කෝණමානී

                                                        කෝණමානී

          මේ ඡායාරූපය ගරා ගත්තේ සෝනි ඡායාරූප පිටුවක තිබී සයිබර් රස්තියාදුවේදීය. මාරස කෝමත් ගණිතයට පෙම්බඳින බව පාඨකයෝ දනිත්. මෙහෙයින් මේ ‌ඡායාරූපය දැක්කමන් වැදුනේනම් කෝණයන්ගේ කලාත්මක රේකාය. එනිසා මේ ඡායාරූපයේ නමක් නොව මාරස දැක්ක ගමන් දැනුන නාමය විය හැකියි. ඔබට මිතුරන්ට පාසැලේදි අමතන්නේද දැක්ක ගමන් වැදුන හුරතල් නාමයන්ගෙන්ය.
           ආලේඛ්‍ය චායාරූප  කියන්නේ පුළුල් විෂයක්. විෂයක් තුළ විෂයක් වුවත් පමනින් විශාලය. 
මෙම ඡායාරූප ශිල්පියා සිය අරමුනට නාභිය අසුවනතුරු සමීපවී ඇති බව පෙනේ. පසුබිමින් කොටසක් බොඳකර ඇති අතර රළු ගස් කඳක ත්‍රිකෝණාකාර ජ්‍යාමිතියද කලාවක් කරමින් පසුබිමද සකස් කර තිබේඅන්දවා ඇත්තේද අඳුරු පැහැති ඇඳුමකි. එබැවින් පැහැදිලිව මතුවන්නේ මුහුනේ සහ දෑතේ මෘදු රෝස මල් පාට පමණිනකි. ඉන්ද මුහුණම වැදගත්සා වී මෘදු පැහැපත් ඉතිරියක් පෙනේ.  මේ ශිල්පියා රෝසමලක් කඩා ගස්රුකක් උඩින් තැබුවා වන් පැන්සියක් ඔහුට හිතුනාදැයි සැකද නොසිතෙනවා නොවේ. කෙසේ හෝ සිතුනා හෝ නොසිතුනා නානා විදිහට ඒ එසේ තමාය.
          මිනිස් ශරීරයේ කෝණාකාරව ගතහැකි තැන් බොහෝය. ඉන් ප්‍රධාන වන්නේද දෙපා සතකු හිටගෙන සිටින විට දෙපා අතර ඇති වන කෝණයයි. මේ කෝණය තිබේනම් කාන්තාවන්ගේ දුර රූපයක් ගැනීමට අරමුණ සැකසීම පහසුය.  මේ ත්‍රිකෝණයේ මුදුනේ ස්වභාවයා තබා ඇත්තේ ස්ත්‍රී සහ පුරුෂ ලිංගය. ඒ මිනිසුන්ගේ මනස් චිත්‍රයක ප්‍රධාන කොටසකි. ශිල්පියාගේ මේ කෝණ දැක්ම ගැන මනා අවබෝධයක් නොතිබුනේනම් අපට දකින්නට කෝණමානයක්ර  ‌ඉතිරි නොවන්නටද ඉඩ නා සේය.
ජගත් මාරසිංහ
19 12 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.