ආදරයේ ‌දේශපාලනය


ආදරයේ ‌දේශපාලනය

මාරස මේ ලියන්නේ කොළඹ කැම්පසයේ ආදරයේ විරහවක් ගැන නොවන්නේය. ආදරයේ මහිමයක් වන් ආදරය වනාහී ආදරය වූ කතාන්දරයක්මය. වැස්සකටවත් කැම්පස් සොයා නොගිය මාරසට මේ කොළඹ කැම්පසය වදින්නේ කලාව හොයා ගිය ගමනේදීය. මොකද කැම්පසයන්ටද අහසින් තිබි මාරස හොයා ගිය ගනිත ගමන නවතින්නේ කලාවේ දේශපාලනයෙන්ද කිව නොහැක. කොළඹ කැම්පසයයේ අසූව දශකයේ මැද භාගයේ සිටි රංජිදම් ගුණරත්නම් පුෂ්ප විතාන, ‌ගෙවිඳු කුමාරතුංග, පැස්කල්, හේමන්ත අජිත් චන්ද්‍රසිරි, නිමල් කරුනාසිරි වන් ඊට අවට ශිෂයන් පමණක් නොව. රුහුනු කැම්පසයෙන් පැමිනි ඩෙමාලා පමණක් නොව ඉතා සුන්දර අවධියක වතුර බේසමේ පාද තියාගෙන පාඩම් කළ අයද මිනිසුන්ද සිහිවේ. ඒකට කියන්නේ යුගයක මහිමය කියාබව මාරස දන්නේය. ඒ යුගය නැවත උදා වන්නේ නැත. නමුත් එවන් යුගයන් නැවත නැවත බිහිවන්නේය. නැවත නැවත මැරී යන්නේය. සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයාව මේ වන්දේ ලියන විට සිහිවන්නේ මෙසේය. මේ ලිපිය ලියන්නේ මාරස නොව මාරසට ආවේශවූ සංසාරණ්‍යයේ දඩයක් කාරයා කියා ලියන්නටද හිතෙන්නේය.
තවත් එක් ‌මායාවක් වූ මිතුරෙක් මාරසට සිහිවේ. බෝධි වගේ නමක් හිතට එයි. ඒ නම ඒකාට සුදුසුය. ඒකාද මාර අවංකය. තිස්ස කාරියවසම්ගේ නාට්ය පොතක් මට දුන්නේ මැගසිමේ නාට්ය කරන අවධියේ අම්මා මගින් මැගසිමට ගෙන්වාගෙනය. මැගසිමේ අපව හිරකරගත් මුල අවධියේ එලියට අරින්නේ පැයකට පමණි. ඒ ගිය අවස්තාවලදී බෝධි නැමති පේරාදෙනියේ භූගර්භ විද්‍යාව කළ හිරගතව සිටි කොල්ලා මට සිහිවන්නේය. සිරගතව සිටි සියල්ල නිදහස දේශපාලනය කතාකරන සඳ ඒකා මැගසිම අවට තිබි ගඩොල් කැට අහුලා ඒ භූමිය ගැන අනාවැකි කියන්නට විය.
මේ මැගසිම පිහිටි භූමියට අනාගතයේ සිදුවිය හැකි දේ පමණක්නොව අනාගතයේ සිදුවිය හැකි දේවල්ද ඒකා ඒ ගල දෙස බලාගෙන් කියවාගෙන කියවාගෙන ගියේය. ඒ කොල්ලන් ඒ යුගයේ පොරවල් තමාය.
ඇත්තටම ඒකලා අද ලංකාවේ සිටිනවාද කියා මා නොදනිමි. මරාදමාදැයිද නොදනිමි. හිටියානම් ආපදා කලමණාකරනය මීට වඩා මාර බව හිතේ. නැතිනම් ඒකා ආපදාකළමණාකරණයේ ලොක්කෙකු වී අපතයෙක් වීදැයි නොදනිමි. දන්න කෙනෙක් කියනවානම් තුටු වෙම්.
මම ඒකා ගැන ඒ කාලයේ රංජිදම්ගෙන් ඇසුවේ මේකා මොකාද කියන්නටය. රංජිදම් කීවේ මුන් ඉහලම ලකුණුගෙන භූගර්භ විද්‍යාව කරණ උන් කියාය. උන්ව පේරා භාෂාවෙන් ගඩලොජි ලා ලෙස හඳුන්වනවා කියාය. දැන් සිහිවන විට ගඩොල් දියවී කඳුලෙස වැක්කෙරී ලුණු රසක් දෙතොලට දැනෙන්නේය. මේ කතා කරන්නේ එදා යුගයේ මාරසට වැදුන ‌කැම්පස් කොල්ලන් ගැනය. නමුදු කතා කරන්නේ කොළඹ කැම්පසය මුල් කරගෙනය. ඒ ගැන වැඩිදුර ලියන්නට මාරසට ඩී ආර් විජේවර්ධනයන්ව හමුවීමට සිදුවෙනවා නියතය. එතුමා මියගොස් බොහෝ කල්ය.
මාරස මේ කියන්නේ අයිතියක් නිසාය. එකම පැදුරු තුනක් ප්රේමලාල් සහ මා සහ රංජිදම් සිටි ආකාරය අමතක කළ නොහැකි නිසාය. තව ලියන්නට බොහෝදේ තිබේ. වසර දෙකක් කියන්නේ සෙල්ලමක් නොවන්නේය. මාරසට අතීතය අමතක නොවන රෝගය වනාහී මාරසටනම් මාරය. වෙනම ජීවිත ලෝකයක මාරස ජීවත් වෙන්නට ආසාය. නමුත් පරංගි මාක්ස් වාදීන් වමනය කරන නොස්ටැලිජියාව ඒ නොවන්නේමය.
ඒ කොළඹ කැම්පසයෙන් නොව සියලු කැම්පස් වලින් අල්ලාගෙන මැගසිමට දැමූ ශිෂ්‍යයන් නොව බෝධිසත්වයන්ට සමාන වගේ කියා ලියමි. කැම්පස් නොවන අනෙකුන්ද එසේ තමාය. නමුදු එදා මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට කිසිදු බයක් දුකක් නැතිව ජීවිතය කැප කළ උන්ය.
මාරස වයස විසි ගනන්වල ආරක්ෂක නියෝග වලට හේතුවක් නැතිව මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙක් විය. හේතු නැත්තේ මාරසටය. ඒ නිළධාරීන්ට තිබෙන්නට ඇත. මාරස ජවිපෙ ක්රියාකාරිකයෙක් නොවේ කියන්නේ ආරක්ෂක අංශ වලට බයේ නොවන්නේය. ඒකාලාට අවස්ථාව පැමිණිවිට හිඟන්නන්ද ජවිපේද මොකාද කින්ද මන්ද යන්න ගැන නිනව්වක් සම්බන්දව ජ්යාතයන්තරවත් තවත් හැදෑරීමක් කර නැති බව දනිමි. ඇත්තේ මර්ධනය කර රජය ආරක්ෂාකර ගැනීම පමණක් වීමේ ආරක්ෂක නියාමයකි. හැබැයි මාර විහිලුව වන්නේ රජය වනාහී ප්රජාතන්ත්රික සමාජවාදී ජනරජයක් වීමය. මේ විහිලුව ජනතාව නොදන්නවා නොවේ. දැන ගත්තාද නොදන්නවා මෙන් සිටිනා ජනතාව ගැන කිව යුත්තේ ඒ මේ ප්රජාත්රන්ත්රවාදයේ හැටි කියා නොව දවස ගෙවන හැටි කියා පමණය. සියලු දුක සැපතක්ලෙස විඳින මැද පන්තියක් රටක් කරගත් ජනතාවගේ විදිහ එසේ වීම අනිවාර්ය කාරණාවක් ලෙස මාරස දකින්නේය.
මාරසටනම් මාක්ස්වාදී මතවාද ඉගෙන ගන්නට සැබෑ ලෙසම කොක්ක ගැහැව්වේ හදිසිය නීතිය 17-1 වගන්තිය යටතේ ජේ ආර් ජයවර්ධනයන්ගේ ආරක්ෂක ලේඛම් වූ සේපාල ආටිගල ආරක්ෂක ලේඛම්ද කවුදැයි මාරසට දැන් ඉතා හොඳින් මතකය. මතක තිබෙන්නේ ජනතාවගේ නාමයෙන්ම රජයෙන් ලිපියක් දී රාජ්ය නීති යටතේ උන්ගේ නීතිය කරනා නිසාමය.
අනේ සේපාලයානෙනි. ඔබට පිං කියන්නට මාරසට නොහැක. නමුත් මාරසට ඔබ තුමාගේ ක්රියා දාමයේදී මිනී මරුවන් හමුවිය. කළණ මිතුරන් සේ ගත හැකි විවිධාකාරයේ හුදී ජනයා හමුවිය. චීවර ධාරියෝ නොව සැබෑ බුදුවරු වන් හාමුදුරුවන් වහන්සේලාද හමුවිය.
රනිල් අර බටලන්දද මන්දා මොකක්ද විකාරයක මිනිසුන් ඝාතනය කළ තැන සම්බන්ධව නඩුවක් දැම්මේ දේශපාලනිකව ඔබේ මිතුරිය චන්ද්රිකා බන්ඩාරණායක නැමති මහන්තත්ව වුවත් නමින් ප්රජාතන්ත්රික ගැහැනියයි. නමුත් චන්ද්‍රිකාද හිස් ඔලුවක් ඇති කාන්තාවක් නොවීය. ආදරය සම්බන්ධව ඒකිත් සමග කතාකරන්නට ගියොත්මු පිස්සු හැදෙන්නේය.මහා කප්පින වලව්ව ගැන ඇද ඔබේ චරිතය විනාස කරදැමීමට තැත් කෑ නිසා ඒවා සාධාරණ වන්නේ නුඹලාට පමණි.
නමුත් රනිල්ගේ පරපුරේ බංගලාවක් දියතලාවේ තිබෙන බවත් විජය චන්ද්රිකාත් මධුසමය ගතකලා කියන සාමාන්ය මාධ්යවේදීන්ගේ මධුපානොත්සව සොයා ගොස් කිසිවෙකුට හොයන්නට ඇවැසි නොවනු ඇත. දියතලාවට ගොස් පැරණි මිනිසුන්ගෙන් ඒ බංගලාවේ තිබි ‌පාපිස්සට දමා තිබි කොටි හමේ ඉතිහාසය ගැන විමසුවානම් මරුය කියා කිව්වේ මා මිත්ර පාරිසරික මාධ්ය වේදියෙකි.
දැන් ඉතින් කැලේ ගියා ඇතිය. මාරස යමක් විශ්වාස කිරීමට කැලේ යන බව ඇත්තය. ඒ කැලේ ගොස් රටේ නැති පරිප්පු වලින් උපරියම කෑවේ මැගසින් බන්ධනාගාරයේදීය. නමුත් පරණ ජවිපේ සංස්කෘතිය හිරගෙවල් වලට නියමෙට වැඩ කරන බවද මාරස දනිමි. කෙලින්ම හිරගෙවල් වල ඉතා හිංසනික හිරගෙවල් වල දොරවල් කඩා තිබෙන්නේද ජේවීපී කාරයෝය. ජවිපේ එකෙක් හිරගෙදරට යනවාට නිළධාරීන් කැමතිය. බයක් නැත. නමුත් කැළඹුනොත් පිට හිරගෙවල් සහ හමුදාවෙන් ආවොත් විනා ජවිපේ සම්බන්ධව ඔත්තු තම නිළධාරීන්ටද දීමට කිසිවෙක් නැත. අද තත්වය එසේමද යන්න මාරස දන්නේ නැත. ග්‍රහයන් වෙනස් වී ඇත. ඒ නිලධාරීන් නොව අනේක විධ නිලධාරීන් සන්තෝසමක් ලබා ගන්නවා විය හැක. මාරස දැක්කේ හිරගෙරක සිටින නිළධාරීන්ද හිරවී ඉන්නවා කියාය.
මට දුක සිතුනේය. මන්ද මාද ජේලර් වරයෙකුගේ පුතෙකි. ඒ 1961 උපන් මාරසගේ ජේලර් තාත්තාය. නමුත් ඒකාලයට ආසන්න කෙනෙක් මාරසට මැගසිමේදී හමුවිය. එයා කීවේ ඒ ලන්තෑරුම් එල්ලන් හිරකරුවන් ගණන් කළ කාලේ කියාය.
පසුව එයා මට ගෙනත් දුන් දෙහිගෙඩියකින් රතුලූනූ සුදුලූනු බික් දෙකකින් අපි රාත්රියට ලුණුමිරිසක් හදාගෙන නොකෑවා නොවේ. අනේ අද එයා කොහේ ගියාද මාරස දන්නේ නැත. ඒත් ආදර වන්තයන්ය. මේ සම්බන්ධව ලියන්නට ගියොත් මාරසටනම් සීමා මායිම් නැත. බය කියන වචනය 1960 දශකය මුල උන්ට නැත කියා ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බව නොදන්නවාද නොවේ. නමුත් අප දැන් වයසක නිසා ගැටලුවක් වුවහොත් උන් ඈත සිට බලා සිට බැරිම වුනොත් ‌මර්ධනය කරන්නට තරම් ශීලාචාර වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මහිමයෙන් කියා මාක්ස් වාදීන් පිළිගන්නේ නැත. නමුදු ‌අද කරත්ත කම්කරුවන්ගේ වැඩවර්ජනයට පෙර සිටම අපේ අම්මලා තාත්තලා විප්ලවවාදීන් ආරක්ෂාකරන ලද්දේ බුදුනුවන් ගැන හදවතේ ආදරයක් ඇතිවූ නිසාය. මාරසනම් සිංහල බෞද්ධ ගන්නේ එතනින්ය.
මෙච්චර දේවල් ලිව්වේ යම් දෙයක් ගැන කියන්නටය.මාරසටද මැගසිමේදීත් කැම්පස්වල කලා කල්ට් වලදීත් විවිධ පුදගලයන් හමුවී තිබේ. හිරගෙදරදී හමුවූ පිරිස බොහෝය. ඒ හිරගෙදරක් නොව ඉන්දුලංකා ගිවිසුම අත්සන් කිරීමට කරදරයක් වේයැයි සිතා මැගසිමේ හිරකරණ ලද බුද්ධිමතුන්ය. දොස්තරලාය. නීතිවේදීන්ය. නඩුකාරයන්ය. ගුරුවරුන්ය. පොලිස් කාරයන්ය. උසාවි තෝල්කයන්ය. අනේ අම්මෝ මේ සමාජය වනාහී මාර විනයක්ම වන්නේය.
නමුත් කැම්පස් වලින් පැමිණි අමුතුම සෙට් එකක් තවමත් මගේ මතකයේ තිබේ. ඒ පුෂ්ප විතානගේලා, ගෙවිඳු කුමාරතුංගලා,පැස්කල්ලා, නිමල් කරුණාසිරිලා, හේමන්ත අජිත්ලා යන කොළඹ කැම්පසයෙන් පැමිනි නොව පේරාදෙනියෙන් ආ පිරිස ගැන ලියන්නට රංජිදම් ගුණරත්නම් නම පමණක් ප්රමානවත්ය. රුහුනින් එදා පැමිනි අයගෙන් ඩෙමා කිසිදා මාරසට මැගසින් මතක තුළ අමතක වන්නේ නැත. ඉතින් තවත් ඉතා මාර අහිංසකයෙක් විසීය. ඒ වනාහී හේමන්ත අජිත් චන්ද්රසිරිය. මේවා ලියන්නට බය නැත්තේ ආණ්ඩුවේ පන්දමක් නැතිනම් පාලකයන්ට භීතිකාවක් ආ විට උන්ගේ අනින් මුන් කුමන හෝ ව්‍යවස්තාවක නියාමයකින් සිරගත කරනවා මාර ආතල් නිසාය.
නමුත් 80 දශකයේ මරා දමන ලද්දේ එක් රාජ්ය විරෝධි නොව මාක්ස්වාදයට ආදරය කළ එක පුද්ගලයකු පමණක් නොවේ. සමාජ ප්‍රවනතා සහ ශික්ෂිත අශික්ෂිත කණ්ඩාම් විසින් භීෂණය කේතුමතී නුවරක් බවට පත් කළ යුගය සුන්දරය. ඒත් ඒ සුන්දරත්වය දැකිය හැක්කේ කඳුලක් විණිවිද පමණි.
මේ පහත තියෙන්නේ හේමන්ත අජිත් චන්ද්රසිරිගේ ආදරයයි. දන්නවාද කතන්දරයක්. ඒ හේමන්තගේ ‌ඒ කාලයේ ආදරවන්තිය අද ඉන්නේ ඇමරිකාවේය. හේමන්තගේ අළුවත් පොළවේ නැත. මාරස හේමන්තව දන්නේ ඥාතියෙක් නිසාය. නමුත් ඒ ඥාතීන්ටද හේමන්ත අමතක වී තිබේ. උන්ට ජීවත්වන මාවද අමතක වී තිබේ.
නමුත් කුමාරි දිසානායක යන මිතුරිය මට ඊ පවුරේ මුන ගැසුනේ මගේ ලියවිලි නිසාමය. සමහර විට ඒකිගේ ආදරය පිබිදූන නිසාමය. දැන් ඒකිය නව කසාදයකට යන්නට ඇත. නව කසාදයකට ගියානම් ලිංගික ආදරය අවසාන කරන්නට ඇත. ඒ එසේ විය යුතුය. ආදර යුගලක එකෙකු මළොත් ලිංගිකත්ව ආදරය අවසානය. නමුත් ආදරය අවසන් නොවේ. ඒ ආදරය හිතේ තබන් ගයන්නට හැකි කුමාරියක් කොළඹ කැම්පසයේ ජීවත්වන මාරස දැක්කේ සිපිරිගෙයක අත්දැකීම් හරහාය. එවන් ආදරණීය මිනිස් හැඟුමන් සමග ලෝකයට ආදරය කිරීමටත් ජීවිතයට ආදරය කිරීමටත් මේ ජීවිතයේ මිහිරේ සුසරත්වයේ ආධ්යාත්මික භාවයන් තේරුන් ගැනීමටත් හැකි කුමාරි දිසානයයන්ටත් එතුමියගේ මහත්මාවන්ටත් ‌සම්ප්රධායිකව දීර්ගායුෂ පතමින් මාරස මේ ලිපිය හමාර නොකරමි.
මන්ද අසම්ප්රධායිකයි කියා හිතන උනට ඒ දෙපල දිනේවා ජයවේවා ආදරෙයි කියමින් නවතින්නේ ඉතා කෙටි කාලයකින් සාදන ලද කුමාරියගේ ගී කණ්ඩයක්ද වීඩීයෝ තාක්ෂණයෙන් එකතු කරමිණි.
ආදරෙයි. සහෝදරියනි සහෝදරයෙනි කියන්නැති පුරුදු කතාවක් වන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙත්වා කියමින් නිහඬ වෙන්නම්. අපි වෙන්වුනෙ නැහැ කිසිදා- අසාධාරණයට විරුද්ධ සටන කොතනක හෝ වේවා නාකි වුවත් මානම් උඹලව හමුවෙනවා.

ජගත් මාරසිංහ
17 05 2023



Powered by Blogger.