වතුර වතුර. තන්නීර් තන්නීර්

                                     වතුර වතුර.  තන්නීර් තන්නීර් 

     අධිරාජ්‍යයින්ගේ  ක්‍රිස්තු වර්ෂ 2024 ආරම්භ වීමට ඇත්තේ තව දින කීපයකි. නමුත් ලාංකිකයන් ක්‍රිස්තු වර්ෂ කියන්නේ නැත. කෙලින්ම ජ්‍යෝතිෂයේද ලියන්නේ රාජ්‍ය වර්ෂ කියා පමනය. ඒකලා ගේ තිබු ජුලියස්සීසර් කැලැන්ඩරයට කෙලවී ගියේ බටහිර ආකාශ දැනුම ඒකලාට ඇවැසි විදිහට පටවන්නට ගොස්ය. මලකෙලියක් උනේ ඒකෙන්ය. ක්‍රිස්තුස් වහස්සේට උපන් දින තුනක් ඒකලා නිර්මානය කළෝය. සීසර් දින දර්ශනය අනුුව දෙසැම්බර් 25 එකකි. ජනවාරී පළමුවැනිදා තවකෙකි. කෙලවෙලා යන්නේ වල්ගා තරුව පායන්නේ ජනවාරි 07 වන් කාලයකය. ඉතින් විද්‍යාවක් නැති උනත් ඒකත් ආගමකි. මාරස ඊට ගරු කරමි
   සූර්යා වටේ අප සිටින පෘථිවිය කැරකෙනවාද නැත්නම් සූර්යා අප වටේ කැරකෙනවාද යන්නට බයිලයක්කෙ සිහිවිය.
"ඔය ඉර අප වටා
කරකවන්නේත් අපි
හිතුනොතිත් චන් ද්‍රයා   ලවා දවනෙමි අපී
ලොකු ඉර අහගනින් මේ වදන්
මිනිසුන්ට කෙලවන්න බැහැ තොපට කිසිදා
කෙලවන්න ආවොතින් මිනිසුන්ට හිරු රජේ
රවිට උඹට යන්න වෙන්න දෙකට නැමී
ගැහැනුන්ගෙන් ගුටි කකා.

        මේ කියන්නේ වෙනම කතාවකි . දන්නවාද රාහු කියන උසම උස නයි ඔලුවක් පස්සට දාගෙන පස්සෙන් පස්සෙට යන මාක්ස් භාෂාවෙන් ලුම්පන් පොලිටේරියට් ග්‍රහයා රාහු කියා. ඒකා 2023 ඔක්තෝම්බර් 30 දා මීනයට ගියේය. මීනය කියන්නේ ජල රාශියකි. නියම සංකේතය මාලුවා තමාය. අර පාදඩයා පැන්න දවසේ සිට යල මහ මහ යල කර වතුරෙන් පිස්සු කෙලින්නේය. න්‍යාය යන්නේය. අහෝ අහෝ ජලය කියා මිනිසුන් කියන්නේය. කරන්නට දෙයක් නැත. ඒ ස්වභාවයේ කාලයේ නිර්මිතයයි. ඒ මීනටයම 2025 වියලිම වියලි ග්‍රහයා සෙනසුරා පැමිනෙනු ඇත. මේවාට හේතුවාදීන් හිනාවෙන බව දන්නේ මාරයාද ‌හේතුවාදී ඥාති පදනමක් ඇති නිසාය. ආදර ගොවියනි. බැමිනිටියා සෑය වගේ වෙන්න ඉඩ නැහැ. නමුත් සෙනසුරු නියඟයකට ලෑස්ති වෙනවා කියන දේ මතක තබා ගන්න. මාරස අතීත ලියවිලි බලන්න. කිසි දෙයක් ඉල්ලා අස්කරගන්නට දෙයක් නැත. හැබැයි මේක නූනොත් වැස්සෙන් කෙලවෙලාම යනවා සියයට පනහක් පමණ.

ජගත් මාරසිංහ
11 12 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.