ගණිකාවන්ගේ හස්ත‌රේකා සටහන් = 01

                    ගණිකාවන්ගේ හස්ත‌රේකා   සටහන් = 01


ගණිකා වෘත්ත්තියේ අද සහ අතීතයේ පවතින අදහස් නොව මහාප්‍රාණ මිනිසුන්ගේ කියුම් විදිහට ගත්කලද අද ලෝකයේ කෙසේ වෙතත් සියළු ගැහැනුන් ගනිකාවන් මෙන් සිතිය හැක. මක් නිසාද සමාන්‍ය කුටුමිබ පවුලක් ගතහොත් ශ්‍රමය මූලිකව සලකනවානම් පිරිමියාගේ ග්‍රමය ගැහැනියකගේ ශ්‍රමයට අලගු තියන්නටවත් නොහැක. උදෑසන අවධි වීමේ සිට රාත්‍රී නින්දට යන විට පවා ඇගේ ලිංගික ශ්‍රමය ගැන හිතුවොත් පිස්සු හැදෙනවාය. මාරස මේ කතා කරන්නේ පිරිමින් විසින් කුටුම්භ පවුල තුළ මගේ රත්තරන්, සුදෝ, පන කියා කියන සංකේතීය දේශපාලනික තොරම්බල් වූ කොටින්ම ඒ සම්බන්ධව නොවේය. ගණිකා වෘත්තියට බැස ඇති අවංක හදවත් වලටය.
සන්නස්ගලගේ වැඩසටහනකදී මාරස කියන ලද්දේ මා ගණිකාවක් කසාද බැඳීමට තරුණ කාලයේ පෙරුම් පිරූ බවය. ඒ ඇත්තය. ඒ සම්බන්ධව මාරස වෙහෙසුනමුත් බොහෝ ගණිකාවන් තමන්ගේ ස්වාමි පුරුෂයාට තිබෙන්නේ මාර ආදරයක් බව මාරස දැන ගත්තේ බොහෝ කාලයකට පෙරය. මහත්තයා කරන දෙයක් කරන් යන්න. මට ලව් එපා කියා තමන්ගේ මහත්තයා ගැන කියන විට තවමත් කඳුලු ගලන්නේය.
නමුත් ඉතිහාසයේ හස්තරේකා ශාස්ත්‍රයේද ගණිකාවන් ගේ හස්තරේකා සටහන් ගැලපුම් ලියා තිබෙන්නේය. ඒ මහා විෂයක් වී හමාරය. ඒවා කෙලින්ම දේශපාලනික බව මාරස පිළිගන්නේය.
සුළැඟිල යට දූපත් සළකුණු සහ හරස් රේකා තිබෙනවානම් ඇය ඇයගේ වටිනාම ආදරය වූ ස්වාමියාවත් ආරක්ෂා කිරීම පිනිස එදා අද ලෝකයේ පවතින ඒකිලාගේ වටිනාම යෝනිය පැය හෝ දවස් ගනනින් කුලියට දෙනු නියතය. අපි ඇයට ගණිකාවැයි කියමු. මාරස කියන්නේ සැබෑ ආදරවන්තියන් කියා හැදෑරීමකින් පසුවය. ගණිකාත් වර්ග තිබේ. කෙලින් කියනවානම් කොටුවේ වීදි ගණිකාවන්ගේ සිට හිල්ටන් ටාජ් වැනි හෝටල වලත් සිටින ගණිකාවන් ගේ හදවත මෙසේ තමාය.
මතක විදිහට බුදුණුවන්ගේ යුගයේ චිංචිමානකවිලාගේත්, සිරිමා ‌ගේත් හදවත එසේම තමාය.
අවසානයේ ඇත්ත කියමි. ගණිකාවන් තරම් තමන්ගේ සැමියාට ආදරය කරන ගැහැනුන් සමස්තයක් විදිහට ගත් කළ මාරසට හමුවී නැත. මේවා ඕනෑම කෙනෙකුට හිතේ සිවිල් පොරක් වන් බඩකැඩුත්තුවක් නැතිනම් ජීවමානවම අදද හැදෑරිය හැක. ගණිකාවන් ‌දිනේවා කියමින් මාරස මේ සටහන මදකට නවතා දමමි.

ජගත් මාරසිංහ
03 12 2023
https://jagathmarasinghe.wixsite.com/mare










1 comments:


Powered by Blogger.