අහසේ තනිවුන මිනිසාගේ ජීවිත සුවඳ

 

අහසේ තනිවුන මිනිසාගේ ජීවිත සුවඳ
       මිනිස් සංහතියේ මහගෙදර අහසය. අහස ගැන තවමත් මිනිස්සුන් එක් එක් සාධක හරහා සූත්‍රගත ආකාරයට විග්‍රහකරගත්තාට අහස ජීවිතය සමගම පවතින්නේය. අහසේ ඇසෙට පෙනෙන කාරණා තම ජීවිත කාරණාසමග සිතන්නට පුරුදු වූයේ ස්ත්‍රී ඔසප් චක්‍රය සමග ස්ත්‍රී මෞත්‍රලිංග පද්ධතියම චන්ද්‍රයාට සමගාමී ස්වරූපයක ස්වභාවය නිසාය. දින දර්ශන ක්‍රමවේද ඇතිවන්නේ මේ හරහාය. කුමන රටක කුමන ක්‍රමවේදයෙන් ගත්තත් ග්‍රහයන් සමග කාලය ගැන සීතීම මිනිසාගේ අත්දැකීම් සූත්‍රගත වීමක්ම වන්නේය. ස්ත්‍රිය මෙන්ම ගොවියා ස්වභාවයාගේ වෙනස ග්‍රහතරු මගින් දැකීය. නමුත් දැනුම දේශපාලනික වූ මොහොතේම දැනුමේ බලයට පත්වූයේ විද්‍යාවයි. ඒ දේශපාලනික බව තවමත් සමහරු දන්නේ නැත. විද්‍යාව බිහිකිරීමෙන් පසුව ‌කාලය සම්බන්ධ කතන්දරයද ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙන් වෙන් වී වෙනම තලයක වැඩෙමින් ‌තක්කඩියන්ගේ මෙන්ම සැබෑ බුද්ධිමතුන්ගේද ඇසුරේ වැඩෙන්නට පටන් ගත්තේය. අද ජ්‍යෝතිෂයද ආයෝජකයන්ගේ ප්‍රධාන ධනේශරයද ඉක්මවා ගෝලීය ධනවාදයේ මහාපරිමාන ව්‍යාපාරයක් වී හමාරය.

    කාලයක් ගතවන විට ජීවිතය ගැන අහස සමග සිතීමට සිය දෑතේ ඇති සලකුණුද සමගාමී රටාවකට සිතිහ හැකිබව මිනිසා දිටීය. සාමුද්‍රිකා ශාස්ත්‍රය බිහිවූයේ ජ්‍යෝතිෂයෙන් පසුද පෙරද නොව මේවා නිකන් එකටම පටන්ගත්තා සේය. වානරයන්ගේ හස්තයන් සහ මිනිසාගේ හස්තයන් ගැන කතා කිරීමට බ්ලොග් ලිපි ඉඩ මදිය.

    කෙසේ නමුත් මහන්සි වුවහොත් අහසින් දල කේන්ද්‍රයක් සෑදීම ස්වභාවයා සමග සිතීමේ පද්ධති විද්‍යාත්මක පැත්තක් සොයා යා යුතු බව තවත් ඒලිදරව්වක් බවට අදවන විට පත්වි හමාරය. අප තවම මිත්‍යාවද විද්‍යාවද යන තර්ක විතර්කවල හිරවී සිටිමු. තර්කයෙන් උසස් තාක්ෂණයක් බිහිවූ නමුත් මනුෂ්‍ය කමේ සිට දේශපාලනය විද්‍යාව උපයෝගි කර මරණ ලද මිනිසුන් ගණන සංඛ්‍යාත්මකව කීමටද අසීරුය.

   අහස සමග හස්තරේකා ක්‍රමවේදයේ සිතීමට අමාරුම ග්‍රහයා චන්ද්‍රයාය. මන්ද සඳු දින දෙකහමාරෙන් මාරට රශියක් ඉක්මවා ගමන් කරන නිසාය. අනිත් ග්‍රහයන්ගේ ගමනට වඩා චන්ද්‍රයා වේග කාරීය. 

     කෙසේ නමුත් අත සහ අහස අතර ඇත්තේ පුදුමාකාර සම්බන්ධයකි. ඒ හරියට ශ්‍රමය සහ ලෝකය වෙනස් කිරීමේ සංකල්පය වන් වෙනම තලයක පිහිටි ක්‍රමවේදයන්ව වන්නේය. අපට කොහේ සිටියත් අහස අත ගාන්නට හැකිය. මන්ද අප ජීවත් වන්නේ අහසේ නිසාය. 

ජගත් මාරසිංහ

18 12 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.