මලකඩ පාට පසුබිමේ උපන් ‌හරිත දේවියලා

මලකඩ පාට පසුබිමේ උපන් ‌හරිත දේවියලා

      අසනීප තත්ත්වයන් නිසාම නොවේ නකන් හිතෙන්නේ නැතිව රස්තියාදු ගහන්න බැහැ. රස්තියාදු කාරයාට ඇඳක සූස්තියක් ගහලා නිදා ගන්න එකත් ගමනක් තමා. ඇල් කොහොල් කාරයා වෙනස්. වීදියේ ලස්සන වින්ඩෝ ෂොපින් දැක්කොත් ඒ දෙස බලා සිටිනවා. ඒක චලන වස්තුවක්නම් ඒ පස්සේ හඹා යනවා. සකා බර්ග් නියමෙට දන්න නිසා හඹායන්නෝ කියලා පදයක්ම තාක්ෂණික කරලා. පිරිමි කොහොමත් හඹායන්නෝ තමා. නමුත් ආහාර හොයා. ආහාරය ගත්තට පස්සේ ඒකලා හඹා යන්නේ වෙන ගොදුරක් පස්සේ.
       මේ ඉන්දියාවේ නවදිල්ලි වීදි මුඩුක්කුවේ කොළ පැහැති ගැහැණු ළමයෙක්. කොළ පාට විහිදිලා. මේක වීදි ඡායාරූපයක්. ශිල්පියාගේ නම සොයා ගත නොහැකි වුනා. කමන්න ශිල්පියානෙනි. මාරසට ඉන්දියාවේ මේ වීදියට යන්න හිතුනා රස්තියාදුවේ. අපේ  උද්‍යාන   වලවත් නැහැනේ මෙහෙම රිත වර්ණයක්.
       නමුත් මේක ඉතා අගනා වීදි සමීප ඡායාරූපයක්. වර්ණ  ගැන මනා අවබෝධයක්. නමේ දාලා තියනවා මුඩුක්කුවක කොල පාට දැක්ක කියලා.
     මුඩුක්කු වල කොහෙද යකෝ ක‌ොල පාට. තියෙන්නේ මලකඩ පාට විතරයි. නමුත් මේ ශිල්පියා දුටු  ගමන්  තමන්ගේ කැමරාවේ කාච විවරය සහ ද්වාර වේගය ගානට තියලා ඒකිව කොලපාටින් ඒ විදිහටම අරගෙන. කෙනෙක් කියන්න හැකියි අන්දලා හිටපන් කියලා අරන් කියලා. ඒත් ඒ කොළ කෙල්ලගේ වට පිටාව ඇඳුම් සහිත කොටස් අයින් කර බලන්න. ඒ මුඩුක්කු ළඳකගේ වේදනාව වෛරය බලාපොරොත්තු වේගකාරි බව තප්පරයකින් දාහෙන් පංගුවක විතර මේ ඡායාරූප ශිල්පියා සටහන් කරන් තිබෙන දක්ෂකම. ඇත්තටම කොළපට නැති මලකඩ පාට ඇති මුඩුක්කුවක කොලපාට ඇඳගත්තු  ලමයකුගෙ පිංතූරයේ පසුබිමත් තද කොළ වර්ණයක්ම තමා. ඊට සාපේක්ෂකව රෝස සහ කහ වර්ණය තියන කතාව කෙලින්ම ඡායාරූප ශිල්පියෙකුගේ තේරීම්
   වීදි ඡායාරූප ශිල්පියෙකුගේ තියන තියුනු ඇස පසුබිබම තප්පර කීපයකින් සැලසුම් කරලා තප්පරෙන් පංගුවකදී අපි මිලියන ගානකගේ ඇහැට දෙනවා. සමහර විට කැමරාව උඩම නිදා ගන්නවා මහ පාරේ. ඒ තමා වීදි ඡායාරූප ශිල්පියෝ. ඒක නිකන් දිෂ්ටියක් වගේ වැඩක්.
     කෙසේ නමුත් මළකඩින් උපන් නමුත් හරිත වර්නයෙන්  බැබලෙන පුංචි කෙල්ල දැක මාරස මෙසේ කියන්නන්. මෙවැනි ළඳුන්ද විශාකාවන්ම වන්නා සේ කියා කීවේ මා නොව ධර්මයය. ඔබ වන් සෑම කෙනෙකුටම මාරසේ පූජෝපාහර හැර පුද කරන්නට මා සතු අන් දෙයක් නැත ග්‍රීන් කෙල්ලේ.
ජගත් මාරසිංහ
15 12 2023
https://jagathmarasinghe.wixsite.com/mare

1 comments:

කොතෙක් ඇතත් හැම තැන එක එක පාට
එව්වා පෙනෙන්නේ විමසා බලන විට
පෙනෙන හැම දෙයම මොළයට නොගියාට
බලන දෙය එකතු වෙනවා මතකයට


Powered by Blogger.