ආදරෙයි ජේසුනේ! සුබ උපන් දිනයක්

                 ආදරෙයි ජේසුනේ!  සුබ උපන් දිනයක්

         මාරස සිංහල බෞද්ධ දේශපාලනික විකාරයන්ට කවදත් විරුද්ධය. මාරස පොරක් නොවන්නේ තමන් විසින් සිතන කවුරුත් ඒ බව දන්නා නිසාය. එසේම ජේසුස් කිවූ කලට මාරස ඕෂෝ තරම් හීන් නූලෙන් ජේසුස්ට දමා ගසන්නට දේශපාලනික කාරණා පටලවා ගන්නේද නැත. ආගමික නායකයෙකු මිය යන විටම ඒ මුලු ආධ්‍යාත්මික ව්‍යාපාරයම සංස්ථාගත වන්නේය. පසුව ඒවා පාලනය කරන්නේ ඒ සංස්ථා ගතිකත්වය විසින්ම බව අප අත්දැකීමෙන් දැක ඇත. මතක තබා ගත යුත්තේ දැන් මාරස ලබන්නේ මේ පොලෝ තලයේ හැට තුන් වසරක් ජීවත් වූ වගය. කාල්මාක්ස්ද, එංගල්ස් සහ ලෙනින්ද මළපසු ඒවා බාරගත්තේ සංස්ථාපිත පක්ෂය. ඔවුන්ගේ පුද්ගලික අනන්‍යතාව සෙවීමට මෙහෙයුමක් කිරීමට දැමිය යුත්තේ කුමන නමක්දැයි මාරසට යෝජනා කළ හැක. කළොත් වෛරක්කාරයන් බිහිවීමට ඉඩ තිබෙන්නේය.
          ඕෂෝද ක්‍රිස්තුස් වහන්සේට හැම විටකම පැන පැන ගැහැව්වේය. නමුත් ඉන් එයා ලැබූ ලාබයක් නැති බව අදනම් මාරසට දැනෙන්නේය. ඕෂෝයනු වීශ්වීය ශබ්ද කෝෂයකි. සියලු ශුවිශේෂ  මිනිසුන් දේශපාලනීකරනය වන බව මාක්ස් කී තැන් මාරස කියවා ඇත. ඒත් මේ සියල්ල විග්‍රහ කිරීමටට ගියහොත් මාරසේ හීනමානය මාරසම කියනවා වැනිය. ඒ හන්දා සෙස්ස පස්සට තියන්නම්.
ඔබ වහන්සේගේ ආගමික කතන්දර දර්ශන ධර්ම ලෝක ජනතාවගෙන් ‌වැඩි ප්‍රතිශතයක් දන්නා බැවින් මාරස ඒවා ලියන්නට ගියහොත් විහිළුවක් වන්නේය. බොහෝ තර්ක විතර්ක හැම දේටම තිබේ. නමුත් දේශපාලන වහන්තරාවෙන් ගලවා ඔබවහන්සේ පැත්තක තිබූ කළ අන් කිසිවෙක් නොව සැබෑ මනුෂ්‍යා මතුවී දිලෙන්නා සේය. 
                       ඔබ ආගමක් නොව ජේසු තුමනි. මාරසට තවත් විශිෂ්ට ආදරයක් පමණි. අද ඔබගේ උපන් දිනයට මේ සටහන දැම්මේ කිසිම ගීතිකාවක් මහාප්‍රාණ නැති ආදර ලිපියක් සේය. මාරසට කිව හැක්කේ මෙයයි. දේශපාලනිකවද ආධ්‍යාත්මිකවද කුහක කමින්ද ඔබ වටා සංස්ථාපිත මිනිසුන් මාක්ස්ට බුදුනුවන්ට කරනවා සේම කරන දේ මාරසටනම් ඉතා හොඳින් තේරෙනවා. මාරස කියන්නේද බහුජනයා අතර මිනිසෙකු පමණි. අවසාන වශයෙන් මාරස ඔබගේ උපත මොන කැලැන්ඩරයෙන් තුන් ආකාර වුවත් මිනිසුන් අදහන දෙසැම්බර් 25 ඔබ වහන්සේ උපත බව සිතා මෙසේ ලියන්නම්.
ඔබ තුමන්, නැතිනම් ඔබ වහන්සේ මිනිසුන්ට ආදරය කළ තරමටත් වඩා
අප ඔබ වහන්සේ වෙනුවෙනුත් මිනිසුන්ට ආදරය කරන්නම්.
සංස්ථාපිත ව්‍යුුහ මාරසට අදාල නැත. 
ආදරය යනු වෛරය නොවන්නේය.
ආදරය යනු ආදරයම වන්නේය.
සුභ උපන් දිනක් වේවා ජේසු සමිදුනි.

( සිතුවම තෝරා ගන්නා ලද්දේ මාරස සයිබර් රස්තියාදුවේදී හමුවූ ජීසස්2 තෙල් සිතුවම් ශෛලියේ ඩිජිටල් පින්තාරු කිරීම කේරලයේ ඉන්දියානු චිත්‍ර ශිල්පියෙකු වන බිජු පී මැතිව් සහෘද කලාකරුවාගේ පිටුවකින් බව සඳහන් කරමි. මෙය විශ්මය ජනක ඩිජිටල් තෙල් සායමක් බව දැනුනි. ඇත්තටම මැතිව් ජේසුස් වහන්සේව නැවත මරණයෙන් නැගිටවීමට තෙල් සායම් කලා කාරයෙකුට ප්‍රමාණවත් බව නැවත කීවා සේය.)
ජගත් මාරසිංහ
25 12 23
https://jagathmarasinghe.wixsite.com/mare

























 වර්ණචිත්‍ර විසිනි


Powered by Blogger.