ආලෝකය සහ පෘථිවිය අතර නූල කැරකවීම

                                 ආලෝකය සහ පෘථිවිය අතර නූල කැරකවීම

නත්තලට පෙර දිනය සයිබර් රස්තියාදුවේ යාමට තවත් කදිම දිනයකි. ඊයේ මාරස සයිබර් රස්තියාදුවේදී පශ්චාත් නූතන වාදී නමින් ඡායා රූප පිටුවක තිබි ඡායාරූපයක් ඇහිඳ ගතිමි. සාමයේ දිනයට පෙර සාමයේ යුද්ධයේ සිහිවටන ගාන්ධි යාවත්කාලීන කලාදෝ මේ ඡායාරූපය අපෙන් අසනවා සේය. යසුමාසා මොරිමුරා නම් ජපන් ඡායාරූප ශිල්පියාගේද ඉල්ලීම වන්නේ මෙයමය. මෙය නම්කර ඇත්තේ ආලෝකය සහ පෘථිවිය අතර නූල් කැරකවීම (1946) ලෙසිනි. සැබෑවටම මෙහි තිබෙන්නේ නූල් කැරකවීමක් නොව ඡායාරූප වන් සඟරාවක් දෙස බලා සිටින ඉලක්කයක් සහ නූල් රෝදයක් පමනි. රෝදයකට කෙලවරක් නැත. ආලෝකයටද කෙලවරක් නැත. එයා ලෝකය බලා හැම දිනයකම උදෑසන අපටද ආලෝකය දීමට වඩිනු නියතය. පෘතුවියේ සිටින සෑම මිනිසෙක්ම නූල් කරකවන්නේ සූර්යාලෝකය මෙනි. එබැවින් මේ ඡායාරූපයේ යථ ඉක්මවා වෙනත් දෙයක් කියන්නට තතනන්නේය. අවිහිංසාවාද අරවාද මේ වාද සියල්ල පැත්තකින් තබා ශිල්පියා අපෙන් අදත් සූර්යා ආවාද, ඔබ ආලෝක ප්රභවයේ කැරකීමෙන් ලෝකය දුටුවාද වන් පැනයක් නගනවා සේද දැනේ. ලුම්පන් වචනයකින් පුරුෂ ලිංගයේ ඇති නූලේ කැරකවීම සිහි කිරීම පමණක් ප්‍රමාණවත්ය. මන්ද ඒ මිනිස් පැවැත්මේ ආරම්භක ලක්ෂ්‍යක් වන නිසාය.

වඩාත්ම ආස්වාදනීය කාරණය වන්නේ කැරකෙන්නට නූලක්වත් නැති රෝදය ඉලක්ක කර ඇත්තේ මුලු රෝදයම නොවන්නේය. රෝදයේ ඉතිරිය ගාන්ධිගේ ඔලුගෙඩියේ රවුම් ස්වභාවයෙන් මැවෙනවා වන්නටද හැක. තවත් තීක්ෂණිකව ඡායාරූපයේ වස්තු විෂය පැත්තට යන කළ ඔහුටම ආවේණික වූ ඇස් රවුම් කාච දෙකක් ඇති ඇස් කන්නඩිය පෙනේ. ශිල්පියා එය පෙන්වන්නේද අර්ධ වශයෙනි.බෙල්ලේ මතුවී ඇති නහර ඉලක්කයේ මිනිසාගේ ආතතිය සටහන් කර තිබේ.තවත් ආලෝකයට සම්බබන්ද ඡායාරූප පොතක් සහ පින්තූරයක් පැත්තක තිබේ.අවිහිංසාවාදයේ තිබි පිළිවෙල තුල වූ අපිලිවෙලද දැනේ. එහෙත් අද වෙළෙඳ පොලේ මිල වැඩිම ඇස් කන්නාඩි මොඩලයට කියන්නේ ගාන්දි මොඩල් ඇස් කන්ණාඩි කියලා බව අපි දනිමු
කලු සුදු ඡායාරූපයක් ගැනීමේදී සැලකිය යුතු බොහෝ කාරනා ශිල්පියා පසක් කරගත්තාට පසුව ෂටරය ඔබා ඇති බව පෙනේ. බිම් ඇතිරිල්ලේ රැලි පවා ඡායාරූපයට විවිධ මාන වලින් අර්ථ සපයනවාසේය.
දක්ෂ ඡායාරූප ශිල්පීන් බොහෝ සිටී. රාමුවකට කොටු නොවුන ඡායාරූප ශිල්පීන් නූතනවාදීන් නොවන්නේමය. පශ්චාත් නූතනවාදීන්ම වන්නේය. කොටින්ම දැන් තිබෙන්නේ මාක්ස්වාදය නොවන්නේය. පශ්චාත් මාක්ස්වාදයම වන්නා සේය. එසේම අද ඡායාරූප ශිල්පීන් කොතෙක් සිටියත් දෙයක් ගැන තනියම සිතන ශිල්පීන් ඉතා අල්පය. ‌ගොඩක් අය සිතන්නේ පතන්නේ වෙන අයගේ මොළ වලිනි. එක්කෝ මාක්ස් ගේ ඔලුවෙනි. නැතිනම් තවත් එවැනි මහා මොළ කියා තමාම සිතාගත් අනෙකා හරහාය. නූතනවාදයේ එසේ වූවාට නූතනවාදයෙන් පසු යුගයේ ඒවා ඒ මොහොතේම ප්‍රතික්ෂේප වී යන්නේය. බලෙන් පශ්චාත් නූතනවාදී වීමට හදන කලාකරුවන් දෙස බැලූ විට සැබෑව පෙනේ. ඔවුන් රසිකයන්ගෙන් ඈත් වී ඇත්තේ තමා විසින්ම තාප්පයක්ද නිර්මාණය කරගෙනය. වමට වූ කෙලිය නැවත නැවත සිදුවනවාදැයි සැක සිතේ
මේ ලිපිය ලියන මොහොතේ උදේ 06 විනාඩි 18ට මේ දැන් සූර්යා උදා වුනේය. කුරුල්ලන් ප්‍රීතිගෝෂා පවත්වන්නේය. ගස්කොලන් භාවනා කරනවා සේය. මද පින්නෙන් තනකොළ අනේ මාව පාගන්න එපා කියනවා සේය. ලෝකයේ තවත් පැත්තකට අඳුර දී තවත් පැත්තකට ආලෝකය දෙන සූර්යා අඳුරද ආලෝකයක්ම වන වග අපට පසක් කරන්නේය. ආදරය දෝර ගලන්නේය. කෙසේ හෝ වේවා ආලෝකය සහ පෘතුවිය අතර නූල කැරකැවෙන්නේය.
ජගත් මාරසිංහ
24 12 2023
https://jagathmarasinghe.wixsite.com/mare








Powered by Blogger.