හානාහීය පානා අඬහැරෙන් දැනේ

                                             හානාහීය පානා අඬහැරෙන් දැනේ


     සයිබර් රස්තියාදුව යනු එක් පැත්තකින් පිස්සුවක්ය. තවත් පැත්තකින් ගවේෂණයක්ය. තවත් පැත්තකින් පැන්ටසියක් කියන්නටද හැකිය. සමහර වෙලාවට ඒ සියල්ල එකතු වී මාරස මාරයාටනම් ජීවිතයම වනවා සේය.

       ඒ රස්තියාදුවේදී "Myths vs factis" නම් පිටුවක තිබී මේ ඡායාරූපය හමුවුනේ අහම්භය අනිවාර්ය වීමෙන් තමාය. ඉතින් අහම්භය අනිවාර්ය වීමේ දයලෙක්තික දේ  දමා ගසන්නටටද හිතෙන්නේය. ඒවා ගැන කිසිවෙක් දැන් හරියට කතා නොකරන ලෝකයක මාරස කතා නොකරන්නේ මේ සටහනට ඒක මදි කමක් නිසාය. නැතිනම් ඒ ගැන හදවතේ කම්පනයක් නැත්තා නිසා නොවන බව දය‌ලෙක්තිකය නැතිනම් අපෝහකය උඩ දාන සියල්ල දැන ගත යුතුය. දැන ගත්තත් නොදැනගත්තත් ඉදිරි ලිපි වලදී ඒවාට උත්තර පත්තර දීමට සිදුවන්නේ තමන්ගේ ජීවිතයෙන් වීමටද හැකි බව මතක තබා ගත යුතුයැයි ලියන්නේ චන්ඩි කමට නොව අහිංසක කමටය. කාල්ස්මික්ස්ලාට ආසන්න පසු වකවානුවක කයිරෝලාද මාර දේවල් ලියා කියා තිබෙන්නේය. කාර්මික විප්ලවයෙන් නිපන් භෞතික වාදය නිසා ඒවා යටපත් වූයේ යම් කිසි කල්ලි කණ්ඩායම් වලට පමණි. නමුදු තවමද යුරෝපයේ ප්‍රභූ වෙද්‍ය විශේෂඥයෝද රෝගයක අග මුල හොයාගන්නට බැරි තැන කයිරොලොජිස්ට් කෙනෙක් ගාවටවත් ගියානම් හොඳා කියන බව අන්තර්ජාල රස්තියාදුව ජීවිතය කරගත් අයනම් නොදන්නවා නොවේ. ඊටත් වඩ‌ා අපේ බොහෝ නායක හාමුදුරුවරුන් ඊටත් වඩා හොඳින් දන්නා බව දනිමු.

     මේ ඡායාරූපයේ මිත්‍යාවකට එදිරිව තිබූ කරුණු කාරණා සම්බන්ධව විස්තර කර තිබි වෙබ් ලිපියක තිබි ඡායාරූපයකි. ඊට යටින් ලියා තිබ්බේ ස්ත්‍රී  දූෂණයක් ගැන විස්තර කාරනාය. නමුත් ඒ නැගනිය හෝ අක්කන්ඩිය මේ අවස්ථාවේ මුහුන වසා තිබෙන්නේ සිය අල්ල මැදිහත් කරගනිමිනි. 

      මේ කියවන ඔබ කයිරෝ ගැන දන්නවාදැයි නොදනිම්. 1860 වන් කාලයක පාර භෞතිකවාදය ගැන ඒකා මාර දේවල් සොයා ගියේ  මාක්ස්වාදයද ඉතා හොඳින් නාඩි ගත වුන යුගයේය. ලංකාවේනම් කයිරෝ සම්බන්ධව දත් කෙනෙක් හිටියේ රත්මලානේ විජිත සිනමා ශාලාව අභියස පාම් ක්ලිනික් කියා හස්තරේකා සායනයක් කළ කිංස්ලි ගුණතිලකයන් පමණි. ආදරේට ඒකි කිව්වොත් කසාද බැඳ හිටියේ හෙන්දිරික්ද සිල්වා හෙට්ටිගොඩගේ කුසුම්වය. ඒ විවාහය කැඩී බිඳීගිය බව සිද්ධාලේප අයිති වික්ටර් හෙට්ටිගොඩ දැන සිටි බව මාරස දන්නවාය. කිංස්ලි ගුණතිලකයන් මා දන්නා බව එයාගේ අත්අකුරින්ම ලියූ සටහන් මා සතුව ඇත. කුසුම් හෙට්ටිගොඩ මැතිනියගේද අත් අකුරින් තිබෙනවා කියන්නේ පොරක් වීමට නොව අපිත් මේවට අත ගැසුවේ කිසිත් හොයා නොබලා කියා දැනෙන්නටය.

කෙසේ හෝ කිංස්ලි ගුණතිලකයන්ද හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩද ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයටද කළ නොහැකි දෙයක් කලේ ගුණසේන පොත් හලේ පොත් රාක්ක වල තිබී ඒකලාගේ පත පොත මුදලටම අරන් ගොස් කියවූ නිසාය. කයිරොලොජි කියන්නෙ හස්තරේඛා ක්‍රමවේදයේ මාර පැත්තකි. සැබෑවටම  ඒ තරුණ කාලයේ මාරස බස්රථ වල යන විට තමා අසල සිටින් කාන්තාවගේ හස්තරේකා බලා අතිශය මිතුරන් බවට පත්වූ අවස්ථාවල නටබුන් නොවන යථාවන්ද උපේකා කේන්ද්‍රය සතුව තාම තිබෙනවාය.

     මේ ඡායාරූපයේඇය මුහුන වහගෙන ඉන්නේ එක් අතකිනි. නමුත් කටෝරව සටහන් වී ඇතත් ඔබ දන්නවාද හස්තරේකා සම්බන්ධව කයිරෝ ක්‍රමවේද දන්නේනම් රහස් පොලීසියට වඩා දේවල් කියවන්න හැකියි කියලා. මේ ගැන බොහෝ දන්නේ වල්පොල රාහුල අපේ ලොකුහාමුදුරුවන් වහන්සේ වන්නටද හැකිය. මන්ද හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩයන්ගේ "ජීවිතය සහ ග්‍රහයෝ" ග්‍රන්ථයේ ‌සෝදුපත් කියවා තිබෙන්නේ සෙල්ලම් හාමුදුරු කෙනෙක් නොව වල්පොල රාහුල නායක හාමුදුරුවන්වහන්සේමය. කිංස්ලි ගුණතිලකත් උන්වහන්සේලා සමග දර්ශනය ධර්මය ගැන කතා කළ අය බව මාරස දන්නේ මේ කයිරෝගේ සිද්ධාන්ත හොයා ගිය ගමනේදීම වන්නට හැක.

      කෙසේ වුවත් මේ ස්ත්‍රිය සම්බන්ධව ලියා ඇති ලිපියට වඩා මේ අපැහැදිලි හස්තයෙන්ද කියවන කාරණා ‌කයිරෝව දත් කෙනෙකුට සාමාන්‍යයෙන් දිවැස් මෙන් දේවල් පෙනෙනවාය. කයිරෝද ලංකාවට පැමිණ ඌව පලාතේ මිනිසුන්ගේ අත් ගවේෂණය කරගොස් ඇති බව අන්තර්ජාලයේද ඒකාගේ පොත පතහිද ලියා ඇති බව දනිමි. මේවා ඉතින් නැවත දැනගත හැක්කේ ගණනාත ඔබේසේකරයන්ගෙන් යැයි මාරසට හිතේ. කෙසේ හමුවිය හැකිද? යුගයක් අවසාන වී ඇති බව කාලය කියයි. නමුත් ඒවා සාමුද්ද්‍රිකා වලට අදාල නැත. එයාලාගේ හැසිරීම මාරය. ඒ ආදරයක සිහින සියුම් හැඩතල වන් වැනි සංකේතයෝම වන්නේය. ඒවා කෙඳිරි ගාන්නේ නැත. සත්‍ය ලෝකයට කියන්නේ වෙනම ජානමය පදනමකටත් වඩා කලාවකට නිසාම ඒවා මරේ මරුය.

ජගත් මාරසිංහ

11 05 2023






Powered by Blogger.