. ඒක බ්ර්ටන් රසල්ලාව නොව බුදුන්ව නැති වුවත් ලාංකේය තොපේද මානසික අවංකත්වයට අල්ලා වැඩ කළ යුතුයි. 
       ලිපිය අවසන් කරන්නේ මෙසේය. ආදරයේ ඇත්ත නැතිතැන ඇත්තේ ‌වෛරය පමණයි යන්නෙන් නොවේ. කවුරුන් කෙසේ කීවත් ආදරය දිනනවා කියාමය. භෞතිකය සහ ආධ්‍යාත්මිකය තනි රේඛාවකින් මොන  ජ්‍යාමිතික දර්ශණයකින්වත් බෙදා වෙන් කළ නොහැක. එසේනම් කලණය අනුකලනය ඇතැර ගණිතය වෙනත් මාර්ගයක යන්නේ අයින්ස්ටයින්ගේ විශ්වීය කරකවා දැමීම් සමගමය. මිනිසා මිනිසාය. මිනිසා තාම ආදර සත්වයෙක් බව කියමින් මාරස මේ සටහන අවසාන කරන්නම්.
      මන්දා මාරස මේ ලිව්ව සටහනින් පසු සිතට ආවේ පරසතු මල් විතරයි. අපගේ දර්ශනයත් නව පැරණි මාක්ස් වාදයත් පරසතු මල් වගේ. පර සතුමල් කියන්නේ පිට වගේ. නමුත් ‌ලංකාව සංස්කෘතිකව අල්ලා ගන්නට පෙර තවත් පරයෝ උන්ගේ සංස්කෘතික ආධිපාත්‍ය බෙදා හරින්න ඇති. නමුත් පරංගියෝ තමා පරංගියො. පරංගියෝ බුද්ධ විනයකාරයන්ට යටත්කරන්නට ගියා සේම තවමත් පරංගි මාක්ස්වාදීන් කියන කණ්ඩායමක් හදලා යටත් කරන්න යනවාද  මන්දා. ඒ කියන්නේ විමුක්ති ගීයකින් අවසන් කරණු කුමට මේ සටහන. පරංගී බයිලා වලින් අවසන් කරණු කුමට. අපේ ලාංකේය තරුණ දර්ශනයත් හරියට අර පරංගින්ගේ පරසතු මල් වගේම නිසා මේක මරු කියලා හිතුනා.

පරවුණු මල් වල සුවඳ අතීතේ   
පරසතු මල් ළඟ විසිර ගියාවේ 
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ 
එළිය මැදින් හෙට දවස උදාවේ 

අතට වළලු මම කොහෙන් සොයම් දෝ 
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ 
ඉණට හවඩි මම කොහෙන් සොයම්​ දෝ 
දුවට මවක මිස පියකු කොයින් දෝ 

දාවල ගෙවිලා අඳුර ගලනවා 
ඈත ලොවට නිදි දෑස පියෙනවා 
හීතල පාළුව හියුඩු පිපෙනවා 
ඒ අතරින් දුව දොරට වඩිනවා 

https://youtu.be/w4Onf-Dgntc
ජගත් මාරසිංහ
20 05 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.